අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Wednesday, January 31, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1929

නොබෙල් සාම ත්‍යාගය 1929 වසරේදී ලැබුනේ කාටද යන්න දැනගැනීමට පෙර මෙම ත්‍යාගයට 1928 වසරේදී සිදුවුයේ කුමක් වුයේද යන්න ඔබ දන්නවාද? නැත්නම් මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

නෙබෙල් සාම ත්‍යාගය 1929 වසරේදී ෆ්රෑන්ක් බිලිංස් කෙලෝග් මහතාට හිමිවිය.
1856 දෙසැම්බර් 22 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ පොට්ස්ඩම් හිදී උපත ලද  ෆ්රෑන්ක් බිලිංස් කෙලෝග් මහතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලෙස දෙවන ලොක යුද්ධයෙන් පසු ලෝක සාමය උදෙසා ලොව එක් එක් රාජ්‍යන් සමඟ එළබෙන ලද ගිවිසුම් හේතුවෙන් මෙම සාම ත්‍යාගය හිමිවිය. 1928 දී බ්රයන්-කෙලියෝග ගිවිසුමෙන් ආරම්භ කරන ලද මෙය ලෝක සාමය උදෙසා ඉදිරි පියවරක් තැබුවේය.

1937 දෙසැම්බර් 21 ඇමරිකා එක්සත් ජනපදයේ  ශාන්ත පාවුළු හිදී මෙම සාමයට හිතැති මිනිසා මෙලොවට සමු දුන්නේය.

නොබෙල් සාම ත්‍යාගය ගැන මුල සිට මෙම ලිපියෙන් කියවන්න


Tuesday, January 30, 2018

නොබෙල් ත්‍යාගය 1908

1908 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 1907 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ කවුරුන්ද කියා දැනුවත්ද? නැතිනම් මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

දැන් අපි බලමු 1908 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Gabriel Lippmann


02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Ernest Rutherford

03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
Ilya Ilyich Mechnikov


Paul Ehrlich

04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Rudolf Christoph Eucken

Fredrik Bajer

ගිතය ලියවුනේ මෙහෙමයි 10 - සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි

ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් ලංකාවේ හැදුන ලස්සන සිංදු හැදුන හැටි. ඒ සින්දු හැදෙන්න හේතු වුන සිදුවිම් ගැන අපි අහල තියෙන ආකාරයට ලිපි පෙලක් ලියන්න පටන් ගත්තා.

මිට පෙර මේ ගැන ලියවුන සින්දු ගැන බලන්න මෙතනින්.

අද කතාව මෙහෙම 
83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් .

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,මා අසා ඇති පරිදි මෙහි එන දමිළ තරුණයා නම් කොටි සංවිධානයේ නඩේසන් නම් ප්‍රධානියා බවයි. ඔහුගේ බිරිඳද සිංහල කාන්තාවකි

මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුබට බාරයි රැක ගනින් දේවතාවී


මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..
ගුණදාස කපුගේ මහතාගේ මේ සින්දුව මෙතනින් අහන්න

උපුටා ගැනීම www.elakiri.com

Monday, January 29, 2018

ඖෂධ පැලෑටි - 11-20

11.ගස් නිදිකුම්බා / හිං නිදිකුම්බා Biophytum reinwardti

උදරාබාද, අතිසාර,අරසස්,ග්‍රහනී,දියවැඩියාව, ඇදුම පිනස,මෟත්‍ර පද්ධතිය ආශ්‍රත රෝග,සැරවගෙඩි,නාග විෂ,තුවාල, සමේ රෝග,මුත්‍රා ගල්,නින්ද නොයාම,ගනොරියාව,පුයාමේහ ආදි රෝග තත්වයන් සදහා ප්‍රතිකාරකිරිමට මෙම ඖෂධ පැළෑටිය යොදා ගනී.

12. දිය තිප්පිලි
බොහෝ සුලබව දක්නට ලැබෙන අතර, ඖෂධ සඳහා අවශ්‍ය වන ඉතාමත් වටිනා ඖෂධීය ශාකයකි.දිය තිප්පිලි (diya thippili) දේශීය බෙහෙත් අතුරින් බොහෝ විශේෂ ඖෂධ පැලෑටියකි. 

13. ගස් කහබිලියා
14. ලුණුවිල Bacopa monnieri
ලුණුවිල යනු කෙස් සදහා යොදවාගන්නා වටිනා දුරලබ ශ්‍රිලංකාවේ ඇති බෙහෙත් ඖෂධයකි. කෙස් වැටිම,පැසිම වලකයි. කුඩා දරුවන්ගේ මතක ශක්තියද වදවනු ලැබේ. සමහර අවස්තාවලදී මෙම ඖෂධය කැද ලෙසද පිළියෙළ කරගන්නු ලැබේ
ලුණුවිල විසිතුරැ ජලජ පැලෑටියක් ලෙසද වර්ථමානයේ භාවිතා කරයි විද්‍යාත්මක නාමය Bacopa monnieri (L) ලෙසත් ශ්‍රී ලංකාව තුල බැමිතිරිය ලූණාවල්ලී ලෙසත් හදුන්වයි අතීත සමාජයේ සෑම ගෙදරකම වලං මැස්ස ආසන්නව දක්නට ලැබුණු මෙම ශාකය සතු ඖෂධීය ගුණය බොහෝ දෙනා නොදනී

