අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Thursday, December 31, 2015

නිමා වු 2015....

ගෙවුන 2015 වසර ඔබට කොහොමද?  මට නම් ගොඩක් හොදයි..වැඩ වැඩි හින්ද ඉක්මනට දවස් ටික ගියා වගේ දැනුනේ..
ලංකාව පැත්තෙන් බලපුවහම 2015 වර්ෂය ආරම්භයම දේශපාලන වශයෙන් උනුසුම්ව ආරම්භ වුනේ..අනාවැකි කරුවෙකුගේ අනාවැකියක් නිසා තම පාලන කාලය නිම කිරිමට තව වසර 02 ක් තිබියදි ජනාධිපති වරනයක් පැවැත්විමත්, එය මින් පෙර නෙවු ලෙස එකම දේශපාලන පක්ෂයක නායකයකු හා මහ ලේකම් වරයෙකු අතර පැවතිමත් නිසා දේශපාලනීය වශයෙන් වසර ආරම්භයේදිම රට උනුසුම්ව පැවතියේය..අවසානයේ පක්ශයේ නායකයා පරදා මහලේකම් රටේ නායකයා ලෙස පත්විම ජාත්‍යන්තර වශයෙනුත් අප රට පිළිබද අවදානයට ලක්විය..

එමෙන්ම ඉන් පසු ප්‍රධාන දේශපාලන වෙනස්කම් රැසැක් සිදුවු වසරක් ලෙස 2015 හැදින්විය හැකිය. වසර අග භාගයේදි පැවැත්වු මහ මැතිවරනයෙන් ප්‍රධාන පක්ෂ දේකම කරට කර සටනිකින් පසු ජාතික ආණ්ඩුවක් බිහිවිම තවත් සුවිශේෂි සිදුවිමකි.

ඒ වගේම රටට අවශ්‍ය කරන රටට අවශ්‍යම මොහොතේ අපවත් වු මාදුරුවාවේ සොභිත යතිවරයානන්ගේ අපවත්විම පසුගිය වසරේ රටට සිදුවු මහත් පාඩුවකි.

2015 වර්ෂයේ බුකිය ගිනියම් කර සිදුවිම් අතර සුජි ගේ සිදුවිම දැක්විය හැකි අතර 1964 සිදුවිමද මුහුණු පොත තවත් ගිනියම් කිරිමට හැකිවිය...
එමෙන්ම මාධ්‍ය වාර්තා වල සදහන් නොවු නමුත් මුහුණු පොතේ සාමාජිකන් විසින් කරන ලද අරගලයන ප්‍රථිඵලයක් ලෙස සොනි ජංගම දුරකථන වලට සිංහල ලබා ගැණිමට හැකිවිම සුවිශේෂි සිදුවිමකි.

විදෙස් තොරතුරු දෙස සොයා බලද්දි මටනම් එකපාරටම මතක් වන්නේ රුසියානු ජනාධිපති ISIS ත්‍රස්තවාදයට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයයි.

එහෙනම් හැමොටම ලබන්නාවු 2016 වසර සුභම සුභ නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

අවසාන වසයෙන් 2015 ගැන මුහුනු මොතේ පළවුන නිර්මානයකින් 2015 වසර නිමා කරනවා.. ඔබට ජය...



Saturday, December 26, 2015

සාමාන්‍ය දැනුම 01

අද සිට අපි අළුත් ලිපි පෙලක් ඉදිරිපත් කරන්න හිතුවා..මෙම ලිපි පොදුවේ හැමොටම වැදගත් වන අතර, විශේෂයෙන් ඉදිරියේදි පැවැත්විමට නියමිත පරිපාලන සේවා විභාගය හා රාජ්‍ය කළමණාකරන සහකාර විභාගය වැනි විභාග සදහා ඉදිරිපත් වන්නනු හට මෙන්ම පාසැල් ළමුන් හට ප්‍රයෝජනවත් විය හැක. එම නිසා මෙම ලිපි පළ කර විගස ලබාගැණිමට මෙතනින් අපගේ බ්ලොග් එකේ සාමාජිකයෙක් වන්න.

පළමු ලිපියෙන් විවිධ මිනුම් කිහිපයක් ගැන 


01.   අක්කර 01 ක්   -  

  • පර්චස් 160
  • රූඩ් 04
  • වර්ග මිටර 4046.7
  • වර්ග යාර 4840
  • වර්ග අඩි 43560
  • වර්ග දම්වැල් 10
02. හෙක්ටයාර 01 ක් -

  • අක්කර 2.471054
  • වර්ග මිටර 10000
03. පර්චස් 01 ක් -

  • වර්ග අඩි 272.25
  • වර්ග මිටර 25.3
04. දම්වැල් පුරුක් 100 ක්

  • අඩි 66
  • මිටර 20.1168






Friday, December 25, 2015

ලෝක උරුම 09 - ඇල්ජිරියාව (Tassili n'Ajjer)

ඇලිජිරියාවේදි අපට හමුවන හතරවන ලෝක උරුම ස්ථානය ලෙස Tassili n'Ajjer හැදින්විය හැකිය. මෙහි සංස්කෘතික උරුමය හා පාරසරික උරුමයෙන් හි එකතුවක් ලෙස දැක්විය හැක.

මෙම ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික ලෙන් චිත්‍ර කලාව පිළිබද වැදගත් ප්‍රදේශයක් වේ. මෙහි දේශගුණික විපර්යාශයන් පිළිබද 15000 කට අධික චිත්‍ර  හා කැටයම් නිර්මාණය කර ඇත.කිස්තු පුර්ව 6000 සිට කිස්තු වර්ෂ පළමු සියවස දක්වා මිනිස් ජිවිත පරිණාමය වු හැටි හා සත්ව සංක්‍රමණයන් පිළිබද මනා අධ්‍යනයක් මෙහි සිට සිදුකළ හැක.
මෙහි ඇති භූමියේ සිදුවි ඇති ඛාදනයන්, පර්වත හා වනාන්තර Tassili n'Ajjer ප්‍රදේශයට මනා සුන්දරත්වයක් ගෙන දේ.























ගිතය ලියවුනේ මෙහෙමයි 09 -පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ


ගායනය - නිරෝෂා විරාජිනී

පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අසමසම වූ ප්‍රතිභාවෙන්ද නිරෝෂා විරජිනියගේ මධුර ස්වරයෙන්ද හැඩවූ සිංහල ගීත වංශය තුළ සටහන් වූ තවත් එක් විශිෂ්ට ගීත නිර්මාණයක් ලෙස අපට මෙම ගීතය කෙටියෙන් හැදින්විය හැකිය. ගීතයේ අරුත් විමසීමට ප්‍රථම ඊට පසුබිම් වූ සිදුවීම පිළිබඳවද විමසීම, ස්වකීය ජීවන අත්දැකීම් ගීතයක් මගින් ප්‍රතිනිර්මානයෙහි ලා රත්න ශ්‍රී විජේසිංහයන් දැක්වූ සුවිශිෂ්ට හැකියාව තේරුම් ගැනීමෙහිලා මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත. සිදුවීම මෙසේය. දිනක් රත්න ශ්‍රී විජේසිංහයන් කහටගස්දිගිලිය ප්‍රදේශයේ යම් කටයුත්තක් සඳහා නැවතී සිටියේ ය. ඒ අසල පිහිටි මහලු කාන්තාවකගේ නිවසකට රත්න ශ්‍රී විජේසිංහයන් ඇතුළු පිරිස පැමිණි අතර කාන්තාව සමග කතා බහේ යෙදෙන අතර එම මහලු කාන්තාවට දරුවන් සිටීදැයි රත්න ශ්‍රී විජේසිංහයන් විමසු විට ඇය මෙසේ පැවසුවා ය.


" මහත්තයෝ මට දරුවෝ නෑ. අපේ එක්කෙනාට දරුවෝ ගැන ආසාවක් තිබුනේ නෑ. එයාගේ ජීවිතේ ඒ කාලේ ඉදන් ගෙවුනේ හේනේ වැඩවලට. උදේ ඉදන් රෑ වෙනකම් හේනේ තමයි ඉන්නේ."

මෙකී සිද්ධිය මත පදනම්ව රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සිතුවිලි ගලා යන්නට විය. නවාතැනට පැමිණ එම කාන්තාව පිළිබඳව සිතූ රත්න ශ්‍රී විජේසිංහයන් ඇය තරුණ කාලයේදී කෙතරම් ජීවිතය පිළිබඳව සුබ සිහින දකින්නට ඇත්දැයි සිතීය. මෙසේ ගලාගිය සිතුවිලි දාමයක අවසන් ප්‍රතිඵලයයි පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ ගීතය.


පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ

රන්කෙදි සේම රන්වන් ඉරිගූ ඉබිනවද

තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිඳ

රන්කද තාම පැල් රකිනවදෝ නිදි නැතිද...


ගීය තුළ ඇත්තේ එම තරුණ කතගේ මනස තුළ ගලා යන සිතුවිලිය. ගීයෙහි පළමු පද දෙක තුළ ඇය හේනේ සිටිනා තම ස්වාමියාගෙන් පුන්සඳ හේනට පායා ඉරිගු රන්වන් පැහැයෙන් දිලෙනවදැයි විමසයි. ඇයගේ සිත තුළ ඇති ශෝකය ප්‍රකාශ කරනුයේ ඉක්බිතිවය. ඇය නිවස තුළ සිට දවස පුරා දරුවෙකු පිළිබඳව සිහින දැකීමෙන් පලක් නැත. මන්ද යත් ස්වාමියා නිවසේ නැත. තමාගේ ආදරණීය ස්වාමියා (රන්කද) පල තුළ තවමත් නිදිවර්ජිතවය. තමා තනිකර හේනේ සිටියද, තමාට දරු සම්පතක් ලබා නොදුන්නද ඒ නිසාවෙන් තාම ස්වාමියා කෙරෙහි උරණ නොවී ජීවත් වන ආදර්ශමත් බිරිඳකගේ චරිතයද සියුම් ලෙස ගීය තුලින් ඉදිරිපත් කිරීමට රත්න ශ්‍රී විජේසිංහයන් උත්සහ දරන බවක් පෙනේ.


නිල් තරු රෑන ඉගි බිඟි පාන අහස යට

පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට

මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

මල් පිපුනාට ගෙඩි නැහැ තාම අඹ ගහට


හේනේ සිටින තම ස්වාමියා එනතුරු පිලකඩ උඩට වී බල සිටීමට ඇයට සිතෙයි. ඇයගේ ජීවිතයේ තනිකම පිලිබදව සහ දරුවෙකු නොමැති බව පිළිබඳව ඉතාම මනරම් පද යුගලයකින් රත්න ශ්‍රී විජේසිංහයන් ගීය තුළ ලියා දක්වනුයේ මෙතැනදීය.


මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට

මල් පිපුනාට ගෙඩි නැහැ තාම අඹ ගහට


ගිරවුනි ඔබලා පැමිණීමෙන් පලක් නැත. අඹ ගසේ මල් පිපුන මුත් ඵල දරා නැත. එනම් ඇය විවාහ වී ඇත. නමුත් තවම දරු සුරතල් බැලීමට තරම් ඇය වාසනාවන්ත වී නැත. අදහස් ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීම විෂයෙහි හෙළ කලාකරුවා සතු වූ ප්‍රතිභාව කෙතරම් නම් සිත්ගන්නා සුලුද.


රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන

රන් මල් යාන හීනෙන් දකින පින පමණ

තුන්පත් රෑන වේදෝ කෝම අප දෙදෙන

රන් කැටි පුතුට ඉඩ මදිවාද මගේ යහන...


මෙහිදී ඇතාට උපමා කර ඇත්තේ ඇගේ නුඋපන් දරුවාය. තාම ස්වාමියා මෙන්ම පින්බර පුතෙකු දකින්නට ඇයට හැකි වේවීදැයි ස්ථීර නැතුවා මෙන්ය. ගීයෙහි අවසාන කොටසේදී ඇය තම ස්වාමියාගෙන් දරුවෙකු වෙනුවෙන් තම යහනේ ඉඩ නැතිවාදැයි විමසයි. ඇයට අවැසි වනුයේ නිවසට අමුත්තෙකු එනු දැකීමය. තුම්පත් රෑනකට උපමා කරන්නේ ඔවුන්ගේ සම්පුර්ණ වූ පුංචි කැදැල්ලයි.

දරුවෙකු නොමැති වූ ගැහැනියකගේ සිතුවිලි මෙන්ම, ආදරණීය බිරිදකගේ චරිතයද ඉතාම සරල වූ පද පෙලකින් ප්‍රබලව මතු කිරීම උදෙසා රත්න ශ්‍රී විජේසිංහයන් මෙම ගීතය තුළ දක්වා ඇති සමර්ථ බව සැබවින්ම ඇගයුමට පාත්‍ර විය යුතුය. අතීත හෙළ කල කරුවා සතු වූ වියත් ලෙසත් සුගම ලෙසත් බස හැසිරවීමේ කෞශල්‍ය වර්තමාන පරම්පරාවේ කලාකරුවන් තුළ නොමැති වීම නම් අතිශය ශෝකජනකය. හුදෙක් බටහිර අනුකාරකයන් පමණක් වන නුඋතන කලාකරුවන් මෙවැනි ගීත අධ්‍යයනයෙන් හෝ යහපත් නිර්මාණ බිහිකරනු ඇතැයි යන්න හෙළ කලාවට ලැදී අප සැමගේ එකම පැතුම මෙන්ම බලාපොරොත්තුවද වේ.



උපුටා ගැණිම - මුහුණු පොත

Wednesday, December 23, 2015

මේ කථා අහල තියෙනවාද? 17 වන දිගහැරුම

161. ලොව සිටින සතුන් අතරින් ඉතාමත් අනතුරු දායක සත්වයා වන්නේ ගෙමැස්සාය,අපද්‍රව්‍ය මතම වසන ගෙමැස්සා සියලු සතුන් වෙත විශාල ප්‍රමාණයක් ලෙඩ රෝග බෝ කරයි.

162. ලොව මිල අධිකම දියරය ලෙස සැලකෙන ගොණුසු විෂ ගැලුමක මිල රුපියල් බිලියන 5.2 ක් පමණ වේ.

163.ඔබේ යටිපතුලේ දිග අතේ බාහුවේ දිගට සමාන වේ.

164. මෙලොව ජනගහනයෙන් මිලියන 780 කට බිමට ජලය නොමැත.

165. සනිපාරක්ෂක කම්කරුවන් ජපනයේ හදුන්වන්නේ සනිපාරක්ෂක ඉන්ජිනේරුවන් ලෙසය. ඔවුන් මසකට ඇමරිකානු ඩොලර් 8000 ක පමණ වැටුපක් ලබයි.

166. ජිරාෆ් සතෙකු දිනකට නිදන්නේ පැය 02 ක් පමණි.

167. සර්පයින් මාංශ භක්ෂිකයන්ය, නමුත් උන් කිසිම දිනක කිසිම සතෙකු නොකයි.

168.බිල් ගේට්ස් විශ්ව විද්‍යලයෙන් අයින කල අයෙකි.

169. ඔබගේ මුඛය දිනකට කෙල ලිටරයක් පමණ නිපදවයි.

170. ජපනුන් දුම්රිය හා අවන්හල් තුල දුරකථන භාවිතයෙන් වැලකි සිටිනවා.

Sunday, December 20, 2015

ලොව බලවත්ම පුද්ගලයින්- ඇන්ජිලා මර්කෙල්

ෆෝබ්ස් සඟරාවට අනුව ලොව බලවත්ම පුද්ගලයින්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානයේ සිටින්නේ ජර්මනියේ Chancellor ඇන්ජිලා මර්කෙල්ය. ඇය ගැන තොරතුරු බිදක් සොයා බලමු.

  • වයස                            -  61
  • නිවස                           - බර්ලින්, ජර්මනිය
  • පුරවැසිභාවය                - ජර්මනිය
  • විවාහක අවිවාහක බව  - විවාහකයි
  • අධ්‍යපනය                   - Master of Science, Leipzig University; Doctorate, Leipzig University
වසර 10 ක්ම ලොව බලවත්ම කාන්තාව ලෙසට සැලකෙන ඇය ජර්මනියේ පාලකයාය.
ඇය ලොව දෙවන බලවත්ම පුද්ගලයා ලෙස සැලකෙනුයේ ජර්මනිය යුරෝපය තුල ප්‍රභල ආර්ථිකයක් බවට පත්කිරිම නිසාය.

Saturday, December 19, 2015

නොබෙල් සාම ත්‍යගය 1904

පෙර වසර වල මෙන් නොව 1904 වර්ෂයේ මෙම නොබෙල් සාම ත්‍යගය එක් පුද්ගලයෙකු හෝ දෙදෙනෙකුට නොව, ලෝක සාමයට කැපවුන සංවි‍ධානයකට හිමිවිය. එනම් 1904 වර්ෂයේ මෙය හිමිවුයේ Institute of International Law සංවි‍ධානයටයි.

1873 බෙල්ජියමේ Ghent හිදි ආරම්භ කරන ලද මෙම සංවිධානය ලෝක සාමය පවත්වාගෙන යාම සදහා නොමැකෙන මෙහෙවරක් සිදුකරන නිසා 1904 වර්ෂයේදි නොබෙල් සාම ත්‍යගයට උරුමකම් කිවේය.



Friday, December 18, 2015

ලෝක උරුම 08 - ඇල්ජිරියාව ‍(M'Zab නිම්නය)

ඇල්ජිරියාවේදි අපට හමුවන 03 වන ලෝක උරැමය විදිහට M'Zab නිම්නය හැදින්විය හැකිය.
මෙහි සාම්ප්‍රධායික මිනිස් වාසස්ථාන, 10 වන සියසසේදි නිර්මානය කරන ලද බලකොටු නගර,මෙම M'Zab මිටියාවතේ නොවෙනස්ව ආරක්ෂා කර ඇත.
සරල, ක්‍රියාකාරී සහ සම්පූර්ණයෙන්ම පරිසරයට අනුවර්තනය වු, M'Zab හි ගෘහනිර්මාණ ශිල්පය වර්තමාන නගර සැලසුම් කරුවන් සදහාද යෝග්‍ය උදාහරණයකි.







Thursday, December 17, 2015

මේ කථා අහල තියෙනවද? 16 වන දිගහැරුම

151. දිනකට ලොව ජනගහනයෙන් 22% ක ජනතාවක් ඔවුනගේ දිවා ආහාරය ගැනිම මග හැරෙනවා.

152. Dell කොම්පියුටර අයිතිකරු මිචෙල් ඩෙල් හට ඔහුගේ පාසැල් අධ්‍යපනය අවසන් කිරිමට හැකිවි නැත.

153. කාන්තාවන් පිරිමින්ට වඩා දෙගුණයක් ඇසි පිල්ලම් ගසයි.

154. මෙලොව ජනගහනයෙන් බිලියනයකට ජංගම දුරකථන නැත.

155. සෑම ජපන් ජාතිකයෙකුම තම සුරතලා පාරේ රැගෙන යන විට උගේ අපවිත්‍රතා එකතු කිරිමට අවශ්‍ය අපකරන රැගෙන යා යුතුයි.

156. ලොව වෛද්‍යවරුන්ගෙන් 5න් 1ක් රුසියානු ජාතිකයින්ය.

157.  ඔබේ DNA අනුවක් දිග හැරිය හොත් පෘතුවියේ සිට හඳට ඇති දුර මෙන් 6000 ස් ගුණයක් දිගය.

158. අත්ලාන්තික් සාගරය ෆැසිෆික් සාගරයට වඩා ලුණු රසයෙන් වැඩිය.

159.  වැඩුණු මිනිසෙකුගේ සිරුරේ අස්ථි කැබලි 206 ක් තිබේ. අළුත උපන් දරුවෙකුගේ සිරුරේ අස්ථි කැබලි 300 පමණ තිබේ. දරුවා වැඩෙන විට අස්ථි කැබලි 94 ක් පමණ ක්ෂය වේ.

160. මැක්කෙකුට උගේ අස මෙන් 130 ගුණයක් උඩ පිනින්නට පුළුවනි, නමුත් මිනිසාට උඩ පැනිය හැක්කේ තමන්ගේ උස ප්‍රමාණය පමණකි.


ලොව බලවත්ම පුද්ගලයින් - ව්ලැඩිමීර් පුටින්

ෆෝබ්ස් සඟරාවට අනුව ලොව බලවත්ම පුද්ගලයින්ගේ ලයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ය. මොහු ගැන තොරතුරු බිදක් සොයා බලමු.

