අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Monday, December 30, 2013

හදිසි අනතුරකින් මයිකල් ෂූමාකර් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්

ෆෝර්මියුලා ශූරතාව 7 වතාවක් ජය ගෙන සිටින සුපිරි ෆෝමියුලා ධාවරන ශූර ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් හදිසි අනතුරක් නිසා රෝහල්ගත කර තිබේ.
හිම මත ලිස්සා යාමේදී සිදු වූ අනතුරකින් පසු රෝහල්ගත කළ ෆෝමියුලා සුපිරි ධාවක මයිකල් ෂූමාකර්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් බලධාරීහු පවසති.
පසුගිය ඉරිදා සිය පුත්‍රයා සමග හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත ව සිටියදී ලිස්සා ගොස් හිස ගලක හැපීමෙන් අනතුර සිදු ව ඇත.

රෝහල්ගත කරන අවස්ථාවේදී ම ෂූමාකර් කෝමා තත්ත්වයෙන් පසු වී ඇති බැවින් මොලයේ ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අනතුර සිදු වන අවස්ථාවේ ෂූමාකර් ඔහුගේ පුත්‍රයා සමග ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ හිම ක්‍රීඩාවේ යෙදෙමින් සිටි ඇත.
කෙසේ වෙතත් ඔහුගේ කළමනාකාරවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අනතුරට ලක් වන අවස්ථාවේ ෂූමාකර් හිස් අවාරණයක් ද පැළඳ සිට ඇති බව ය.

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ පළ වූ වාර්තා වූයේ, ෂූමාකර්ගේ තත්ත්වය බරපතළ නොවන බව ය.
විදෙස් මාධ්‍ය වැඩි දුරට ත් පවසා ඇත්තේ, තමන් ට සුළු කම්පනකයක් පමණක් සිදු වූ බව පවසමින් ෂූමාකර් අනතරු සිදු වූ ස්ථානයෙන් ඉවතට ඇවිද ගොස් ගොස් ඇති බව ය.

මයිකල් ෂූමාකර්ගේ ජිවිත තොරතුරු වලින් බිදක්

මයිකල් ෂූමාකර් (1969 ජනවාරි 3 වැනිදා ජර්මනියේ හුක් හර්මුයිහයිඩ් හිදී උපත ලැබීය) හිටපු "ෆෝමියුලා වන්" ධාවකයෙක් වන අතර, ඔහු හත් වතාවක්ම ලෝක ශූරයා බවට ද පත්විය. නිල ෆෝමියුලා එක, වෙබ් අඩවියට අනුව ඔහු, “සංඛ්‍යාලේඛණාත්මකව ක්‍රීඩාව තුළ මෙතෙක් දැක ඇති විශිෂ්ටතම ධාවකයා” ලෙස සටහන් වේ. ඔහු ෆෝමියුලා එක ලෝක ශූරතාව දිනා ඇති ප්‍රථම ජර්මානු ජාතිකයා වන අතර ෆෝමියුලා එක ජර්මනියේ ජනප්‍රිය කරවීමේ ගෞරවය ද ඔහුට හිමිවේ. 2006 වර්ෂයේ දී කරන ලද FIA සමීක්ෂණයේ දී, මයිකල් ෂූමාකර් ෆෝමියුලා එක රසිකයන් අතර වඩාත්ම ජනප්‍රිය ධාවකයා ලෙස ඡන්ද ලබා තිබුණි.

