Wednesday, July 31, 2013

ඒ නවය 07 වන දිගහැරුම

ගොඩ දවසකින් ඒ 09 මගෙහි සැරිසරන්න බැරි වුනා...මොකද මේ දවස් වල උඩරට මැණිකේ පරිසර චාරිකාවේ යෙදෙනවානේ..

අපේ ගමන මේ වන විට වව්නියාව දක්වා ඇවිත් තියෙනවා. අද වව්නියාවේ ඉදන් නැවත ගමන පටන් ගනිමු. අවුරුදු තුනහමාරකට පමණ පෙර එල් ටී ටී ඊ ත්‍රස්තවාදය නිසා විනාශ කරන ලද ගොඩනැගිලි, කැඩී ගිය මංමාවත් හා විදුලිය විසන්ධිවීම හේතුවෙන් අදුරේ ගිලී ගිය වව්නියාව දිස්ත්‍රික්කය යුද්ධය නිමාවීමෙන් පසුව මේ දක්වා කාලය අතරතුරදී විශාල සංවර්ධනයක් අත්කර ගෙන ඇත.
වව්නියාව පසු කරමින් ඉදිරියට ඇදෙන අපි මිලගට ඕමන්තේ වෙත ලගාවිය..අපිට මිට වසර ගණනකට පෙර  ඔමන්තේ මුරපොල යනුවෙන් නිතර අසන්නට ලැබු ස්ථානය පසු කර නිදහස් ශ්‍රී ලංකාවේ ඉදිරියටම ඇදුන අපි මාන්කුලම පසුකර කිලිනොච්චි දක්වා ඇදුනි.කැලැබද ප්‍රෙදේශයක් හරහා මෙම මාර්ගය ගමන් කරයි.
විරොදාර යුධ හමුදාවට පිංසිද්ධ වෙන්න අද අපට නිදහසේ කිලිනොච්චිය නගරයට පිවිසිය හැක.


කිලිනොච්චි සටන යනු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ථවාදීන්ගෙන් ප්‍රදේශය සහ වැසියන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී කිලිනොච්චි නගරය මුදවා ගැනීම උදෙසා 2008 නොවැම්බර් මස සිට 2009 ජනවාරි මස දක්වා ගෙන ගිය ගොඩබිම් සංග්‍රාමයයි. එවකට කිලිනොච්චි නගරය කොටි සංවිධානය යෝජනා කොට තිබු ඊළාම් රාජ්‍යයේ යෝජිත අග නගරය ලෙසද ප්‍රකාශ කොට පැවතුණි.

2008 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී ශ්‍රී ලංකා යුධ හමුදාව කිලිනොච්චි නගරය මුදාගැනීම සඳහා තෙවරක් ආක්‍රමණ දියත් කළේය.එම අවස්ථා තුනේදීම රජයේ හමුදා කිලිනොච්චි නගරය අත් පත් කර ගැනීම වලක්වා ගැනීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමත් විය.මෙම සටන් වලදී සතුරාට උපරිම හානියක් කරමින් තමන්හට අවම හානියක් වූ බව දෙපාර්ශවයම ප්‍රකාශයට පත් කළහ.මෙම කාලය අතරතුර කිලිනොච්චි නගර ආශ්‍රිත එල්.ටී.ටී.ඊ. මර්මස්ථාන ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්ද සිදු කරන ලදී.2009 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා සේනාංක තුනක් කිලිනොච්චි නගරයට උතුරින් දකුණින් සහ බටහිර දිශා වලින් ඇතුළු වීමත් සමඟ එල්.ටී.ටී.ඊ. සටන්කරුවෝ අසල වූ වනගත ප්‍රදේශ වලට පළා ගියහ.ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින්, රජයේ හමුදා විසින් කිලිනොච්චි නගරය අත්පත් කරගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට අවි බිම තබා යටත් වන ලෙසද දැනුම් දුන්නේය.

