Wednesday, February 7, 2018

නොබෙල් සාම ත්‍යාගය 1930

1930 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ කාටද යන්න කියල දැනගැනීමට පෙර 1929 වසරේදි නොබෙල් සාම ත්‍යාගය  හිමිවුනේ කාටද යන්න කියල මෙතනින් ගිහින් කියවන්න.

1930 වර්ෂයේදි නොබෙල් සාම ත්‍යාගය සඳහා හිමිකම් කියන ලද්දේ නාදන් සොටර්බ්ලොම්  විසිනි.මොහු‍1866 ජනවාරි 15වන දින ස්වීඩනයේ ට්රෝනෝ හිදී උපත ලැබුවේය.


නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබු පළමු පුජකයා ස්විඩන් ජාතික බිෂොප් නාදන් සොටර්බ්ලොම් විය. ශිෂ්‍යයෙකු ලෙස ඔහු තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA)හා ජාත්‍යාන්තර ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරය තුල ක්‍රියාකාරිව කටයුතු කලේය.

සොඩර්බෙල් සෝබෝන්හි ආචාර්ය උපාධියක් ලබාගත් අතර උප්සලා විශ්ව විද්‍යාලයෙන් දේවවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් විය. වර්ෂ 1914 දී ඔහු අගරදගුරු තනතුරට පත් විය.

පල්ලියේ නායකයෙකු වශයෙන් සාමය සඳහා පොදු ක්‍රිස්තියානි වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ඔහු මහත් උනන්දුවක් දැක්වීය. මේ උදෙසා ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.

1931  ජුලි 12  ස්වීඩනයේ  උප්සලා හිදී මෙම උතුම් මිනිසා තම ජිවිතයට සමු දුන්නේය.



නොබෙල් සාම ත්‍යාගය මුල සිට මෙතනින් ගිහින් කියවන්න

0 comments:

Post a Comment