මාංශල පත්‍ර සහිත කුඩා ශාකයක් වන මෙය ආහාර දෝෂ, චර්ම රෝග, අපස්මාරය, උමිමාදය වැනි රෝග වලට ප්‍රතිකාර ලෙසත් මතක ශක්තිය හා ස්නායු වර්ධනයටත් යොදා ගනියි

15.කොමාරිකා Alo Indica
Liliaceae කුලයට අයත් Alo Indica නමැති උද්භිත නාමයෙන් හඳුන්වන කෝමාරිකා ශාකය කුමාරි, ගෘහ කන්‍යා, සෘතු කුමාරි, කුමාරිකා යන නම්වලින් ද හඳුන්වයි. කෝමාරිකා ශාකය ඇමරිකාව, අප්‍රිකාව, ඉන්දියාව, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව වැනි ඌෂ්ණ කලාපීය ප්‍රදේශ ආශ්‍රිතව ඉතා සරුවට වැඩෙන ශාකයකි.
ඉතා වටිනාකමක් සහිත මෙම ඖෂධය සෑම ගෙවත්තකම තිබිය යුතු මෙන්ම ඉතා පහසුවෙන් වැවිය හැකි ශාකයක් ලෙස හඳුනාගෙන තිබේ.
කොමාරිකා ශාකය වර්තමානය වන විට බොහො­් නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන අතර ආර්ථිකමය වශයෙන්ද ඉහළ වටිනාකමක් ඇති ශාක විශේෂයකි. බොහොමයක් ඖෂධවල, ෂැම්පු වර්ගවල, සබන් වර්ගවලද කෝමාරිකා අඩංගු වීම මෙයට හේතුවයි.
මිනිස් සිරුරට අවශ්‍ය ඇමැයිනෝ අම්ල 22න් 20ක්ම කෝමාරිකා ශාකයේ අඩංගු වීම විශේෂත්වයකි. ශරීරයට අවශ්‍ය නමුත් ශරීරය තුළ නිපදවිය නොහැකි ඇමැයිනෝ අම්ල වර්ග 7ක් කෝමාරිකා තුළ අඩංගුය. තවද අධික වශයෙන් ප්‍රෝටීන් බහුල ශාකයන් මෙන්ම පිළිකා නාශකයක් ලෙස ද හඳුනාගෙන තිබේ.

අතීතයේ මිනිසුන් විටමින් ඌනතාව නිසා ඇති වන රාත්‍රී අන්ධභාවයට ඖෂධයක් ලෙස ද කොමාරිකා භාවිතාකොට තිබේ. කෝමාරිකා තුළ විටමින් A, C, D, සහ E හා Folic හා Nicin අම්ල කොපර් මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක් හා යකඩ අඩංගුය. සමහර පිළිකා, රුධිරයේ ප්‍රෝටීන් ඌනතා වැළැක්වීමට මෙය තදිම ඖෂධයක්. අක්ෂි රෝග පෝෂණ ඌනතා, රක්තහීනතාව, දුර්වල ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීමට ,ආමාශයේ ඇතිවන තුවාල වලට ප්‍රතිකර්මයක් ලෙස, අන්ත්‍රගත තුවාල වලට ප්‍රතිකර්මයත් ලෙස, අර්ශස් අමාරුවට, දියවැඩියාවට, ආර්තව හරණයෙන් ඇතිවන රෝග සඳහා ද ඖෂධයක් ලෙස කෝමාරිකා යොදා යොදා ගනී.

16.පිට සුදු සාරණ
සාරණ වර්ග 4කි. මහසාරණ, හීන් සාරණ, ගෙඳු සාරණ සහ පිට සුදු සාරණ යනුවෙන් ඒවා වර්ග කෙරෙයි.
ඉතා හොඳ මුත්‍රා කාරකයකි. වකුගඩු පිරිසිදු කිරීමේ හැකියාවක්‌ ඇත.

17.වැල් කොහිල

18.නිදිකුම්බා 
19.රන්වන් කටුකරඩු

Sunday, January 28, 2018

අන්තර් ජාලයෙන් මුදල් හොයමු.

දිගු කාලයක් කථා නොකරපු මාතෘකාවක් ගැන ලියන්න හිතුනා. මොකද මේ දවස් වල ජිවන වියදම අහස උසට  නිසා අපිට අමතර ආදායමක් තියෙනවනම් කොච්චර හොදද. emony ගැන මිට කලින් ලියපු ලිපිගැන මෙතනින් ගිහින් කියවන්න. හැබැයි මෙම ලිපි බොහොමයක් මිට අවුරුදු කිහිපයකට කලින් ලියන ලද ලිපි නිසා මේවා වර්තමානයට ගැලපෙන්නේ නෑ.


