අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Monday, February 19, 2018

අන්තර්ජාල මුදල් - 2018 වර්ෂයේ වඩාත් ලාබදායි Fiverr gig අදහස් 100 ( දෙවන කොටස)

අද අපි අන්තර්ජාල මුදල් යටතේ කියාදෙන්න යන්නේ 2018 වර්ෂයේදී වඩාත් ලාබදායිම gig අදහස් 100 ක් ගැන. මෙමගින් අළුත් gig එකක් හදන්න පටන්ගන්නකොට ඉතා වැදගත් වෙයි.

ඔක්කොටම ඉස්සරවෙලා අන්තර්ජාල මුදල් යටතේ ෆයිවර් ගැන මිට පෙර ලියපු ලිපිය කියවලා එන්න. එතකොට හරියට නියමාකාරව Fiverr වල රෙජිස්ටර් වෙන්න හා Fiverr වෙබ් අඩවිය ගැන හොද අවබොදයක් ලබාගත හැකි වෙයි. එම ලිපිය මෙතනින් ගිහින් කියවන්න.

2018 වර්ෂයේ වඩාත් ලබදායි Fiverr gig අදහස් 100 ලිපි පෙලේ පළමු කොටස මෙතනින් ගිහින් කියවන්නහරි එහෙනම් අද වැඩේ පටන්ගනිමු.අපි මෙතනදි Fiverr වල තියෙන වඩාත් ලාබ දායි  gig අයිඩියා 100 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එය කොටස් කිහිපයකින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා.අවශ්‍යනම් ඔබට එම gig අයිඩියා එක මත click කර දැනට Fiverr සයිට් එකේ gig උදාහරණ ලෙස නැරඹිය හැකි වෙනවා.

26-CD and Album Cover Mockup
27-Logo Design
28-App Icon
29-FB Timeline Cover Photos
30-Ad Banners
31-Favicons
32-Word Cloud Image
33-Photo Touchup or Red Eye Removal
34-Simpsons or South Park Character
35-Edit Photos & Graphics
36-Turn Photos into Digital Paintings
37-Turn Image into ASCII Art
38-Turn Image into Mosaic
39-Keyword Analysis
40- Social Bookmarking
41-Expired Domain Name Research
42-Niche or Industry Research
43-Backlinks Selling
44-Send Traffic to Website
45-Submit Businesses to Listings
46-Tweet Messages to Followers
47-Social Signals
48-Twitter Followers
49-Facebook Likes
50-YouTube Views/Likes/Subs


ඉහත එක් එක් උදාහරණය හොදින් අධ්‍යනය කරල ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන කරුණු එකතු කරගන්න. හදිස්සි වෙලා gig එකක් දාන්නේ නැතිව හොදින් අධ්‍යනයකින් පසු gig එකක් දැමිම මඟින් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මිලඟ කොටසින් ලගදීම හමුවෙමු. ඔබට ජය

Friday, February 16, 2018

සාමාන්‍ය දැනීම - 08



351. වත්මන් ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක ග්‍රාම නිලධාරි වසම් ගණන: 


14022 කි. 

352. ලෝකයේ වැඩිම මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගම : 


ජපානයේ ටොයෝටා සමාගම 

353. රෝග හඳුනා ගැනීමට උපයෝගී කරගනු ලබන උපකරණය වන්නේ 


 ස්ටෙතස්කෝපය

354. විද්‍යුත් ආරෝපණ අනාවරණය කිරීමට යොදා ගනුයේ :


 ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය

355. ආලෝකය චන්ද්‍රයාගේ සිට පොළොවට වැටීමට ගතවන කාලය කොපමණද :


 තත්පර1.5

356. ඕසෝන් ස්ථරයට හානි කරන වායු 2ක් නම් :


 නයිට්‍රස් ඔක්සයිඩ්.ක්ලොරෝ ප්ලූරො කාබන්

357. ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලුම බෞද්ධයන්ගේ ආගමික කොඩිය බවට පත්වූයේ :


 ක්‍රි.ව. 1951 සිට 

358. දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ :


 ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙසය 

359. මුලින්ම එවරස්ට් කඳු මුදුන තරණය කල පකිස්ථාන ජාතික කාන්තාව : 


සමීනා බෙග් (Samina Beg) සහ ඇයගේ සහෝදරයා 

360. වත්මන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාපතිවරයා :


 වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා 

361. "දෙබිඩියෝ" වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කලේ : 


ප්‍රසන්න විතානගේ 

362. දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යයේ සැබෑ හිමිකරුවා :


 සාමාන්‍ය ජනතාව යි 

363. "දෙණි පිටියේ නුග රුක " යන කවි පන්තිය රචනා කරන ලද කිවිඳිය 


 ගජමන් නෝනා කිවිඳිය

364. ක්‍රි.ව. 1972 සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වනුයේ :


 ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා

365. මිනිසකුගේ සාමාන්‍ය ශ්වසන වේගය වනුයේ : 


විනාඩියකට වාර 16 

366. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු කැඩී වෙන්ව ගිය රාජ්‍යයන් වනුයේ :


 කසකස්තානය, කිර්ගිස්තානය, තජිකිස්තානය, උස්බෙකිස්තනාය 

367. ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය කිරීටයට යටත් කර ගන්නා ලද්දේ : 


ක්‍රි.ව. 1802 

368. පකිස්ථානයේ අගනුවර : 


ඉස්ලාමාබාද් 

369. ජ්‍යාමිතියේ පියා :


 යුක්ලීඩ් 

370. වන සතුන් රැක ගැනීමේ ලෝක සංවිධානය :


 ලෝක වන සත්ත්ව අරමුදල 

371. සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර : 


කිලෝමීටර මිලියන 150 කි 

372. ලංකාවේ උසම වේල්ල :


 වික්ටෝරියා වේල්ල උස මීටර් 122

373. ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය ආරම්භ වූ වර්ෂය :


 1931

374. ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ :


 1947-08-23

375. ප්‍රශ්වාස වාතයේ කාබන්ඩයාක්සයිඩ් ප්‍රතිශතය :