බෙනීටන් සමඟ ශූරතා 2ක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, ෂූමාකර් 1996 දී ෆෙරාරි කණ්ඩායම වෙත මාරු වූ අතර, එහිදී වර්ෂ 2000 සිට 2004 කාලය තුළ ධාවක නාමයන් 5ක් අනුපිළිවෙලින් දිනා ගත්තේය. ෂූමාකර් ෆෝමියුලා එක අංශයේ බොහෝ තරඟ වාර්තා පිහිටුවා ඇත. ඒ අතරට වැඩිම ධාවක ශූරතාවය, තරඟ ජයග්‍රහණ, වැඩිම වේග වටරවුම්, පෝල් ස්ථාන, එකතු කර ගත් ලකුණු සහ තනි වාරයක දී වැඩිම තරඟ ජයග්‍රහණ ඇතුළත් වේ. සම්පූර්ණ පෝඩියම් අවසාන ලබා ගත් ප්‍රථම සහ එකම ෆෝමියුලා එක ධාවකයා ෂූමාකර් වේ (2002). ඔහුගේ ධාවනය සමහර අවස්ථාවල දී මත භේදයට තුඩු දුන්නේය. ඔහු දෙවරක් ගැටුම්වලට පත් වූ අතර එමඟින් ලෝක ශූරතාවයේ ප්‍රතිඵලය ද තීරණය විය. 1997 ලෝක ශූරතාවයේ දී ජේක්ස් විලනෙව් සමඟ වූ ගැටුමක් නිසා ඔහු තරඟයෙන් ඉවත් කෙරිණි.


2006 වර්ෂයේ ෆෝමියුලා එක තරඟවටය අවසන් වීමෙන් පසුව ෂුමාකර් රේස් ධාවනයෙන් විශ්‍රාම ගත්තේය.

ක්‍රීඩාවට අමතරව ෂූමාකර් UNESCO සංවිධානයේ තනාපතිවරයකු හා රියදුරු ආරක්ෂාව සඳහා කතා නියෝජිතයකු ලෙස කටයුතු කරයි. ඔහු ජීවිත කාලය පුරා විවිධ මානුෂීය ක්‍රියාකාරකම්හි නිරතව සිටින්නෙකි. ඔහු ලන්දේසි Tourenwagen Masters රියදුරු රැල්ෆ් ෂූමාකර්ගේ වැඩිමහල් සහෝදරයාය.

ඔහු දැනට 2008 ෂුඩරියා ෆෙරාරි F1 කණ්ඩායම සඳහා උපදේශකවරයෙක් හා විශේෂ පරීක්ෂක රියදුරෙකු ලෙස කටයුතු කරයි.

ජාතිය                                  ජර්මන්
වර්තමාන කණ්ඩායම           ෆෙරාරි
ෆෝමියුලා අංශයේ ලෝක ශූරතා ඉතිහාසය පළමු ජයග්‍රහණය
තරඟ ශූරතා              77 (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004)


ජයග්‍රහණ                  91 Podium finishes 154

පෝල් ස්ථාන            68

Career points           1,369

වැඩිම වට රවුම්          76

පළමු තරඟය             1991 Belgian Grand Prix
                                 1992 Belgian Grand Prix

            විකිපිඩියා


Sunday, December 29, 2013

ඔබගේ පරිගණකයේ හා ජංගම දුරකථනයේ එකවර background එක වෙනස් කරමු

අද මං හිතුවා  මේ බ්ලොග් එකෙන් ලියපු නැති ශේෂ්ත්‍රයක ලිපියක් ලියන්න.. හොදද කියලා කට්ටිය කියන්න.
මේක මේ එච්චර මහ ලොකු ‍දෙයක් නෙවෙයි.ගොඩක් දෙනෙක් මේක දන්නවා.දන්නේ නැති අයත් ඇති කියල හිතලා තමා මේක ලියන්නේ.
අපේ ගොඩ දෙනෙක් දවසේ වැඩිපුර වේලාවක් ගතකරන්නේ computer එක ඉස්සරහ.ඉතින් මේකේ ඉස්සරහ සමහර විට ඒකාකාරි විදිහට වැඩ කරනකොට ඒපාවෙනවානේ. ඒකටම මේකේ වොල් පේපර් එකත් හැමදාම එකම දෙයක් තියෙන විට මේ ඒකාකාරි බව තවත් වැඩි වෙනවා.
කොහොමද මේ computer එකේ වොල්පේපර් එක දවසින් දවස එක එක පින්තුර ස්වංක්‍රියව වෙනස් වෙනවානම්. සමහර විට මේක අපේ විඩාව මදකට නැතිකරන්න පුලුවන්.

