Saturday, January 18, 2014

වසකා නැසෙමුද?

පොඩි දෙයක් ගැන ලියන්න හිතුවා..පොඩි කිව්වට මේක අපේ ජිවිතේට බලපාන දෙයක්..ඉස්සර අපේ ලොකු අත්තල, අත්තම්මලා කොච්චර කල් ජිවත් වුනාද? ඒ පරම්පරාවේ අය අඩුම වශයෙන් අවරුදු අසු පහක් වත් ජිවත් වුනා.ඒත් අද වෙනකොට අවුරුදු හැට පහ සිමාව පනින්නේ කොච්චර අමාරුවෙන්ද?ඒකත් දවසට බෙහෙත් පෙති අහුරක් විතර බිල..
මේ ලිපිය ලියන්න හිතපු මුලික හේතුව නම් හැමදාම උදේට බෞද්ධයා නාලිකාවෙන් කරන වැඩසටහනයි..ඔයාලත් පුලුවන්නම් උදේ 07.00ට මේ වැඩසටහන ඇහැව්වොත් හිතෙයි අපි කන්නේ මොනවද කියලා.
මේ වැඩසටහනට එන ඩොක්ට පුල පුලා කියනවා වැඩිහිටි අපිට කිරි බිම අවශ්‍ය නෑ කියලා.කිරි බිල අපි කරන්නේ අනවශ්‍ය ලෙඩ හදා ගන්න එක. 
ඒ වගේම දැනට රජරට ප්‍රෙද්ශයේ දරුවන් රාශියකට තම පියා අහිමිව ගොස් තිබෙනවා. හේතුව තමා වකුගඩු රොගය.මෙයට ප්‍රධාන හේතුව කෘෂි රසායන භාවිතය.
දැනට සුලබව අහන්න ලැබෙන පිළිකා වැනි රොගත් මෙම විෂ කෑම වෙන්න පුලුවන්.


ඒ වගේම ක්ෂණික කෑමත් ඒ කියන්නේ සොටිස් වර්ග කෑම කොලෙස්ටරෝල් වැනි රෝග සදහා ප්‍රධාන හේතුවක් ලු..
තව දෙයක් තියෙනවා අපි ලෙඩක් වුනත් බලන්න යනකොට ඇරන් යන්නේ පිටරටින් ගෙනාපු ඇපල් ගෙඩියක් නැත්තම් දොඩම් ගෙඩියක්.. අපි ඒවා අරගෙන ගිහින් කරලා තියෙන්නේ ලෙඩාව තවත් අමාරූවේ දැමිම..මොකද එවා කල් තබාගන්න විවිධ රසායනික වර්ග යොදලලු තියෙන්නේ.ඒකනේ ඒව ලස්සනට තියෙන්නේ..ඒවා අපිට කන්න හොද නැ එ හින්ද?
මේවාට පිළීයම් වශයෙන් අපිට කරන්න පුලුවන් හොදම දේ තමා අපිට තියෙන පුන්චි ඉඩක හරි වස විසක් නැතිව කන්න පුලුවන් මොනවා හරි හදන එක. ඒක අපිට දෙපැත්තකින් හොදයි..මොකද අපිට හොද ව්‍යයායාමයකුත් ලැබෙනවානේ.

තව දේවලි තියෙනවා මේ ගැන කියන්න.. ඒවා ඉස්සරහට කියන්නම්.. ලිපිය ගැන මොනවා හරි පල්ලෙහයින් කොටලා යන්න හොදේ...

0 comments:

Post a Comment