 50% 

376. කොග්ගල මහා ප්‍රාඥයා/ හෙළයේ මහා ගත්කරු :


 මාටින් වික්‍රමසිංහ

377. ලෝකයේ විශාලතම රබර් නිෂ්පාදකයා : 


මැලේසියාව 

378. ආසියාවේ ආලෝකය : 


ගෞතම බුදුන් වහන්සේ 

379. බාල දක්ෂ ව්‍යාපාරයේ පියා : 


බෙඩ්නි පවල් සාමි 

380. මනෝ විද්‍යාවේ පියා : 


සිග්මන් ප්‍රොයිඩ් 

381. බනිස් මාමා යන විරුදාවලිය ලැබුවේ :


 ඩබ්.දහනායක 

382. කදම්භ නදී නමින් හැදින්වු ගංගාව දැන් හඳුන්වන නම :


 මල්වතු ඔය

383. සිංහල රාජ වංශයේ අවසන් සිංහල රජතුමා වනුයේ :


 ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු 

384. නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි මුහුද වනුයේ: 


මළ මුහුද 

385. සිදත් සඟරාව ලියන ලද්දේ කුමන යුගය :


 දඔදෙනි යුගය

386. ඕසෝන් ස්ථරයට හානි කරන වායු :


 නයිට්‍රස් ඔක්සයිඩ්, ක්ලොරෝ ප්ලූරො කාබන් 

387. සිනහ වායුව යනුවෙන් හැඳින්වෙන වායුව :


 නයිට්‍රස් ඔක්සයිඩ් 

388. ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නායක නිල නිවස හඳුන්වන නාමය :


 ධවල මන්දිරය 

389. ආසියාවේ කළු වෙළඹ :


 සුසන්තිකා ජයසිංහ

390. ආහාර ඇඹරීමට උදව් වන්නේ : 


චාර්වක දත් 

391. ලංකාවේ පළමු ජන සංගණනය සිදුවූයේ : 


1789 දී 

392. මොරගහ කන්ද ජලාශ යෝජනා ක්‍රමයේ දී අතිරේක ජලය සැපයෙන්නේ : 


කළු ගඟ මගිනි 

393. ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය පිහිටියේ : 


මිහින්තලයේ 

394. දීපා මේතා ලෝ පතළ ක්ෂේත්‍රය වනුයේ :


 චිත්‍රපට අධ්‍යක්ෂණ ක්ෂේත්‍රය

395. විශාලත්වය අනුව අනුපිළිවෙලින් :


 රුසියාව, කැනඩාව, චීනය 

396. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ මුල්ම බීජය ආරම්භ වූයේ :


 ග්‍රීසියේ 

397. පළාත් සභා ක්‍රමය ස්ථාපිත කිරීමෙන් පසු, ආණ්ඩුකාර ධූරයකට පත් ප්‍රථම කාන්තාව, ඒ කිනම් පළාත්සභාවේ දේ?


කුමාර බාලසූරිය මහත්මියයි.  : දකුණු පළාත්සභාවේ

398. "එක්සත්ව නැගී සිටිමු " යන අදහස දෙන යන්න කිනම් රටේ මුද්දරයක මුද්‍රිතව තිබේදෑ? : 


ඇමෙරික එක්සත් ජනපදය 

399. ඒන්ජල් දිය ඇල්ල පිහිටියේ :


 වෙනිසියුලාව 

400. ලංකා පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය :

 1948 පෙබරවාරි 10

සාමාන්‍ය දැනිම මිලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න. 

මෙතෙක් පලවු කොටස් සියල්ල PDF ගොනුවකින් ඔබට අවශ්‍යනම්,මෙතනින් ගොස් ඩවුන්ලොඩ් කරගන්න. ඔබට ජය

Thursday, February 15, 2018

ලෝක උරුම - 28 ඕස්ට්‍රේලියාව

04.Lord Howe Island Group

ඕස්ට්‍රේලියාවේදී හමුවන හතරවන ලෝක උරුමය ලෙස ලෝඩ් හෝව් දුපත් පද්ධතිය දැක්විය හැකිය.හතරවෙනි කොටසට පෙර ලෝක උරුම තුන්වන කොටස මෙතනින් ගිහින් කියවන්න.

මධ්‍යධරණි මුහුදේ සිට මීටර් 2000 කට වඩා උස ගිනිකඳු වල ක්‍රියාකාරිත්වය නිසා ඇතිවු දූපත් මෙහි ඇත, මෙම දිවයින් විශ්මය ජනක භූ ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර, විශේෂයෙන් පක්ෂි විශේෂ ගණනාවක් දක්නට ලැබේ.











ලෝක උරුම ලිපි මාලාව මුල සිට මෙතින්  කියවන්න

Wednesday, February 14, 2018

නොබෙල් සාම ත්‍යාගය 1931

1931 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ කාටද යන්න කියල දැනගැනීමට පෙර 1930 වසරේදි නොබෙල් සාම ත්‍යාගය  හිමිවුනේ කාටද යන්න කියල මෙතනින් ගිහින් කියවන්න.

1931 වසරේදී නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයින් දෙදෙනෙකු හට හිමිවිය.


  • ජේන් ඇඩම්ස්

1860 සැප්තැම්බර් 6 ,ඇමරිකා එක්සත් ජනපදයේ සෙඩ්වෙල් හිදි උපත ලද ජේන් ඇඩම්ස් මහත්මිය නොබෙල් සාම ත්‍යාගය හිමිවු දෙවන කාන්තාව වේ. 1919 වසරේදි සාමය සහ නිදහස සඳහා වු කාන්තා අන්තර්ජාතික ලීගය ඇය විසින් ආරම්භ කරන ලදී. මෙම සංවිධානය මඟින් සාම ගිවිසුම් ඇතිකිරිම, නිරායුධ කිරීම ආදි ලෝක සාමය ඇතිකිරිම සඳහා මහගු හෙහෙයක් සිදුකරන ලදී.පළමුවන ලෝක යුද්ධය අතරතුර, නෙදර්ලන්තයේ හේග්හි පවත්වන ලද සාම සාකච්චාවකට ඇය සහභාගි වූවාය.යුද්ධය පැවති රටවල් අතර සාමය මැදිහත් වීමට ඇමෙරිකාවේ ජනාධිපති වුඩ්රෝ විල්සන් එකඟ කර ගැනීමට නොහැකි වු බැවින් ජේන් ඇඩම්ස් ඇමෙරිකාවට එරෙහිව හඩ නැගැවාය.

