අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, January 18, 2014

වසකා නැසෙමුද?

පොඩි දෙයක් ගැන ලියන්න හිතුවා..පොඩි කිව්වට මේක අපේ ජිවිතේට බලපාන දෙයක්..ඉස්සර අපේ ලොකු අත්තල, අත්තම්මලා කොච්චර කල් ජිවත් වුනාද? ඒ පරම්පරාවේ අය අඩුම වශයෙන් අවරුදු අසු පහක් වත් ජිවත් වුනා.ඒත් අද වෙනකොට අවුරුදු හැට පහ සිමාව පනින්නේ කොච්චර අමාරුවෙන්ද?ඒකත් දවසට බෙහෙත් පෙති අහුරක් විතර බිල..
මේ ලිපිය ලියන්න හිතපු මුලික හේතුව නම් හැමදාම උදේට බෞද්ධයා නාලිකාවෙන් කරන වැඩසටහනයි..ඔයාලත් පුලුවන්නම් උදේ 07.00ට මේ වැඩසටහන ඇහැව්වොත් හිතෙයි අපි කන්නේ මොනවද කියලා.
මේ වැඩසටහනට එන ඩොක්ට පුල පුලා කියනවා වැඩිහිටි අපිට කිරි බිම අවශ්‍ය නෑ කියලා.කිරි බිල අපි කරන්නේ අනවශ්‍ය ලෙඩ හදා ගන්න එක. 
ඒ වගේම දැනට රජරට ප්‍රෙද්ශයේ දරුවන් රාශියකට තම පියා අහිමිව ගොස් තිබෙනවා. හේතුව තමා වකුගඩු රොගය.මෙයට ප්‍රධාන හේතුව කෘෂි රසායන භාවිතය.
දැනට සුලබව අහන්න ලැබෙන පිළිකා වැනි රොගත් මෙම විෂ කෑම වෙන්න පුලුවන්.


ඒ වගේම ක්ෂණික කෑමත් ඒ කියන්නේ සොටිස් වර්ග කෑම කොලෙස්ටරෝල් වැනි රෝග සදහා ප්‍රධාන හේතුවක් ලු..
තව දෙයක් තියෙනවා අපි ලෙඩක් වුනත් බලන්න යනකොට ඇරන් යන්නේ පිටරටින් ගෙනාපු ඇපල් ගෙඩියක් නැත්තම් දොඩම් ගෙඩියක්.. අපි ඒවා අරගෙන ගිහින් කරලා තියෙන්නේ ලෙඩාව තවත් අමාරූවේ දැමිම..මොකද එවා කල් තබාගන්න විවිධ රසායනික වර්ග යොදලලු තියෙන්නේ.ඒකනේ ඒව ලස්සනට තියෙන්නේ..ඒවා අපිට කන්න හොද නැ එ හින්ද?
මේවාට පිළීයම් වශයෙන් අපිට කරන්න පුලුවන් හොදම දේ තමා අපිට තියෙන පුන්චි ඉඩක හරි වස විසක් නැතිව කන්න පුලුවන් මොනවා හරි හදන එක. ඒක අපිට දෙපැත්තකින් හොදයි..මොකද අපිට හොද ව්‍යයායාමයකුත් ලැබෙනවානේ.

තව දේවලි තියෙනවා මේ ගැන කියන්න.. ඒවා ඉස්සරහට කියන්නම්.. ලිපිය ගැන මොනවා හරි පල්ලෙහයින් කොටලා යන්න හොදේ...

Thursday, January 16, 2014

ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?

අපි වගේ සිංහල බ්ලොග් ලියන අයට ගුගල් දෙයියා සලකන්නේ නෑනේ.. ඒ කියන්නේ ගුගල් ඇඩ් සිංහල බ්ලොග් වලට තාම දෙන්නේ නෑනේ. 

මේකට විකල්පයක් වශයෙන් අපේ සිංහල සයිට් වලට ඇඩ් දෙන වෙබ් සයිට් කිහිපයක් දැක්කා..ඒකෙන් මම දැකපු මේ සයිට් එක ටිකක් හොදයි කියලා හිතුනා. මොකද මේකේ බැනර් ක්ලික් වෙන්නම ඔනේ නෑ..සයිට් එකට කට්ටිය ආව ගියහමත් කියක් හරි හොයන්න පුලුවන්. හැබැයි ගුගල් දෙයියා වගේ ලොකු ගානක් නම් දෙන්නේ නෑ..හැමදාම මේ සයිට් එකට ලොග් වෙනවාටත් අපිට සල්ලි එකතු වෙනවා.

