Saturday, August 6, 2016

නොබෙල් සාම ත්‍යාගය - 1911

1911 වසරේදීද නොබෙල් සාම ත්‍යගය සදහා සාම ක්‍රියාකාරින් දෙදෙනෙකු හට පිරිබමන ලදී. ඔවුන් නම් Tobias Michael Carel Asser හා Alfred Hermann Fried වේ.

01. Tobias Michael Carel Asser

1838 වසරේ අප්‍රේල් 28 වන දින නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හීදි උපත ලද මොහු නිතිඥයෙකු, කැබිනට් අමාත්‍ය වරයෙකු හා හේග් හි ජාත්‍යන්තර පෟද්ගලික නිති සත්කාරක වැඩසටහනේ සම්පත් දායකයෙකු ලෙස කටයුතු කරන ලදි.

 විවාහය,දික්කසාදය වැනි පෞද්ගලික බන්ධන නිති වලට ඇතුලත්විය යුතු කරුණු පිළිබද රටවල් වලට උපදෙස් ලබා දෙමින් හා ඒ සම්බන්ධව පොත් පත් ලියමින් සිදුකරන ලද මෙහෙය වෙනුවෙන් මොහු හට නොබෙල් සාම ත්‍යගය හිමිවිය.

1913 ජුලි 29 වන දින මෙම උදාර මිනිසා නෙදර්ලන්තයේ හේග් නුවරදී මෙලොවට සමු දුන්නේය.

02. ඇල්ෆ්රඩ් ෆ්රයිඩ්

1864 නොවම්බර් 11 වෙනි දින ඔස්ට්‍රියාවේ වියානා හිදි උපත ලද මෙම වටිනා මිනිසා  ජනමාධ්‍ය වෙදියෙක් හා  Die Friedenswarte (සාම ප්‍රකාශණය) හි නිර්මාතෘ ලෙස වටිනා මෙහෙයක් සිදුකළ පුද්ගලයකි.

හොද මානව හිතවාදි පුද්ගලයකු වු මොහු සාමය සදහා ජාත්‍යන්තර ප්‍රජාව පෙළබවිම සදහා මොහු කටයුතු කලේය.

මොහු ජර්මනියට ගොස් ජර්මානු සාම සංගමය බිහිකරනු ලැබිය.

මෙම උදාර මිනිසා 1921 මැයි 5 වෙනි දින වියානා හිදී මිය ගියේය. 

නොබෙල් සාම ත්‍යගය 1910 ලිපිය මෙතනින් කියවන්න..


0 comments:

Post a Comment