අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Wednesday, March 21, 2018

ගිතය ලියවුනේ මෙහෙමයි 14 - තනි තරුවේ...

මෙම ලිපිය කියවන්න කලින් ගිතය ලියවුනේ මෙහෙමයි 13 මෙතනින් ගිහින් කියවන්න.
ඔන්න ඉතින් යාළුවනේ මේ ඔයාල හොදට දන්න ගීතයක්.... ඒ වගේමයි මෙහි නිධාන කතාවත් හරිම ජනප්‍රියයි... ඒත් මට හිතුන මේ ගීතය නොදැම්මොත් ලොකු අඩුවක් කියල.... එනිසයි මේ විචාරය කරන්න කලාපනා කලේ....

තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...

මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ....

ගී පද - ප්‍රේමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය – වික්ටර් රත්නායක

ප්‍රේම කීර්ති මුහුදු වෙරලෙ හාන්සිවෙලා ඉදගෙන ”තනි තරුවේ” කියල කෑ ගැහුවලු. මේක අහගෙන හිටිය වික්ටර් කීවලු ”මචං... ප්‍රේම් අන්න එහෙම සින්දුවක් ලියපං... ” කියල....

මේකනේ ඉතින් අපි දන්න කතාව.... ඒත් ඇයි ප්‍රේම කීර්ති එහෙම කෑ ගැහුවෙ.... මොකද්ද මේ ගීතයෙන් කෑ ගහල අපිට කියන්න උත්සාහ කරන්න හදන්නෙ කියල අපි ටිකක් අධ්‍යනය කරල බලමු....

තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

අහසෙ තරුවක් තියෙනව... එසේ මෙසේ තරුවක් නෙමෙයි තනිවෙච්චි තරවුක්.... මම මහපොළවෙ.... තරවෙ ඔයා අහසෙ ඉන්න ... මම පොළවෙ මෙතැන ඉන්නම්... ඔයත් තනිවෙලා... මමත් තනිවෙලා.... අපි අපි දෙස බලාගෙන ඉන්නවා... දුරස් වී එකිනෙකා දෙස බලා ඉන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද?

තව දුරටත් මේ ගීතය අපේ හදවත් තුලට දැනෙන්න නම් කවුද මේ තනි තරුව කියන එක අපි දැනගත යුතුමයි ...... මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා තරුවකි. ඔහුට ආදරය කළ තරුවක්. ජීවන ගමන්මඟ එළිය කළ තරුවක්. තනි නොවී සිටි තරුවක්. එහෙත් දැන් තනි තරුවක්.... වෙනකෙකු නොව ඔහුගේ බිරිදමයි මේ තනි තරුව.......

මගේ නෙත් ඔයාගෙ නෙත් වල කෙතරම් නම් රැ දෙන්න ඇද්ද.... අපි දෙදෙන කෙතරම් ප්‍රේමයෙන් වෙලෙන්න ඇද්ද.... කෙතරම් ආදරෙන් ඉන්න ඇද්ද.... ජීවිතේ දුක් කරදර ජයගෙන සන්තෝෂය විදගෙන අපි දෙදෙන ආදරෙන් මෙතෙක් දුරක් ඇවිත්.... දෙපැත්තට වෙලා තනිවුනා......

”නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ.....

මගේ ලග ඉන්න බෑ කියල දුක්වෙවී ඉදල, ලතවෙවී ඉදල ඇති හොදටෝම ඇති කියල ඔයා යන්න ගියා... යන්න ගියා විතරක් නෙමෙයි ඔයා දැන් සැනසීමකුත් ලබල ඒකෙන්....ඔයා සැනසීම තොසාගෙන ගිය තැන සැනසීම තියෙනවනේ.... ඒ ඇති මට, හොදටෝම ඇති... කොහේ හිටියත් ඔයා සන්තෝසෙන් ඉන්නවනම් මට හොදටම ඇති. මම ප්‍රාර්ථනා කරන්නෙත් එපමණයි...ඉතින් ඔයා එහෙනම් ඔතන ඉන්න.... මම මෙහෙට වෙලා ඉන්නම්.....