කිලිනොච්චි නගරය මුදාගැනීමෙන් පසු බොහෝ විදේශ රාජ්‍යන් දේශපාලන විසදුමක් පිලිබඳ සලකා බලන ලෙස දෙපාර්ශවයටම බල කර සිටියහ.මහජනතාව විදී බසින් මෙම ජයග්‍රහණය සමරද්දී, කොළඹ කොටස් හුවමාරුව වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කළ අතර රුපියලේ අගය ස්ථාවර වීමද සිදු විය.සැමරුම් අතරතුර කොළඹ පිහිටි ශ්‍රීලංකා ගුවන් හමුදා මුලස්ථානය අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30කට අසන්න පිරිසක් තුවාල ලැබීය.කිලිනොච්චි නගරය මුදා ගැනීමත් සමග තම මෙහෙයුම් පුළුල් කළ ශ්‍රී ලංකා යුධ හමුදාව එල්.ටී.ටී.ඊ. ය සතුව තිබු සංග්‍රාමික උපක්‍රමික ස්ථාන වන අලිමංකඩ සහ A9 ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්මද මුදා ගැනීමට සමත් විය.


1990 වර්ෂයේදී ශ්‍රීලංකා හමුදා ප්‍රථම වතාවට කිලිනොච්චි නගරයෙන් හමුදා සේනාංක ඉවත් කරගත් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානය එහි බලය තහවුරු කරගන්නා ලදී.1996 වර්ෂයේදී "සිත්ජය I","සිත්ජය II","සිත්ජය III" මෙහෙයුම් වලදී නැවත වතාවක් ශ්‍රීලංකා හමුදා විසින් කිලිනොච්චිය අත්පත් කරගන්න ලදී.1998 වර්ෂයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය දියත් කළ නොනවතින රැල්ල II මෙහෙයුමේදී රජයේ හමුදා වලට කිලිනොච්චි නගරය ඇතහැර යාමට සිදු විය.ශ්‍රීලංකා යුධ ඉතිහාසයේ දරුණුතම සටනක් වූ එය දෙපාර්ශවයටම බරපතල හානියක් හිමි කර දුනි.එවකට ශ්‍රීලංකා යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුනිල් තෙන්නකෝන් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මුලතිව් සටනට පසු ශ්‍රීලංකා යුධ හමුදාව ලද දරුණුතම විනාශය සහ පරාජය මෙය බව සඳහන් කළේය.කිලිනොච්චි නගරය සංග්‍රාමික උපක්‍රමික ප්‍රදේශයක් නොවුවද සංකේතාත්මක වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉතා වැදගත් වූ ප්‍රදේශයකි. එල්.ටී.ටී.ඊ. ය වසර ගණනාවක් පුරා දිනා ගැනීමට උත්සහ කළ දෙමළ ඊළාම් රාජ්‍යයේ යෝජිත අග නගරය ලෙස නම් කර තිබුනේ කිලිනොච්චි නගරයයි. එල්.ටී.ටී.ඊ. හිටපු සන්නද්ධ අංශ නායක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළ පරිදි එල්.ටී.ටී.ඊ.යට තිබු සංකේතාත්මක නගරය කිලිනොච්චියයි.  එකල රජය ප්‍රකාශ කළේ කිලිනොච්චි නගරයේ පාලනය එල්.ටී.ටී.ඊ.ය සතු වුවද සිවිල් පාලන කටයුතු සුපුරුදු පරිදි රජය මගින් සිදු කළ බවයි.

2002 වර්ෂයට පසු එල්.ටී.ටී.ඊ.ය විසින් කිලිනොච්චි නගරය ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස භාවිතා කළේය.එල්.ටී.ටී.ඊ.ය විසින් ඊළාම් පොලිසිය නමින් පොලිස් ඒකකයක්ද සාම මහලේකම් කාර්යාලයක්ද බැංකු පද්ධතියක්ද ස්ථාපිත කරන ලදී.ඒවායේ මුලස්ථාන සියල්ල පාහේ පිහිටා තිබුනේ කිලිනොච්චි නගරාශ්‍රිත ප්‍රදේශවලය. එසේම දිසා අධිකරණ, මහාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නමින් නිල නොවන අධිකරණ පද්ධතියක්ද ස්ථාපිත කරන ලදී.එහි ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටා තිබුනේ කිලිනොච්චි නගර මධ්‍යයේය.

කිලිනොච්චිය කිසිදා මුදාගත නොහැකිවනු ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කලහ. බටහිර ජාතීන් සහ ශ්‍රී ලංකා විපක්ෂය ඉන් ප්‍රධානවේ. ශ්‍රී ලංකා විපක්ෂය පාර්ලිමේන්තුවේදී කල ආණ්ඩුව කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා යන්න අතිශය අවධානයට ලක්විය.