01. ව්ලැඩිමීර් පුටින්
ජනාධිපති, රුසියාව


  • වයස                            -  63
  • නිවස                           - රුසියාවේ මොස්කව්
  • පුරවැසිභාවය                - රුසියාව
  • විවාහක අවිවාහක බව  - දික්කසාද
  • දරුවන්                        - 02
  • අධ්‍යපනය                   - Doctor of Jurisprudence, Saint Petersburg State University



ඔහු රුසියානු ජනාධිපති වරයා වන අතර තමන් කැමති දේ කරන ලෝකයේ සිටින බලවත් පුද්ගලයින් කිහිප දෙනා අතරින් ඒක් අයෙකි. පසුගිය ඔක්තොම්බර් මාසයේදි ඔහුගේ තිරණය අනුව ISIS ත්‍රස්තවාදින් හට බෝම්බ හෙලිම ආරම්භ කල අතර සිරියානු ජනාධිපති හමුවිය, මෙය ඇමරිකාණු හා නේටෝ හමුදාව කලාපයේ දුර්වල විමක් ලෙස සැලකිය හැකිය.


ලොව බලවත්ම පුද්ගලයින් පිළිබද තවත් තොරතුරු මෙතනින් බලන්න...

Wednesday, December 16, 2015

නොබෙල් සාම ත්‍යගය - 1903

නොබෙල් සාම ත්‍යගය 1903 වසරේදි  නොබෙල් සාම ත්‍යගය සදහා ප්‍රථම වරට තනි පුද්ගලයෙකු හිමිකම් කිවේය. එනම් 1903 වසරේදි නොබෙල් සාම ත්‍යගයෙන් පිදුම් ලැබුවේ විලියම් රැන්ඩල් ක්රිමර් ය.



1828 මාර්තු18 වන දින එක්සත් රාජධාණියේ Fareham වල අපත ලද මොහු ජාත්‍යන්තර බේරුම් ලිගයේ ලේකම් හැටියට හා බ්‍රිතාන්‍ය පර්ලිමේන්තු සාමාජිකයෙකු හැටියට ලෝක සාමය උදෙසා සිදුකල සේවය හේතුවෙන් මෙම ත්‍යගය හිමිවිය.

1908 ජුලි 22 වන දින මෙම උදාර මිනිසා මෙලොව හැර ගියේය.

මිලග ලිපියෙන් තවත් උදාර මිනිසෙකු ගැන බලාපොරොත්තු වන්න.

මිට පෙර ලිපි මෙතනින් බලන්න..





Monday, December 14, 2015

ලෝක උරුම 07 - ඇල්ජිරියාව (Djémila)

ඇල්ජිරියාවේදි අපට හමුවන දෙවන ලෝක උරුමය ලෙස Djémila හැදින්විය හැක. සංස්කෘතික උරුමයක් ලෙස ලෙවට දායද වු Djémila මුහුදු මට්ටමේ සිට මිටර 900 ක් ඉහලින් පිහිටා ඇත. මෙහි විහාරස්ථාන, බැසිලිකා, උත්සව පැවැත්විම සදහා යොදාගත් ආරුක්කු, නිවාස ආදිය කන්ද ආශ්‍රිතව ක්‍රමාණුකුලව ස්ථාන ගත කර ඇත. මෙය රෝමානු නගර සැලසුම් පිළිබඳ ඉතා රසවත් උදාහරණයක් වේ.












ගිතය ලියවුනේ මෙහෙමයි 08 - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

අග්‍රගන්‍ය කළාකරුවකු වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පද රචනයක් වන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතය ගායනා කරනු ලබන්නේ රෝහණ වීරසිංහ මහතාය.

ගීතය පුරාවටම ඇත්තේ අමිහිරි අත්දැකීමක් මිහිරි ලෙස දුටු ඉතා සංවේදී පිරිමි හදවතක දෝංකාරයයි.... වචනයෙන් වචනයට... මෙන්ම සංගීතයද හිතට අමුතුම හැගීමක් ගෙන දෙන්නේ ඒ නිසාය
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ

උඩ ඉගිලෙන විට වැහි ලේණී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ
දෑස ගියා ඉගිලී....

