අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Wednesday, September 30, 2015

ලොව පොඩිම - පළමු දිගහැරුම

අපි අපේ බ්ලොග් එකට අලුත් මාන වලින් ලිපි ඉදිරිපත් කරිම සදහා කටයුතු කරන අතර. මිට පෙර අපි අළුතින් ආරම්භ කරන ලද ලෝකේ ලොකුම ලිපි පෙල වගේ ලෝකේ කුඩාම දේවල් ගැන ලිපි පෙලක් සම්පාදනය කිරිමට කටයුතු ආරම්භ කිරිමට සිතුනා. ඔබේ දැනුම වැඩි කර ගන්න මෙය උපකාරි වනවානම් එය අපේ සතුටක් වනවා...ඒ ගැන ඔබේ අදහස් අපි බලා පොරොත්තු වනවා.
 01. ලොව කුඩාම අලි (විශේෂ) - බෝර්නියෝ පිග්මි

02.අඩුම ජනගහනය සිටින රට - වතිකානු නගරය (ශුද්ධාසනය) 2007 වසරේ දී 821 වැසියන් සමඟ ලොව ඕනෑම රටකට කුඩාම ජනගහනය ලෙස සළකනු ඇත.

03.ලොව කුඩාම සුනඛ වර්ගය - 4 හැවිරිදි Bebe (ඇමරිකා එක්සත් ජනපදය), 17.14 සෙ.මී. දිග, උස 24,13 සෙ.මී.

04. ලොව කුඩාම රට -  වතිකානුව
05.බිම් බෝම්බ සොයා බැලීමට භාවිතාකරන කුඩාම සත්වයා- මී මැස්සා

06.උසින් අඩුම කාන්තාව - ජීවත්වන
     ජීවත් වන උසින් අඩුම කාන්තාව  දෙසැම්බර් 1993 දෙසැම්බර් 16  උපත ලැබු ඉන්දියාවේ නාග්පූර්හි ජිවත් වන ජ්යොති අමාගිවේ උස 62.8 සෙ.මී.

07.කොටම ගවයා
ඉංදියාවේ කේරලයේ Ashkay ට අයත් Manikyam ගවයා වේ. මෙම ගවයාගේ උස සෙන්ටිමිටර  61.1

08.කොටම මිනිසා
කොටම මිනිසා වන්නේ නේපාලයේ කත්මණ්ඩු වල සිටින චන්ද්රා බහදූර් ය. උස සෙන්ටිමිටර 54.6 ක් වේ.

09.මෙතෙක් උසින් අඩුම කාන්තාව
 මෙතෙක් ජිවත් වු කොටම කාන්තාව ලෙස නෙදර්ලන්තයේ විසු පොලින් හැදින්විය හැක. ඇයගේ උස සෙන්ටිමිටර 61ක් වේ. ඇය 1876.පෙබරවාරි 26 උපත ලබා 1895 මාර්තු 01 මියගොස් ඇත.

10. කෙටිම කොටළුවා (බුරුවා)
 උස අනුව කොටම බුරුවා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වල සිටින KneeHi වේ. උස සෙන්ටිමිටර 64.2 ක් වේ.


මිලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න. ඔබගේ අදහස් අපි බලාපොරොත්තු වෙමු.


Monday, September 28, 2015

ලෝක උරුම - 01

අපි අද අළුත් වැඩකට අතගහන්න පටන් ගන්නේ. මේ දවස් කිහිපයේම අළුත් ආරක ලිපි පළ කිරිම ආරම්භ කළ අපි අද ඉදන් පටන් ගන්නේ ලෝක උරුම ගැන ලිපි පෙළක් ඉදිරිපත් කරන්න.යුනෙස්කො සංවිධානය මගින් නම් කර ඇති මේ ලොක උරුමයන් අතිතයෙන් අපිට උරුම වු අතර එය අනාගතය දක්වා රැක ගත යුතු වේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යපනික, විද්යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) මනුෂ්ය වර්ගයාට කැපී පෙනෙන වටිනාකමක් ලෙස සලකනු ලොව පුරා ඇති ස්වභාවික සහ සංස්කෘතික උරුමය හඳුනා ගැනීම, ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරිම සදහා දිරිමත් කිරීමට උත්සාහ කරයි. 1972 දී යුනෙස්කෝ සංවිධානය මගින් සම්මත කරන ලද ලෝක සංස්කෘතික හා ස්වභාවික උරුමය, සුරැකීමේ  සම්මුතිය මගින් මෙය ආරම්භ විය.