මෙම පහසුකම බින්ග් සර්ච් එන්ජින් සේවය සපයන මයික්‍රොසොෆ්ට් සමාගම මගින් මෙය ලබාදෙනු ලබන අතර, එක් එක් දිනයකට විශේෂිත කරුණක් මත පින්තුර වෙනස් කරනු ලබනවා.
ඊට පස්සේ මේ සෙටප් එක ඔබගේ පරිගණකයට ඉන්ස්ට්‍රොල් කර ගන්න. ඊට පස්සේ දිනපතා ඔබගේ කොම්පියුටරේ වොල් එක ලස්සන පින්තුරයකින් සැරසි තියෙයි.

මේම සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සදහාද මෙම පහසුකම ලබා දෙනු ලැබේ.ඔබගේ පරිගණකයට ලබාදෙන ඡායා රූපයම ඔබගේ ජංගම දුරකථනයටද ලබාදේ.මේ සදහා ඔබගේ ජංගම දුරකථනයේ play store වෙත ගොස් Bing desktop  යන්න සර්ච් කර අදාල ඇප්ලිකේෂන් එක  download කර ස්ථාපිත කර ගැනිමෙන් ඔබගේ ජංගම දුරකථනයටද මෙම පහසුකම ලබාගත හැක.

ඉදිරියේදිද පරිගණක තාක්ෂණය නව අංග පිළිබද ලිපි ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එයට මුලාරම්භයක් ලෙස මෙම ඉදිරිපත් කළ ලිපිය පිළිබද ඔබගේ අදහස දක්වන්නේනම් එය අපිට ඉදිරි ලිපි සදහා පිට්වහලක් වෙයි.

Saturday, December 28, 2013

පුංචි ආංඩුවලට මොකද වෙන්නේ...

මගේ බ්ලොග් එකෙන් අද ඉදන් අලුත් මාතෘකාවක් කතාකරන්න හිතුනා...මේක අපි හැමදෙනාටම එක එක විදිහට බලපාන මාතෘකාවක්...මෙය ලියන්නේ හැබැයි මට හිතන දේ විතරයි..කාටවත් පහරක් ගහන්නවත් හෝ දේශපාලන වාසි ගන්නවත් නෙවෙයි.
මේ දවස් වල බොහො දෙනෙක් කතාවෙන මාතෘකාවක් ගැනයි කතාකරන්න හිතුවේ..හැමදාම නිවුස් අහනකොට අද අහවල් ප්‍රාදේශය සභාව නැත්තම් අහවල් නගර සභාවේ අයවැය ඡන්දය පරාජය වුන බව අසන්නට ලැබෙනවා.

මෙච්චර කාලයකට නොතිබුන එකවරම මෙම රැල්ලක් වගේ අයි මේ අයවැය පරාජය වෙන්නේ.
මෙයට මුලික හේතුව වන්නේ මෙම වර්ශයේ මුලභගයේ හදුන්වාදුන් පළාත්පාලන ඡන්දවිමසිමේ පනතේ සංශෝධන මගින් පළාත්පාලන ආයතනයක අයවැය දෙවරක් පරාජය වුවහොත් එම පළාත්පාලන ආයතනයේ සභාපති හට එම දුරය අහිමිවිමයි.
ඇයි මේ පළාත්පාලන ආයතනවල ඡන්දය පරාජයවිමට හේතු
ප්‍රධානවශයෙන් පෙනි යන්නෙ මෙයට හේතුවන්නේ තම පුද්ගලික අමනාපකම් නිසා මෙම අයවැයන් පරාජය කිරිම් බොහො තැන්වල සිදුවි ඇති බවයගග එමෙන්ම සමහර පළාත්පාලන ආයතන වල සභාපති වරුන් තම පොදු අරමුදල මගින් සිදුකරන ව්‍යපෘති සදහා තම සහොදර මන්ත්‍රිවරුන්ය ප්‍රතිපාදන වෙන් කර නොදි ඒකාදිපති පාලනයක් ගෙන යන නිසාද අනෙක් මන්ත්‍රිවරු අයවැයට විරුද්ධව තම ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාද ඇත.
එමෙන්ම උප සභාපති බලයට ඒමේ අරමුනින් අයවැය පරාජය කිරිම් සිදුවු අතර, මේ සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මගින් අයවැයට විරුද්ධ වු මන්ත්‍රින් හට විනය ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනය කිරිම මගින් මෙම උත්සහයන් වැලකියනු ඇත. 
මෙසේ විනය ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනය කරත් දිගින් දිගටම අයවැය පරාජය කිරිමේ පුවත් අපිට අසන්නට ලැබේ..

