අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Sunday, August 7, 2016

ලෝක උරුම 16 - ආර්ජන්ටිනාව (Jesuit Missions of the Guaranis)

ආර්ජන්ටිනාවේදි හමුවන ලෙවන ලෝක  උරුමය ලෙස මෙය හැදින්විය හැකිය. සංස්කෘතික උරුමයක් වන මෙහි San Ignacio Mini, Santa Ana, Nuestra Señora de Loreto සහ  Santa Maria Mayor කෞතුක වස්තුන් ඇත.

17-18 වන සියවස්වල ගොඩනගන ලද මෙහි ඉතා ආකර්ශණිය කලාපයක් වේ.
















Saturday, August 6, 2016

නොබෙල් සාම ත්‍යාගය - 1914 සිට 1916

1914, 1915,1916 යන වසර තුන සදහා නොබෙල් සාම ත්‍යගය පිරිනැමීම සිදුකිරිමක් සිදුවි නොමැති අතර, මෙම වසරවල ත්‍යග මුදල් නොබෙල් ත්‍යාග සදහා වන විශේෂ අරමුදලක තැම්පත් කරන ලදී.

නොබෙල් සාම ත්‍යාගය - 1913

1913 වසරේදී නෙබෙල් සාම ත්‍යාගය හෙන්රි ලා ජස්ට් හට හිමි විය.

1854 අප්‍රේල් 22 වෙනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදි උපත ලද මොහු ස්විස්ටර්ලන්තයේ බර්න් හි පිහිටි ස්ථිර ජාත්යන්තර සාම කාර්යාංශයේ සභාපති ලෙස හා බෙල්ජියමේ පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙකු ලෙස ලොක සාමය උදේසා මහගු මෙහෙවරක් සිදුකරන ලදී.

හෙන්රි ලා ජස්ට් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් පළමු සමාජවාදී ක්‍රියාකාරියා වේ. නිතිය පිළිබද ආචාර්ය උපාධියක් හිමි ඔහු බෙල්ජියම් පාර්ලිමේන්තුව තුල සමාජවාදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට උත්සහ කරන ලදී.

1913 වසරේ ඔහුට නෙබෙල් සාම ත්‍යගය පිරිනමන විට ඔහු යුරෝපිය සාම ව්‍යාපාරයේ ඵලදායිම නායකයා විය.

1943 මැයි 14 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී මෙම මානව හිතවාදියා මෙලොවට සමු දුන්නේය.

නොබෙල් සාම ත්‍යාගය - 1912

1912 වසරේදි නොබෙල් සාම ත්‍යාගය එලිහු රූට් හට හිමි වු අතර 1913 වසරේදි 1912 වසරේ නොබෙල් ත්‍යගය ඔහුට පිරිනමන ලදී.


1845 පෙබරවාරි 15 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලින්ටන් හිදී උපත ලද මොහු හිටපු ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලෙස හා බේරැම්කරනය සදහා විවිධ සම්මුතින් නිර්මානය කරමින් සාමය සදහා දැක්වු කැපවිම වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය.

මෙම සාමකාමි මිනිසා 1937 පෙබරවාරි 07 වෙනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී ලොවට සමු දුන්නේය.









නොබෙල් සාම ත්‍යාගය - 1911

1911 වසරේදීද නොබෙල් සාම ත්‍යගය සදහා සාම ක්‍රියාකාරින් දෙදෙනෙකු හට පිරිබමන ලදී. ඔවුන් නම් Tobias Michael Carel Asser හා Alfred Hermann Fried වේ.

01. Tobias Michael Carel Asser

1838 වසරේ අප්‍රේල් 28 වන දින නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් හීදි උපත ලද මොහු නිතිඥයෙකු, කැබිනට් අමාත්‍ය වරයෙකු හා හේග් හි ජාත්‍යන්තර පෟද්ගලික නිති සත්කාරක වැඩසටහනේ සම්පත් දායකයෙකු ලෙස කටයුතු කරන ලදි.
 විවාහය,දික්කසාදය වැනි පෞද්ගලික බන්ධන නිති වලට ඇතුලත්විය යුතු කරුණු පිළිබද රටවල් වලට උපදෙස් ලබා දෙමින් හා ඒ සම්බන්ධව පොත් පත් ලියමින් සිදුකරන ලද මෙහෙය වෙනුවෙන් මොහු හට නොබෙල් සාම ත්‍යගය හිමිවිය.

1913 ජුලි 29 වන දින මෙම උදාර මිනිසා නෙදර්ලන්තයේ හේග් නුවරදී මෙලොවට සමු දුන්නේය.

02. ඇල්ෆ්රඩ් ෆ්රයිඩ්

1864 නොවම්බර් 11 වෙනි දින ඔස්ට්‍රියාවේ වියානා හිදි උපත ලද මෙම වටිනා මිනිසා  ජනමාධ්‍ය වෙදියෙක් හා  Die Friedenswarte (සාම ප්‍රකාශණය) හි නිර්මාතෘ ලෙස වටිනා මෙහෙයක් සිදුකළ පුද්ගලයකි.

හොද මානව හිතවාදි පුද්ගලයකු වු මොහු සාමය සදහා ජාත්‍යන්තර ප්‍රජාව පෙළබවිම සදහා මොහු කටයුතු කලේය.