වැහි ලිහිණියන් ඉගිලෙන පුංචි මල් වැස්සක පාරක ඇවිදගෙන යන එක් ආදරණීය මිනිසෙකුට, රියක නැගී යන ගැහැණියකගේ නෙතට නෙත ගැටෙන්නේ රියේ කවුළුව අතරින්ය. ඒ දුටු විගසම ඔහුගේ නෙත් ඇදුනේ ඈත අතීතයටය.. ඒ සොදුරු අතීතයටය....

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ

දිය දහරා පාටයි දේදුන්නේ

තෙමී තෙමී ආදර මධු වැස්සේ

ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ


අඳුර ගලාගෙන එන වැස්සක තෙමි තෙමී මහනුවර පාරවල් දිගේ දෙදෙනා ඇවිදපු ඒ අතීතය කෙසේනම් අමතක කරන්නද... ආදරය ඉදිරියේ ඕනෑම ගැටළුවක් ඉමිහිරිය .. සොදුරුය ... ඉතින් එදා ඒ වැස්ස ඔවුන්ට දැනුනේ ආදරයේ මධු වැස්සක් ලෙසය. දිය දහරා පෙනුනේ දේදුන්නේ පාට වලින්ය ..

ඒ ආදරයේ සොදුරුතම බවයි..

ඒත් එදා එකට ගිය දෙදෙනා එවැනිම වැස්සක අද මාවත් දෙකකය


රිය ඇතුළේ

උණුසුම ඔබට දිදී

නහවයි මා

රියසක මඩ වතුරේ...”


මේ නෙතට නෙත ගැටුනේ අහම්බයකින්ය.. ඒ මේ මෝටර් රථයේ රෝදයෙන් ඉසුනු මඩ පහරින් මේ මිනිසා නැහැවුනු නිසාය. තම ආදරයේ වර්ථමාන අයිතිකාරයා... ඒ ආදරයට රිය ඇතුලේ උණුහුම දිදී වැස්සෙන් ආරක්ෂා කරගෙන, තමන්ව මඩ වතුරෙන් නාවලා යන හැටි බලා මේ මිනිසාට තරහවක් නොදැනුනේ ඔහුගේ ආදරය ඒ තරමටම අව්‍යාජ එකක් වීම නිසාමය..


නෑ හිත රිදුණේ

අදත් එදා සිහිවී

අපේ සබඳකම්

නෑ රිය සක දන්නේ


තමන්ට ආදරය අහිමිකර අද වෙනකෙක් ලඟ සැනසෙන තමන්ගේ ආදරය , අතීතයේ තමන් හා සිටි හැටි ඔහුට මතක්වුනේ හිතට අමුතුම සැනසීමක්ද ලබාදෙමිනි. අද වෙනකෙකුගේ වී, හරි උජාරුවෙන් තමන්වද මඩ වතුරේ නාවා ඉගිලී යන ඇය ගැන මොහුගේ හිතෙ වෛරයක් ඇති නොවුනේ ඔහුගේ හිත ඒ තරමටම නිවී සැනසී තිබූ නිසාය.. යථාර්තය තෙරුම් ගත හැකි උසස් මනසක් ඔහු සතු වුනු නිසාය.

අවංකවම ඔහු ඇයට ආදරේ කල නිසාය


එදා ඔවුන් අතර තිබූ බැඳීම, ආදරය..ඔවුන්ගේ ආදරයේ අතීත ඉමිහිරි මතකයන් වාහනයේ රෝද කේසේනම් දැනගන්නද ....ඒ නිසා මේ සිදුවූ සිදුවීම ගනනකට ගතයුතු නැත

ඔහු සිත සනසාගත්තේ එලෙස සිතමින්ය ..


මෙවැනි සොදුරු මිනිසුන් සැබෑ ලෝකයේ සිටින්නේද ? ....

ඔබෙත් මගෙත් පිලිතුර නැත යන්නයි...


නමුත් .......


අප නිවැරදි නැත ... මේ සත්‍යය සිදුවීම සිදුවූයේ ඒ අග්‍රගන්‍ය කළාකරුවා වන ලූෂන් බුලත්සිංහලයන් හටය ..

ඔහු අතින් මේ ගීතය ලියවුනේ ඒ අත්දැකීම නිසාය..

(උපුටා ගැනීම - My first love පිටුවෙනි.)