ඒ අනුව පහත වෙබ් අඩවි මඟින් කොහොමද මුදල් හොයන්නේ යන්න පිළිබඳව ලිපි පෙලක් ඉදිරිපත් කිරිමට පළාපොරොත්තු වන අතර, ඔබගේ ප්‍රතිචාර මත මෙම ලිපි පෙල ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වේ.

  1. www.fiverr.com
  2. www.ebay.com
  3. www.upwork.com
  4. www.freelancer
  5. www.peopleperhour.com
  6. www.popcash.net
  7. www.clickbank.com
  8. www.adf.ly
  9. www.pub.yllix.com
  10. www.ebates.com
  11. www.dreamstime.com
  12. microworkers.com
එකි මෙකි නොකි සියළු දේ ගැන ඉදිරි ලිපි පෙලෙන් ඔබ වෙත අවශ්‍ය දැනුම ගෙන ඒමට බලාපොරොත්තු වන අතර, ඔබ දක්වන ප්‍රතිචාර මත මෙම ලිපි පෙල ලිවීමට අපිව දිරිමත් කරාවි. එතෙක් ඔබ ඉහත එක් එක් වෙබ් අඩවි වෙත ගොස් මෙම අඩවි මගින් සිදුකරන කාර්යයන් පිළිබඳ අවබෝදයක් ලබා ගන්නා ලෙස දන්වන අතර ලගදීම අපි නැවත හමුවෙමු. එතෙක් ඔබට ජය.

Saturday, January 27, 2018

සාමාන්‍ය දැනීම - 05

201.අප්‍රේල් 26
ලෝක බුද්ධිමය දේපළ දිනය

202. අප්‍රේල් 28
සේවයේදී සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය සම්බන්ධ ලෝක දිනය