යුධ හමුදාව විසින් එල්.ටී.ටී.ඊ.යට යටත්ව තිබු නැගෙනහිර භූමිය මුදා ගැනීමත් සමගම උතුරේ සටන්ද ආරම්භ කරන ලදී.මෙම ප්‍රහාර වලදී කිලිනොච්චියද යුධ හමුදාවේ ප්‍රධාන ඉලක්කයක්ව පැවතුණි. යුධ හමුදා සේනාංක පෙරමුණු ගණනාවකින් උතුරු මෙහෙයුමට දායක වෙද්දී 57 වන සේනාංකයත් පළමු කාර්ය සාධක බලකායත්(වත්මන් 58 වන සේනාංකය) කිලිනොච්චිය මුදාගැනීමේ පෙරමුණ සදහා සක්‍රීය දායකත්වය ලබා දුනි.මෙම පෙරමුණ භාරව කටයුතු කළේ එවකට වන්නි ආඥාපති ධූරය දැරූ මේජර් ජෙනරාල් ජගත් ජයසුරිය මහතායි.මෙම සේනාංක දෙකම දිවයිනේ බටහිර ප්‍රදේශයෙන් කිලිනොච්චි ප්‍රදේශයට ආසන්න වීමෙන් පසු 57 වන සේනාංකය දකුණින් සහ බටහිර ප්‍රදේශයෙන්ද පළමු කාර්ය සාධක බලකාය උතුරු දිශාවෙන්ද එල්.ටී.ටී.ඊ. බලකොටු බිදිමින් කිලිනොච්චි නගර සීමාවට ඇතුළු විය. 2008 ඔක්තෝම්බර් මාසය ආරම්භවත්ම කිලිනොච්චි නගරය එහි පදිංචිකරුවන් විසින් අත්හැර දමන ලද අතර එල්.ටී.ටී.ඊ.ය විසින් එහි පිහිටුවා තිබු රෝහල, බැංකු, සහ රාජ්‍ය ආයතන කිහිපයක්ද කිලිනොච්චියට කිලෝ මීටර 13 ක් පමණ දුරින් පිහිටා ඇති තාම්පුරම් ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී.

මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා අණදුන් 57 වන සේනාංකය 2008 ඔක්තෝම්බර් 18 වන දින කිලිනොච්චියට නිරිත දිශාවෙන් පිහිටි ප්‍රධාන ගම්මානයක් වූඅක්කරායන්කුලම් අත්පත් කරගන්නා ලදී.මෙම ජයග්‍රහණයත් සමඟින් නිරිත්දිගින්ද කිලිනොච්චි නගරය වෙත ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව උදා විය.ඉරණමඩු හන්දිය මුදා ගැනීම හේතුවෙන් යුධ හමුදාවට කිලිනොච්චියට ඇතුළු වීමට දකුණු ගොඩබිම් පිවිසුම් මාර්ගයක්ද විවෘත විය.ඒ වන විටත් 57 වන සේනාංකය කිලිනොච්චි නගරය ආශ්‍රිත ප්‍රබල එල්.ටී.ටී.ඊ. කඳවුරු වූ කෝකිලායි සහ අඩම්පන් අත්පත් කරගෙන සිටීම එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් හට අවාසිදායක තත්වයක් උදාකළේය.

බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා විසින් අණදුන් පළමු කාර්ය සාධක බලකාය බටහිර වෙරළ තීරය ඔස්සේ තම මෙහෙයුම් දියත් කළේය.එහිදී ඉතා වැදගත් සංග්‍රාමික උපක්‍රමික ස්ථාන රාශියක් අත්පත් කරගන්න ලදී.ඒ අතරමන්නාරම "සහල් නැලිය" ප්‍රදේශය, විඩුතලතිව්, නාච්චිකුඩා කැපී පෙනේ.2008 නොවැම්බර් 15 වන දින පළමුවන සහ දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තුද විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ද ප්‍රමුඛ පළමු කාර්ය සාධක බලකාය විසින් පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් දියත් කොට එම ප්‍රදේශය අත්පත් කරගන්නා ලදී.පුනරීන් සිට නැගෙනහිර දිශාවට ගමන් කළ පළමු කාර්ය සාධක බලකාය 2008 දෙසැම්බර් 31 වන දින පරන්තන් මුදාගැනීමත් සමඟම යුධ හමුදාවට කිලිනොච්චියට ඇතුළු වීමට උතුරු ගොඩබිම් පිවිසුම් මාර්ගයක්ද විවෘත විය.