මේ උදාර කාර්යය වෙනුවෙන් ජේන් ඇඩම්ස් මහත්මිය නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලද අතර, මෙම උදාර කාන්තාව  1935 මැයි 19,ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ හිදි මෙලොවට සමුදෙන ලදී.

  • නිකලස් මුරේ බට්ලර්
ජේන් ඇඩම්ස් මහත්මිය සමඟ නොබෙල් සාම ත්‍යාගය බෙදාගන්නා ලද අනෙක් පුද්ගලයා නිකලස් මුරේ බට්ලර් මහතා වේ. 1862 අප්‍රේල් 02 ඇමරිකාවේදි උපත ලද මොහු  ජාත්‍යාන්තර නිතිය හා ජාත්‍යාන්තර අධිකරණය ශක්තිමත් කිරිම වෙනුවෙන් දැරු ප්‍රයත්නය වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.


ලෝක සාමය වෙනුවෙන් කැපවු මෙම අභිත මිනිසා 1947 දෙසැම්බර් 07 වෙනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී මෙලොවට සමුදෙන ලදී.

Tuesday, February 13, 2018

නොබෙල් ත්‍යාගය - 1910

1910 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 19098 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුනේ කාටද යන්න මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

දැන් අපි බලමු 1910 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
Johannes Diderik van der Waals


02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
Otto Wallach


03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
Albrecht Kossel


04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය
Paul Johann Ludwig Heyse


Bureau international permanent de la Paix (Permanent International Peace Bureau)

Saturday, February 10, 2018

ගිතය ලියවුනේ මෙහෙමයි - 12 මනමේ


ගිතය කිව්වට මේකනම් න්‍යට්‍යය හැදුන හැටි තමා කියන්න යන්නේ. එම ලිපිය කියවන්න පෙර ගිතය ලියවුනේ මෙහෙමයි - 12 කොටස මෙතනින් ගිහින් කියවන්න.


මහාචාර්ය එදිරිවීර **** ගැන අපි හැමෝම දන්නවනේ...........

ආයෙ අමුතුවෙන් කියන්න දෙයක්යැ.... මනමේ, සිංහබාහු නිර්මාණය කලේ ඔහුනේ....

හැබැයි මේව නිර්මාණය වෙන්න හේතුබූත වුන කරුණු තමා මේ කියන්න හදන්නෙ....

ඔන්න එතුමා විශ්වවිද්‍යාලයේ කටයුතු කරගෙන ඉන්නකොට එතුමගෙ හොදම යාළුවත් එක්ක නිතරම නාට්‍ය කටයුතුවල යෙදෙනවළු... නිතරම වගේ ගෙදරත් එනවලු ඒ යාලුව...

ඔන්න දවසක් හවස් වෙනකල් විශ්ව විද්‍යාලයේ වැඩකරපු අපේ මහාචාර්යවරය ආවලු ගෙදර ... බිරිද නෑ.... හැම තැනම බැලුවත් බිරිද නෑ.... පස්සෙ දැනගත්තලු තමන්ගෙ අර යාළුවත් එක්කම පැනල ගිහින් කියල...


හොදම වැඩේ ඒක නෙමෙයි... අපි වගේ ඇඩුවෙ නෑ... පිස්සු කෙළියෙ නෑ.... තනිවම කාරමරේ ඉදගෙන බුද්ධගමට නැඹුරුවීම හා පොත් කියවීම පමණයි කලේ... පස්සෙ තමන්ගෙ හිතේ තියෙන දුක නිවෙන්න හැදුව නාට්‍යයක්...මොකද්ද දන්නවද ? මනමේ .

හැබැයි...ව්‍යංගයෙන් සිය බිරිද ගැන, තමාගෙ හිතේ තියෙන තරහ ලස්සනට ප්‍රකාශ කරණව. ගෑනු කියන්නෙ විශ්වාස කරන්න බැරි ජාතියක්... කඩුව තියාගෙන කොපුව දෙන ජාතියක්.... ආලබස් තෙපලල වෙනඋන් එක්ක යන ජාතියක්...පෙරලෙනපිට හොදයි කියන ජාතියක්.... කොහොමද මහාචාර්යතුමාගෙ වැඩ....


දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ.....
මගෙ හද ගැබ තුල ඇතිවෙයි ආලේ......
දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ
මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ
නැතිමුත් රජසැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා නැත අන් සරනේ

හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මණමෙ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනකි හිමගිරි අරණා..

උපුටා ගැනීම www.elakiri.com

Thursday, February 8, 2018

අන්තර්ජාල මුදල් - 2018 වර්ෂයේ වඩාත් ලබදායි Fiverr gig අදහස් 100

අද අපි අන්තර්ජාල මුදල් යටතේ කියාදෙන්න යන්නේ 2018 වර්ෂයේදී වඩාත් ලාබදායිම gig අදහස් 100 ක් ගැන. මෙමගින් අළුත් gig එකක් හදන්න පටන්ගන්නකොට ඉතා වැදගත් වෙයි.

ඔක්කොටම ඉස්සරවෙලා අන්තර්ජාල මුදල් යටතේ ෆයිවර් ගැන මිට පෙර ලියපු ලිපිය කියවලා එන්න. එතකොට හරියට නියමාකාරව Fiverr වල රෙජිස්ටර් වෙන්න හා Fiverr වෙබ් අඩවිය ගැන හොද අවබොදයක් ලබාගත හැකි වෙයි. එම ලිපිය මෙතනින් ගිහින් කියවන්න.