මෙතනින් ගිහින් මේකේ රෙජිස්ටර් වෙලා බලන්නකෝ.කොහෙමද වැඩේ කියලා අපිටත් තියන්න.

Tuesday, January 14, 2014

ෆයිවර් වලට නිවාඩුවක්..

හදිස්සියේම ආවා පොඩි පොස්ට් එකක් ලියන්න.ෆිවර් වල අලුත්ම අප්ඩේට් එක ගැන පොඩි ලිපියක් ලියන්න හිතුනා.

මෙච්චර දවස් අපිට ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබුනා අපිට පොඩි නිවාඩුවක් ගන්න ඔන වුනොත් අපි මොකක්ද අපේ ගිගි වලට කරන්නේ කියලා...සමහර අය තමන්ගේ ගිගි සස්පෙන්ඩ් කරා..ඒහෙම නැත්තම් ඩිලිවරි ඩේට් වැඩිකරා, ඒහෙමත් නැත්තම් වැකේෂන් කියලා බෙනර් එකක් ගිගි වල පෙන්නුවා.
දැන් ඔය ප්‍රශ්ණ වලට විසදුමක් ෆයිවර් වලින් ලබා දිල තියෙනවා.එනම් Vacation Mode හදුන්වලා දිල තියෙවා.
ෆයිවර් කට්ටිය කියන විදිහට Vacation Mode දැම්මම අපේ ගිගි වලට මොකුත් වෙන්නේ නෑ කියලා.

කොහොමද Vacation Mode ඔන් කරන්නේ. ඉස්සරවෙලාම මයි ගිගි වලට යන්න ගිහින් Vacation Mode ඔන් කරන්න




ඊට පස්සේ එන ඩයලොග් බොක්ස් එකේ බයර්ට මැසෙජ් එකක් වගේම නිවාඩු ඉන්න කාලය සිලෙක් කරන්න..ෆයිවර් එකෙන් අවුරුද්දකට නිවාඩු 28ක් ලබා දෙනවා. ඊට පස්සේ Done බටන් එක ක්ලික් කරන්න




බයර් කෙනෙක් ඔයාගේ ගිගි එකට ආවහම ඔයාගේ මැසෙජ් එක බයර්ට පෙනෙනවා



ඔයාලා වැකේෂන් ගිහින් ආවහම ඔයාලට Vacation Mode off කරන්න ඔන.
මෙයාල කියන විදිහට Vacation Mode දැම්මහම ගිගි එක ස්වංක්‍රියව suspended වෙනවලු. නමුත් ගිගි එකේ ranking වලට හානියක් වෙන්නේ නෑලු.

ඔයාලත් ට්‍රිප් එකක් යනකොට මේ ක්‍රෙම් අත්හදා බලන්න.ලිපිය හොදනම් කොමෙන්ටුවක් දාන්න..

Sunday, January 5, 2014

ඔබේ පරිගණකයෙන් 3D Film බලමු

අද පොඩි ගැජට් කෑල්ලක් ගැන කියන්න යන්නේ. ඔයාලත් කැමති ඇති නේද 3D ෆිල්ම්, විඩියො බලන්න. ඔන්න ඒකට දැන්  3D ටිවි මිලදි ගන්න ඔනෙම නෑ.ඔයාගේ කොම්පියුටරෙන් මේ වැඩේ කරන්න පුලුවන්.

හැබැයි මේ වැඩේට  3D කණ්ණාඩියක් නම් ඔන වෙනවා.

ඒ වගේම මේ වැඩේට KMplayer එකත් අවශ්‍ය වනවා. ගුගල් වලින් KMplayer එක ඩවුන්ලෝඩ් කර ගැනිමේ හැකියාව පවතිනවා.
ඉන් පසු මෙම KMplayer  එක මගින් විඩියොවක් play  කර මෙම KMplayer එකෙහි වම්පස පහල ඇති 3D බටනය මගින් අදාල විඩියොව 3D ආකාරයට සකසා ගැනිම මගින් ඔබ 3D කණ්ණාඩිය දමා බලන විට ඔබට නැවුම් අත්දැකිමක් ලැබෙනු ඇත.
මේ සදහා 3D ආකාරයට සැකසු විඩියෝ බැලිමට යොදාගැනිම සුදුසු වේ. මන්ද යත් දැනට නිපදවන සෑම විඩියෝවක්ම 3D තාක්ෂණය යොදා නිපදවන්නේ නොමැති බැවිනි. 
මේ අත්දැකිම ගැන ඔබේ අදහස් දක්වන්නේනම් ඉතා අගය කොට සලකමි.