203.අප්‍රේල් 29
ලෝක නර්තන දිනය

204. අප්‍රේල් 30
ලෝක ජෑස් සංගිත දිනය

205.මැයි 01
ලෝක කම්කරු දිනය

206. මැයි 03
 මාධ්‍ය නිදහස සඳහා වූ ලෝක දිනය‍

207.මැයි 04
ලෝක ගිනි නිවන භටයින්ගේ දිනය‍

208.මැයි 05
ජාත්‍යාන්තර වින්නඹු මාතා දිනය

209.
ලෝක රතුකුරුස හා රතු අඩසඳ දිනය‍ 

210.මැයි 08
ලෝක තැලසීමියා දිනය

210.මැයි 08-09
දෙවන ලෝක යුද්ධයෙන් මියගියවුන් සිහිපත් කිරීමේ දිනය 

211. මැයි මස දෙවන ඉරු දින 
ලෝක මව්වරුන්ගේ දිනය

212. මැයි 10-11
ලෝක සංක්‍රමණ පක්ෂි දිනය

213. මැයි 12
ජාත්‍යාන්තර හෙද දිනය‍ 

214.මැයි 15 
ජාත්‍යාන්තර පවුල් දිනය

215.මැයි 17
ලෝක සන්නිවේදන හා තොරතුරු සමාජ දිනය

216.මැයි 18 
අන්තර් ජාතික කෞතුකාගාර දිනය

217.මැයි 21 
ලෝක සංස්කෘතික දිනය

218. මැයි 22
ජෛව විවිධත්වය සඳහා වූ ජාත්‍යන්තර දිනය 

219. මැයි 29
එක්සත් ජාතීන්ගේ සාම සාධකයින්ගේ දිනය 

220.මැයි 29
ප්‍රසව භගන්දරාව අවසන් කරිම පිළිබඳ ජාත්‍යාන්තර දිනය

221. මැයි 31
දුම්කොළ විරෝධී දිනය

222. ජූනි 01
ලෝක දෙමාපිය දිනය

223. ජූනි 04
ආක්‍රමණයට ලක්වු අහින්සක දරුවන් පිළිබඳ ජාත්‍යාන්තර දිනය

224.  ජූනි 05 
ලෝක පරිසර දිනය

225. ජුනි 08 
ලෝක සාගර දිනය

226. ජූනි 12
ළමා මෙහෙකාරීත්වයට එරෙහි ලෝක දිනය

227.ජූනි 13
ඇලිතාව පිළිබඳ (Albinism) ලෝක දිනය

228. · ජූනි 14
ලෝක ලේ පරිත්‍යාග දිනය 

229. ජූනි 15
වැඩිහිටි අපයෝජව්‍න පිළිබඳ ලෝක දිනය

230.  ජූනි 17
කාන්තාරකරනයට හා නියගයට එරෙහිව සටන්වැස්‍දීමේ ලෝක දිනය

231. ජුනී මාසයේ තුන්වන ඉරිදා
ලෝක පියවරුන්ගේ දිනය

232. ජූනි 20
ලෝක සරණාගත දිනය

233.  ජූනි 21
ලෝක සංගීත දිනය 

234.  ජූනි 21
ලෝක යෝග දිනය

235.  ජූනි 23
එක්සත් ජාතින්ගේ රාජ්‍ය සේවක දිනය

236. ජූනි 23
ජාත්‍යාන්තර වැන්දඹු දිනය

237. ජූනි 23
ලෝක ඔලිම්පික් දිනය

238. ජූනි 26
වධ බන්ධනයට ලක්වූවන් සඳහා වූ දිනය 

239. ජූනි 26
ලෝක මත්ද්‍රව්‍ය විරෝධි දිනය

240. ජුලි මස මුල් සෙනසුරාදා
ජාත්‍යාන්තර සමුපකාර දිනය

241. ජුලි 02.
ලෝක හදුනා නොගත් පියාසර වස්තු දිනය

242. ජුලි 11
ලෝක ජනගහන දිනය

243. ජුලි 12
මලාලා දිනය

244. ජුලි 15
ලෝක යොවුන් හැකියා දිනය

245. ජුලි 18
ජාත්‍යාන්තර නෙල්සන් මැන්ඩලා දිනය

246. ජුලි 26
ජාත්‍යාන්තර කඩොලාන පරිසර පද්ධතිය සංරක්ෂණය දිනය

247. ජුලි 28
ලෝක හෙපටයිටිස් දිනය

248. ජුලි 29
ජාත්‍යාන්තර කොටි දිනය

249. ජුලි 30
මිත්‍රත්ව දිනය

250.ජුලි 30
නිති විරෝදි මිනිස් ප්‍රවාහනයට එරෙහි ජාත්‍යාන්තර දිනය


සාමාන්‍ය දැනීම 04
සාමාන්‍ය දැනිම මිලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න.

මෙතෙක් පලවු කොටස් සියල්ලහි PDF ගොනුවකින් ඔබට අවශ්‍යනම්, ඔබගේ විද්‍යත් තැපැල් ලිපිනය කොමෙන්ටුවක් ලෙස පහලින් යොදන්න. ඔබට ජය

Thursday, January 25, 2018

ලෝක උරුම - 25 ඔස්ට්‍රේලියාව

ලෝක උරුම සොයා යන අපි යන ගමනේ අපිට හමුවන මිලඟ රට  ඔස්ට්‍රේලියාව වේ.
ඔස්ට්‍රේලියාව සතුව ලෝක උරුම 19 ක් වන අතර ඉන් සංස්කෘතික උරුම 3 ක් හා පාරිසරික උරුම 12 ක් හා ඉතිරිය පාරිසරික හා සංස්කෘතික මිශ්‍ර උරුම වේ.

01. මහා බාධක පරය

මහා බාධක පරය ඔස්ට්‍රේලියාවේ උතුරු නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුවිශේෂී විවිධත්වයක් සහ අලංකාරයක් යුතු ප්‍රදේශයක් වේ. ලෝකයේ විශාලතම කොරල් පර එකතුවක් ලෙස මෙය හැදින්විය හැකි අතර, කොරල් පර 400ක්, මත්ස්‍ය විශේෂ 1500 ක් සහ මොලස්කාවන් වර්ග 4,000 ඇත.
විශේෂයෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දිගොං ('මුහුදු ගවයින්') සහ විශාල හරිත කැස්බෑවාන්ගේ වාසස්ථාන ලෙස මෙය හැදින්විය හැකිය.











Wednesday, January 24, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1928

1928 වසරේදී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිම සිදු නොකරන ලද අතර, ඒ අනුව මෙම ත්‍යාග මුදල විශේෂ අරමුදලකට යොමු කරන ලදී.

1929 වසරේ නොබෙල් ත්‍යාගයට මොකද වුනේ යන්න ලගදීම ලිපියකින් බලාපොරොත්තු වන්න.

නොබෙල් ත්‍යාගය 1907

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Albert Abraham Michelson


02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Eduard Buchner


03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය

Charles Louis Alphonse Laveran

04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Rudyard Kipling


Louis Renault


Tuesday, January 23, 2018

ලෝක බ්රේල් දිනය

අද සිට ආරම්භ වන මෙම ලිපි පෙල වසරේ එක් එක් දිනයන්වල ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වේ.
ලෝක බ්රේල් දිනය යනු අන්ධභාවයට හෝ දෘශ්‍යබාධිත අයට අඛණ්ඩව සහ ස්වාධීනත්වයේ වැදගත්කම පිළිබඳ සිහිගැන්වීමක්.බ්රේල් යනු ස්පර්ශ කිරීමෙන් කියවිය හැකි අකුරු වේ.


බ්රේල් දිනය සෑම වසරකම ජනවාරි 4 වන දින සැමරීම සිදුකරනු ලබන අතර, එදින බ්රේල් ක්‍රමය සොයාගත් ලුවී බ්රයිල්ගේ උපන් දිනයයි. ලුවි 1809 ප්රංශයේ දී උපත ලැබීය. ළමා කාලයේදී හදිසි අනතුරකින් පසු ඔහු අන්ධ විය. ඔහු වයස අවුරුදු 15 වන විට බ්රේල් ලෙස හඳුන්වන පද්ධතියක් ඔහු විසින් නිර්මාණය කරන ලැබ්වේය. බ්රේල් හට මෙය වසර ගණනාවක් පුරා කියවීමට පහසු කරවීමට උපකාරී වු අතර දැන් එය ලොව පුරා භාවිතා කරනු ලැබේ.