හරි එහෙනම් අද වැඩේ පටන්ගනිමු.අපි මෙතනදි Fiverr වල තියෙන වඩාත් ලාබ දායි  gig අයිඩියා 100 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එය කොටස් කිහිපයකින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා.අවශ්‍යනම් ඔබට එම gig අයිඩියා එක මත click කර දැනට Fiverr සයිට් එකේ gig උදාහරණ ලෙස නැරඹිය හැකි වෙනවා.

1-Install WordPress & Secure It
2-Install WordPress Theme Just Like The Demo
3-WordPress Site Transfers
4-App Reviews Giving
5-Listing/Directory/Business Reviews Giving
6-Press Release Writing & Press Release Submission
7-Write Sales Copy
8-Comment on Blogs or Social Media
9-Indiegogo Campaign
10-Write Articles
11-Spin Articles
12-Edit Articles
13-Book Reviews Giving
14-Write “Terms And Conditions” or “Privacy Policy”
15-Write “About Us” Page
16-Write Resume or Cover Letter
17-Transcribe Audio/Video
18-Critique Resume
19-Translation Services
20-Article Submission
21-3D Book Mockup
22-T-Shirt Mockup
23-Product/Packaging Mockup
24-Website Mockup
25-App Mockup


.ඉහත එක් එක් උදාහරණය හොදින් අධ්‍යනය කරල ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන කරුණු එකතු කරගන්න. හදිස්සි වෙලා gig එකක් දාන්නේ නැතිව හොදින් අධ්‍යනයකින් පසු gig එකක් දැමිම මඟින් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මිලඟ කොටසින් ලගදීම හමුවෙමු. ඔබට ජය

සාමාන්‍ය දැනීම - 07

මීට පෙර පළ කරන ලද සාමාන්‍ය දැනීම 06 කොටස මෙතනින් ගිහින් බලන්න.

301.නොවැම්බර් 02
පුවත්පත් කලාවේදින්ට එරෙහි අපරාධ සඳහා දඩුවම් ලබා නොදිම අවසන් කිරිම සඳහා වු ජාත්‍යාන්තර දිනය

302. නොවැම්බර් 06
යුද්ධය සහ සන්නද්ධ ගැටුම්වලදී පරිසරය සුරාකෑම වැළැක්වීම සඳහා වු ජාත්‍යාන්තර  දිනය

303. නොවැම්බර් 08
ජාත්‍යාන්තර විකිරණවේදී දිනය

304.නොවැම්බර් 10
සාමය සහ සංවර්ධනය සඳහා විද්‍යාව යොදා ගැනිම පිළිබඳ ජාත්‍යාන්තර දිනය

305.නොවැම්බර් 12
ලෝක නිව්මොනීයා දිනය

306.නොවැම්බර් 13
දයාව සඳහා වු ලොක දිනය

307. නොවැම්බර් 14 
 ලෝක දියවැඩියා දිනය

308. නොවැම්බර් 15
සිරගත කරන ලද ලේඛකයාගේ දිනය

309.නොවැම්බර් 16
ඉවසිම සඳහා වු ජාත්‍යාන්තර දිනය

310. නොවැම්බර් 17 
ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය

311. නොවැම්බර් 19
ලෝක වැසිකිලි දිනය

312.නොවැම්බර් 20 
 විශ්ව ළමා දිනය

313.නොවැම්බර් 20 
අප්‍රිකානු කාර්මිකකරණය දිනය

314.නොවැම්බර් 21 
ලෝක රූපවාහීනි දිනය

315. නොවැම්බර් 21 
ලෝක ධිවර දිනය

316.නොවැම්බර් 21 
ලෝක හෙලෝ දිනය

317.නොවැම්බර් 25 
 කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය

318.නොවැම්බර් 25
පලස්තීන ජනතාව සමග සහයෝගීතා දිනය

319.නොවැම්බර් තුන්වන බ්‍රහස්පතින්දා
ලෝක දර්ශනවාදි දිනය

320.නොවැම්බර් තුන්වන ඉරිදා
මහාමාර්ග අනතුරුවලට ගොදුරුවුවන් සැමරිමේ ලෝක දිනය

321. දෙසැම්බර් 01 
 ලෝක ඒඩ්ස් දිනය

322. දෙසැම්බර් 02 
 වහල්භාවය අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය

323. දෙසැම්බර් 03 
 ජාත්‍යන්තර ආබාධිත දිනය

324.දෙසැම්බර් 05 
ජාත්‍යන්තර සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා වූ ස්වේච්ඡා දිනය

325.දෙසැම්බර් 05 
ලෝක පාංශු දින

326.  දෙසැම්බර් 07 
 ජාත්‍යන්තර සිවිල් ගුවන් දිනය

327. දෙසැම්බර් 09 
 ජාත්‍යන්තර දූෂණයට එරෙහි දිනය

328. දෙසැම්බර් 10 
 මානව හිමිකම් දිනය

329.දෙසැම්බර් 11
 ජාත්‍යන්තර කඳුකර දිනය

330. දෙසැම්බර් 18
ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය

331.දෙසැම්බර් 18
එක්සත් ජාතීන්ගේ අරාබි භාෂා දිනය

332.දෙසැම්බර් 20
 ජාත්‍යන්තර මානව සහයෝගීතා දිනය

333. රජයේ වියදම බෙදෙන ප්‍රධාන කොටස් 
පුනරාවර්තන හා ප්‍රාග්ධන

334. ලංකාව හා චීනය අතර ප්‍රථම ආර්ථික ගිවිසුම 
 සහල් රබර් ගිවිසුම

335.1989 දී ගාමිණී ෆොන්සේකා මහතා පාර්ලිමෙන්තුවට තේරී පත්වූයේ 
 මාතර දිස්ත්‍රික්කයෙන්