Saturday, January 4, 2014

ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප් කේක්

ඇන්ඩ්‍රොයිඩ් ගැන දෙවෙනි ලිපියත් ලියන්න යන්නේ. පළවෙනි එක කියෙව්වේ නැත්තම් මෙතනින් ගහින් ඒක කියවන්න. එදා අපි ලිපිය ඉවර කරේ මෙතෙක් නිකුත් වි ඇති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති පළිබද හදුන්වා දිමක් සිදුකරා.
මේ ලිපියෙන් බලපොරොත්තු වෙනවා ඒ එක් එක් මෙහෙයුම් පද්ධතියන් හදුන්වා දිමට.
මුලින්ම නිකුත් වුන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප් කේක් වේ.

මෙම මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් විකාශණයේ මුලාරම්භය ලෙස සැලකුවද මිට පෙර ඇන්ඩ්‍රොයිඩ් 1.1 මෙහෙයුම් පද්ධතිය නිකුත් වි ඇත.
මෙම මෙහෙයුම් පද්ධතිය 1.5 සිට 2.6.27 දක්වා වැඩිදියුනු කර හැකි ලිනස් මෙහෙයුම් පද්ධතියකින් සමන් විත වේ.
මෙම මෙහෙයුම් පද්ධතිය 2009 වර්ෂයේ අප්‍රේල් මාසයේ මුල්වරට හදුන්වාදිම සිදුකරනු ලැබුවාය.

මෙම මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් වෙබ් අඩවියේ පහත ආකාරයෙන් හදුන්වා දිම සිදුකරයි.

Right from the start, Android is an open OS that can run almost any app or widget so you can do what you want to do.


 තවත් විශේෂත්වයක් වන්නේ මුල්වරට පෙනුම අප්ඩේට් කළ හැකි ගැජට් හා ලයිව් ඇපියරන්ස් එකකින් යුතුව නිපදවා තිබෙනවා.
මෙහි default ගැජට් විදිහට ඇනලොග් ඔරලොසුව,
කැලැන්ඩරය, music player,picture frame හා සර්ච් ෆන්ෂන් හදුන්වා දිය හැකිය.
මෙහි ඇති තවත් වැදගත්කමක් වනුයේ Video recording හා playback කිරිමේ හැකියාව වේ. මෙහි MPEG4 හා 3GP formats වල ෆයිල් play කිරිමේ හැකියාව පවති.ඒ වගේම යුටියුබ් හ පිකාසා වෙබ් ඇල්බම් වෙත විඩියො හා ජයාරූප අප්ලොඩ් කිරිමේ හැකියාව පවති.ඒ වගේම විඩියො  MMS හා email මගින් බෙදාගැනිමේ හැකියාවද මෙම මෙහෙයුම් පද්ධතිය සතු වනවා.
පළමු වරට තමන් කැමති රූපයක් 

profile pictures යෙදිමේ හැකියාව මෙම මෙහෙයුම් පද්ධතියට හදුන්වා දි ඇත.
මෙසේ තවත් බොහො විශේෂාංග සමග එකල ජනප්‍රිය වු Android Cupcake ගෙන් පසු ගුගල් සමාගම විසින් Android 1.6 ‘Donut හදුනිවා දෙනු ලැබුවා.
Android 1.6 ‘Donut පිළිබදව මිලග ලිපියෙන් කරුණු කිමට බලාපොරොත්තු වන අතර ඔබගේ අදහස් දක්වා යන්නේනම් ඉතා අගය කොට සලකනවා.

Friday, January 3, 2014

බ්ලොග් එකෙන් මුදල් හොයමු...

කට්ටිය හැමොම වගේ දැන් විනොදාංශයක් වශයෙන් බ්ලොග් සයිට් එකක් පවත්වාගෙන යනවානේ..කැමති නැද්ද ඒ බ්ලොග් එක නිකම්ම පවත්වාගෙන යනවට වඩා කියක් හරි ඒකෙන් හොයන්න. 