දෘශ්‍යබාධිත පුද්ගලයින් කියවන හා ලියූ ඝන කඩදාසි හෝ හම් මත ලතින් අකුරු මුද්රණය කළ අත, මෙය බොහෝ පුහුණුවක් අවශ්‍ය වූ සංකීර්ණ පද්ධතියකි.

බ්රේල් යනු කේතයක් බැවින් ගණිතය, සංගීතය සහ පරිගණක වැඩසටහන් වැනි සමහර විෂයයන් බ්රේල් තුළ කියවිය හැකි අතර ඒවා ලිවීමට හැකිය.

ද්‍යෂ්‍යභාධිත පුද්ගලයන් මුහුණ දෙන අභියෝග පිළිබඳව දැනුවත් කිරීම සහ ව්‍යපාර සහ රජයන් තුල දෘෂ්‍යභාධිත පුද්ගලයින් සඳහා ආර් ථික හා සමාජීය අවස්ථාවන් නිර්මාණය කිරීමට දිරිමත් කිරීම ලොව පුරා රාජ්‍ය නොවන සංවිධාන (NGOs) මේ දිනයේ භාවිතා කරයි.
යථාර්ථය වන්නේ බොහෝ ආයතන - ආපනශාලා, බැංකු, රෝහල් - බ්රේල් මෙනු, නිවේදන හෝ බිල්පත් වලින් සමන්විත නොවේ. ඒ කියන්නේ දෘශ්‍යබාධිත සහිත පුද්ගලයන් පිළිබඳ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලිම පිළිබඳ ලොකයේ පවතින උනන්දුව අඩු බවයි.

ලුවී බ්රේල්ට ඔහුගේ සොයාගැනීම තම සමාජයට කොතරම් ප්‍රයොජනවත් වුයේදැයි බැලීමට නොසිටියේය. ඔහු 1882 දී මිය ගියේය. ඉන් අවුරුදු දෙකකට පසුව ඔහු ගිය පාසලේ දරු දැරියන් සඳහා මෙම ක්‍රමය ඉගැන්වීම ආරම්භ කළේය. 1916 දී එක්සත් ජනපදයේ දෘශ්‍යබාධිත සහිත පුද්ගලයන් සඳහා පාසැල් වලදී එය බහුලව භාවිතා විය. 

අප සමාජයේ සිිටින දෘශ්‍යබාධිත සහිත පුද්ගලයන් පිළිබඳව අප මිට වඩා සැලකිලිමත් විම සිදුකල යුතු බව ඔබට සිහිගන් වන අතර, තවත් මෙවැනි ලිපියකින් ඔබගේ දැනුම වර්ධනය කිරිමට බලාපොරොත්තු වෙමි.

ඔබගේ අදහස් යෝජනා චොදනා අපගේ ඉදිරි ගමනට මහත් ශක්තියක් වේ.

Wednesday, January 17, 2018

සාමාන්‍ය දැනීම 04

මෙම ලිපිය මඟින් ජාත්‍යාන්තර වශයෙන් වැදගත් දින පිළිබඳ ඔබගේ දැනුම වැඩි කිරිමට අපි බලාපොරොත්තු වනවා.


151.   ජනවාරි 04
ලුවි බ්‍රෙල් දිනය


152.   ජනවාරි 06
ලෝක යුද සරණාගතයන් සඳහා වූ දිනය


153.   ජනවාරි 14
 ලෝක නිව්මොනියා දිනය

154.   ජනවාරි 15
ලෝක ආගමික දිනය


155.   ජනවාරි 26
ජාත්‍යන්තර රේගු දිනය



157.   ජනවාරි 27
සමූල ඝාතනයට ගොදුරු වූවන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනය

දෙවන ලෝක යුද සමයේ සිදුවූ සමූල ඝාතන ඛේදවාචකය සමරමින් අන්තර්ජාතික සමූල ඝාතනය වූවන් සිහි කිරීමේ ජාත්‍යන්තර දිනය ජනවාරි 27 දා සමරනු ලැබේ.

158.   ජනවාරි 28
දත්ත ආරක්ෂණ දිනය


159.   ජනවාරි 30 හෝ එදිනට ආසන්න ඉරිදා දිනය
ලොක ලාදුරු දිනය

160.   පෙබරවාරි 02
 ලෝක තෙත් බිම් දිනය 


161.  පෙබරවාරි 4
ලෝක පිළිකා දිනය

ලෝක පිළිකා දිනය යනු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා, පෙබරවාරි 4 වන දින සමරන ජාත්‍යන්තර දිනයකි. එය වැළැක්වීම, හඳුනා ගැනීම හා ප්‍රතිකාර කිරීම දිරිමත් කිරීම මෙම දිනය සැමරීමේ අරමුණයි.