336. මහ බැංකුව පිහිටවූ වසර 
 1950

337.ජොහාන් ලොමු ප්‍රසිද්ධ ක්‍රීඩාව 
 රගර්

338.ලංකාවේ සිටි කතෝලික රජු 
දොන් ජුවන් ධර්මපාල

339.ලොව දිගම ජාතික ගීය අයත් රට 
 ග්‍රීසිය

340. උපමා කථා ලිවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් තැනැත්තා 
 ඊෂොප්

341. ඉන්දියාවේ ජාතික ගීය රචනා කළේ 
 රවින්ද්‍රනාත් තාගෝර්

342. 1945-08-06 දින හිරෝෂිමාවට හෙලන ලද පරමාණු බෝම්බය හැඳින්වු නාමය 
ලිට්ල් බෝයි හා පැට් මෑන්

343. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන්නේ 
 වසර 2 වරක්

344. ශ්‍රී ලංකාවේ අවසාන ලන්දේසි පාලකයා 
 ඇන්ගිලීබික්

345. ගව්වට සැතපුම් 
 4

346. ඩුම් ඩුම් නගරය පිහිටියේ 
 ඉන්දියාවේ

347. ලොව විශාලතම බිජු දමන පක්ෂියා 
 පැස්බරා

348. පන්සීය පනස් ජාතක කතාපොතේ අඩංගු ජාතක කතා ගණන 
 547

349. මිනිසාගේ ඉල ඇට ගණන 
 12

350.ඇෆ්ගනිස්ථානයේ භාවිතා කරනු ලබන මුදල් වර්ගය 
 ඇෆ්ගනි

සාමාන්‍ය දැනිම මිලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න.

මෙතෙක් පලවු කොටස් සියල්ල PDF ගොනුවකින් ඔබට අවශ්‍යනම්,මෙතනින් ගොස් ඩවුන්ලොඩ් කරගන්න. ඔබට ජය

Wednesday, February 7, 2018

ලෝක උරුම 27 - ඕස්ට්‍රෙිලියාව

03.විලන්ඩ්රා විල් ප්‍රදේශය

ඕස්ට්‍රෙිලියාවෙන් හමුවන තුන්වන ලෝක උරුමය විලන්ඩ්රා විල් ප්‍රදේශය වේ. ඕස්ට්‍රෙිලියාව සතු ලෝක උරුමය ගැන මිට පෙර ලියන ලද ලිපිය මෙතනින් ගිහින් බලන්න.

වසර 60000 කට පෙර මානව වර්ගයා පිළිබඳ පුරාවිද්‍යා සාක්ෂි සහිත මෙම විල් ප්‍රදේශය ඕස්ට්‍රෙිලියානු මහද්විපයේ මානව පරිනාමය පිළිබඳ අධ්‍යනය කිරිමට හොද ප්‍රදේශයක් වන අතර, සංරක්ෂණය කරන ලද ෆොසිල කිහිපයක් මෙහි දක්නට ඇත.










ලෝක උරුම ලිපි මාලාව මුල සිට මෙතින්  කියවන්න

නොබෙල් සාම ත්‍යාගය 1930

1930 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ කාටද යන්න කියල දැනගැනීමට පෙර 1929 වසරේදි නොබෙල් සාම ත්‍යාගය  හිමිවුනේ කාටද යන්න කියල මෙතනින් ගිහින් කියවන්න.

1930 වර්ෂයේදි නොබෙල් සාම ත්‍යාගය සඳහා හිමිකම් කියන ලද්දේ නාදන් සොටර්බ්ලොම්  විසිනි.මොහු‍1866 ජනවාරි 15වන දින ස්වීඩනයේ ට්රෝනෝ හිදී උපත ලැබුවේය.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබු පළමු පුජකයා ස්විඩන් ජාතික බිෂොප් නාදන් සොටර්බ්ලොම් විය. ශිෂ්‍යයෙකු ලෙස ඔහු තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA)හා ජාත්‍යාන්තර ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරය තුල ක්‍රියාකාරිව කටයුතු කලේය.

සොඩර්බෙල් සෝබෝන්හි ආචාර්ය උපාධියක් ලබාගත් අතර උප්සලා විශ්ව විද්‍යාලයෙන් දේවවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් විය. වර්ෂ 1914 දී ඔහු අගරදගුරු තනතුරට පත් විය.

පල්ලියේ නායකයෙකු වශයෙන් සාමය සඳහා පොදු ක්‍රිස්තියානි වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ඔහු මහත් උනන්දුවක් දැක්වීය. මේ උදෙසා ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.

1931  ජුලි 12  ස්වීඩනයේ  උප්සලා හිදී මෙම උතුම් මිනිසා තම ජිවිතයට සමු දුන්නේය.



නොබෙල් සාම ත්‍යාගය මුල සිට මෙතනින් ගිහින් කියවන්න

Tuesday, February 6, 2018

නොබෙල් ත්‍යාගය 1909

1909 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 1908 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුනේ කාටද යන්න මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

දැන් අපි බලමු 1909 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය


  • ගුග්ලිමෝ මාකෝනි

  • කාල් ෆර්ඩිනන්ඩ් බ්රෝන්



02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
විල්හෙල්ම් ඔස්වල්ඩ්



03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
ඉමෙල් තියඩෝර් කොචර්


04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

සෙල්මා ඔටිලියා ලෝවිසා ලැගර්ලෆ්

  • Auguste Marie François Beernaert

  • Paul Henri Benjamin Balluet d'Estournelles de Constant


නොබෙල් ත්‍යාගය මුල සිටම කියවන්න මෙතනින්
උපුටා ගැනීම www.nobelprize.org

ගිතය ලියවුනේ මෙහෙමයි 11 - රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

ගිතය ලියවුනේ මෙහෙමයි 10 වෙනි කොටස කියෙව්වද. කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.
ලක්ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?



රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා



විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා



නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!



මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි

කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.



ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!




''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''




බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.




''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''




තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.




අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.




මේ සින්දුව මෙතනින් අහන්න

උපුටා ගැනීම www.elakiri.com

Monday, February 5, 2018

අන්තර්ජාලයෙන් මුදල් හොයමු - Fiverr

අන්තර්ජාලයෙන් මුදල් හොයමු කියන මාතෘකාව යටතේ අළුතිනි ලිපි ලියන්න පටන්ගත්ත අපේ පළමු ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න කියල ආරාධනා කරනවා.


