අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, July 30, 2016

මේ කථා අහල තියෙනවාද? 22 වෙනි දිගහැරුම

211. ලොව මෙතෙක් වැඩිපුරම අලෙවි වු දුරකථනය Nokia 1100 දුරකථනයයි. මෙම දුරකථන මිලියන 250 ක් අලෙවි වි ඇත.

212. දාදු කැටයක ප්‍රතිවිරැද්ධ මුහුනත්වල එකතුව සෑම විටම 07 ක් වේ.

213.අපගේ නාසයට ගන්ධයන් 50000ක් මතක තබාගත හැක.

214. ලියානාඩෝ ඩාවින්චි හට එක් අතකින් යමක් ලියන ගමන් අනෙක් අතින් චිත්‍ර ඇදිය හැක.


215. කිසිම රොගයක් හට නොගන්නා සත්වයා මෝරාය. ඔවුන් සෑම රොගයකටම ප්‍රතිරෝධීය.

216. අපගේ සිරැරේ ඇති අස්ථින් වලින් 1/4 ක් ඇත්තේ පාදයේය.

217. ලොව දීර්ඝතම උමග වන්නේ ස්විස්ටර්ලන්තයේ සිට ඉතාලියට ඇල්ප්ස් කදුවැටිය යටින් වැටි ඇති කිලෝමිටර 57 ක් දිගැති  ගෝතාර්ඩ් උමගයි.

218. 2016 රියෝ ඔලිම්පික් උලෙලට ලොව වටා සිටින සරනාගතයින් අතරින් තෝරාගත් කණ්ඩායමක් තරග කරයි.

219. මුත්‍රාවල ඇති යුරියා සිගරට්වල රස වැඩි කිරිමට යොදාගනියි.

220. සෑම විටම ඔබ කිවිසුමක් යවන විට ඔබගේ හදවත මිලි තත්පරයක් නවතී.

Friday, July 29, 2016

ලෝක උරුම 14 - ඇන්ටිගුවා හා බාර්බුඩා (ඇන්ටිගුවා නාවික හමුදා නැව් තටාංගනය ආශ්‍රිත පුරාවිද්‍යත්මක ස්ථාන)

ඇන්ඩෝරා රජ්‍යෙයන් පසුව අපි ලෝක උරුම සෙයා යන ගමනේදී අපගේ මීලග රට වන්නේ ඇන්ටිගුවා හා බාර්බුඩා වේ. 
ඇන්ටිගුවා හා බාර්බුඩා සතුවද ඇත්තේ එක් ලෝක උරුමයක් පමණි. මෙයද සංස්කෘතික වශයෙන් ලොවට උරුම වු ඇන්ටිගුවා නාවික හමුදා නැව් තටාංගනය ආශ්‍රිත පුරාවිද්‍යත්මක ස්ථාන වේ.

මෙහි ජෝර්ජියානු සම්ප්‍රධායේ නාවික ගොඩනැගිලි ව්‍යුහයකින් සමන්විත වේ. ස්භවික පරිසරයේ පිහිටිම උස් බිම්,ගුහා,පහත්බිම්, නැවු පිළිසකර කිරිමේ තටාංගන ආදිය මෙහි දැකිය හැක. බ්‍රිතාන්‍යන් විසින් 18 වන ශත වර්ෂයේ අවසානයේ සිට අප්‍රිකානු වහලුන් යොදා මෙය ඉදිකර ඇත.මෙය ඉදිකර ඇත්තේ යුරෝපිය බලවතුන් කැරිබියාන් පාලනය සඳහා තරග කිරිම හා එයින් උක් වැවිලිකරුවන් ආරක්ෂා කිරිමටය.








Wednesday, July 27, 2016

නොබෙල් සාම ත්‍යගය 1909

1909 වසරේදීද නොබෙල් සාම ත්‍යගය සදහා දෙදෙනෙකු හට හමිවිය. ඔවුන් නම් Auguste Marie François Beernaert හා Paul Henri Benjamin Balluet d'Estournelles de Constant වේ.

