අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Monday, November 30, 2015

ලෝක උරුම 06 - ඇල්ජීරියාව (Al Qal'a of Beni Hammad )

ලෝක උරුමයන් පිළිබද සොයා යන ගමනේදි අපිට තුන්වෙනියට හමුවන රට විදිහට ඇල්ජිරියාව ගත හැක.
ඇල්ජිරියාව සතුව ලොක උරුම ස්ථාන 07 ක් හමුවේ.ඉන් පළමු වැන්න ලෙස Al Qal'a of Beni Hammad හැදින්විය හැකිය.

01. Al Qal'a of Beni Hammad 

අසාමාන්‍ය ලෙස අලංකාර වු කදුකර අඩවියක් වන මෙය වර්ෂ 1007 ආරම්භ කර 1152 දි කඩා දමා ඇති මෙහි සුරක්ෂිත මුස්ලිම් නගරයක අව්‍යජ චිත්‍රයක් ලබා දේ. මෙහි ඇති පල්ලිය ඇල්ජිරියාව ඇති පල්ලි වලින් විශාලම එකකි.






Sunday, November 29, 2015

ලෝකේ පොඩිම - 06 වන කොටස


46. නිවුන් උපත් අතර කෙටිම පරතරය

1995 ජුලි 10 දින එක්සත් ජනපදයේ එලන් ලූවිස් බ්රවුන් ට ඉපදුන නිවුන් දරුවන් දෙදෙනා අතර වයස් පරතරය මිනිත්තු 02 කි. මෙය ලොව කෙටිම නිවුන් උපත් අතර පරතරය වේ.

47. අයිස් කුඩාම කැබැල්ල

එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා විශ්ව විද්‍යලයේ ROGER MILLER හා KLAUS NAUTA විසින් ජල අනු 06 ක් යොදා නිර්මානය කරන ලද අයිස් කැබැල්ල ලොව කුඩාම අයිස් කැබැල්ල වේ.

48. උස අනුව කොටම සංගීත කණ්ඩායම

එක්සත් ජනපදයේ MINIROCKERZ සංගිත කණ්ඩායම ලොව කොටම සංගිත කණ්ඩායමවේ. මෙම සංගිත කණ්ඩායමේ උසෙහි සමාන්‍ය සෙනටිමිටර 132.87 ක් වේ.

49. ලොව කෙටිම කාලයක් පාලනය කළ රජු

ප්‍රංශයේ ලුවී XIX රජු 1830 ජුලි මාසයේ මිනිත්තු 20 ක් පමණක් රට පාළනය කර ඇත.




50.ලොව කුඩාම දුරකථනය

එක්සත් ජනපදයේ JAN PIOTR KRUTEWICZ විසින් නිර්මානය කරන ලද ලොව කුඩාම දුරකථනය 47.5mm x 10mm x 21mm විශාල වේ.


Saturday, November 28, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 06 - මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි



ගායනය - මර්වින් පෙරේරා

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

තමන්ගෙ විශ්ව විද්‍යාල ප්‍රේමවන්තිය හදිස්සියේ පාරෙදි මුණගැහෙනව , සුහදව ඇය හා කතාකරන රචකයා ඇය යනකල් බලාගෙන ඉන්නව එවිට ඔහුට ඇතිවෙන සංකල්පනාවක් තමා මේ ගීතයේ ගලාගෙන යන්නෙ... හරි අපි බලමු.........

සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්ය යන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. මේ ඒ ආදර කතාවේ එදා සහ අද තත්වයයි.....


මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි


ඉතින් ආදරෙන් බැදුන අපි විශ්ව විද්‍යාලයෙන් වෙන්වුනාට පසු අපි අපිවම අමතක කරල ඈත් කරල දාල... නමුත් එහෙම කලේ කමැත්තෙන් නෙමෙයි. කරන්න උනා.... ඔයා කොහෙද මම කොහෙද .... සහ අපේ ජීවිත ප්‍රශ්ණ.... අපි විශ්ව විද්‍යලයේ හිටපු කාලෙ කරපුව දැන් කරන්න බෑ... ඒක නිසා අපි වෙන් උනා නෙමෙයි වෙන් කෙරුණා. ඒ නිසා තමා මේ ගීතයේ මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි කියල යෙදෙන්නෙ....


වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා

නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා

සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා

ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා




අපි නෑ කියල නෑ... ඔයාටයි මටයි හොදට පුරුදු වැව් ඉවුර එදා වගේමයි.... නුග ගස් එදාවගේමයි... එහෙනම් ඉතින් සොදුරිය අපිටත් එදා වගේ ආදාරය කරන්න පුළුවන් නේද....? අපි එහෙනම් සරසවි බිමට යමුද? එදා වගේම ආදරයක් අපි කරමුද? නමුත් සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා......... මෙහි කදුරැල්ල කියල දක්වන්නෙ දෙදෙනාගේම විවාහ... ඉතින් අපිට ආයෙත් පෙමෙන් බැදුන්න හිතුනත්... හීන දුටුවත්.... ඒ හීන වලට ලොකු බාධාවක් තියෙනව ඒ තමා අපේ විවාහයන්... මේ විවාහයෙන් එතෙරව ඔයත් එක්ක මට යන්න හිතෙනවා සොදුරිය...... එහෙම හිතුනත් ඒ සිතිවිල්ල පාලනය වෙනව.... ඒකට හේතුව තමා පහලින් තියෙන්නෙ....

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා

සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා

ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා


මම ඔයාගෙ අත අල්ලගෙන ගියපු මේ පාරෙ දැන් මම මගේ බිරිද එක්කයි යන්නෙ. ඒක එක හේතුවක්.... නමුත් ඊට වඩා ප්රගබල වූ හේතුවක් තියෙනවා.... ඒ තමා මගේ අතැගිල්ලෙ එල්ලීඑන මගේ ලේ වලින් උපන්න මගේම පුතා. මේ විදියට යන්න අපි පතපු හැටි, මෙහෙම අපේ ළමයි ගැන අපි කතාකරපුව දැන් එකින් එක මට සිහිවෙනව...... සිතුදේ නොමවෙන... නොසිතූ දෙවල් වෙන මේ ජීවිතය හරියට හීනයක් වගේ....

හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්ය. ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේරුම්මකීර්ති කවියාණෝ මනාවට විගර්ය.හ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේරා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස්  එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.

ඔය ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් ලියලා ඉවර වෙලා, සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා කියන පදයට යටින් ඉරක් ඇදලා කිව්වලු මේ පදය තමා මේ සින්දුවේ ප්‍රබලම පදය කියලා.

ඇත්තටම තමන්ගේ ළමයෙක් එක්ක ඉන්නකොට තමුන්ගේ පරණ පෙම්වතියව හම්බ උනොත් මොනා හිතෙයිද? ඇත්තටම ලස්සන සින්දුවක්.!!!!!!!


මුහුණු පොතෙන් උපුටා ගැණිමකි....

Friday, November 27, 2015

ලෝකේ ලොකුම -07 වන කොටස

61. ලොව වඩාත් මිල අධිකම සඟරාව

එක්සත් ජනපදයේ 2009 ජුනි මස එළි දැක්වු සිමිත පිටපත් සංඛ්‍යවකින් යුතු Nomenus Quarterly සගරාව වඩාත් මිල අධික සගරාව වේ. එහි මිල ඇමරිකානු ඩොලර් 6500ක් වේ.

62. විශාලතම ඉස්කුරුප්පු නියන

ඉන්දියාවේ බිස්රොප් රෝයි චෞද්රි විසින් නිර්මානය කරන ලද මිටර 2.27 ක් දිග ඉස්කුරුප්පු නියන ලොව විශාලතම ඉස්කුරුප්පු නියන වේ.

63. ලොව උසම එළිමහන් සෝපානය

මිටර 326 ක් උස චිනයේ ZHANGJIAJIE ජාතික වන උද්‍යනයේ තිබෙන සෝපානය තමා ලොව උසම සෝපානය



64. ලොව විශාලතම ස්වභාවික පියයුරු

ඇමරිකා එක්සත් ජනපදයේ ANNIE HAWKINS ගේ පියයුරු ලොව විශාලතම පියයුරු වේ. මෙහි විශාලත්වය සෙන්ටිමිටර 177.8 ක් වේ.


65. ලොව විශාලතම බැංකුව

ලොව විශාලතම බැංකුව ලෙස චීන කර්මාන්ත හා වාණිජ බැංකුව හැදින්විය හැකි අතර එහි වත්කම ලෙස ඇමරිකන් ඩොලර් ට්රිලියන 3.1 ක් සතු වේ.

Tuesday, November 24, 2015

මේ කථා අහල තියෙනවද? - 13 වන දිගහැරුම

වෙනද ලිපිය මෙන් නොව අද අපි කියන්න යන්නේ තනි පුද්ගලයෙක් ගැන කරුණු කිහිපයක්. ඒ තමයි දකුණු අප්‍රිකාණු ක්‍රිකට් ක්‍රිඩක ඒ.බි.ඩිවිලියස් ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්. බලන්න මේ කථා අහල තියෙනවද කියලා.