162.   පෙබරවාරි 6
කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර දිනය

කාන්තා ලිංගික හිංසනය වැලැක්වීම සඳහා වන ජාත්‍යන්තර දිනය සමලිංගිකයින්ගේ ලිංගික විකසනය ඉවත් කිරීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රයත්නයේ කොටසක් ලෙස එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලද වාර්ෂික දැනුවත් කිරීමේ දිනයකි. මුලින්ම එය 2003 දී හඳුන්වා දෙන ලදී.

163.   පෙබරවාරි 13
ලෝක ගුවන් විදුලි දිනය

ලෝක ගුවන්විදුලි දිනය යනු පෙබරවාරි 13 වන දින පවත්වනු ලබන සැමරුම් දිනයකි. අප එයට ආදරය කරන්නේ ඇයිද, එය අදටත් වඩා ඉදිරියේදී අවශ්‍ය වන්නේ ඇයි යන්න මෙහිදී අවධානයට ලක්වේ.

164.   පෙබරවාරි 14
 ආදරවන්තයින්ගේ දිනය 

165.   පෙබරවාරි 20
සමාජ සාධාරණත්වය පිළිබඳ ලෝක දිනය

දරිද්‍රතාව, බැහැර කිරීම් හා විරැකියාව වැනි ගැටළු නිරාකරණය කිරීම සඳහා දරන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් දිනයකි.

166   .පෙබරවාරි 21

ජාත්‍යන්තර මව් භාෂා දිනය

ජාත්‍යන්තර මව් භාෂා දිනය (IMLD) යනු භාෂාමය හා සංස්කෘතික විවිධත්වය සහ බහුභාෂා පිළිබඳ දැනුවත් කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා පෙබරවාරි 21 වන දින පවත්වන ලද ලෝක වාර්ෂික සැමරුමකි. 1999 වසරේ නොවැම්බර් මස 17 වන දින යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කරන ලද එය, 2008 ජාත්‍යන්තර භාෂා වසර ලෙස 2008 දී ස්ථාපිත කරන ලද යෝජනාවෙහි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් නිල වශයෙන් පිළිගන්නා ලදී.

167.   පෙබරවාරි 22
ලෝක බාලදක්ෂ දිනය

168.   මාර්තු 1
වෙනස්කොට සැළකීම වැලැක්වීමේ දිනය

Zero Discrimination Day යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් ජාත්‍යන්තර සංවිධාන විසින් පවත්වනු ලබන වාර්ෂික දිනයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම සාමාජික රටවල් පුරා නීතිය හා ඓතිහාසික සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් දිනයකි.

169.   මාර්තු 3
ලෝක වනජීවී දිනය

2013 දෙසැම්බර් 20 වන දින, එක්සත් ජාතීන්ගේ 68 වැනි සැසි වාරයේදී, යෝජනා කරන ලද ලෝක වනජීවී දිනය අන්තරායට පත් වූ වනාන්තර හා ශාක විශේෂ (CITES) පිළිබඳ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතිය මාර්තු මස 3 වන දින ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තීරණය කරයි. ලෝක සත්ව වෘක්ෂලතා හා වෘක්ෂලතා පිළිබඳ දැනුවත් කිරීම හා ආරක්ෂා කිරීම මෙහි අරමුණයි.

170.   මාර්තු 04
ලිංගික අපයෝජනයට එරෙහි සටන සඳහා වූ දිනය

171.   මාර්තු 8
ජාත්‍යන්තර කාන්තා දිනය

සෑම වසරකම මාර්තු 8 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබේ. කාන්තා අයිතිවාසිකම් සඳහා වූ ව්‍යාපාරය එය සිහිපත් කරයි. මුල්ම කාන්තා දිනය සැමරීම 1909 පෙබරවාරි 28 වන දින නිව් යෝර්ක්හිදී සමාජවාදී පක්ෂයෙන් සංවිධානය කරන ලදී.

172.   මාර්තු මාසයේ දෙවැනි ඉරිදා
පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය

173.  මාර්තු 15 
 පාරිභෝගික අයිතිවාසිකම් සඳහා වූ දිනය

174.  මාර්තු 20
සන්තෝෂය පිළිබඳ ජාත්‍යන්තර දිනය

175.  මාර්තු 20
ප්‍රංශ භාෂා දිනය

එක්සත් ජාතීන්ගේ ප්‍රංශ භාෂා දිනය මාර්තු මස 20 වන දින සමරනු කරනු ලැබේ. 2010 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහජන තොරතුරු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම සැමරුම "බහුභාෂා හා සංස්කෘතික විවිධත්වය සැමරීම සඳහා මෙන්ම සියලුම නිල භාෂා 6 න් එක සමාන භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණ කරගත්තේය.

