Thursday, August 1, 2013

ඒ නවය 08 වන දිග හැරුම

අපි දැන් අපේ ගමන මහනුවර ඉදලා කිලෝමිටර 258 ක දුරක් ගෙවා කිලිනොච්චිය දක්වා පැමින තිබෙනවා. ඒ කියන්නේ අපේ ගමන ගොඩ දුරක් අපි නිම කරලා කියන එකයි. තව කිලෝමිටර 74 ක වගේ දුරක් තමා යන්න තියෙන්නේ.


කිලිනොච්චිය පසු කර යන අපිට ගතට විඩාවක් මෙන්ම දැඩි රස්නියක් දැනුනද, බැලු බැලු අත නිල්වන් කුඹුරු යායන් දකින්නට හැකි වනවා.කිලිනොච්චියේ තියෙන විශේෂ ස්තාන හැටියට “පුන්ච් පන්චිකාවත්ත” කියන හරිය, කිලිනොච්චි දුම් රිය ස්ථානය ,කොටි හඩ ගුවන් විදුලිය පවත්වාගෙන ගිය ස්ථානය, මුහුදු කොටි නායකයා භාවිතා කලායැය් සැලකෙන කිලිනොච්චියෙ පිහිටි සුඛොපභොගි නිවස බොහොම වැදගත්.

කිලිනොච්චියෙන් ඉදිරියට ගිය අපිට මිලගට පරන්තත් මන්සන්ධිය හමුවනවා.පරන්තන් මන්සන්ධිය A9 මාර්ගයෙ බොහොම වැදගත් මන්සන්ධියක්.ඒ තමා පරන්තන් හන්දියෙන් හැරිල දකුණට ගියහම A35 මාර්ගය දිගෙ විෂ්වමඩු,පුතුකුඩි යිරුප්පු , පුදුමාතලන් , වෙල්ල මුල්ලි වයික්කාල් පසුකරමින් මුලතිව් දක්වා ගමන් ගත හැකි වීම.පරන්තන් හන්දියෙන් වමට ගියාම අපට පුනරීන් දක්වා ගමන් කරන්න පුලුවන්.

පරන්තන් පසුකරමින් අපි අලිමංකඩට ලගා වුනා.මෙහිදි අපට මතක් වෙන්නේ එදා යුධ බිමේ අභිතව සටන් කල හසලක ගාමිනි විරුවා..ඔහු සැමරිම සදහා පසෙකින් ඇති බුල් ඩොසරය පසු කරමින් අයියකච්චි, පලෛයි, පසුකර යාපනය අර්ධද්විපයට ඇතුල් වුනා. අපිට මිලගට යුධ සමයේ වැදගත් ස්ථානයක් මුහමාලේ හමුවනවා. ඉන් පසු අපිට මිරිසුවිල්, චාවකච්චේරි, නාවන්කුලි පසුකර අපගේ ගමනේ ගමනාන්තය වන යාපනය හමු වනවා.




යාපනය යනු ශ්‍රී ලංකා සිතියමේ ඉහළින්ම ඇති අර්ධද්වීපයකි.

යාපනය නගරයේදි අපිට නැරබිය හැකි ස්ථාන බොහොමයක් ඇත.

මෙහිදී අප පළමුව අවදානය යොමු කරනුයේ යාපනය නගර මධ්‍යයේ පිහිටි නාග විහාරය වෙතටය. යාපනයේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයක්‌ වශයෙන්ද නාග විහාරය හැඳින්විය හැකිය. යාපනය දුම්රිය ස්‌ථානයට ආසන්නව පිහිටා ඇත මෙම (යාපනය ස්‌ටැන්ලි පාරේ) බොදු පුදබිමට යාපනය නගරයේ සිට ඇති දුර කි.මී. එකහමාරක්‌, දෙකක්‌ පමණ වේ. මෙරට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්‌ බඳු ජයශ්‍රී මහ බෝධිය දඹකොල පටුනේ සිට අනුරාධපුර දක්‌වා වැඩම කිරීමේදී එකල යාපනයේ විසූ (එදවස යාපනය නාගදීපය නම් විය) නාග ගෝත්‍රිකයන් විසින් බෝධීන් වහන්සේට පුද සත්කාර කිරීම සඳහා දේවානම්පියතිස්‌ස රජුගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් පුරා සතියක්‌ වත්මන් නාග විහාර භූමියේ බෝධින් වහන්සේ වැඩ හිඳුවා සත්කාර කළ බව සඳහන් වේ.

මීළඟට අවදානය යොමු කරනුයේ නාගදීප රජ මහා විහාරය වෙතටය. දෙවැනි වරටත් බුදුසිරිපා පහසින් මේ දිවයිනේ පිවිතුරු වූයේ මෙබිමය. එනිසා නාග දීප චෛත්‍යය සොළොස්‌මස්‌ථාන අතරින් එක්‌ පූජනීය ස්‌ථානයක්‌ වශයෙන් සැලකේ. චූලෝදර - මහෝදර නා රජුන් මැණික්‌ පුටුවක්‌ උදෙසා යුද වැදීමට සැරසුණ අවස්‌ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩිබව පුරාවෘත්තවල සඳහන් වේ.