මෙහි කාර්ය භාරය

  • ලෝක උරුම සම්මුතිය අත්සන් කිරීමට හා ඔවුන්ගේ ස්වභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම තහවුරු කිරීම සඳහා රටවල් දිරිමත් කිරිම.
  • ලෝක උරුම ස්ථාන නාමාවලියෙහි ඇති ඇතුළත් කිරීම 
  • ලෝක උරුම ස්ථාන කළමනාකරණ සැලසුම් ස්ථාපිත කිරීමට රාජ්‍යයන් උනන්දු කිරිම.
  •  තාක්ෂණික සහාය සහ වෘත්තීය පුහුණුව ලබාදීම මගින් ලෝක උරුම ආරක්ෂා කිරිම
  •  අනතුරේ ඇති ලෝක උරුම ස්ථාන සඳහා හදිසි ආධාර සැපයීම
  • ලෝක උරුම සංරක්ෂණය සඳහා අදාල රටේ මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  • ඔවුන්ගේ ස්වභාවික සහ සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා දේශීය ජනයාගේ සහභාගීත්වය උනන්දුකරවිම.
  • අපේ ලෝකයේ ස්වභාවික සහ සංස්කෘතික උරුමය සංරක්ෂණය ජාත්‍යන්තර සහයෝගය උනන්දු කිරිම.
මෙවැනි අරමුනු අරභයා යුනෙස්කෝ සංවිධානය මගින් ලොව පුරා ලොක උරුම ස්ථාන නම් කිරිම සිදු කරන අතර අපි ඉදිරියේදි බලාපොරොත්තු වනවා ලොව ඇති සෑම රටකම (ඇෆ්ගනිස්ථානයන් පටන් ගෙන සිම්බාබ්වේන් ඉවර වන සේ A to Z ) ඇති ලොක උරුම පිළිබද විස්තර ඔබ වෙත ගෙන එන්න..
අපිත් සමග දිගටම රැදි ඉන්න ලොක උරුම පිළිබද දැනුවත් වෙන්න.


එහෙනම් ඔයාලට සුභ දවසක්..වැඩේ ගුන ගුන දොස් තියෙනවානම් කියන්න...

මේ කථා අහල තියෙනවද? හත්වන දිගහැරුම



61. මී පැටවුන්ට බළලුන්ගේ මුත්‍රා ආඝ්‍රාණය කිරීමට සැලැස්වීමෙන් එම මීයන් පසු කාලීනව බළලුන්ට දක්වන බිය අඩු වෙයි.



62.යමෙකු සුළු දේවල් වලට පවා අධික ලෙස කොප වේනම්, එම පුද්ගලයාට අවශ්‍ය වන්නේ ආදරයයි.

63.මිනිසෙකුගේ ජිවිත කාලයේදි ඔහුගේ හදවත ලේ බැරල් මිලියන 1.5 ක් පමණ පොම්ප කරයි.

64. වසරකට තල්මසුන් විසින් මිනිසුන් 12 දෙනෙකු ඝාතනය කරන අතර පැයකට මිනිසුන් විසින් තල් මසුන් 11417 ක් ඝාතනය වේ.වසරකට මිලියන 100 ඉක්මවයි.

65. ආවර්තිතා වගුවේ "J" අකුර නැත.

66.බිමත් පුද්ගලයින්ගේ වචන වලින් 75%ක්ම ඇත්තය.

67. සෑම තත්පර 40කට වරක් පුද්ගලයෙකු සියදිවි හානි කරගයි.

68. බුවල්ලන්ට හදවත් 03ක් ඇත.

69. ඔබගේ උපන් දිනය දවසේ මිනිසුන් 153000 ක් මිය යනු ඇත.

70. ඩෙන්මාර්කයේ සිරගෙයින් පළායමෙ නිතියට පටහැනි ක්‍රියාවක් නොවේ.

Sunday, September 27, 2015

ලෝකේ ලොකුම - පළමු දිගහැරුම

හැමදාම අළුත් මානයකින් ලිපි පළ කරන අපි අද සිට අළුත් ලිපි පෙලක් ඉදිරිපත් කරන්න හිතුවා.ලෝකේ තියෙන ලොකුම දේවල්,විශාලම දේවල් ගැන තමයි කියන්න යන්නේ. ඔයාල දන්න දේවල් තියෙනවනම් අපිටත් කියන්න..මේ ගැන ඔයාලගේ අදහසුත් අපිට කියන්න..අපේ ආරම්භය හැමෝම වගේ දන්න දේවල් වලින් පටන් ගෙන ලොකේ තියෙන හැම විශාලම දෙවල් ගැනම ලිපි පළ කරන්න.