176.   මාර්තු 20
ලෝක ගේ කුරුළු දිනය

177.   මාර්තු 20
ලෝක ප්‍රීතිමත් දිනය

178.   මාර්තු 21
වාර්ගික වෙනස්කම් කිරීම් තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය

වාර්ගික වෙනස්කම් දැක්වීම තුරන් කිරීම සඳහා වන ජාත්‍යන්තර දිනය වාර්ෂිකව නිරීක්ෂණය කරනු ලැබේ.
දකුණු අප්රිකාවේ ෂාපීවිල් හි වර්ණභේදවාදී සම්මත නීතිවලට එරෙහිව සාමකාමීව විරෝධතා පැවැත්වීම නිසා 1960 මාර්තු 21 පොලීසිය විසින් වෙඩි තබා 69 දෙනෙක් ඝාතනය කළහ. ඒ අනුව 1966 දි එක්සත් ජාතීන්ගේ මහා සමුළුව සියලු ආකාරයේ වාර්ගික වෙනස්කම් අතුගා දැමීමට සිය ප්‍රයත්නය දෙගුණ කිරීමට ජාත්‍යන්තර දිනය ප්‍රකාශ කරන ලදී.

179.   මාර්තු 21
ලෝක කාව්‍ය දිනය

ලෝක කාවය දිනය මාර්තු 21 වන දින සමරනු ලබන අතර 1999 දී යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්යාත්මක හා සංස්කෘතික සංවිධානය) විසින් එය ප්‍රකාශයට පත් කරන ලදි. එහි අරමුණ වන්නේ කියවීම, ලිවීම, ප්‍රකාශන සහ ඉගැන්වීම ප්‍රවර්ධනය කිරීමයි.

180.   මාර්තු 21
ජාත්‍යන්තර වනාන්තර දිනය

2012 නොවැම්බර් මස 28 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාව මගින් මාර්තු මස 21 වැනි දින ජාත්‍යන්තර වන දින පිහිටුවන ලදී. සෑම වසරකම විවිධ වනාන්තරවල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම මෙදින අරමුණයි.

181.   මාර්තු 21 
 ලෝක නිද්‍රා දිනය

182.  මාර්තු 22
ලෝක ජල දිනය

ලෝක ජල දිනය මාර්තු 22 වන දින සැමරන වාර්ෂික උත්සවයකි. සංවර්ධනය වෙමින් පවතින රටවල්වල පිරිසිදු ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් සඳහා විශ්වීය ප්‍රවේශයේ වැදගත්කම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරයි.

184.  මාර්තු 23
ලෝක කාලගුණ විද්‍යා දිනය

185.  මාර්තු 24
ලෝක ක්ෂය රෝග දිනය

සෑම වසරකම මාර්තු 24 වන දින ලෝක ක්ෂය රෝගී දිනය සැමරීමට සැලසුම් කර ඇත්තේ, ගෝලීය වසංගත පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ය.
2012 දී මිලියන 8.6 ක ජනතාවකට ක්ෂය රෝගය වැළඳී ඇති අතර, මිලියන 1.3 ක් රෝගය නිසා බොහෝ විට තෙවන ලෝකය තුළ මිය ගියේය.

186.   මාර්තු 24
මහා මානව හිමිකම් උල්ලංඝණයන් හා ගොදුරු වූවන්ගේ ගෞරවය සම්බන්ධයෙන් සත්‍යතාව සඳහා ඇති අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය

187.   මාර්තු 25
වහල් වෙළඳාම වැලැක්වීමේ ජාත්‍යන්තර දිනය

188.   මාර්තු 25
රදවාගත් සහ අතුරුදහන් වු කාර්යමණ්ඩල සාමාජිකයන් සම්බන්ධ ජාත්‍යාන්තර සහයෝගිතා දිනය


189.   මාර්තු 27 

 ලෝක රංගශාලා දිනය
190.   අප්‍රේල් 02
ලෝක ළමා පොත් දිනය

191.   අප්‍රේල් 02

ස්ව්ච්ඡතාව (autism) පිළිබඳ දැනුවත් වීමේ ලෝක දිනය

192.   අප්‍රේල් 04
 බිම්බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ දිනය 

193.   අප්‍රේල් 06
සංවර්ධනය සහ සාමය සඳහා ක්‍රිඩාව යෝදා ගැනීම සම්බන්ධව ජාත්‍යාන්තර දිනය

194.   අප්‍රේල් 07
  ලෝක සෞඛ්‍ය දිනය 

195.   අප්‍රේල් 07
 රුවන්ඩාවේ සමූල ඝාතන සැමරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය 

196.   අප්‍රේල් 12
 ලෝක අභ්‍යවකාශ දිනය

197.   අප්‍රේල් 22
 මිහිතල දිනය 

198.   අප්‍රේල් 23 
ලෝක ග්‍රන්ථ හා ග්‍රන්ථ හිමිකම් දිනය

199.   අප්‍රේල් 23
ලෝක ඉංග්‍රිසි භාෂා දිනය

200.   අප්‍රේල් 25
 ලෝක මැලේරියා දිනය‍



අප්‍රේල් 25 පසුව යෙදෙන දින පිළිබඳව සාමාන්‍ය දැනිම මිලග කොටසින් ලගදිම බලාපොරොත්තු වන්න.
පසුගිය ලිපිය මෙතනින් බලන්න