රජයේ හමුදා පැමිණීම වැලැක්වීම සඳහා එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් විසින් විශාල පස් කඳු සහ අඟල් නිර්මාණය කරන ලදී.කිලිනොච්චියට දකුණින් එවැනි එක විශාල පස් කන්දක් නිර්මාණය කර තිබු අතර B69 පුනරීන්-පරන්තන් මාර්ගය හරහා තවත් පස් බැම්ම්ක් ඉදි කරන ලදී.කිලිනොච්චිය රැක ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ.ය තම ප්‍රබලතම සටන් කණ්ඩායම් කැඳවා තිබු අතර භානු,තීපන් සහ ලෝරන්ස් යන ජේෂ්ඨ සන්නද්ධ නායකයන්ගේ අණ දීමට අනුව චාල්ස් ඇන්තනී සහ ඉම්රාන් පාන්ඩියන් විසින් එල්.ටී.ටී.ඊ. භට පිරිස් මෙහෙයවන ලදී.

මේ අතරතුර කාලයේ ශ්‍රීලංකා යුධ හමුදාව විසින් කිලිනොච්චියේ හඳුනාගත් ඉලක්කවලට දිගින් දිගටම කාලතුවක්ක ප්‍රහාර එල්ල කළ අතර එම ඉලක්ක වෙත ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රහාරක ජෙට් මඟින්ද ප්‍රහාර එල්ල කරන ලදී.එවැනි එක ගුවන් ප්‍රහාරයක් කිලිනොච්චියේ පිහිටි එල්.ටී.ටී.ඊ. පරිපාලන ගොඩනැගිල්ල ඉලක්ක කොට තිබුණි.රජයේ හමුදා කිලිනොච්චිය අත්පත් කර ගැනීමට සුදානම් බව 2008 ඔක්තෝම්බර් මාසයේදී රජය විසින් ප්‍රකාශ කරන ලදී.නමුත්, එල්.ටී.ටී.ඊ. නායකවේලුපිල්ලේ ප්‍රභාකරන් ඊමේල් පණිවිඩයක් මගින් "කිලිනොච්චිය අත්පත් කරගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දවල් සිහිනයක්"යැයි ප්‍රකාශ කළේය.


ශ්‍රීලංකා යුධ හමුදාව 2008 නොවැම්බර් 23 වන දින එකවර දිශා තුනකින් කිලිනොච්චි නගරය ඉලක්කකොට ප්‍රහාර දියත් කළේය.දෙසැම්බර් මාසය පුරා යුධ හමුදාව විසින් කිලිනොච්චිය අත්පත් කරගැනීමට ප්‍රධාන මෙහෙයුම් තුනක් දියත් කරන ලදී.නොවැම්බර් සහ දෙසැම්බර් මාස පුරා පවතී දැඩි මෝසම් වර්ෂාව දෙපාර්ශවයටම ප්‍රබල ලෙස බලපෑවේය.ඇතිවූ ගං වතුර තත්වය නිසා කිලිනොච්චිය තුල සහ අවට බොහොමයක් ප්‍රදේශ ජලයෙන් යටව පැවති අතර ජලයත් සමග වළදමා තිබූ බිම්බෝම්බ ප්‍රදේශය පුරාම විසිරී ගියහ.ඒ හේතුවෙන් පාබල භට පිරිස්වල ගමන අඩාල විය.මෙම මෙහෙයුම් කාලය පුරාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යුධ හමුදා පාබල භට පිරිස් වල සහයට හඳුනාගත් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරද එල්ල කරන ලදී.


දෙසැම්බර් මස 10 වන දින එල්ල කරන ලද ප්‍රථම ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් සමත් විය.එහිදී යුධ හමුදා සෙබළුන් 87 ක් ජීවිතක්ෂයට පත්කළ බව එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කළ අතර රජයේ හමුදා ප්‍රකාශ කර සිටියේ සෙබළුන් 20 දෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත් වූ බවත් එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ බවත්ය.