01. Auguste Marie François Beernaert

1829 ජුලි 26 වෙනි දින බෙල්ජියමේ ඔස්ටන්ඩ් වල උපන් මෙම සාමකාමි පුද්ගලයා  Internationale d'arbitrage at the Hague හි සාමාජකයෙකු හා බෙල්ජියම් පාර්ලිමෙන්තු මන්ත්‍රි හා අගමැති වශයෙන් ලෝක සාමය උදෙසා උදාර මෙහෙයක් සිදුකලේය. ඔහු කොන්ගොවේ රජු ගෙන ගිය කෘෘර ප්‍රතිපත්ති වලට විරැද්ධව කටයුතු කලේය.
මෙම උදාර මිනිසා 1912 ඔක්තොම්බර් 6 වෙනි දින ස්විට්සර්ලන්තයේ ලුක්සර්න් හිදි මිය ගියේය.


02. Paul Henri Benjamin Balluet d'Estournelles de Constant, Baron de Constant de Rebecque



1852 නොවැම්බර් 22 දින ප්‍රංශයේ La Flèche හිදී උපත ලද මෙහු Committee for the Defense of National Interests and International Conciliation හි නිර්මාතෘ ද French parliamentary group for voluntary arbitration නිර්මාතෘ ලෙස හා ප්‍රංශ පාර්ලිමෙන්තුවේ සාමාජිකයෙකු ලෙස ලොක සාමය වෙනුවෙන් කැපවිම උදෙසා මෙම සම්මානය මොහුට හමිවිය.

1924 මැයි 15 වන දින ප්‍රංශයේ පැරිස් නුවරදි මෙහු තම දිවිගමනට සමු දුන්නේය.


මේ කථා අහල තියෙනවාද? 21 වෙනි දිගහැරුම

201. කාමරයකට යොදවන AC මැෂින් 10 ක් පැය 20 ක් ලබාදෙන සිසිලසක් එක් ගසක් ලබාදෙයි.

202. ගසක් ශබ්ද දුෂනය 40% කින් පමණ අඩු කරයි.


203. ගසක් වායු ගෝලිය දුවිලි මට්ටම 75% කින් පමණ අඩු කරයි.

204. නිෂ්පාදන 15000 කට වඩා වැඩි ප්‍රමාණයකට ගස් අමුද්‍රව්‍ය ලෙස යොදාගනි.

205. අප්‍රිකාණු අලියෙකුට ඇත්තේ දත් 4 ක් පමණි.


206. සමහර සර්පයින් ආහාර නොමැතිව අවුරුදු 2ක් පමණ සිටියි.

207. බෙල්ල සම්පුර්ණයෙන් දික් නොකර කුකුලන්ට හැඩලිය නොහැක.

208. සාමාන්‍ය ඔටුවෙකුට විනාඩි 2 කදි වතුර ලිටර 200ක් පමණ පානය කළ හැක.

209. ඔබේ සිරුරේ ඇති ජලය 1% කින් උඩුවු විට ඔබට පිපාසය දැනේ.

210. මිනිස් සිරැරේ සියලු රුධිර වාහිනී වල දිග කිලෝ මිටර 96,000 කී.

Tuesday, July 19, 2016

ලෝක උරුම 13- ඇන්ඩෝරා ( Madriu-Perafita-Claror Valley)

ලෝක උරුමයන් පිළිබදව සොයා යන මෙම ගමනේදී අපි මිලගට ගමන්හ කරන්නේ ඇන්ඩෝරා රාජ්‍යය වෙතයි.
ඇන්ඩෝරාව සතුව ඇත්තේ එක් ලොක උරුමයක් පමණි. එය Madriu-Perafita-Claror නිම්නය වේ.මෙයද ඇන්ඩෝරාවෙන් ලොවට උරුම වු සංස්කෘතික උරුමයකි.
 13 වන සියවස දක්වා දිව යන මෙහි අතීතය ග්ලැසියර් නිසා මතුවුන සුන්දර භූ රටා, වන භූමි, තෘණ බිමි පිහිටි හෙක්ටියාර 4247 ක පමණ ප්‍රදේශයක පැතිර පවති.
මෙහි ඇති සුවිශේෂි නිවාස,ගල් පිහිලි, උණු කරන ලද යකඩ ආදිය අතිත උරැමය ගැන විදහපාණු ලබයි.
 පසුගිව වසර දහස් ගණනක් පුරා මෙම නිම්නයෙන් මිනිසා ප්‍රයෝජනයට ගත් බවට සාක්ෂි ඇත. 
අතිතයේ පැවති මනා ඉඩම් කළමණාකරනය, කෘෂි හා එඩේර ගති ලක්ෂණ මෙම කදු නිම්නය තුලිනි විදහාපානු ලබයි.













