Wednesday, February 14, 2018

නොබෙල් සාම ත්‍යාගය 1931

1931 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ කාටද යන්න කියල දැනගැනීමට පෙර 1930 වසරේදි නොබෙල් සාම ත්‍යාගය  හිමිවුනේ කාටද යන්න කියල මෙතනින් ගිහින් කියවන්න.

1931 වසරේදී නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයින් දෙදෙනෙකු හට හිමිවිය.


  • ජේන් ඇඩම්ස්

1860 සැප්තැම්බර් 6 ,ඇමරිකා එක්සත් ජනපදයේ සෙඩ්වෙල් හිදි උපත ලද ජේන් ඇඩම්ස් මහත්මිය නොබෙල් සාම ත්‍යාගය හිමිවු දෙවන කාන්තාව වේ. 1919 වසරේදි සාමය සහ නිදහස සඳහා වු කාන්තා අන්තර්ජාතික ලීගය ඇය විසින් ආරම්භ කරන ලදී. මෙම සංවිධානය මඟින් සාම ගිවිසුම් ඇතිකිරිම, නිරායුධ කිරීම ආදි ලෝක සාමය ඇතිකිරිම සඳහා මහගු හෙහෙයක් සිදුකරන ලදී.පළමුවන ලෝක යුද්ධය අතරතුර, නෙදර්ලන්තයේ හේග්හි පවත්වන ලද සාම සාකච්චාවකට ඇය සහභාගි වූවාය.යුද්ධය පැවති රටවල් අතර සාමය මැදිහත් වීමට ඇමෙරිකාවේ ජනාධිපති වුඩ්රෝ විල්සන් එකඟ කර ගැනීමට නොහැකි වු බැවින් ජේන් ඇඩම්ස් ඇමෙරිකාවට එරෙහිව හඩ නැගැවාය.

මේ උදාර කාර්යය වෙනුවෙන් ජේන් ඇඩම්ස් මහත්මිය නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද අතර, මෙම උදාර කාන්තාව  1935 මැයි 19,ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ හිදි මෙලොවට සමුදෙන ලදී.

  • නිකලස් මුරේ බට්ලර්
ජේන් ඇඩම්ස් මහත්මිය සමඟ නොබෙල් සාම ත්‍යාගය බෙදාගන්නා ලද අනෙක් පුද්ගලයා නිකලස් මුරේ බට්ලර් මහතා වේ. 1862 අප්‍රේල් 02 ඇමරිකාවේදි උපත ලද මොහු  ජාත්‍යාන්තර නිතිය හා ජාත්‍යාන්තර අධිකරණය ශක්තිමත් කිරිම වෙනුවෙන් දැරු ප්‍රයත්නය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.


ලෝක සාමය වෙනුවෙන් කැපවු මෙම අභිත මිනිසා 1947 දෙසැම්බර් 07 වෙනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී මෙලොවට සමුදෙන ලදී.

0 comments:

Post a Comment