මොහු ජර්මනියට ගොස් ජර්මානු සාම සංගමය බිහිකරනු ලැබිය.

මෙම උදාර මිනිසා 1921 මැයි 5 වෙනි දින වියානා හිදී මිය ගියේය. 

නොබෙල් සාම ත්‍යගය 1910 ලිපිය මෙතනින් කියවන්න..


මේ කථා අහල තියෙනවද? 23 වෙනි දිගහැරුම

221. Ebay හි මුල් නම වුයේ AuctionWeb යන නාමයයි. පසුව එය Ebay ලෙස වෙනස් විය.

222. මිනිස් මොලය මත මතක ධාරිතාව ගිගාබයිට් මිලියන 256කි (GB).

223. Rajmohan nair කියන පුද්ගලයාටඅධිබලැති විදුලියට ඔරොත්තුදිමේ අසාමාන්‍ය හැකියාවක් ඇත.

224.  සදෙහි විශ්කම්භය කිලෝමිටර 3476 කි.

225. පැස්බරෙකුගේ බිත්තර තැම්බිමට පැය 4ක් පමණ ගතවේ.

226. ඔබේ උදරයේ ඇති හයිඩ්ලොක්ලෝරික් අම්ලය කුඩා ඇණයක් පවා දියකිරිමේ හැකියව ඇත.

227. Ebay  ආයතනයට අනුබද්ධව 2015 වසරේ වාර්තා වලට අනුව සේවකයෝ 34600 පමණ සේවය කරති.

228. NASA ආයතනයත් Ebay එකෙන් බඩු ඇරන් ඇත.

229. ටයිටැනික් චිත්‍රපටිය මුලින් නම් කෙරුනේ Planet Ice ලෙසයි.


230. මුළු ලොව ජනගහනය 2016 වන විට බිලියන 7.5 ට ආසන්නය.

Thursday, August 4, 2016

ලෝක උරුම 15 - ආර්ජන්ටිනාව (Los Glaciares National Park)

ලෝක උරුමයන් සොයා යන අපි යන ගමනේ හය වැනි රට ලෙස ආර්ජන්ටිනාව හැදින්විය හැකිය.
ආර්ජන්ටිනාව සතුව ලෝක උරුමයන් 10 ක් ඇති අතර ඉන් හයක් සංස්කෘතික උරුමයන් වන අතර ඉතිරිය පාරිසරික උරුමයන්ය.

ඉන් පළමුවැන්න ලෙස ලොස් ග්ලසිරස් ජාතික වනෝද්‍යනය පිළිබද සොයා බලමු.

කිලෝමිටර 160ක් පමණ වන මෙහි විවිධ ග්ලැසියර් මගින් නිර්මාණය වු විල් සමග සුන්දර ප්‍රදේශයකි. මෙහි සම්පුර්ණ ප්‍රදේශය හෙක්ටයාර 600,000ක් පමණ වේ.

මෙහි ඇති සුන්අදර අයිස් කදු,කදුවැටි, ග්ලැසියර් මගින් ගල් පර්වත මත නිර්මාණය වු රටා,   විල් නිසා ලෝක උරුමයක් බවට මෙය පත්විය.
පහත ඡායා රෑප මගින් මෙහි සුන්දරත්වය  කොතරම්ද යන්න ඔබට පැහැදිළි වනු ඇත.



























Monday, August 1, 2016

නොබෙල් සාම ත්‍යාගය 1910

1910 වර්ෂයේදීද නොබෙල් සාම ත්‍යගය සදහා සංවිධානයක් උරුමකම් කියනු ලැබීය.

ඔවුන් නම් Bureau international permanent de la Paix (Permanent International Peace Bureau)/ ජාත්‍යන්තර නිත්‍ය සාම කාර්යංශය වේ.


1891 දි ස්විස්ටර්ලන්තයේදි පිහිටවන ලද මෙම සංවිධානය ජාත්‍යන්තර සාමය උදෙසා කළ කැපවිම හේතුවෙන් මෙම සංවිධානයට නොබෙල් සාම ත්‍යගයෙන් පිදනු ලැබිය.

යුරෝපය හා ඇමරිකා එක්සත් ජනපදය තුල සාම සමුපකාර සමිති පිහිටුවමින් සාමය සදහා ජනතාව යොමු කළ අතර, ජාත්‍යන්තර ආරවුල් විසදිම සදහා උද්ගෝෂණ ව්‍යපාර සිදුකළේය.

මෙම සංවිධානය සදහා අවශ්‍යව තිබු කාර්යාලය 1891 දි ස්විස්ටර් ලන්තයේ  Berne හිදී 1908 නොබෙල් සාම ත්‍යග ලාභී  Fredrik Bajer විසින් විවෘත කරන ලදී. මෙහි පළමු මහ ලේකම් ලෙස 1902 වර්ෂයේ නොබෙල් සාම ත්‍යාග ලාභී Élie Ducommun ව පත්කරන ලදී.

2005 වන විට මෙම සංවිධානයට සාමාජික ආයතන 170 වකට අධික වන අතර, මෙහි මුලස්තානය ජිනිවා නගරයේ පිහිටුවා ඇත.