අද අපි කතා කරන්න යන්නේ Fiverr ගැන. මම හිතන විදිහට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියෙන සාර්තක ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැකිය.

කොතනින් මේ ලිපිය පටන් ගන්නේද කියල හිතනකොට Fiverr ගැන මිට ටික කාලයකට කලින් ලියපු ලිපි පෙල කියවල හිටියොත් ඔබට පහසුවෙන් මේ ගමණ යා හැකියි.

පහසුයි කිවට හිතන තරම් පහසු නෑ. තමන් සතුව නිර්මාණශීලී හැකියාවන් තියෙනවානම් ඉතා හොද දිගු ගමණක් යා හැකියි. එහෙනම් පහත ලිපි පෙල ඉතා හොදින් කියවා ඒ අනුව Fiverr  එකවුන්ට් එකක් හදාගන්න.

ලිපි පෙළ

  1. අන්තර්ජාල මුදල් - ෆියිවර්
  2. අන්තර්ජාල මුදල් - ෆියිවර් 02
  3. ෆියිවර් 03
  4. ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද?  ෆිවර් 04
  5. ෆයිවර් හි ගිගි වල traffic වැඩිකරගන්න  SEO ඉඟි  5
  6. ෆයිවර් වලට නිවාඩුවක්
මේ ලිපි පෙල හොදින් කියවල ඔයාලට Fiverr ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් Fiverr හි රෙජිස්ටර් වෙන්න.
මිලග ලිපියෙන් අපි ලියන්න යන්නේ Fiverr වල ඔයාලට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන. ඒක ඔයාලට නිර්මානාත්මක Gig දාන්න උදව් වේවි. ඔයාලගේ ප්‍රතිචාර මත මිලග ලිපිය සාර්ථකව ලියන්න පුළුවන් වේවී.
ඔබට ජය.



Sunday, February 4, 2018

ඔන්න 200 යි

මොකක්ද මේ 200.
අපිට 200 යි.  අපි බ්ලෝග් ඒකේ ලිපි 200ක් මේ වන විට පළකරල ඉවරයි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඒ ලිපි 200 ගැන ආපසු හැරිල බලන්න
මේ ලිපි 200 ලියන්න අපිට අවුරුදු හතර හමාරක වගේ දිගු කාලයක් ගතවෙලා තියෙනවා.

මෙම ලිපි 200 අතුරින් ජනප්‍රියම ලිපිය ලෙස දැනුම පොතට 01 ලිපිය හැදින්විය හැකිය.

