Tuesday, July 12, 2016

නොබෙල් සාම ත්‍යාගය 1907

1907 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යගය සදහා පුද්ගලයින් දෙදෙනෙකු හට හිමි විය.

ඔවුන් නම් Ernesto Teodoro Moneta හා Louis Renault වේ.

01.Ernesto Teodoro Moneta


1833 සැප්තැම්බර් 20 වෙනි දින ඉතාලියේ මිලානෝ හි ( අතිතයේ ඔස්ට්‍රියන් අධිරාජ්‍යය) උපත ලද අර්නස්ට්‍රෝ ටියෝඩ්‍රෝ මෝනේටෝ Lombard League of Peace හි සභාපති ලෙස කටයුතු කරන ලදී. වයස අවුරැදු 15 පමන වන විට මොහුට යුධ අත්දැකිම් ලැබුනා. ඔහුගේ පියා, සහොදරයින් හා එක්ව මිලානෝ නගරය නිදහස් කිරිමට විදී සටන් කිරිමට සිදුවුනා. මෙම අත්දැකිම තුලින්ඔහු සිතුවා යුද්ධය සහ මානව ඝාතනය වැළැක්වීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ බව.මොහු ලද හමුදා පුහුනුව අවසන් වු පසු හමුදාව අතහැර මාධ්‍යෙව්දියෙකු ලෙස කටයුතු කිරිම අරභන ලදි. 1867 සිට ඔහු daily paper Il Secolo පුවත්පතෙහි සංස්කරණය කරන ලදි. ඔහුගේ ලිපි ජනතාව අතර සහොදරත්ව හැගිම් වර්ධනය කිරිමට පිටුවහලක් විය.

1918 පෙබරවාරි 10 වෙනි දින ඉතාලියේ මිලානෝ හිදි මෙම උදාර මිනිසා මෙලොව හැර ගියේය.


02.  Louis Renault

1843 මැයි 21 ප්‍රංශයේ Autun හි උපත ලද නීතිඥ ලුවී රෙනෝල්ට් හට සාමය සදහා ජාත්‍යන්තර නිතිය ශක්තිමත් කිරිමට හැකිවිය.

ඔහු Dijon හා පැරීසියේ විශ්ව විද්යාලවල උගන්වන ලද අතර 75 වියේදී ඔහුගේ අවසන් දේශණය කරන ලද්දේ ඔහුගේ මරණයට දින දෙකකට පෙරය.
එමෙන්ම ජාත්‍යන්තර නිතිය හා විදේශ ප්‍රතිපත්ති පිළිබද ප්‍රංශයේ උපදේශකද විය.
ලෝක සාමය වෙනුවෙන් ඔහු කරන ලද සේවය වෙනුවෙන්  මෙම සම්මානය හිමි විය.
1918 පෙබරවාරි 08 වෙනි දින ප්‍රංශයේ බ්‍රිස්බ්‍රෙන් වලදි ඔහු තම ජිවිතයට සමු දුන්නේය.


0 comments:

Post a Comment