Saturday, July 16, 2016

ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?

කාලෙකට පස්සේ ඊ මනි ගැන ලිපියක් පලකරන්න හිතුනා. මේක මට දැනගන්න ලැබුන විදිහට ලංකාවේ කට්ටියකගේ වැඩක්. පොඩි සහයෝගයක් හැටියට මෙම ලිපියක් පළ කරන්නේ.

ඔයාලට  පේනවා ඇති මගේ බ්ලොග් එකේ ඇඩ් කිහිපයක් පළ කරල තියෙනවා. මේවා මම කියන සයිට් එකෙන් ගත්ත ඒවා..මේවා අපේ බ්ලොග් එකේ පළ කරනවාට බ්ලොග් එකට එන සමහර පාඨකයන් විරුද්ධ වු නිසා පාඨකයන්ට අවහිර වු වෙළද දැන්විම් සියල්ල ඉවත් කිරිමට කටයුතු කරා.

හරි දැන් බලමු මොකක්ද මේ සයිට් එක කියලා. මෙතනින් මේ සයිට් එකට යන්න.  නැතින මේ සයිට් එකේ වම් පැත්තේ තියෙන මේක බැලුවද කියන තැන ක්ලික් කරල මෙම දැන්විම් වෙබ් අඩවියට යන්න.ඉන්පසු තමන්ගේ නිවැරදි විස්තර පුරවල ගිණුමක් හදාගෙන්න. හැබැයි ගිණුම හදන්න ඔනේ publisher විදිහට.


ගිණුම හදා හැදුවට පසුව මෙම වෙබ් අඩවියේ තියෙන ad code කියන ටැබ් එකෙන් තමන්ගේ බ්ලොග් එකට සුදුසු ඇඩ් එකක් හදාගෙන එය බ්ලොග් එකට ඇඩ් කරගන්න. අපිට වෙලද දැන්විම් banner හා Text  විදිහට හදාගන්න පුලුවන්. 

මමත් තාම මේකෙන් සල්ලි අතට ගත්තේ නෑ. නමුත් විශ්වාසයක් තියෙනවා මෙයින් යම් මුදලක් ලැබෙයි කියලා. ලංකාවේ වැඩක් නිසා සිංහල ඇඩ් ලැබෙන නිසා ඔයාලගේ සයිට් එක ජනප්‍රියනම් හොද ඉපයිමක් ලබාගන්න පුලුවන් වෙයි. වැඩේ හරියට තේරුනේ නැත්නම් පහලින් කොමෙන්ට් එකක් දාල අහන්න. 


නොබෙල් සාම ත්‍යගය - 1908

නොබෙල් සාම ත්‍යගය සදහා 1908 වර්ෂයේදි පුද්ගලයින් දෙදෙනෙකු හට පුදනු ලැබුවා. ඔවුන් නම් Klas Pontus Arnoldson සහ Fredrik Bajer


01.Pontus Arnoldson

1844 ඔක්තොම්බර් 27 වෙනි දින ස්විඩන් හි ගෝතම්බර්ග් හි උපත ලදි.



1814 සිට 1905 දක්වා නොර්වේ හා ස්විඩන් රාජ්‍ය නිල වසයෙන් එක්සත්ව සිටි මෙම රටවල් දෙක අතර 1895 දී යුද්ධයක් ඇතිවිමේ පෙරනිමිති පහල විය. ස්විඩනය බලය පාවිච්චි කිරිම හේතුවෙන් නොර්වේ වෘත්තිය සමිති තුල සමානත්මතාවය ඉල්ලා සිටියේය. ඔහු අවි ආයුධ භාවිතයට විරුද්ධ වු අතර ස්විඩන් සාම ව්‍යපාරයට පුරොගාමියෙක් විය. මොහුගේ මේ සාමය වෙනුවෙන් කැපවිම නිසා නොබෙල් සාම ත්‍යගය හිමිවිය.

