Saturday, December 21, 2013

අයියෝ සල්ලි....

ලොකයේ කි දෙනෙක් තමන් නොකල වරදකට දඩුවම් විදින්න ඇත්ද. සමහරු තම ජිවිතයද අහිමි කර ගන්න ඇත්ද?

1.1992 වසරේදී ජෝනි ෆ‍්‍රෑන්ක් ගැරෙට් නමැති මානසික ආබාධයකින් පෙළුණු තැනැත්තා ට 76 හැවිරිදි කන්‍යා සොයුරියක් දූෂණය කර ඝාතනය කිරීමට දඬුවම වශයෙන් මරණ දඬුවම පැනවිණි. එහෙත් 2004 වසරේදී ඩීඑන්ඒ පරීක්ෂණ වලින් සොයාගැනුණේ නියම ඝාතකයා වෙනත් අයකු බවයි.

2.1953 වසරේදී ඩෙරෙක් බෙන්ට්ලි ව මරා දැමුණේ සොරකමකින් පසු ව පලායන අතර, පොලිස් නිලධාරියකුට වෙඩි තබා මරාදැමීම පිළිබඳ වරදකරු වූ නිසා ය. එහෙත් පොලිස් නිලධාරියා මියගොස් තිබෙන්නේ වෙනත් ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් නිසා බව හෙළිවිය.

3.කාලෝස් ඩෙලූනා 1989 වසරේ දී මරා දැමුණේ ඝාතකයාට සමාන රුවක් සහිත වීම නිසා ය. මිය යෑමට පෙර සැබෑ ඝාතකයාගේ නම ද ඔහු විසින් කියා තිබුණත් කිසිවෙක් එය ගණනකට ගෙන තිබුණේ නැත.

4.ඩේවිස් ස්පෙන්ස් හට 1997 වසරේදී මරණ දඬුවම ලබාදුන්නේ ගැටවරයන් තිදෙනෙක් දූෂණයට ලක් කර මරාදැමීමේ වරදට ය. එහෙත් පසුව හෙළිවූයේ මළ සිරුරුවල තිබූ දත් සලකුණු පැහැදිලිව ම ඔහුගේ නොවූ බවයි.

5.1995 දී අමෙරිකානු මත්ද්‍රව්‍ය වෙළෙන්දකු වෙඩි තබා මරා දමන විට ලැරී ග්‍රිෆින් ඒ අසලකවත් නොවූ බව සාක්ෂිවලින් කියැවිණි. එම ඝාතනය වෙනුවෙන් විදුලි පුටුවේ හිඳුවා තිබුණේ ලැරීව ය.

6. 1950 වසරේදී විසි පස් හැවිරිදි තිමොති එවන්ස් තමන්ගේ ම බිලිඳු දියණිය ව ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට ලක්විය. එහෙත් එයින් තුන් වසරකට පසු හෙළිවූයේ ඔහුගේ අසල්වැසියා එම දියණිය ද ඇතුළු කාන්තාවන් 8 දෙනෙක් ඝාතනය කර ඇති බවයි.

7.1996 දී ජෝර්ජියානු ජාතික කාන්තාවක් මරා දැමීම වරදකරු වූ එලිස් වෙයින් ෆෙල්කර් මරණ දඬුවමට ලක්විය. එහෙත් පසුව හෙළිවුණේ එම සිද්ධිය වන විට ඔහු ඒ අසලකවත් නොසිටි බවයි.

8.1915 දී සුප්‍රසිද්ධ ග්‍රිෆින් සොයුරන් මරා දැමුණේ වෘත්තීය ඝාතකයකුගේ කටඋත්තරයක් මත පදනම්ව ය. එහෙත් පසුව හෙළිවුණේ එම දෙසොයුරන් ප්‍රදේශයේ සිටි ධනවත්ම කළු අමෙරිකානුවන් වූ නිසා ජාතිවාදී ඝාතකයා බොරු කටඋත්තරයක් ලබාදී ඇති බවයි.

9.1982 වසරේදී ජෝජ් වොට්කින්ස් නමැති අමෙරිකානුවා අතුරුදන් වූ විට ඔහුගේ බිරිය කියා සිටියේ සිය අනියම් පෙම්වතා විසින් සැමියා එල්ලා මැරූ බවයි. ඒ අනුව අනියම් පෙම්වතාට මරණ දඬුවම හිමි වූ නමුත් පසුව සැමියා වෙනත් පළාතක ජීවත්ව සිටින බව සොයාගැනිණි.

10. 1952 වසරේදී මහ්මූද් හුසේන් මත්තන් නමැති මුස්ලිම් ජාතිකයා එල්ල මරාදැමීමට නියම වූයේ ලිලී වොල්පට් නමැති දැරිය ඝාතනය කර තිබූ නිසා ය. එහෙත් එම ඝාතනය කර තිබුණේ ඔහුට එරෙහිව සාක්ෂිදුන් පුද්ගලයා ම බව හෙළිවිය.


අන්තර්ජාලය ඇසුරිනි...................

0 comments:

Post a Comment