සිංහලෙන් බ්ලොග් ලියන අපි වගේ අයට ගුගල් ඇඩ් ලබාදෙන්නේ නෑනේ. ඒක ලොකු පාඩුවක්. ඒ වෙනුවට වෙනත් බ්ලොග් සයිට් තියෙනවා ඇඩ් ලබාදෙන.
සාමාන්‍යන් ඇඩ් ක්ලික් වුනහම තමයි අපිට මුදල් ගෙවන්නේග නමුත් මම මේ කියන සයිට් එකෙන් ඇඩ් කිලික් වෙන්න වුවමනාවක් නෑ සල්ලි ගෙවන්න ඇඩ් එකක් දැක්කත් ඇති මුදල් ගෙවන්න. හැබැයි ගුගල් වගේ ලොකු ගෙවිමක් මෙම සයිට් එකෙන් ගෙවන්නේ නැති වුනාට හොද ගෙවිමක් සිදුකරනවා.
මෙතනින් ගිහින් සයිට් එකේ රෙජිස්ටර් වෙලා බලන්නකො. ගැටලුවක් වුනොත් අහන්න.

ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද? ෆිවර් 04

මම හිතුවා ෆිවර් ගැන දිගටම ලියන්න. විශේෂයෙන් ෆිවර් ෆර්ම් එකේ හා ෆිවර් බ්ලොග් එකේ තියෙන ඉන්ග්‍රීසි ලිපි සිංහලට පරිවර්ථනය කරලා ලියන්න.ඒක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුවා.

අද මම දැක්කා ෆිවර් ෆම් එකේ හොද ලිපියක් ෆිවර් එකවුන්ට් එකේ ආරක්ෂාව ගැන.
ෆිවර් එකේ කස්ටමර් සපොට් එකෙන් කිසිම විටෙක ජනප්‍රිය ඩොමියන් එකක් තියෙන  ඊ මේල් එකවුන්ට් එකකින් ඔබට ඊ මේල් එවන්නේ නෑ. ඒ කියන්නේ gmail, yahoo, Hotmail වගේ public domain තියෙන ඊමේල් ඇඩ්ඩ්‍රස් වලින් ඊ මේල් එවන්නේ නෑ. ඊ මේල් එවන හැම විටම ඊ මේල් එවන්නේ  @ fiverr.com කියන ඊ මේල් එකෙන්.  (ex: support@fiverr.com). එහෙම නැතිව ෆිවර් නියොජිතයෙක් කියලා හරි ඒ බව ඇගවෙන පරිදි  වෙනත් ඩොමියන් එකකින් ඊ මේල් එකක් ආවොත් ඒ බව Customer Support  එක දැනුවත් කිරිම හො ඒ ඊ-මේල් එක  support@fiverr.com කියන ඊ මේල් ඇඩ්‍රස් එකට forward කරන්න.

තවදෙයක් තියෙනවා ෆිවර් එකෙන් කවදාවත් කෙලින්ම බලහත්කාරයෙන් අහන්නේ නෑ අ‍පෙන් අපේ පාස්වර්ඩ් එක මොකක්ද? නැත්තම් පේපෑල් එකේ තොරතුරු.
තම එකවුන්ට් එක පිළිබදව කිසියම් අවදානමක්  දැනුනේනම් ඉක්මනින්ම support@fiverr.com. වෙත දන්වන්න.
ඒ වගේම කවුරු හරි ඩිරෙක්ට් පේමන්ට් කරන්න ඔන කිව්වොත්, ඔ කියන්නේ ෆිවර් වලින් බැහැරව කෙලින්ම පේමන්ට් කරන්න ඔන කිව්වොත් ඒකත් ෆිවර් වෙත  report කරන්න ඔන. මොකද ඒක Terms of Service වලට පටහැනියි.
අදට මේ ඇති අපේ කට්ටිය කියවන්න කම්මැලි හින්ද කෙටිකරලා ලිව්වේ..කොහොමද ලිපිය හොදද? මේ ලිපිය හොදනම් ඔබගේ ප්‍රතිචාර අනුව ඉදිරියේදි තව ලිපි ලියන්නම්. එහෙනම් ජයවේවා


Thursday, January 2, 2014

ඇන්ඩ්‍රොයිඩ් ගැන ඔබ දන්නවාද?