සමහර පළාත්පාලන ආයතවල සභාපතිවරුන් එම ප්‍රෙද්ශයේ සංවිධායකගේ අනට කිකරු නොවිම මත තම අනට කිකරු සභාපති වරයෙකු පත්කරගැනිමේ අරමුනින් සමහර අයවැයන් පරාජය කිරිමට කටයුතු කර ඇත.

මෙම අයවැයන් පරාජයට කුමන හේතුවක් පැවතියද අවසානයේ අස්ථාවර වනුයේ රටේ ප්‍රාදේශිය පාලනයන්ය.
ඒක් අතකට මෙම පළාත්පාලන අයවැය ඡන්දය විමසිමේ ක්‍රමය පෙර පැවති පළාත්පාලන අයවැය ඡන්දය විමසිමේ ක්‍රමයට වඩා හොද ක්‍රමයක්යයි සිතේ. එනම් මෙමගින් පළාත්පාලන ආයතන වල සභාපති වරුන් තම ඒකාධිපති පාලනයෙන් මිදි පළාත්පාලන ආයතනයේ සියලු මන්ත්‍රී මංඩලය සමග සුහදව ප්‍රෙද්ශයේ සංවර්ධණය සදහා කටයුතු කරනු ඇත.ඒසේ නොමැති වුවහොත් ඔවුනට මිලග අයවැයන් අනුමතකර ලැනිමේදි ගැටලු මතුවිය හැක.

Wednesday, December 25, 2013

මෙහෙමත් මිනිස්සු

මෙම ලිපිය ලියන අද දවස දෙසැම්බර් 25. කිතුණු බැතිමතුන් නත්තල සමරන මොහොත. හැබැයි මම නත්තල ගැන නම් නෙවෙයි කියන්න යන්නේ.. මිට අවුරුදු කිහිපයකට කලින් එනම් 2004 අවුරුද්දේ අපේ ශබ්දකොෂයට අලුත් වචනයක් එක්කල 2004 දෙසැම්බර් 26 වෙනි දින එනම් හෙට වැනි දිනක අපිට අමිහිරි මතක පමනක් ඉතිරිකළ සුනාමි උදම් රළ හා සම්භන්ද අතුරු කතාවකි.
2004 වර්ෂයෙන් පසු පොඩි කොල්ලො කුරුට්ටාගේ සිට මහල්ලා දක්වාම දන්නවා සුනාමිය යනු කුමක්ද කියා. 2004.12.26 දින සුනාමියෙන් පසු මිට අවුරුදු කිහිපයකට කලින් මුලු රටම සිංහල අළුත් අවුරුද්දකට ලක ලැස්තිවෙමින් සිටියේ. මට මතක විදිහට දිනය අප්‍රේල් 12 වෙනිදා.නෑගම් යන මිනිසුන්ගෙන් සිංහල අළුත් අවුරුද්ද සදහා ඇදුම් පැලදුම් ගන්න මිනිස්සුන්ගේන් නගර පිරි ඉතිරි ගිහින් තිබුනි.
ගාල්ල නගරයද මෙසේ ජනයාගෙන් පිරි ඉතිරි ගොස් තිබුනි.මොහොතකින් ගාල්ල නගරයේ සිටි ජනයා කඩිගුලක් සේ ඇවිස්සි ගියේ සුනාමියක් පැමිනිමේ අවදානමක් පවතින බව ප්‍රකාශ විමත් සමගය.
එක්පසෙකින් සිංහල අවුරුද්දට තොරමින් සිටි බඩු බාහිර පවා විසිකර දිවගියේ උස්තැනක් සොයා රට අභ්‍යන්තරයටය. තවත් තැනක තම කඩ වසා බේරිමට තැනක් සොයයි.. තවත් පිරිසක් බස්රථ වලට ගෙඩවෙන්නට පොර කති.ගාල්ල නගරයම එකම කාලගොට්ටයක් වි තිබුනි.