දෙවැනි ශතවර්ෂයේ යාපනයේ පැවැතියේ සිංහල භාෂාව බවත්, අනුරාධපුර රජුගේ ඇමැතියකු විසින් යාපනය පාලනය කළ බවත් බෞද්ධ විහාර හා සිද්ධස්‌ථාන එහි ඉදිකර ඇති බවත් වල්ලිපුරම්හි තිබීහමුවූ රන්පතින් හෙළිවී ඇත. එම නිසා නාගදීපය සිංහල බෞද්ධයන්ට ආගමික හා සංස්‌කෘතික වශයෙන් අතිශය සුවිශේෂී ස්‌ථානයක්‌ ගනී. ධාතුසේන, සද්ධාතිස්‌ස, දුටුගැමුණු යන රජවරුන් මෙහි විහාරස්‌ථාන හතක්‌ සැදවූ බව මහාවංශය හා චූල වංශය වැනි කෘතිවල සඳහන් වේ.

නාගදීප විහාරයට යාපනයේ සිට පුංකඩිතිව් දක්‌වා බස්‌ රථයකින් ගමන් කළ යුතුය. පුංකඩිතිව් සිට කුලී රථයකින් කරිකඩ්ඩුවාන් ජැටිය දක්‌වා ද එතැන් සිට නාගදීපය තෙක්‌ බෝට්‌ටු සේවයක්‌ ක්‍රියාත්මකය.

යාපනය නගරයේ ඓතිහාසික බෞද්ධ උරුමයේ සංකේතයක්‌ බඳු තවත් පුද බිමකි කදුරුගොඩ විහාරය. කන්දර්ඔඩේ නමින්ද මෙය හැඳින්වේ. මෙම ස්‌ථානය සංඝමිත්තා තෙරණිය සමග මෙරට වැඩම කළ රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්‌ථූප 60 ක්‌ තනා ඇති බව සඳහන් වේ. 1916 යාපනය දිසා විනිසුරු පෝල් ඊ. පීරිස්‌ මහතා විසින් ස්‌ථූප 57 සොයාගන්නා ලදී. ස්‌ථූප 60 න් 21 ක්‌ පැහැදිලිව දැක ගත හැකි අතර 36 ක පාදම් හඳුනාගෙන ඇත.

මේ ආකාරයේ එක ළඟ ස්‌ථූප රාශියක්‌ මෙරටදී වෙනත් තැනකින් හමුවී නැති නිසා අග්‍රබෝධි රජුගේ කාලයේ ලංකාව සිටි ජා හමුදාව මෙය ඉදිකර ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතානගේ අදහසයි.

පේදුරුතුඩුවේසිට චාවකච්ෙච්රිය දක්‌වා ගමන් ගන්නා බී - 75 මාර්ගයේ කීරමලේ පසු කරමින් කිලෝමීටර් හතක්‌ පමණ ගමන් කළ විට දඹකොපටුනට ළඟාවිය හැකිය.

සිංහල ඉතිහාසයේ වැදගත් සිදුවීමකට මුල්වූ බිම ලෙස දඹකොල පටුන හඳුනාගත හැකිය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවත්, සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රමුඛ භික්‌ෂුණි සංගයා මෙරටට වැඩම කළ ස්‌ථානය දඹකොළ පටුන වීම එකී වැදගත්කමයි. දඹකොළ පටුවේ සංඝමිත් ප්‍රතිමාව එකී අතීත කතාව අපට සිහිපත් කරයි.

බුදුරජාණන් වහන්සේගේ ආත්ම විමුක්‌තියේ විජයග්‍රහණය මුළු ලොවටම ප්‍රදර්ශනය කරන සංකේතය ලෙස ජයශ්‍රී මහ බෝධින් වහන්සේ බෞද්ධ ජනයාට හඳුනාගත හැකිය. වර්තමානයේ සිම්බිල්තුරෙහි යනුවෙන් මෙම ප්‍රදේශය හඳුන්වයි. අනුරපුරයේ සිට පැමිණි ප්‍රධාන අතීත මාවත අවසන් වන්නේ මෙම ස්‌ථානයෙනි. එනිසා මෙම ස්‌ථානය අතීත හුවමාරු වාරයක්‌ තිබි ස්‌ථානයක්‌ වශයෙන් සැලකේ.