”මහද අරණෙ ළතැවි ළතැවි
රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ”

මේ ගීතය පුරාවටම තමා අතහැර ගිය බිරිද දෙස උපේක්ෂාවෙන් බැලීමක් තමා කරන්නෙ.... මගේ ලග ආදරෙන් ඉදල .... මේ ජීවිතේ අපි එකට ගොඩාක් දුර පියමං කරගෙන අපි ආව... ඒත් හදිස්සියෙ ඔයාට මගේ අඩු පාඩු පේන්න ගත්ත... මම හොදනැති උනා... මාව එපා උනා... එපා වුන මගේ ලග ඉන්න බෑ, මගේ ලග ඔබට සැනසීමක් නෑ කියල ඔයා ගියා යන්න සැනසීමක් තියෙන තැනක් හොයාගෙන. ඔයා දැන් එතන ඉන්නව ... අනේ මේ මම තාමත් ඒ හිටපු තැනමයි.... ඔයා හොදින් ඔතැනට වෙලා ඉන්න සොදුරියෙ... මම මට පුළුවන් විදියට මෙහෙට වෙලා ඉන්නම්....

එදා ප්‍රේම කීර්ති ”තනි තරුවේ” කියල කෑ ගහුවේ... හිතේ තියෙන වේදනාවට තමන්ගෙ බිරිද සිහිවුනාම දරාගන්න බැරි දුකට .... කොච්චර පවුද.... තමන්ගෙ බිරිදගෙ නම කියල කෑ ගහන්න බැරි කමට තනි තරුවේ කියල කෑ ගහනවා.... එවෙලේ ”තනි තරුවේ” කියලා කෑ ගහපු තාලයම තමා මේ ගීතයේ තියෙන්නෙත්..... ආදරේ, විරහව මහ පුදුමාකාරයි.....

උපුටා ගැනීම www.elakiri.com

Tuesday, March 13, 2018

අන්තර්ජාල මුදල් - 2018 වර්ෂයේ වඩාත් ලාබදායි Fiverr gig අදහස් 100 ( තෙවන කොටස)

අද අපි අන්තර්ජාල මුදල් යටතේ කියාදෙන්න යන්නේ 2018 වර්ෂයේදී වඩාත් ලාබදායිම gig අදහස් 100 ක් ගැන. මෙමගින් අළුත් gig එකක් හදන්න පටන්ගන්නකොට ඉතා වැදගත් වෙයි.


ඔක්කොටම ඉස්සරවෙලා අන්තර්ජාල මුදල් යටතේ ෆයිවර් ගැන මිට පෙර ලියපු ලිපිය කියවලා එන්න. එතකොට හරියට නියමාකාරව Fiverr වල රෙජිස්ටර් වෙන්න හා Fiverr වෙබ් අඩවිය ගැන හොද අවබොදයක් ලබාගත හැකි වෙයි. එම ලිපිය මෙතනින් ගිහින් කියවන්න.


2018 වර්ෂයේ වඩාත් ලබදායි Fiverr gig අදහස් 100 ලිපි පෙලේ පළමු කොටස මෙතනින්  හා එහි දෙවන කොටස මෙතනින් ගිහින් කියවන්න.හරි එහෙනම් අද වැඩේ පටන්ගනිමු.අපි මෙතනදි Fiverr වල තියෙන වඩාත් ලාබ දායි  gig අයිඩියා 100 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එය කොටස් කිහිපයකින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා.අවශ්‍යනම් ඔබට එම gig අයිඩියා එක මත click කර දැනට Fiverr සයිට් එකේ gig උදාහරණ ලෙස නැරඹිය හැකි වෙනවා.
58-Create and Sell Accounts
60-Use Pets for Videos or Pictures
61-Take Picture Holding Sign, Message, Logo
62-Logo Advertising on Body, Hand, Car or another Creative Way
63-Spell Out Name or Logo in Rice
64-Sing Happy Birthday
65-Help Brainstorm Company Names or Slogans
66-Give Advice
67-Research Amazon Keywords or Niches for Writers On Kindle
68-Do Market research
69-Teach Lessons in Another Language
70-Test Software
71-Remote Computer Repair
72-Remote Virus and Malware Removal
73-Post Ads to Craigslist or Kijiji
74-Submit Free eBooks to Websites
75-Video Testimonials or Video Reviews
ඉහත එක් එක් උදාහරණය හොදින් අධ්‍යනය කරල ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන කරුණු එකතු කරගන්න. හදිස්සි වෙලා gig එකක් දාන්නේ නැතිව හොදින් අධ්‍යනයකින් පසු gig එකක් දැමිම මඟින් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මිලඟ කොටසින් ලගදීම හමුවෙමු. ඔබට ජය