නමුත් මේ සිදුවන කිසිවක් ගැන කිසිම බියක් නොමැතිව එක්තරා තැනක දිගු පොලිමක් දක්නට ලැබුණි. මේ පිරිස මෙම සුනාමි අවදානම පිළිබදව නොදැන සිටියාද?
නෑ මෙම පිරිස හට තමන් සිදුකරන්නට යන කාරිය තම ජිවිතයටත් වඩා වැදගත් වුවක් විය.එනම් මෙම දිනට පසු දින සිංහල අවුරුද්ද නිසා මත්පැන් හල් වසා දමන නිසා මොවුන් මෙම තැබැරුම ඉදිරිපිට පොලින් ගැසි සිටින්නේ සුනාමියක් ඇවිත් තමාගේ ජිවිතය අහිමිවුනත් කම්නැත අඩියක් ගැසිමෙන් පසු කියා වෙන්න ඇති.. මෙම සිදුවිම සමහරවිට ඔබත් දකින්න ඇති.

Monday, December 23, 2013

නන්දා මාලිනිය............

බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන දීපදුත්තාරාමයේදීය.

අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.
කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කා‍ලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මු‍ලේ අත තියා ගත්තේය. සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත.

අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතය ඔබ නොඅසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ.

මිරිහාන ආරචිචිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.

නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු 'කොටහේනේ කෝට් බාසුන්නැහේ' ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.

ඒ කා‍ලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කා‍ලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කටපුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි නිහතමානීකමෙන් කිරුළු පළන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැතිවුණද ජීවත් වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.

කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගේපැ‍ලේ තිබුණේ එක කාමරයකි. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කැර තිබුණේ දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය.
පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැරෙන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඈට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.

'මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කා‍ලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි. අප්‍රමාණයි' ඈ කියන්නීය.

තාත්තා දුක්මහන්සියෙන් හම්බ කැර ගත් කාසි පනම් බොහෝ අරපරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ ‍පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග ‍පොළට යන්නීය. කොටහේනේ අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පළා නෙලන්නීය.

පෙරේරා පවු‍ලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රී වේ‍ලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැණහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.
අපි සරල ජීවිතයකට හුරු හුනේ නැතිබැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි. ඈ කීවාය.
පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් තිස් අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්‍ලේ උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය. ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද යන්නේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.

මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?
'මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ. දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නෑ ඈ කියන්නීය.

නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. බෞද්ධ කොඩිය මුල් වරට එයැවුණේද ඒ බිමේය. ගුණානන්ද විදුහ‍ලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාසුන්නැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු, මාල, අරුංගල් විකුණන්නට වත්තට එන වෙළෙඳුන් දෙස ඈ නොබැලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. 'තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ' යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.

නාන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ 'කට්ට සෙරෙප්පු' ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සත තිහකි. 'කට්ටා සෙරෙප්පු' දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට 'ටකස් ටකස්' ශබ්දය ඇසේ. මේ නයින් පාසල් ළමෝ නන්දාට 'කට්ටයා' යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.

මෙකල 'කට්ටයාගේ' කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනී 'හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන' බව පසක් කළාය.

හය වැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කැර ගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. 'මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා' ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. 'බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්.....'.

නන්දාගේ මිහිරි කටහඬ වෑයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය.
මෙකල රේඩියෝ සිලෝනි හි 'සුපර් ස්ටාර්' ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුණේ 'එයාර් ශිප් ගීත තරගය' යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශපත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ‍ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ 'සුපර් ස්ටාර්' වූයේ නන්දා මාලිනීය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.

'සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා'

මේ ‍පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය.

'තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්' නන්දා කීවාය.

ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කැරෙන දේ ගැනය. 'තාත්තා ‍පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා' නන්දා තාත්තාට කීවාය.

'විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ' තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. 'එහෙනම් අපි ලයිටුත් ගනිමු' ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.

'රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්' ඕ මවට කීවාය.

නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. 'ගලන ගඟකි ජීවිතේ' ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි.
බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.

'මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කා‍ලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ. කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා. මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.

අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට.

මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ' නන්දා මාලිනී කියන්නීය.

මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හ‍ලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය.
නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. 'ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බසුන්නැහේ කෙනෙක්' ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙනවාක් මෙන් ඔවුනට දැනුණි.

නන්දා මාලිනී අද හෙළයේ මහා ගායිකාවකි. ඇගේ මධුර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කැරෙන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී රෝසමල් ඇතිරූ මාවතක් දිගේ වැටී ඇති මාවතක් නොවේ යැයි පසක් කැරෙන ඇගේ ජීවන ගීතය ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියක් වීම නිසාය.

ඈ ගයන්නීය මෙසේ
දහසක් ඉපදී මිය යන ‍පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි

Nanda Malini
නන්දා මාලනී
උපතඅගෝස්තු 23, 1943
අලුත්ගම, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රි ලාංකික
වෙනත් නම්මිරිහාන ආරච්ච්ගේ නන්දා පෙරේරා, නන්දා මාලනී ගෝකුල, ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය
අධ්‍යාපනයශ්‍රි ගුණානන්ද විද්‍යාලය, ඉන්දියාවේ බාත්ඛන්ඩේ සංගීත විද්‍යා පීඨය
රැකියාවගායනය
ආගමබෞද්ධ
කලත්‍රයාසුනෙත් ගෝකුල
දරුවෝවරුණි සරෝජා, අමා සරදා


මේ ලිපිය පල වී තිබුනේ 2012 ජනවාරි 12 වෙනි බ්‍රහස්පතින්දා ලක්බිම පුවත්පතේ,ලිපිය මිහිරි ෆොන්සේකාගේ,නිහතමානීකම පිලිබදව මෙම ලිපියන් දෙන ආදර්ශය නිසා පල කලා

පේඔනර් කාඩ් - අන්තර්ජාල මුදල්

ගොඩ දවසකින් අලුත් ලිපියක් ලියන්න බැරිවුනා. අද මම ලියන්න යන්නේ Payoneer කාඩ් පත් ගැන. මොනවද මේ Payoneer කාඩ් කියන්නේ. ඇයි මේ කාඩ් අපිට ඔන වෙන්නේ කියන දේ ගැන හා  Payoneer  කාඩ් පතක් ලබා ගන්නේ කෙසේද යන්න ගැන පොඩි හදුන්වා දිමක් මෙම ලිපිය මගින් ලබාදිමට බලාපොරොත්තු වෙනවා.


ඔයා අන්තර්ජාලය මගින් කුමන හො ක්‍රමයකින් මුදල් හොයන කෙනෙක්ද? නැත්තම් ඒසේ කිරිමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද? එහෙනම් ඔබට විවිධ ක්‍රම මගින් ඔබට මුදල් ඔබ වෙත ගෙන්වා ගත හැක.. ජනපියම ක්‍රමය වනුයේ පේපෑල්ගිනුමට මුදල් ගෙන්වා ගැනිම. හැබැයි පේපෑල් ඒකවුන්ට් එකක් ලංකාවේ විදිහට හැදුවට ලංකාවට මුදල් ගෙන්න ගන්න බෑ..ඒ වගේම පේපෑල් ගිණුමෙන් ඔබට ඔන විදිහට ලංකාවේ වෙළදසැල් තුලින් බඩු ගන්න  හා ATM යන්ත්‍ර තුලින් මුදල් ගන්න බෑ. ඒකට හොදම විසදුම තමා Payoneer කාඩ්පත.