එතෙක් මෙතෙක් අපි ඉදිරිපත් කරන ලද ලිපි 200 පහත ආකාරයෙන් පෙළ ගැස්විය හැකිය.මේ පෙළ ගැස්විම මගින් ඔබ කැමති ලිපි සොයා ගැනිමට පහසු වෙවි.
  1. . අපි ගැන
  2. නාස්තිකාර පුතාගේ රාජකිය සපත්තුව
  3. අන්තර්ජාල මුදල්
  4. මුදල් (කාසි හා නොට්ටු) නැති ලෝකයක්
  5. ඒ නවය
  6. උඩරට මැණිකේ- පරිසර චාරිකාව
  7. ඒ නවය -02
  8. හචිකෝ
  9. ඒ නවය - 03
  10. ඒ නවය 04
  11. ඒ නවය- 5 
  12. දැනුම පොතට 01 
  13. ඒ නවය - 6 වන දිගහැරැම 
  14. දිනෙන් දින
  15. දිනෙන් දින -ජනවාරි පළවෙනිදා 
  16. අන්තර්ජාල මුදල් - ෆියිවර් 
  17. අන්තර්ජාල මුදල් - ෆිවර් 02
  18. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතාඅනම් මනම්
  19. ඒ නවය 07 වන දිගහැරුම
  20. ඒ නවය 08 වන දිග හැරුම
  21. ෆියිවර් 03
  22. අයියෝ සල්ලි...
  23. පේඔනර් කාඩ් -
  24. නන්දා මාලිනිය.......
  25. මෙහෙමත් මිනිස්සු
  26. පුංචි ආංඩුවලට මොකද වෙන්නේ..
  27. ඔබගේ පරිගණකයේ හා ජංගම දුරකථනයේ එකවර background එක වෙනස් කරමු
  28. හදිසි අනතුරකින් මයිකල් ෂූමාකර් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්
  29. 2014 අවුරුද්ද අපි සුභ කරගනිමුද?
  30. ඇන්ඩ්‍රොයිඩ් ගැන ඔබ දන්නවාද?
  31. ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද? ෆිවර් 04
  32. බ්ලොග් එකෙන් මුදල් හොයමු...
  33. ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප් කේක්
  34. ඔබේ පරිගණකයෙන් 3D Film බලමු
  35. ෆයිවර් වලට නිවාඩුවක්..
  36. ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?
  37. වසකා නැසෙමුද? 
  38. ඔබගේ පරිගණකය ඔබගේ ජංගම දුරකතනයෙන් පාලනය කරමුද?
  39. ෆේස් බුක් එකෙන් මුදල් හොයමු.....
  40. ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks ටිකක්
  41. ලොව ඉදිවු විශිෂ්ඨතම නිර්මාණාත්මක හොටල් 10
  42. විකුණුම් අදායම සාමාජිකයන් අතර බෙදන social network විප්ලවය
  43. ලොව හොදම online job සදහා අැති වෙබ් අඩවි 05..
  44. ෆයිවර් හි ගිගි වල traffic වැඩිකරගන්න SEO ඉඟි 5
  45. ලෝකයේ සංචාරය කිරිමට අැති භයානකම නගර 10
  46. ඉතිහාසය තුල සිදු ඉතාම භයන්කර මහජන සංහාර 10 ය
  47. ලෝකය ලස්සන කරන අමුතුම ගස් 
  48. මල් සහ පඳුරුවලින් යුත් ලෝකයේ අැති වඩාත් සුන්දර විදි 
  49. මේ කතා අහල තියෙනවද? - පළමු කොටස 
  50. Google Earth හි ලෝකෙට නොපෙන්වන තැන් 12 ක්. 
  51. මෙන්න නූතන ලෝකයේ ඉංජිනේරුමය පුදුම 7 
  52. අපේ සුන්දරත්වය ලෝක ඇසින් -පළමු කොටස
  53. මේ කථා අහල තියෙනවද? දෙවන කොටස 
  54. අපිට සුභ උපන්දිනයක් වේවා. 
  55. අමුතුම ආකාරයේ සින්ක් ඩිසයින් 10 ක් 
  56. ලොව සුන්දර පඩිපෙලවල් 10 ක්. 
  57. මේ කථා අහල තියෙනවද? තුන්වන කොටස 
  58. ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් 10ය. 
  59. මේ කථා අහල තියෙනවද? හතරවන කොටස 
  60. ගිතය ලියවුනේ මෙහෙමයි 01- එදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා 
  61. මේ කථා අහල තියෙනවද? පස්වන දිගහැරුම
  62. ලොව ඇති වඩාත් ආකර්ශණීය ජාතික උද්‍යන 10ය.
  63. මේ කථා අහල තියෙනවද? හයවන දිගහැරුම 
  64. ලෝකේ ලොකුම - පළමු දිගහැරුම 
  65. මේ කථා අහල තියෙනවද? හත්වන දිගහැරුම
  66. ලෝක උරුම - 01 
  67. ලොව පොඩිම - පළමු දිගහැරුමඔබ දන්නවාද?
  68. මේ කථා අහල තියෙනවද? අටවන දිගහැරුම 
  69. ලෝක උරුම - ඇෆ්ගනිස්ථානය (02) 
  70. ලෝකේ ලොකුම - 02නි දිගහැරුම 
  71. මේ කථා අහල තියෙනවද? 
  72. ගිතය ලියවුනේ මෙහෙමයි 02 
  73. ලෝක උරුම (03) 
  74. ලොව පොඩිම - දෙවන දිග හැරුම
  75. ලෝකේ ලොකුම - 03 වන දිගහැරුම
  76. මේ කථා අහල තියෙනවද? 10 වන කොටස 
  77. ලෝකේ ලොකුම - 04 වන දිග හැරුම
  78. ගිතය ලියවුනේ මෙහෙමයි 03 -කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
  79. ලොව පොඩිම -03 වන දිග හැරුම 
  80. නොබෙල් ත්‍යග 01 
  81. මේ කථා අහල තියෙනවාද? 11 වන කොටසඔබ දන්නවාද? 
  82. ලෝකේ ලොකුම - 05 වන දිග හැරුම 
  83. ගිතය ලියවුනේ මෙහෙමයි 04- හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන 
  84. ලෝකේ පොඩිම - 04 වන දිගහැරුම 
  85. ලෝක උරුම 04 - ඇල්බේනියාව 
  86. මේ කථා අහල තියෙනවාද? 12 වන දිගහැරුම 
  87. ලෝකේ ලොකුම - 06 වන කොටස 
  88. ගිතය ලියවුනේ මෙහෙමයි 05 - හෙට දවසේ අපදෙදෙනා මේ වාගෙම හමු විය යුතුවේ
  89. ලෝකේ පොඩිම - 05 වන දිගහැරුමඔබ දන්නවාද? 
  90. ලෝක උරුම 05 - ඇල්බේනියාව (ඓතිහාසික මධ්‍යස්ථාන වන Berat හා Gjirokastra )
  91. නොබෙල් සාම ත්‍යගය - 1901 
  92. මේ කථා අහල තියෙනවද? - 13 වන දිගහැරුම 
  93. ලෝකේ ලොකුම -07 වන කොටස 
  94. ගිතය ලියවුනේ මෙහෙමයි 06 - මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි 
  95. ලෝකේ පොඩිම - 06 වන කොටස 
  96. ලෝක උරුම 06 - ඇල්ජීරියාව (Al Qal'a of Beni Hammad ) 
  97. නොබෙල් සාම ත්‍යගය - 1902
  98. මේ කථා අහල තියෙනවාද? 14 වන දිගහැරුම 
  99. ලොකේ ලොකුම - 08 වන කොටස 
