Monday, June 22, 2015

අපිට සුභ උපන්දිනයක් වේවා.

ඉතින් කොහොමද? 
කාලය ගෙවිගෙන යන වේගය.මේ අව්රුද්දේත් මාස හයකුයි දවස් 22 ක් ගෙවිලා.අපිත් වයසට යනවා. අපිත් සමග අපි බ්ලොග්පොස්ට් අඩවියත් වයසට යනවා.
හරියටම අදට අවුරුදු දෙකකට කලින් ඒ කියන්නේ 2013.06.22 දින අපි බ්ලොග් එක හදලා ඉස්සල්ලම ලිපිය දැම්මා.මෙන්න ඒ ලිපිය 
බ්ලොග් ගැන ඉගෙන ගන්නත් එක්ක තමයි මේ බ්ලොග් එක හැදුවේ. එදා ඉදන් අද වන තුරු ලිපි 53ක් පල කරලා තියෙනවා..කාලයක් මේක පැත්ත පලාතෙවත් එන්නේ නැතුව අත ඇරලා දාල තිබ්බා...ආයෙත් අපිව මතක් උනහම මකුලුදැල් කඩල සුද්ද කරලා ගන්නවා.
මුලදි මුලදි මේ බ්ලොග් එක ලියද්දි වැරදි කරලා තියෙනවා..ඒ වැරදි නිහතමානිව පිළී අරගෙන නැවත ඒ වගේ වැරදි නොවෙන්න වග බලා ගත්තා.
අපි බ්ලොග් පොස්ට් වෙත අද වන විට රටවල් 57කින් 21803 ක් පැමින ඇති අතර මෙතෙක් පළ කල ලිපි වලින් ඉහල ජනප්‍රියත්වයක් පහත ලිපි වලට ලැබි තිබෙනවා.

01.ලොකයේ සංචාරය කිරිමට ඇති භයානකම නගර 10

02. Google Earth හි ලොකෙට නොපෙන්වන තැන් 12ක්.

03. අන්තර්ජාල මුදල් - ෆයිවර්.

කොහොමින් කොහොම හරි අපිට අවුරුදු දෙකක් පිරුනා. ලබන්නාවු ඉදිරි අවුරුද්දේ නවතම ලිපි පෙලක් පලකිරිමට බලාපොරොත්තු වනවා. එය සදහා ඔබගේ අදහස්,යොජනා,චොදනා අවශ්‍ය වනවා. එයින් අපි වැරදි හදාගෙන ඉදිරියට යනවා..

අපිත් සමග නිතර රැදි සිටිමට අපි බ්ලොග් පොස්ට් හි සමාජිකයෙක් වෙන්න මෙතනින් ගිහින් අපේ ලිපි පළකල සැනින් ලබාගන්න.

මෙතනින් ගිහින් අපේ මුහුණු පොතේ පිටුව සමග එකතුවන්න


ඔන්න එහෙනම් අපි හැමොම එකතුවෙලා අපි බ්ලොග් එකට සුභ උපන් දිනයක් කියල පතමු........



1 comments: