අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, January 23, 2016

ලොව පළමුවරට - 01

අද ඉදල අළුත් ලිපි පෙලක් ඔබ හමුවට ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා. මෙය නම් කරන්නේ ලොව පළමු වරට යනුවෙන්.එනම් යම් සොයා ගැණිමක්, යම් ක්‍රියාවක් පළමු වරට සිදුකරන ලද්දේ කවුරුන්ද  යන්න සොයා බැලිමයි.
 ඉතින් අපේ ලිපි පෙල සමග දිගටම රැදි සිටින්න.ලිපි පෙලෙහි ගුණ දොස් නිරතුරව කියා අපිව දිරිමත් කරන්න.
ලිපි පළක සැනින් ඔබ වෙත ලබා ගැනිමට


හරි එහෙනම් ලොව පළමු වරට ලිපි පෙලේ පළමු දිගහැරිම මේසේ ඉදිරිපත් කරන්නම්.

01. පළමු වරට එකම ඔලිම්පික් ගම්මානයක දෙවරක් ඔලිම්පික් තරගවලිය පැවති ඔලිම්පික් නගරය

ප්‍රංශයේ පැරිස් ඔලිම්පික් ගම්මානයේ 1900 වසරේදි හා 1924දි ඔලිම්පික් තරගවලිය පවත්වා පථම වරට දෙවරක් ඔලිම්පියක් තරගාවලිය පැවති නගරය බවට පත් විය.

02.ඔලිම්පික් තරගාවලිය ප්‍රථම රෑපවාහිනි විකාශය

1936 ජර්මනියේ බර්ලින් වල පැවති ඔලිම්පික් තරගාවලිය ප්‍රථම රෑපවාහිනිය මගින් විකාශණය කරන ලද ඔලිම්පික් තරගාවලිය වේ.

03. අපරාධ විමර්ශණය සදහා ප්‍රථම ඇගිලි සළකුණු භාවිතය
1979 පෙබරවාරි 01 වනදා ඇමරිකන් ජාතික ස්ටීවන් විලියම් බෙට්ටි ගේ ඇගලි සළකුණු ඇසුරෙන් විමර්ශණය සිදු කිරිම.

04. සැතපුම් හතරක දුරක් විනාඩි හතරකට අඩු කාලයකින් ධාවනය කළ පළමු පුද්ගලයා.

1954 මැයි 06 වැනිදා එක්සත්ජනපදයේ රොජර් බැනිස්ටර් සැතපුම් හතරක දුරක් විනාඩි හතරකට අඩු කාලයකින් ධාවනය කළ පළමු පුද්ගලයා වේ.


05. ගිම්හාන පැරා ඔලිම්පික් තරගාවලිය ප්‍රථම රෑපවාහිනි විකාශය
1976  කැනඩාවේ ටොරන්ටො වල පැවති පැරා ඔලිම්පික් තරගාවලිය ප්‍රථම වරට රෑපවාහිනියේ විකාශණය කරන ලදි.

06. අභ්‍යවකාශයේදි රූගත කරන ලද පළමු සංගීත වීඩියෝව
2013 මැයි 13 කැනඩාවේ ක්රිස් HADFIELD විසින් රෑ ගතකරන ලද සංගිත විඩියෝව ප්‍රථම අභ්‍යවකාශයේදි රූගත කරන ලද පළමු සංගීත වීඩියෝව වේ.

07. උත්තර ධ්රැවයේ පළමු ශීත ගවේෂණය
2017.12.22 MATVEY SHPARO, BORIS SMOLIN විසින් සිදුකරණ ලද ගවේශණය ප්‍රථම උත්තරත් ධ්රවයේ ගවේශණය වේ.

08.ලොව පළමු selfie
1839 .10.01 දින එක්සත් ජනපදයේ රොබට් කොර්නේලියස් විසින් ගත් සෙල්ෆි ඡායා රෑපය ලොව පළමු සෙලිෆිය වේ.

09.ලොව පළමු පාපැදිය
එක්සත් ජනපදයේ KIRKPATRICK MACMILLAN විසින් 1839-1940 වර්ෂවල නිපදවු පාපැදිය ලොව ප්‍රථම පාපැදිය වේ.

10.   FIFA ලෝක කුසලාන එකිනෙකාට එරෙහිව ක්‍රිඩා කළ පළමු සහෝදරයන් දෙදෙනා
2010 ජුනි 23 දින දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදි පැවති FIFA ලෝක කුසලාන පාපන්දු තරගයේ ගහානා රාජ්‍යය නියොජනය කරමින් Kevin-Prince Boateng හා ජර්මනිය නියොජනය කරමින් Jerome Boateng යන දෙසොහොයුරන් එකිනෙකාට එරෙහිව ක්‍රිඩාකරමින් FIFA ලෝක කුසලාන එකිනෙකාට එරෙහිව ක්‍රිඩා කළ පළමු සහෝදරයන් දෙදෙනා බවට පත්විය.

Monday, January 18, 2016

නොබෙල් සාම ත්‍යගය 1905

1905 වර්ෂයේදි පැවති නොබෙල් සාම ත්‍යගය පෙර වසර වල මෙන් නොව මෙවර ප්‍රථම වරට මෙමෙ ත්‍යගයට කාන්තාවකට උරුමකම් කිමට හැකි විය.
 1905 දි මෙය බර්තා වෙන් සට්නර් මහත්මිය හට හිමිවිය.


1843 ජුනි 09 වන දින ඔස්ට්‍රියානු අධිරාජ්‍යෙය් (වර්තමානයේ චෙක් ජනරජය) උපන් මෙතුමිය ජාත්‍යන්තර සාම කාර්යංශයේ ගරු සභාපති ලෙස හා Lay Down Your Arms කතෘ ලෙස සුවිශේෂි සේවයක් ලෝක සාමය උදෙසා සිදුකිරිම නිසා 1905 දි නොබෙල් සාම ත්‍යගයෙන් පිදුම් ලැබිය.

1914 ජුනි 21 ඔස්ට්‍රියාවේ වියාන හිදි මෙම උදාර කාන්තාව මෙලොව හැර ගියේය..



Sunday, January 17, 2016

ලෝක උරුම 10 - ඇල්ජිරියාව (Timgad)

ලෝක උරුමයන් පිළිබඳ සොයා යන අපගේ ගමනේ තුන්වන රට වන ඇල්ජිරියාවේ සිව්වන ගමනාන්තය වන්නේ Timgad වේ.
Aurès කඳු උතුරු බෑවුම් පිහිටා ඇති මෙම Timgad ක්‍රිස්තු වර්ෂ 100 දි  Trajan අධිරාජ්‍යයා විසින් හමුදා යටත් විජිතයක් ලෙස පාලනය වුවකි. මෙහි නගරය හරහා ධාවනය වන එකිනෙකට ලම්භක මාර්ග දෙක මෙන්ම ගෘහ නිර්මාණ විශිෂ්ඨ රොමානු නගර සැලසුමක කදිම උදාහරන ගෙනදෙයි.










Friday, January 8, 2016

මේ කථා අහල තියෙනවද? 18 වන දිගහැරැම

171.ලෝකයේ සර්පයින් දෂ්ඨ කිරිම් වලට වඩා වැඩි ප්‍රමාණයක් බඹරුන්, දෙඹරුන්,මි මැස්සන් දෂ්ඨ කිරිම නිසා මිය යයි.

172. මෙලොව ජනගහනයෙන් 35% කට ඔහුටම කියා බැංකු ගිණුමක් නොමැත.

173. ජොන් හැරිසන් නම් වන අයිස් ක්‍රීම් රස පරික්ෂක වරයා අයිස්ක්‍රිම් ගැලුම් මිලියන 100 ක පමණ රස පරික්ෂා කර ඇති අතර, ඔහුගේ දිවෙහි රස හදුනාගැණිමේ අංකුර ඇමරිකානු ඩොලර් මිලියනයකට රක්ෂණය කර ඇත.


174. 1912-1948 කාලයේදි චිත්‍ර ඇදිමත් ඔලිම්පික් ඉසව්වකි.

175. අත්ලාන්තික් සාගරය ෆැසිෆික් සාගරයට වඩා ලුණු රසින් වැඩිය.

176. මිනිස් ශරිරයේ ඇටකටු කොන්ක්‍රිට් වලටත් වඩා හතර ගුණයකින් ශක්තිමත්ය.

177.ලොව උපදින දරුවන් 2000 කට එක් අයකු දත් ඇතිව උපදි.

178. ලෝකයේ වැඩිපුරම තැපැල් කාර්යාල පිහිටා ඇත්තේ ඉන්දියාවේය. එය කාර්යාල 100,000 ඉක්මවයි.

179. ඒබ්‍රහම් ලින්කන් කුඩාකල සපත්තු මැසු අයෙකි..


180. සාමාන්‍ය මිනිසෙක් දිනකට 10 වතාවක්වත් සිනාසෙයි.