01. ලෝකේ තියෙන දිගම ගග        -  නයිල් ගග (6650Km)



02. ලෝකේ විශාලම මහද්විපය     - ආසියාව
03.ලෝකේ විශාලම රට                - රුසියාව
04. ලෝකේ විශාලතම දුපත          - ග්‍රීන් ලන්තය
06.  ලෝකේ විශාලතම සාගරය     - පැසිපික් සාගරය (ව.කි.මිලියන 179.7)
07.ලෝකේ විශාලතම මුහුද           - දකුණු චින මුහුද
08. ලෝකේ විශාලතම විල            - සුපිරියර් විල

09. ලෝකේ විශාලතම කාන්තාරය  - සහරා
10. ලෝකේ උසම දියඇල්ල            - එන්ජල් දිය ඇල්ල

අපේ අළුත් වැඩේ ගැන ඔයාලගේ අදහස් අපේ ඉදිරි ගමනට වැදගත් වනවා...මෙතනින් ගිහින් අපේ මුහුනු පොතටත් ලයික් එකක් දාන්න


Saturday, September 26, 2015

මේ කථා අහල තියෙනවද? හයවන දිගහැරුම



51. අළුත උපන් බිළිදෙකුගේ සිරුරේ ඇත්තේ ලේ කෝප්පයක පමණ ප්‍රමාණයක්.

52.යමෙකු අධික ලෙස නින්දට ඇබ්බැහි වි ඇත්නම් බොහෝවිට එයට හේතුවන්නේ, සිිතතුල ඇති ශෝකයයි.

53. 2010 වසරේ චිනය තුල ඇතිවු කිලෝමිටර 100 ක් තරම් දිග මාර්ග තදබදයක් දින 12ක් පුරා පැවති ඇත.



54.බොහෝ ‘කම්කරු කුහුඹුවෝ’ වැඩ කිරීමේදී අතිශය කම්මැලි කමක් දක්වති.

55.සාමාන්‍ය මිනිසෙකුගේ සිරැරේ ඇති ලේ සියල්ල බිමට මදුරැවන් 1200000 ක් පමණ සිටිය යුතුය.

56. යමෙකු අස්වාභාවික ලෙස ආහාර අනුභවයට ගිජුවි ඇත්නම් එයට හේතු විය හැක්කේ මානසික ආතතියයි.

57.නයගරා ඇල්ල හරහා ගිය පළමු පුද්ගලයා පසුකලෙක දොඩම් ලෙල්ලකට ලිස්සා වැටි මියගොස් ඇත.

58.ටේලර් ස්විෆ්ට් ගේ ප්‍රසංග වලට පැමිණෙන ඡායාරූප ශිල්පීන් ගන්නා ඡායාරූප එක් වරක් පමණක් පළ කර ඒවා කැමරාවෙන් මකා දමන බවට ගිවිසුම් අත්සන් කළ යුතුය.

59.ජේම්ස් හැරිසන් නැමැති පුද්ගලයා 1000 වතාවකට වඩා ලේ පරිත්‍යග කර ඇති අතර ඔහු කුඩා දරැවන් 2000000 පමණ ජිවිත බේරාගෙන ඇත.


60.යමෙකු අඩුවෙන් කථාකරන නමුදු කථාකරන විට වේගයෙන් කථා කරයිනම්,ඔහු රහස් සගවා සිටින අයෙකු විමේ සම්භාවිතාවය වැඩිය.

හත්වන දිගහැරුම ලගදිම

පස්වන දිගහැරුම මෙතනින්

Friday, September 25, 2015

ලොව ඇති වඩාත් ආකර්ශණීය ජාතික උද්‍යන 10ය.

10.Kilimanjaro ජාතික උද්‍යනය, ටැන්සානියාව

අප්‍රිකාවේ උසම කන්ද වටා ඇති මෙය නරබන්නන් වඩාත් පුදුම කරන වනජිවින් නැරබිය හැක.

