Friday, January 3, 2014

ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද? ෆිවර් 04

මම හිතුවා ෆිවර් ගැන දිගටම ලියන්න. විශේෂයෙන් ෆිවර් ෆර්ම් එකේ හා ෆිවර් බ්ලොග් එකේ තියෙන ඉන්ග්‍රීසි ලිපි සිංහලට පරිවර්ථනය කරලා ලියන්න.ඒක අපේ යාලුවන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතුවා.

අද මම දැක්කා ෆිවර් ෆම් එකේ හොද ලිපියක් ෆිවර් එකවුන්ට් එකේ ආරක්ෂාව ගැන.
ෆිවර් එකේ කස්ටමර් සපොට් එකෙන් කිසිම විටෙක ජනප්‍රිය ඩොමියන් එකක් තියෙන  ඊ මේල් එකවුන්ට් එකකින් ඔබට ඊ මේල් එවන්නේ නෑ. ඒ කියන්නේ gmail, yahoo, Hotmail වගේ public domain තියෙන ඊමේල් ඇඩ්ඩ්‍රස් වලින් ඊ මේල් එවන්නේ නෑ. ඊ මේල් එවන හැම විටම ඊ මේල් එවන්නේ  @ fiverr.com කියන ඊ මේල් එකෙන්.  (ex: support@fiverr.com). එහෙම නැතිව ෆිවර් නියොජිතයෙක් කියලා හරි ඒ බව ඇගවෙන පරිදි  වෙනත් ඩොමියන් එකකින් ඊ මේල් එකක් ආවොත් ඒ බව Customer Support  එක දැනුවත් කිරිම හො ඒ ඊ-මේල් එක  support@fiverr.com කියන ඊ මේල් ඇඩ්‍රස් එකට forward කරන්න.

තවදෙයක් තියෙනවා ෆිවර් එකෙන් කවදාවත් කෙලින්ම බලහත්කාරයෙන් අහන්නේ නෑ අ‍පෙන් අපේ පාස්වර්ඩ් එක මොකක්ද? නැත්තම් පේපෑල් එකේ තොරතුරු.
තම එකවුන්ට් එක පිළිබදව කිසියම් අවදානමක්  දැනුනේනම් ඉක්මනින්ම support@fiverr.com. වෙත දන්වන්න.
ඒ වගේම කවුරු හරි ඩිරෙක්ට් පේමන්ට් කරන්න ඔන කිව්වොත්, ඔ කියන්නේ ෆිවර් වලින් බැහැරව කෙලින්ම පේමන්ට් කරන්න ඔන කිව්වොත් ඒකත් ෆිවර් වෙත  report කරන්න ඔන. මොකද ඒක Terms of Service වලට පටහැනියි.
අදට මේ ඇති අපේ කට්ටිය කියවන්න කම්මැලි හින්ද කෙටිකරලා ලිව්වේ..කොහොමද ලිපිය හොදද? මේ ලිපිය හොදනම් ඔබගේ ප්‍රතිචාර අනුව ඉදිරියේදි තව ලිපි ලියන්නම්. එහෙනම් ජයවේවා


0 comments:

Post a Comment