121.  ඒ.බි.ඩිවිලියස් දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ රග්බි කණ්ඩායමේ හිටපු නායකයාය.

122. ඒ.බි.ඩිවිලියස් දකුණු අප්‍රිකාණු පාසල් පිහිනුම් වාර්තා 06 කට හිමිකම් කියයි.

123.   දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ මිටර් 100 දිවිමේ  වාර්තාව ඔහු සතුයි.

124. දකුණු අප්‍රිකාණු 19 න් පහල බැට්මින් ශුරයා විය.

125.  දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ හොකි කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ය.

126.  දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ පාපන්දු  කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ය.

127.  දකුණු අප්‍රිකාණු  ඩේවිස් කුසලාන ටෙනිස් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ය.

128. විද්‍යත්මක ව්‍යපෘතියකට මැන්ඩෙලා ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවෙක් ය.

129. දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකි.

130. ඒ.බි.ඩිවිලියස් දක්ෂ ගිටාර් වාදකයෙකි, අර්ධ කාලින සංගිතඥයෙකි, 2010 වර්ශයේ ගිත ඇල්බමයක් එලි දක්වා ඇත.

Monday, November 23, 2015

නොබෙල් සාම ත්‍යගය - 1901

අපි නොබෙල් ත්‍යගය පිළිබද පළකිරිමට සුදානම් වන ලිපි පෙලෙහි පළමුව නොබෙල් සාම ත්‍යගය පිළිබද ලිපි පළ කිරිමට අපි බලාපොරෙත්තු වනවා.


පළමු නෙබෙල් සාම ත්‍යගය පිරිනැමිමේ උත්සවය 1901 දෙසැම්බර් 10 වන දින පෙරවරු 10 ට පමණ නොර්වේ පාර්ලිමේන්තුවේදි පැවැත්වුන අතර මෙම උත්සවය විනාඩි 15 කට පමණ සිමා විය.

මෙම පළමු නොබෙල් සාම ත්‍යගය සදහා පුද්ගලයින් දෙදෙනෙකු හිමිකම් කියනු ලැබිය. ඔවුන් නම් ජීන් හෙන්රි ඩූනට්ටත් හා ෆෙඩ්රික් පැසේ ය.


01. ජීන් හෙන්රි ඩූනට්ටත්

1828 මැයි 8 වන දින ස්විස්ටර් ලන්තයේ ජිනිවා වල උපන්  මොහු ජාත්‍යන්තර රතුකුරුස සමාජයේ නිර්මාතෘය.මොහු විසින් සිදුකළ මානුෂිය කටයුතු හා සාම ව්‍යපාර හේතුවෙන් මෙම සම්මානය ලැබුණේය. 1910 ඔක්තොම්බර් 30 දින සිවිස්ටර්ලන්තයේ හේඞ්න් වලදි මෙම උතුම් මිනිසා මෙලොවට සමු දුන්නේය.


02. ෆෙඩ්රික් පැසේ 

1822 මැයි 20 වන දින ප්‍රංශයේ පැරිස් නුවර දි මෙලොව එළිය දුටු ෆෙඩ්රික් පැසේ  පළමු ප්‍රංශ සාම සමාජයේ නිර්මාතෘ සහ සභාපතිය.මෙම නිසා මොහුට නොබෙල් සාම ත්‍යගයට හිමිකම් කියනු ලැබිය.
1912 ජුනි 12 ප්‍රංශයේ පැරිස් නුවරදී මෙම උදාර මිනිසා මෙලොව හැර ගියාය.



මෙම ලිපි පෙලෙහි මිලග කොටස නුදුරේදිම ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර, පසුගිය ලිපිය මෙතනින් බලන්න.
මෙම ලිපිය සම්බන්ධව ඔබගේ අදහස් අප හට දක්වන්නේනම් එය අපගේ ඉදිරි ගමනට මහත් පිටුවහලක් වනු ඇත.