09. Los Glaciares ජාතික උද්‍යනය, ආර්ජන්ටිනාව

එය ග්ලැසියරයේ ජාතික උද්‍යනය ලෙස හදුන්වනවා. හේතුවක් තියෙනවා  මේ සියල්ල හුදෙක් ග්ලැසියර විම.

08. යෙලෝස්ටෝන් ජාතික උද්‍යනය, ඇමරිකා එක්සත් ජනපදය


යෙලෝස්ටෝන් ඇත්තටම ලොව ප්රථම ජාතික උද්‍යනය (නීත්යානුකූලව කතා) වන අතර, එය ද උතුරු ඇමරිකාවේ විශාලතම යමහල් ප්රදේශයකි.

07.Pantanal Matogrossense, බ්රසීලය

ලෝකයේ විශාලතම තෙත් පරිසර පද්ධතිය හා දෙවන විශාලතම පරිසර පද්ධතිය.වනජීවී විවිධත්වය බලන්න හොඳ ස්ථානයකි.

06.බෑන්ෆ් ජාතික උද්‍යනය, කැනඩාව

රොකී කඳු ඔටුන්නක මැණිකක් ලෙස හඳුන්වනු ලබයි.

05. Iguazu ජාතික වනඋද්‍යනය, ආර්ජන්ටිනාව / බ්රසීලය

මෙය ඉහළම සංචාරක  හිතකාමී එකක් වේ.

04.Arenal ගිනි කන්ද ජාතික වනඋද්‍යනය, කොස්ටාරිකා

ලාවා, කැලෑ, සහ සැගවුන විල් මෙහි ඇත.

03.Tulum ජාතික වනෝද්යානය, මෙක්සිකෝව
මෙම නිවර්තන  වෙරළ පාරාදීසය දිගේ විසිරී  ඇති  තරමක් පුදුම මායා නටබුන් ඇත.

02. Rapa Nui ජාතික වනෝද්යානය, චිලී
එහි කඳුකර භූ විශාල ගල් පිළිම සඳහා ප්‍රසිද්ධය, පාස්කු දූපත ඔබ කවදා හෝ සංචාරය කරයිනම් වඩාත් රසවත් ජාතික වනෝද්යක් සඳහා නිවහනක් වී ඇත.

01.යෝස්මයිට් ජාතික උද්‍යනය, ඇමරිකා එක්සත් ජනපදය

හිම ශිකර කඳු මුදුන්,පතුල පැහැදිලි විල්, සහ සශ්රීක හරිත කදුකරයේන් වටවු යෝස්මයිට් උතුරු ඇමරිකාවේ ලස්සනම ජාතික උද්‍යනය අතරින් එකකි.

Wednesday, September 23, 2015

මේ කථා අහල තියෙනවද? පස්වන දිගහැරුම



41. පිරිමියෙක් තම ජිවිත කාලයෙන් අවුරැද්දක්ම කාන්තාවන් දිහා බලන්න වැය කරනවා.

42.ලිංගික සංසර්ගය කියන්නේ වේදනා නාශයකයක්.ඒ කියන්නේ ලිංගික සංසර්ගයේ යෙදෙන වෙලාවකදි ඔලුවේ කැක්කුම් වගේ පොඩි පොඩි ලෙඩවල වේදනාව ඔයාට දැනෙන්නේ නැහැ.

43.ඔරිගන් ප්‍රාන්තය තුළ ගමන් කරන මගීන්ට පමණක් ගංජා අවුන්සයක් රැගෙන ගුවන් යානයකට ගොඩ වීමට එක්සත් ජනපදයේ පෝට්ලන්ඩ් ගුවන් තොටුපල අවසර ලබා දෙයි.

44.මුහුණු පොතේ මුල්ම මුණ අල් පැචිනොය.


45.දන් දෙන සෑම ලේ පයිට් එකකින්ම ජිවිත 03ක් බේරාගැණිමට හැකියාව ඇත.

46.යමෙකු අධික ලෙස සිනාසෙයිනම්,එතරම් හාස්‍යයක් නොමැති දෙයට පවා අධික ලෙස සිනාසෙයිනම්,එයට හේතු වන්නේ තම අභ්‍යන්තරයේ රිදුම් දෙන තනිකමයි.

47.රත්තරං කන්නත් පුළුවන්.

48.තුන් වතාවක් F1 මෝටර් රථ ධාවන ලෝක ශූරතාව හිමි කර ගත් නිකි ලාව්ඩා තම මෝටර් රථය දිනපතා නොමිලේ සෝදා ගැනීම සඳහා සිය කුසලාන වාහන සෝදන ස්ථානයට පරිත්‍යාග කර ඇත.