දෙසැම්බර් 16 වන දින යුධ හමුදාව පෙරමුණු කිහිපයකින් තම දෙවන ප්‍රහාරය දියත් කළ අතර එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් විසින් එය මැඩපවත්වන ලදී. එල්.ටී.ටී.ඊ.ය කියා සිටියේ එහිදී යුධ හමුදා සාමාජිකයන් 130 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 300 කට අධික පිරිසක් තුවාල ලබූ බවත් තමන් සතුව යුධ හමුදා මල සිරුරු 28 ක් ඇති බවත්ය.මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ රජයේ හමුදා කරුණු දක්වමින් එම සටනේදී යුධ හමුදා සාමාජිකයන් 25 ක් මියගිය බවත් 18 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත් 160 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් ප්‍රකාශ කළේය.තවද මෙම ගැටුමේදී එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් 120 ක් පමණ මියගිය බව සදහන් කළහ.දෙපාර්ශවය විසින් දින දහයක් පමණ බර අවි,කාලතුවක්කු, සහ මෝටාර් ප්‍රහාර එල්ලකරගත් අතර අවසානයේ කිලිනොච්චි නගරයේ බටහිර සීමාවේ පස් බැම්මේ කොටසක් අල්ල ගැනීමට යුධ හමුදා පාබල භට කණ්ඩායම් සමත් විය.

දෙසැම්බර් 20 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා පාබල භට පිරිස් විසින් කිලිනොච්චියට දකුණින් පිහිටි ගම්මානයක් වූ ඉරණමඩු ආක්‍රමණයට සුදානම් වන අතරතුර පෙරමුණු කිහිපයකින් සැදුම් ලත් එල්.ටී.ටී.ඊ. සටන්කරුවෝ ප්‍රබල ප්‍රහාරයක් දියත් කළහ. එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කළේ මෙම ගැටුමෙන් යුධ හමුදා සාමාජිකයන් අවම වශයෙන් 60 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි.එම ප්‍රකාශයද තරයේ ප්‍රතික්ෂේප කළ එවකට ශ්‍රීලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා යුධ හමුදා සෙබළුන් 12 දෙනෙකු මියගිය බවත් 12 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත් ප්‍රකාශ කළේය.
අත්පත් කරගැනීම

2008 දෙසැම්බර් 31 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පරන්තන් අත්පත් කරගැනීමත් සමඟ එල්.ටී.ටී.ඊ.ය තම භට කණ්ඩායම් කිලිනොච්චි නගරයෙන් ඉවත් කරගැනීම ආරම්භ කලේය. 2009 ජනවාරි 02 වන දින යුධ හමුදාව කිලිනොච්චි නගරයට ඇතුළු විය.  එල්.ටී.ටී.ඊ. ය ඒ වනවිටත් අසල කැලෑ ප්‍රදේශ වලට පසුබැස සිටීම නිසා රජයේ හමුදා ඉතා පහසුවෙන් කිලිනොච්චි නගරයට ඇතුළු විය.

විනාශ වී තිබු වතුර ටැංකිය

එවකට ශ්‍රීලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතාට අනුව ශ්‍රීලංකා යුධ හමුදා පාබල භට පිරිස් පැවති බාධක බිඳිමින් තුන පැත්තකින් කිලිනොච්චි නගරයට ඇතුළු විය.2009 ජනවාරි 02 වන දින ගමන ආරම්භ කළ 57 වන සේනාංකයේ භට කණ්ඩායමක් කිලිනොච්චි නගරයේ බටහිර සීමාවෙන් ඇතුළු වී නගර මධ්‍යට ඇදුනු අතර තවත් කණ්ඩායමක් දකුණු දෙසින් නගර සීමාවට ඇතුළු වී නගර මධ්‍ය කරා සේන්දු විය.මේ අතර පළමු කාර්ය සාධක බලකායේ සෙබළුන් A9 ප්‍රධාන මාර්ගයට නැගෙනහිරින් සහ බටහිරින් කිලිනොච්චි නගරයට ඇතුළු වී නගර මධ්‍යට සේන්දු විය.

කිලිනොච්චි නගරය අත්පත් කරගැනීමෙන් අනතුරුව කිලිනොච්චි නගර මධ්‍යයේ ශ්‍රී ලංකා ජාතික ධජය, ශ්‍රී ලංකා යුධ හමුදා ධජය සහ 57 වන සේනාංක ධජය මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් ඔසවන ලදී.

Reactions:

2 comments:

  1. බ්ලොග් එක හොඳයි මචෝ.....
    ආටිකල් දාන ස්පීඩ් එක ටිකක් වැඩි වගේ...
    පුලුවන්නම් බ්ලොගේ පට වෙනස් කරන්න.කියවන්න අමාරුයි
    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තුති මචෝ අදහස්වලට,
      කියපු විදිහට බ්ලොග් එක වෙනස් කරන්නම්..

      Delete