යාපනයේ වඩාත් ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ වශයෙන් මෙය හැඳින්විය හැකිය. 1955 මාර්තු 29 දා මුල්ගල් තබා මෙහි වැඩ ආරම්භ කරන ලද අතර 1960 දී සම්පුර්ණයෙන් වැඩ අවසන් විණි. මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙය ඉදිවිය. 1981 ඇතිවූ කෝලාහල නිසා එම වර්ෂයේ මැයි 31 දා සිට 1 දා දක්‌වා මෙකී පුස්‌තකාලය ගිනිගෙන දැවුණි. එවකට ආසියාවේ විශාලතම පුස්‌තකාලය වශයෙන් ද මෙය සැලකුණු අතර ගිනි ගෙන දැවෙන අවස්‌ථාවන වනවිට පොත් 97000 ක්‌ පමණ තිබී ඇත. 




යාපනය කොටුව
දුටුගැමුණු රජ සමයේ පටන් මෙහි බල කොටුවක්‌ පැවැතිබව පුරාවිද්‍යාත්මක සාධකවල සඳහන් වේ. මෙය 1619 දී පෘතුගීසින් විසින් ගොඩනගා ඇති බව ලිත සාධක හමුවේ. මෙය පෘතුගීසින් විසින් ගොඩනගා ඇත. පසුව 1658 ලන්දේසීන් අතට යාපනය කොටුව පත්වී ඇත. එකල යාපනය කොටුවේ පෘතුගීසි සෙන්පතියා වූ යුවාල් ඩිමේලෝ ඇතුළු පිරිසට ආහාර සම්බාධක පනවමින් එක උණ්‌ඩයවත් භාවිත නොකර ඉයන් වැන්ඩලයිට්‌ නමැති ලන්දේසි සෙන්පතියා යාපනය කොටුප අත්පත්කරගෙන ඇති බව සඳහන් වේ. පසුව එය 1795 දී ඉංග්‍රීසි අතට පත්විය. යාපනය කොටුව අක්‌කර 22 ක භූමි භාගයක්‌ පුරා පැතිර ඇත.

ශාන්ත මේරි දෙව්මැදුර

මෙය යාපනය පදවියේ ප්‍රධානතම දෙව්මැදුර වේ. ආසන දෙව්මැදුරක්‌ යනුවෙන් හැඳින්වෙනුයේ රදගුරුවරයාට විශේෂ ආසනයක්‌ වෙන්කොට ඇති දේවස්‌ථානයයි. මෙය 1789 දී ආරම්භ කර ඇත.

නල්ලූර් කන්දසාමි කෝවිල
මෙය යාපනය නගයේ සිට පේදුරු තුඩුව දක්‌වා ගමන් ගන්නා බී 71 මාර්ගයේ කි.මී. 2 ක්‌ පමණ ගමන් කළ විට කල්ලුර් කන්දසාමි කෝවිලට යා හැකිය. මෙම කෝවිල උදෑසන 4.30 සිට සවස 6.00 දක්‌වා විවෘතව පවතී. මෙම කෝවිලට ඇතුල්වන සියලුම පිරිමින් උඩුකය නිරුවත්ව සිටිය යුතුය.

මෙම කෝවිල අද හින්දු කෝවිලක්‌ ලෙස පැවැතියත් ෂඪ වැනි පැරකුම්බා රජු සමයේදී යාපනයේ පැවැති ආර්යය චක්‍රවර්තී පාලනය පරාජය කර යළි රට ඒකීය කිරීමට ෂඩ වැනි පැරකුම්බා රජුට උදව් කළ සපුමල් කුමාරයා විසින් කතරගම දෙවියන් උදෙසා මෙම දේවාලය ඉදිකළ බවත් ඉතිහාසයේ සඳහන්වී තිබේ. එම දේවාලයේ අදත් ගායනා කරනා ස්‌ත්‍රොaත්‍රවල සපුමල් කුමාරයාගේ අභිෂේක නාමය පිළිබඳ සඳහන්වී තිබීමෙන් ඒ බව තහවුරු වේ.

පෘතුගීසින් හා සටන් කිරීමට යාපනයේ සිටි පාලකයන්ගෙන් සහයෝගය ලබාගැනීමට යාපනයට ගියවීදිය බණ්‌ඩාර කුමාරයාට, එම දේවාල භූමියේ තිබූ නුග ගසක සිට එල්ල කරන ලද පහරකින් එම කුමාරයා මරණයට පත්වූ බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ.


මහනුවරින් ආරම්භ නළ අපේ ගමන ලිපි 08 කින් පසු යාපනය නගරයෙන් නිමාකරන්නට හැකි වුනා..මග අතරතුර ලියන්නට මගහැරැන තැන් බොහොමයක් ඇති බව හැගෙනවා.මිලගට ශ්‍රී ලංකාව තුල පිහිටි ලස්සන, සුන්දර ස්ථාන ඉලක්ක කර ගනිමින් ලිපි පෙලක් ලියන්නට බලා පොරොත්තු වනවා...

Reactions:

0 comments:

Post a Comment