49.සාමන්‍ය පැන්සලකින් කිලෝමිටර 56ක් පමණ දිග ඉරක් ඇදිය හැක.

50.සෑම තත්පර 2කට සැරයක් යමෙකුට ලේ අවශ්‍ය වේ.

සයවන දිගහැරුම ලගදිම බලාපොරෙත්තු වන්න..

Sunday, September 6, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 01- එදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා

අද ඉදන් අළුත් වැඩක් පටන් ගන්න හිතුවා...දැන් හැදෙන බොහොමයක් සිංදු වගේ නෙවෙයි ඉස්සර හැදුනු ගිත යම් තේරැමක්, අරැථක් තියෙනවා...සමහර ගිත ජිවිත අත්දැකිම්..මෙවැනි ගිත හැදෙන්න හේතුවන අත්දැකිම ඉදිරිපත් කරන්න හිතුව.හැබැයි මේවා මමලියපුවා නොවෙයි.කොහෙන් හෝ උපුටා ගැනිමක් බව කරුණාවෙන් සවකන්න.බලන්න පලවෙනියටම ලියන අත්දැකිම බලන්න...කොච්චර හිතට දැනෙනවාද කියලා

දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය
පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළියක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි
මහත්මයාට දීලා කියල තියෙනව
"මහත්තයෝ මේ මම ලියන අන්තිම
සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ
නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" කියල...
සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය
කියවල අහනවා
"ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල.
පිලිතුර වෙන්නෙ
"ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...
මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්.
ජීවිතෙ මොන ප්රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය
පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ
තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා...
ප්‍රෙමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න
ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිඵලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ
ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....
ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!
මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක්
තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු
ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ
කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල.
ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..!
තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඥාතියාට ගෞරව කරන්න...
ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව
දක්වන්න වෙන්නෙ
තාමගෙම ආදරණීය පෙම්වතියට.
ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය
තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ...


එදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව - සිනා පෙරූ රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ..

මෙම ලිපිය උපුටා ගත්තේ මුහුනුපොතේ සුවී පළකල ලිපියකින්

මේ කථා අහල තියෙනවද? හතරවන කොටස

ඔන්න තවත් කථා ටිකක් අරන් අද ආවා. බලන්න හොදද කියලා.මිට කලින් කොටස් මෙතනින් ගිහින් බලන්න

31.අඩි 30 ක් තරම් ගැඔුරු ජලයේදි රතු ආලෝකය නොමැති නිසා ලේ වුවද පෙනෙන්නේ කොල පැහැයටයි.

32.  ටයිටැනික් නැව හදන්න ගිය වියදමට වඩා වියදමක් ටයිටැනික් ෆිල්ම් එක හදන්න ගියා.

33. පුරුෂයෙකුගේ ශුක්‍රානු තේ හැන්දක ශුක්‍ර බීජ මිලියන 250 පමණ තියනවා.දරු උපතක් සඳහා අවශ්‍ය වන්නේ ඉන් එකක් පමණක් කියලා ඔයා දැනගෙන හිටියද?

34.2015 වසරේ ජුනි 30 තත්පරයක් අඩුවෙන් කාලේ ගෙවෙන්නේ. මේ අනුව ජූනි 30 වැනිදා මධ්‍යම රාත‍්‍රී 11 යි 59 යි තත්පර 59 ට ජූලි 1 වැනිදා උදාවනු ඇති.
35. 1911 වර්ෂයේදි මොනාලිසා චිත්‍රය හොරකම් කරන තුරු ප්‍රසිද්ධ නෑ.


36.අයිස්ලන්තය තමයි ලොව සාමකාමි රට. ඔවුන්ට හමුදාවක් නෑ.

37. රත්තරං කන්නත් පුළුවන්.

38.නොර්වේ ගනුදෙනු වලින් 5%කට පමණයි මුදල් නොට්ටු භාවිතා කරන්නේ.

39.සිකරට් එකක් බිව්වහම ආයු කාලය විනාඩි 10ක් අඩුවෙනවා.

40.වරක් සිනාසෙන විට ආයු කාලය විනාඩි 15කින් වැඩි වෙනවා.

මිලග කොටසින් ඉක්මනින්ම හමුවන්නම්...........