ඔබ ෆිවර්,ඔඩෙස්ක් වැනි ක්‍රමයකින් උපයන මුදල් ඉක්මනින්ම ඔබගේ කාඩ්පත වෙත ගෙන්වා ගත හැක.මේ සදහා ඔබට ATM කාඩ්පතක් ඔබවෙත ලබාදෙනු ලබනවා.
මේ සදහා ඔබ මෙතනින් ගිහන් රෙජිස්ටර් වෙන්න  .මෙතන sign up කියන තැන ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.. තව දෙයක් කියන්න ඔන මෙතනින් රෙජිස්ටර් උනහම ඔයා මෙම කාඩ් පත හරහා ඩොලර් 100 ක ගණුදෙනු කලාට පස්සේ ඔයාට ඩොලර් 25 ක් ලබා දෙනවා.
හරි මෙතනින් Payoneer  කාඩ්පත සදහා sign up වුනහම ඉලගට එන පිටුවේ තියෙනවා Start Here කියල සදහන් වෙලා මෙතන ක්ලික් කරහාම තමන්ගේ Personal Details ඇතුලත් කර ඊලගට Step II හා Step III කියන තැන පිලිවෙලින් නිවැරදිව පුරවන්න..තමන්ගේ ගෙදර ලිපිනය වගේ දේවල් නිවැරදිව දෙන්න ඔන.මොකද කාඩ්පත හා පින් නම්බරය එවන්නේ එම ලිපිනයට.

මිලගට මෙම පිටුවේ යටින් පහත  ආකාරයෙන් අහනවා.මෙම කොටු 04ට හරි සලකුණ යොදා Finish කියන තැන බෝත්තම ක්ලික් කරන්න.
Please read and click each box to complete your registration:
I agree to the Electronic Disclosures and Privacy policy
I agree to the Terms and Conditions and USP Service Terms and Conditions
I agree to the Pricing & Fees
I agree to the Cookies policy

දැන් හරි ඔබ සාර්ථකව ගිනුම සාදා අවසන් වු පසු ඔබ වෙනුවෙන් කාඩ්පතක් සති තුනක් වැනි කාලයකදි ඔබ වෙත ඔවුන් එවනු ලබනවා.ඉන් පසු ඒම කාඩ්පත ලැබුන පසු ඒ සමග ලිපියෙහි සදහන් ආකාරයට කාඩ්පතහි අංකය හා ඔබට කැමති පින් අංකයක් යොදා කාඩ්පත ඇක්ටිව් කරගත හැක.


මෙම කාඩ්පත පිළිබද තවත් විස්තර ඉදිරි ලිපියකින් ලබාදෙන්නම්. විශේෂයෙන් අයකිරිම් වැනි දේගැන..
ලිපිය ගැන ඔබගේ අදහස් පහලින් දක්වා යනවානම් ඉදිරි ලිපි සදහා එය වැදගත් වෙයි වගේම මිලග ලිපියෙන් මම බලාපොරොත්තු වෙනවා සිංහල බ්ලොග් සයිට් වලට ගුගල් ඇඩ් ලබා  නොදෙන බැවින් ඒයට විකල්පයක් වශයෙන් මෙම බ්ලොග් අඩවියේ තියෙනවා වගේ ඇඩ් ලබාගෙන ඔබගේ බ්ලොග් සයිට් එකෙන් මුදල් උපයන්නේ කොහොමද කියලා කියලා දෙන්න.

Saturday, December 21, 2013

අයියෝ සල්ලි....

ලොකයේ කි දෙනෙක් තමන් නොකල වරදකට දඩුවම් විදින්න ඇත්ද. සමහරු තම ජිවිතයද අහිමි කර ගන්න ඇත්ද?

1.1992 වසරේදී ජෝනි ෆ‍්‍රෑන්ක් ගැරෙට් නමැති මානසික ආබාධයකින් පෙළුණු තැනැත්තා ට 76 හැවිරිදි කන්‍යා සොයුරියක් දූෂණය කර ඝාතනය කිරීමට දඬුවම වශයෙන් මරණ දඬුවම පැනවිණි. එහෙත් 2004 වසරේදී ඩීඑන්ඒ පරීක්ෂණ වලින් සොයාගැනුණේ නියම ඝාතකයා වෙනත් අයකු බවයි.

