Friday, January 8, 2016

මේ කථා අහල තියෙනවද? 18 වන දිගහැරැම

171.ලෝකයේ සර්පයින් දෂ්ඨ කිරිම් වලට වඩා වැඩි ප්‍රමාණයක් බඹරුන්, දෙඹරුන්,මි මැස්සන් දෂ්ඨ කිරිම නිසා මිය යයි.

172. මෙලොව ජනගහනයෙන් 35% කට ඔහුටම කියා බැංකු ගිණුමක් නොමැත.

173. ජොන් හැරිසන් නම් වන අයිස් ක්‍රීම් රස පරික්ෂක වරයා අයිස්ක්‍රිම් ගැලුම් මිලියන 100 ක පමණ රස පරික්ෂා කර ඇති අතර, ඔහුගේ දිවෙහි රස හදුනාගැණිමේ අංකුර ඇමරිකානු ඩොලර් මිලියනයකට රක්ෂණය කර ඇත.



174. 1912-1948 කාලයේදි චිත්‍ර ඇදිමත් ඔලිම්පික් ඉසව්වකි.

175. අත්ලාන්තික් සාගරය ෆැසිෆික් සාගරයට වඩා ලුණු රසින් වැඩිය.

176. මිනිස් ශරිරයේ ඇටකටු කොන්ක්‍රිට් වලටත් වඩා හතර ගුණයකින් ශක්තිමත්ය.

177.ලොව උපදින දරුවන් 2000 කට එක් අයකු දත් ඇතිව උපදි.

178. ලෝකයේ වැඩිපුරම තැපැල් කාර්යාල පිහිටා ඇත්තේ ඉන්දියාවේය. එය කාර්යාල 100,000 ඉක්මවයි.

179. ඒබ්‍රහම් ලින්කන් කුඩාකල සපත්තු මැසු අයෙකි..


180. සාමාන්‍ය මිනිසෙක් දිනකට 10 වතාවක්වත් සිනාසෙයි.


2 comments:

  1. මේ බ්ලොගය එක් කෙනෙක්ද කට්ටියක්ද ලියන්නේ. විශිෂ්ට බ්ලොගයක්.

    ReplyDelete
  2. ස්තුති...එක්කෙනෙක් ලියන්නේ සහෝ

    ReplyDelete