මෙතෙක් පලවු කොටස් සියල්ලහි PDF ගොනුවකින් ඔබට අවශ්‍යනම්, ඔබගේ විද්‍යත් තුපැල් ලිපිනය කොමෙන්ටුවක් ලෙස පහලින් යොදන්න. ඔබට ජය

Saturday, January 13, 2018

ලෝක උරුම - 24 ආර්මේනියාව

ලෝක උරුම සොයා යන ගමනේදී ආර්ජන්ටිනාවට පසුව අපට හමු වෙන මිලග රාජ්‍යය ලෙස ආර්මේනියාව හැදින්විය හැකිය.
ආර්මේනියාව තුල ලෝක උරුම 03ක් ඇති අතර මෙම ලෝක උරුම 03 ම සංස්කෘතික උරුම වේ.

  1. Monasteries of Haghpat and Sanahin
කූරියිකී රාජවංශයේ (10 සිට 13 වන සියවසේ) සමෘධිමත් සමයේ ආර්මේනියාවේ ඉදිවු ගෘහනිර්මාන නිසා මෙය ලෝක උරුමයක් විය. 







02.Echmiatsin කතෝලික සභාව සහ සාජන්ට්ස් නගරයේ පුරාවිද්‍යා භූමිය

ආර්මේනියාව සතු වන දෙවන ලෝක උරුමය ලෙස මෙය හැදින්විය හැකිය.
Echmiatsin හි පල්ලියේ හා පල්ලිවල සහ සාජන්ට්ස් වල පුරාවිද්යාත්මක නෂ්ටාවශේෂයන් මගින් කලාපයේ ගෘහ නිර්මාණ ශිල්ප හා කලාත්මක සංවර්ධනය කෙරෙහි බලපෑමක් ඇති කර තිබේ. එබැවින් මෙය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.





03. ගෙගාර්ඩ් සහ ඉහළ අසාට් මිටියාවත

ආර්මේනියාවෙන් හමුවන අවසන් ලෝක උරුමය ලෙස මෙය හැදින්විය හැකිය.
ග්රෙගාර්ඩ්හි ආරාමයේ පල්ලි සහ සොහොන් ගෙවල් ගණනාවක් අඩංගු වේ. ඒවායින් බොහෝමයක් පර්වත මිටියාවතේ කපා ඇත. ආර්මේනියානු මධ්යතන යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයෙහිම උච්චතම අවස්ථාව ලෙස මෙය හැදින්විය හැකිය.  මධ්යතන යුගයේ ගොඩනැගිලි සංකීර්ණය, අසාට් මිටියාවතේ පිවිසුම් දොරටුවෙන් වට වූ කඳු මුදුනකින් වටවී තිබේ.








Friday, January 12, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1927

1927 වසරේදීද නොබෙල් සාම ත්‍යාගය දෙදෙනෙකු අතර බෙදී යන ලදී.ඔවුන් නම් ෆර්ඩිනන්ඩ් බියුසන් සහ ලුඩ්විග් ක්විඩ්ඩෙ අතරයි.

ෆර්ඩිනන්ඩ් බියුසන්


1841 දෙසැම්බර්  20 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදී උපත ලද මෙතුමාගේ මුළු ජිවිත කාලයම ප්‍රජාත්‍රන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරිමට කැපවී සිටියේය. මෙම උදාර මොහෙය හා දෙවන ලොක යුධ සමයේ ලෝක සාමය වෙනුවෙන් පෙනී සිටිම හේතුවෙන් නොබෙල් සාම සම්පානයෙන් පිදුම් ලැබුවේය.

මෙම උදාර මිනිසා 1932 පෙබරවාරි 16 වන දින මෙලොව හැර ගියේය.



ලුඩ්විග් ක්විඩ්ඩෙ

1858 මාර්තු 23 වන දින ජර්මනියේ බ්රෙමන් වල උපන් මෙතුමා හට සාමය සඳහා වූ සාමකාමී සේවය වෙනුවෙන් 1927 දී සාම ත්‍යාගය පිරිනැමීය. ඔහු ප්‍රංශයේ ෆර්ඩිනන්ඩ් බුයසන් සමඟ ත්‍යාගය සම සේ බෙදාගන්නා ලදී.

ඔහු ජාත්‍යාංතර සාම කාර්යාංශයෙහි සාමාජිකයෙක් විය. 1870-71 දී ජර්මානු හා ප්‍රංශයේ ෆ්රැන්කෝ සමග එක් වී ලෝක යද්ධයෙන් පසු ජර්මානු සතුරුකම අඩු කිරීමට වෑයම් කලේය. ලෙෘක සාමය උදෙසා මොහුගේ කැපවිම වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමි විය.

මෙම උදාර මිනිසා 1941 මාර්තු 4 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදි මෙලොව හැර ගියේය.



Thursday, January 11, 2018

නොබෙල් ත්‍යාගය - 1906

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Joseph John Thomson

02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
Henri Moissan

03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
1.Camillo Golgi

2.Santiago Ramón y Cajal



04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Giosuè Carducci