මොහු  ස්විඩන් සාමය හා බේරුම් ලිග් නිර්මාතෘ, ස්විඩන් පාර්ලිමෙන්තු මන්ත්‍රි හා ලේකකයෙකු ලෙස කටයුතු කර ඇත.

1916 පෙබරවාරි 20 සිවිඩනයේ ස්ටොක්හොල්ම් වලදි මෙම සාමකාමි මිනිසා ලොවට සමු දුන්නේය.

02.Fredrik Bajer

1837 අප්‍රේල් 21 ඩෙන්මාර්කයේ නෙස්ට්වඩ් හි දි උපත ලද මෙහු නිතිය, ජාත්‍යන්තර සාම කාර්යංශයේ ගරු සභාපති ලෙස හා ඩෙන්මාර්ක් පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙකු ලෙස ලෝක සාමය උදෙසා උදාර මෙහෙයක් සිදුකලේය.




1864 Dano-German යුද්දයේදි හමුදා නිළධාරියෙකු ලෙස කටයුතු කල මොහු පසුව යුදුධය ගැන කල කිරි හමුදාව ඇතහැර ගියේය. එතැන් පටන් ඔහු සාමය වෙනුවෙන් කැපවි කටයුතු කරේය.1891 දි ජාත්‍යන්තර සාම කාර්යංශය පිහිටුවිමට කටයුතු කර අතර, තම බිරිද වන  Mathilde Bajer සමග එක් වි ඩෙන්මාර්කයේ කාන්තා සංගමය පිහිටුවා ගන්නා ලද අතර මෙයින් සම අයිතින් හා ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කටයුතු කලේය.

මෙවන් උදාර මෙහෙයක් කළ මෙම මිනිසාට 1908 දි නොබෙල් සාම ත්‍යගය හිමි වු අතර 1922 ජනවාරි 22  ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හිදි මිය ගියේය.






Friday, July 15, 2016

මේ කථා අහල තියෙනවාද? - 20 වන දිගහැරුම

191. ලෝකයේ දුර්ලභම දියමන්ති විශේෂය කොළ දියමන්ති වේ.

192. ගෙමැස්සෙකුගේ ජිවිත කාලය දින 10ත් -25 ත් අතර වේ.

193. ජපනුන් දුම්රියේදී හා අවන්හල් තුලදි ජංගම දුරකථන භාවිතයෙන් වැලකී සිටිනවා.


194. මිනිස් මොලයෙන් 70% ක් තිබෙන්නේ ජලයයි.

195. මිනිස් ශරිරයේ ඇට කටු කොන්ක්‍රිට් වලටත් වඩා හතරගුණයක් ශක්තිමත්.

196. ටයිටැනික් නැව ගිලෙන්න පෙර අවසන් වරට නැවැත්වුයේ අයර්ලන්තයේ Cobh වරාය තුලයි.


197. Ebay හි මුල් නම වුයේ Auction web යන නාමයයි.පසුව එය Ebay ලෙස වෙනස් විය.


198. මළ මුහුද යනු ගොඩබිම පිහිටා ඇති විශාල ජලාශයකි.

199.ලෝකයේ වැඩිපුරම ගායනා කරන ගිතය Happy Birth day ගිතයයි.

200.ඇමරිකාවේ ක්ලොරාඩෝ ප්‍රාන්තයේ ජනයාට වැහි වතුර එකතුකිරිම නිතියෙන් තහනම්ය.

Wednesday, July 13, 2016

ලෝක උරුම 12 - ඇල්ජිරියාව (Kasbah of Algiers)

ඇල්ජිරියාවේ හමුවන අවසන් ලෝක උරුම ස්ථානය ලෙස Kasbah of Algiers හැදින්විය හැකිය. මෙය අසමසම මුස්ලිම් නගරයකි. එය මධ්‍යදරණි වෙරල ආශිතව පිහිටා ඇති අතර ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ පිහිටුවා ඇත.පැරණි මුස්ලිම් පල්ලි හා ඔටෝමන් පන්නයේ මාලිගා මෙන්ම සාම්ප්‍රදායික නාගරික ගොඩනැගිලි මෙහි දැකිය හැකිය.