මම අද ලියන්න හදන්නේ වෙනස් මාතෘකාවක් ගැන. ඇන්ඩොයිඩ්.  මිට ටික කාලෙකට ඉස්සරවෙලා මට මේක ලොකු ප්‍රශ්ණයක් තිබ්බා මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ්. ඒත් ටික දවසකට පස්සේ මම දැන ගත්තා මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ගුගල් සමාගද මගින් ස්මාට් ෆොන් සදහා ලබාදෙන පහසුකමක් කියලා.
ඇත්තටම මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ.
 ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ජංගම දුරකතන සදහා හදුන්වා දි ඇති මෙහෙයුම් පද්ධතියක්. හරියට අපේ කොම්පියුටරේට වින්ඩොස් 98, වින්ඩොස් XP, වින්ඩොස් 7,වින්ඩොස් 8 වගේ ජංගම දුරකතන සදහා ලබාදෙන මෙහෙයුම් පද්ධතියක්.



මේක ඉස්සරවෙලාම හදුන්වාදිමට කටයුතු කලේ ගුගල් සමාගම නෙවෙයි.2003 වර්ෂයේදි ඇන්ඩ්‍රොයිඩ් ඉන්කොපරේෂන් කියන සමාගම විසින් තමයි මෙහි මුල්ම පර්යේෂන කටයුතු සිදුකරල තියෙන්නේ. කොහොම හරි මේ සමාගමට මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න මුදල් නොමැති විම නිසා ගුගල් සමාගම විසින් මෙම සමාගම 2005 වර්ෂයේදි මිලදි ගෙන තියෙනවා. නිකම්ම නෙවෙයි එහි නිර්මාණ කරුවොත් එක්කම. මේ ගැන හොද විස්තරයක් අපි ඇන්ඩ්‍රොයිඩ් කියන බ්ලොග් එකේ තියෙනවා.

කොහොම හරි මේ ප්‍රොජක්ට් එක 2008 සැප්තැම්බර් 20 වෙනකොට හදල ඉවර වෙලා වෙලදපොලට මුදා හැරියා.
මේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය යුග කහිපයක් පසුකර අද අලුතින්ම හදුන්වා දෙන ලද ඇන්ඩ්‍රොයිඩ් කිට්කැට් දක්වා විකාශණය වි තිබෙනවා.අපි ලිපි කිහිපකින් ඒ විකාශණය පිළිබද හදුන්වා දිමට බලාපොරොත්තු වනවා.
ඇන්‍ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය එදා ඉදල අද වෙනකම් විකාශණය වුන විදිහ පහත පරිදි දැක්වි හැකියි.

01.ඇන්ඩ්‍රොයිඩ් 1.5, කප්කේක්

  • Android 1.5, Cupcake


02. ඇන්ඩ්‍රොයිඩ් 1.6, ඩොනට්

  • Android 1.6, Donut


03. ඇන්ඩ්‍රොයිඩ් 2.0, කප්කේක් එසලර්
  • Android 2.0, Eclair

04. ඇන්ඩ්‍රොයිඩ් 2.2, ෆොර්යෝ
  • Android 2.2, Froyo


05.ඇන්ඩ්‍රොයිඩ් 2.3 ජින්ජබ්‍රඩ්

  • Android 2.3, Gingerbread




06. ඇන්ඩ්‍රොයිඩ් 3.0 හනිකොම්බ්
  • Android 3.0, Honeycomb

07. ඇන්ඩ්‍රොයිඩ් 4.0 අයිස්ක්‍රීම් සැන්විච්
  • Android 4.0, Ice Cream Sandwich


08.ඇන්ඩ්‍රොයිඩ් 4.1 ජෙලි බීන්
  • Android 4.1, Jelly Bean



09. ඇන්ඩ්‍රොයිඩ් 4.4 කිට්කැට්
  • Android 4.4, KitKat

 ඉදිරියේදි මේ එක් එක් මෙහෙයුම් පද්ධතිය පිළිබද වෙන වෙනම පැහැදිලි කිරිමට බලාපොරෙත්තු වන අතර ඔබගේ අදහස් පහලින් දක්වා යනවානම් එය ඉදිරි ලිපි සදහා ඉතා වැදගත් වෙයි කියලා හිතනවා.

Wednesday, January 1, 2014

2014 අවුරුද්ද අපි සුභ කරගනිමුද?

අද දවස යනු දවසක් ගෙවිලා දවසක් උදාවුනා නෙවෙයි.. වසරක් ගෙවිලා වසරක් උදාවුනා. අද මෙම ලිපිය ලියන විට 2014 වර්ෂය උදාවෙලා ගතවෙලා තියෙන්නේ තවම හොරා කිහිපයක් පමනයි.මුලින්ම හැමොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරනවා.

අලුත් අවුරැද්ද යනු ඇත්තටම අපිට අලුතින් යමක් හිතන්න මග පාදන කරුණක් වෙනවා.
ඉස්සර වෙලාම අපි ගෙවි ගිය අවුරුද්ද ගැන කල්පනා කරන්න ඔන. අපිට ගෙවි ගිය අවුරුද්දක කාලය තුල අපි කරපු වැඩ ගැන, නැත්තම් අපිට කරන්න බැරිවුන වැඩ ගැන ආපසු හැරි බැලිමක් කරන එක හොදයි.එහෙම කරපු වැඩ එකක්වත් මතකයට එන්නේ නැත්තම් ඔයා නිකම්ම අවුරුද්ද ගෙවලා දාල වෙන්න ඇති..ඒක එහෙමනම් මහ අපරාදයක්. මමනම් පසුගිය අවුරුද්ද තුල මතකයේ රැදෙන ක්‍රියාවන් කිහිපයක් සිදුකරා. එයින් වැදගත්ම දේ තමා මගේ උපාධිය සමත් විම.
තව ඇති ඔයගොල්ලන්ට පසුගිය වර්ශයේ ආරම්භ කරපු නමුත් අවසන් කරන්න බැරිවුන දේවල්.
මේ සියල්ල ගැන මෙන්ම මේ වර්ෂයේ මම මේ දේ කරනවා කියලා ස්ථිර අරමුණක් හදාගන්නවානම් හොදයි.
මම මේ දේ මේ අවුරුද්දේ කරනවා.මම මේක කරන්න පටනි ගන්නවා නැත්තම් මේක කරලා අවසන් කරනවා කියලා අරමුනක් අපිට තියෙන්න ඔන. ඒවා පොතක ලියලා තියාගන්නවානම් තවත් හොදයි.ඒතකොට අපිට අවුරුද්ද අවසානයේ බලාගන්න පුලුවන් ඒවාගෙන් කියක් අපි සාර්ථක කරගත්තද කයලා. ඊටත් වැඩිය හොදයි ඒ අරමුණු නතර පේන තැනක ලියලා ගහලා තියෙනවානම්.ඒතකොට අපිට නිතර මතක් කරගන්න පුලුවන්නේ තව අපි මොනවද කරන්න තියෙන්නේ කියලා.
තව දෙයක් තියෙනවා අවුරුද්ද පටන්ගන්නකොටම අපේ පුරුද්දක් තියෙවා අපේ ලග්නේ කොහොමද කියලා බලන්න.මේකෙදි සමහර ලග්න වලට හොද මෙන්ම සමහර ලග්න වලට අසුභ දේ කියවෙනවා. සුභ අය මේ සුභ දේ අශිර්වාදයක් කරගෙන තව ජිවිතය සාර්ථක කරගන්න කටයුතුකරනවා මෙන්ම අසුභ දේ කියවෙන අය ඒ අසුභ දේ මත්තේම නැහෙන්නේ නැතිව ඒ ලග්නෙන් කියපු දේවල් බොරු කර ජිවිතය ගොඩනගා ගන්න කටයුතු කර යුතුයි.
තව දෙයක් කියන්න ඔන දැන් තියෙන්නේ තරගකාරි සමාජයක්. අඩු වයසින් ගොඩක් දේවල් කරගන්නා අය තමා දිනුම්. අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්.ඒ කාලය තුල බොහො දේවල් කල හැකියි. කළ යුතුයි.
මම මේ දේවල් කියන්න මනෝ උපදේශකයෙක් නෙවෙයි. මේ අවුරුද්දේ මට හිතුන දේවල් ටිකක් කිව්වේ.
ඒහෙනම් ඔයාල හැමොටම 2014 වර්ෂය සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
අපේ අඩවියේ සමාජිකයෙක් වෙලා අපි සමග දැනුම බෙදාගන්න එක්වන්න ඔයාලත්..