2.1953 වසරේදී ඩෙරෙක් බෙන්ට්ලි ව මරා දැමුණේ සොරකමකින් පසු ව පලායන අතර, පොලිස් නිලධාරියකුට වෙඩි තබා මරාදැමීම පිළිබඳ වරදකරු වූ නිසා ය. එහෙත් පොලිස් නිලධාරියා මියගොස් තිබෙන්නේ වෙනත් ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් නිසා බව හෙළිවිය.

3.කාලෝස් ඩෙලූනා 1989 වසරේ දී මරා දැමුණේ ඝාතකයාට සමාන රුවක් සහිත වීම නිසා ය. මිය යෑමට පෙර සැබෑ ඝාතකයාගේ නම ද ඔහු විසින් කියා තිබුණත් කිසිවෙක් එය ගණනකට ගෙන තිබුණේ නැත.

4.ඩේවිස් ස්පෙන්ස් හට 1997 වසරේදී මරණ දඬුවම ලබාදුන්නේ ගැටවරයන් තිදෙනෙක් දූෂණයට ලක් කර මරාදැමීමේ වරදට ය. එහෙත් පසුව හෙළිවූයේ මළ සිරුරුවල තිබූ දත් සලකුණු පැහැදිලිව ම ඔහුගේ නොවූ බවයි.

5.1995 දී අමෙරිකානු මත්ද්‍රව්‍ය වෙළෙන්දකු වෙඩි තබා මරා දමන විට ලැරී ග්‍රිෆින් ඒ අසලකවත් නොවූ බව සාක්ෂිවලින් කියැවිණි. එම ඝාතනය වෙනුවෙන් විදුලි පුටුවේ හිඳුවා තිබුණේ ලැරීව ය.

6. 1950 වසරේදී විසි පස් හැවිරිදි තිමොති එවන්ස් තමන්ගේ ම බිලිඳු දියණිය ව ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට ලක්විය. එහෙත් එයින් තුන් වසරකට පසු හෙළිවූයේ ඔහුගේ අසල්වැසියා එම දියණිය ද ඇතුළු කාන්තාවන් 8 දෙනෙක් ඝාතනය කර ඇති බවයි.

7.1996 දී ජෝර්ජියානු ජාතික කාන්තාවක් මරා දැමීම වරදකරු වූ එලිස් වෙයින් ෆෙල්කර් මරණ දඬුවමට ලක්විය. එහෙත් පසුව හෙළිවුණේ එම සිද්ධිය වන විට ඔහු ඒ අසලකවත් නොසිටි බවයි.

8.1915 දී සුප්‍රසිද්ධ ග්‍රිෆින් සොයුරන් මරා දැමුණේ වෘත්තීය ඝාතකයකුගේ කටඋත්තරයක් මත පදනම්ව ය. එහෙත් පසුව හෙළිවුණේ එම දෙසොයුරන් ප්‍රදේශයේ සිටි ධනවත්ම කළු අමෙරිකානුවන් වූ නිසා ජාතිවාදී ඝාතකයා බොරු කටඋත්තරයක් ලබාදී ඇති බවයි.

9.1982 වසරේදී ජෝජ් වොට්කින්ස් නමැති අමෙරිකානුවා අතුරුදන් වූ විට ඔහුගේ බිරිය කියා සිටියේ සිය අනියම් පෙම්වතා විසින් සැමියා එල්ලා මැරූ බවයි. ඒ අනුව අනියම් පෙම්වතාට මරණ දඬුවම හිමි වූ නමුත් පසුව සැමියා වෙනත් පළාතක ජීවත්ව සිටින බව සොයාගැනිණි.

10. 1952 වසරේදී මහ්මූද් හුසේන් මත්තන් නමැති මුස්ලිම් ජාතිකයා එල්ල මරාදැමීමට නියම වූයේ ලිලී වොල්පට් නමැති දැරිය ඝාතනය කර තිබූ නිසා ය. එහෙත් එම ඝාතනය කර තිබුණේ ඔහුට එරෙහිව සාක්ෂිදුන් පුද්ගලයා ම බව හෙළිවිය.

අන්තර්ජාලය ඇසුරිනි...................