  100. ගිතය ලියවුනේ මෙහෙමයි 07 - රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි..
  101. සියයක සතුට..අනම් මනම්, ඔබ දන්නවාද?, මට හිතෙන හැටි 
  102. 2015 වසරේ ලොව බලවත්ම පුද්ගලයින් 
  103. මේ කථා අහල තියෙනවාද? 15 වන දිග හැරුම 
  104. ගිතය ලියවුනේ මෙහෙමයි 08 - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ 
  105. ලෝක උරුම 07 - ඇල්ජිරියාව 
  106. නොබෙල් සාම ත්‍යගය - 1903 
  107. ලොව බලවත්ම පුද්ගලයින් - ව්ලැඩිමීර් පුටින් 
  108. මේ කථා අහල තියෙනවද? 16 වන දිගහැරුම 
  109. ලෝක උරුම 08 - ඇල්ජිරියාව ‍(M'Zab නිම්නය) 
  110. නොබෙල් සාම ත්‍යගය 1904 
  111. ලොව බලවත්ම පුද්ගලයින්- ඇන්ජිලා මර්කෙල් 
  112. මේ කථා අහල තියෙනවාද? 17 වන දිගහැරුම 
  113. ගිතය ලියවුනේ මෙහෙමයි 09 -පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ 
  114. ලෝක උරුම 09 - ඇල්ජිරියාව (Tassili n'Ajjer) 
  115. සාමාන්‍ය දැනුම 01ඔබ දන්නවාද? 
  116. නිමා වු 2015.... 
  117. මේ කථා අහල තියෙනවද? 18 වන දිගහැරැම 
  118. ලෝක උරුම 10 - ඇල්ජිරියාව (Timgad) 
  119. නොබෙල් සාම ත්‍යගය 1905 
  120. ලොව පළමුවරට - 01 
  121. නොබෙල් සාම ත්‍යගය 1906 
  122. ලෝක උරුම 11 - ඇල්ජිරියාව (Tipaza) 
  123. මේ කථා අහල තියෙනවාද? 19 වන දිගහැරුම 
  124. Ebay එකෙන් බඩු ගෙන්නනවාද? 5% ක වට්ටමක් ගන්න හැටි දන්නවාද? 
  125. නොබෙල් සාම ත්‍යාගය 1907 
  126. ලෝක උරුම 12 - ඇල්ජිරියාව (Kasbah of Algiers) 
  127. මේ කථා අහල තියෙනවාද? - 20 වන දිගහැරුම 
  128. නොබෙල් සාම ත්‍යගය - 1908 
  129. ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද? 
  130. ලෝක උරුම 13- ඇන්ඩෝරා ( Madriu-Perafita-Claror Valley) 
  131. මේ කථා අහල තියෙනවාද? 21 වෙනි දිගහැරුම
  132. නොබෙල් සාම ත්‍යගය 1909 
  133. ලෝක උරුම 14 - ඇන්ටිගුවා හා බාර්බුඩා (ඇන්ටිගුවා නාවික හමුදා නැව් තටාංගනය ආශ්‍රිත පුරාවිද්‍යත්මක ස්ථාන) 
  134. මේ කථා අහල තියෙනවාද? 22 වෙනි දිගහැරුම 
  135. නොබෙල් සාම ත්‍යාගය 1910 
  136. ලෝක උරුම 15 - ආර්ජන්ටිනාව (Los Glaciares National Park) 
  137. මේ කථා අහල තියෙනවද? 23 වෙනි දිගහැරුම 
  138. නොබෙල් සාම ත්‍යාගය - 1911 
  139. නොබෙල් සාම ත්‍යාගය - 1912 
  140. නොබෙල් සාම ත්‍යාගය - 1913 
  141. නොබෙල් සාම ත්‍යාගය - 1914 -1916
  142. ලෝක උරුම 16 - ආර්ජන්ටිනාව (Jesuit Missions of the Guaranis) 
  143. ලංකාවේ ප්‍රථම ජනසතු බස් රථය 
  144. EBATES එකෙන් චෙක් එකක් ගෙදරටම එව්වා- අන්තර්ජාලයෙන් මුදල් හොයමු 
  145. යකා මල 
  146. නොබෙල් සාම ත්‍යාගය - 1917 
  147. නොබෙල් සාම ත්‍යාගය 1919 
  148. ලෝක උරුම 17- ආර්ජන්ටිනාව (Iguazu ජාතික උද්‍යනය) 
  149. ලෝක උරුම 18- ආර්ජන්ටිනාව (Cueva de las Manos, Río Pinturas) 
  150. ජලය දෙබෑකරගෙන ගුවන් ගතවන මොහොත 
  151. ඖෂධ ශාක 01 - නවහන්දි 
  152. ඖෂධ ශාක 02 - විෂ්ණුක්‍රාන්ති 
  153. ඖෂධ ශාක 03 - කලාදුරු 
  154. ඖෂධ ශාක 04 - අදු ශාකය 
  155. නොබෙල් සාම ත්‍යාගය - 1920
  156. නොබෙල් සාම ත්‍යාගය - 1921 
  157. කුප්පමේණියා 
  158. නොබෙල් ත්‍යාග - 1901 
  159. පොල් පළා
  160. ඉගුරු 
  161. හාතාවාරිය 
  162. කිරි අගුණ 
  163. නොබෙල් ත්‍යාගය - 1902 
  164. මොණරකුඩුම්බිය 
  165. ඖෂධ පෑලෑටි 01 - 10
  166. නොබෙල් සාම ත්‍යාගය 1922 
  167. නොබෙල් ත්‍යාගය - 1903 
  168. ලෝක උරුම 20 - ආර්ජන්ටිනාව (Peninsula Valdés) 
  169. නොබෙල් සාමත්‍යගය - 1923 හා 1924 
  170. නොබෙල් ත්‍යාගය -1904 
  171. ලෝක උරුම 21 - ආර්ජන්ටිනාව 
  172. සුභ අලුත්අවුරුද්දක් වේවා 
  173. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 01 
  174. Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමතිද? 
  175. සාමාන්‍ය දැනීම - 01 
  176. නොබෙල් සාම ත්‍යාගය - 1925
  177. ලෝක උරුම - 22 ආජන්ටිනාව
  178. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 02 
  179. සාමාන්‍ය දැනිම - 02 
  180. නොබෙල් ත්‍යාග - 1905 
  181. නොබෙල් සාම ත්‍යාගය - 1926 
  182. ලෝක උරුම - 23 ආර්ජන්ටිනාව 
  183. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 03 
  184. සාමාන්‍ය දැනිම - 03 
  185. නොබෙල් ත්‍යාගය - 1906 
  186. නොබෙල් සාම ත්‍යාගය - 1927
  187. ලෝක උරුම - 24 ආර්මේනියාව 
  188. සාමාන්‍ය දැනීම 04 
  189. ලෝක බ්රේල් දිනය 
  190. නොබෙල් ත්‍යාගය 1907 
  191. නොබෙල් සාම ත්‍යාගය - 1928 
  192. ලෝක උරුම - 25 ඔස්ට්‍රේලියාව
  193. සාමාන්‍ය දැනීම - 05 
  194. අන්තර් ජාලයෙන් මුදල් හොයමු.
  195. ඖෂධ පැලෑටි - 11-20 
  196. ගිතය ලියවුනේ මෙහෙමයි 10 - සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි 
  197. නොබෙල් ත්‍යාගය 1908 
  198. නොබෙල් සාම ත්‍යාගය - 1929 
  199. ලෝක උරුම - 26 ඕස්ට්‍රෙිලියාව 
  200. සාමාන්‍ය දැනිම 06