Sunday, November 22, 2015

ලෝක උරුම 05 - ඇල්බේනියාව (ඓතිහාසික මධ්‍යස්ථාන වන Berat හා Gjirokastra )

ඇල්බේනියාවේදි අපට හමුවන දෙවන හා අවසන් ලොක අරුමය ලෙස Berat හා Gjirokastra හදුන්වා දිය හැකිය.
 මෙහි ඔටෝමාන් අවධියේ  ගෘහ නිර්මාණ ලක්ෂණ වල දුර්ලභ උදාහරණ ඇත.
මෙය මධ්‍යම ඇල්බේනියාවේ පිහිටා ඇති අතර විවිධ ආගමික හා සංස්කෘතික ප්‍රජාවන්ගේ සියවස් ගණනාවක් පුරා පැවති සහජිවනය පිළිබිබු කෙරේ.
මෙහි ඇති ගොඩනැගිලි 13 වන සියවසට අයත් නමුත් එහි ඇරම්භය 04 වන සියවස දක්වා විහිදේ.
ප්‍රධාන වශයෙන් 13 වන සියවසට අයත් බයිසන්ටයින් පල්ලි,එමෙන්ම  1417 දී ආරම්භ කරන ලද ඔටෝමන් යුගයට අයත් මුස්ලිම් පල්ලි කාහාපයක්,17 වන සියවස තුළ සංවර්ධනය කරන ලද කැපී පෙනෙන තට්ටු දෙකේ නිවාස මාලාව මෙහි ඇති ගොඩනැගිලි ලෙස දැක්විය හැක.


















Saturday, November 21, 2015

ලෝකේ පොඩිම - 05 වන දිගහැරුම

41. ලොව කුඩාම පැරෂුටය

වර්ග මිටර 3.25 ක් වන මෙය නිපදවා ඇත්තේ ඩුබායි හි ERNESTO GAINZA විසනි.

42. ලොව කුඩාම බළලා

සෙන්ටිමිටර 7 ක් හා සෙන්ටිමිටර 17 දිග මෙම පුසා ඇමරිකා එක්සත් ජනපදයේ ස්කොට් ෆෝබ්ස් සතු TINKER TOY පුසාය.

43. ලොව කුඩාම මව

එක්සත් ජනපදයේ STACEY HERALD තම ප්‍රථම දරු උපත සිදුකල 2006 ඔක්තොම්බර් 21 දින වන විට ඇයගේ උස සෙන්ටිමිටර 72.39 ක් විය.

44. කෙටිම ටෙස්ට් තරගය

1926 ජුනි 12 දින පැවති මෙම ටෙස් තරගය වන එන්ගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවති ටෙස්ට් තරගය මිනිත්තු 50 කට සිමා වි ඇත.




45. කෙටිම වීදිය

මිටර 2.05 ක් දිග එක්සත් රාජධානියේ වින්ක් වල එෙබන්සර් විදිය ලොව කෙටිම විදිය වේ.

Thursday, November 19, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 05 - හෙට දවසේ අපදෙදෙනා මේ වාගෙම හමු විය යුතුවේ



ප්‍රියා සූරියසේනනට සිංදුවක් ලියාගන්න ඔනවෙලා ගියාලු ප්‍රේම කීර්තිද අල්විස්ගෙ ගෙදර......


හැබැයි ඉතින් නිකම් නෙමෙයි පොඩි බෝතලේකුත් අරගෙනලු ගියේ..........

කරුමෙ කියන්නෙ ප්‍රේමකීර්තිත් හදිස්සියකට ගෙදරින් එළියට යන්න ලෑස්ති වෙනවළු , මිනිහට බස් එකත් පරක්කු වෙලාළු හරිද?

ඉතින් මාර වැඩේ ප්‍රේම කීර්තිත් නියම කොල්ලනේ...... බෝතලේ දිහා බලනවළු... අතේ ඔරලෝසුව දිහා බලනවළු.... මාර අප්සට එක ..... කොළයක් අතට අරගෙන මොනවද පේලි 2,3ක් ලියල මිනිහ දිව්වළු බස් එකට.... හරි....
ප්‍රියා සූරියසේන වැඩේ කෙරුණෙ නැති නිසා අපසෙට් එකේ .... පාරට බැස්සලු ... බහින ගමන් බැලුවලු අර ලියල තියෙන පේලි 2,3 මොකද්ද කියලා.....
ඒකෙ තිබුනලු
"හෙට දවසේ..... අපදෙදෙනා.....
මේ වාගෙම හමු විය යුතුවේ.....
අද දවසේ.... මවෙත ගෙනා.....
මිහිර හෙටත් ගෙන ආ යුතුවේ.....




මුහුණු පොතෙන් උපුටා ගැණිමකි....

Monday, November 16, 2015

ලෝකේ ලොකුම - 06 වන කොටස

51. ලොව විශාලතම සංවත්සරය කේක් එක

අඑක්සත් ජනපදයේ ඇලබාමා වල EARTHGRAINS BAKERY AND RESIDENTS OF FORT PAYNE මගින් පවත් වන ලද සංවත්සරය වෙනුවෙන් 1989 ඔක්තොම්බර් 19 වන දින සාදන ලද මෙය ටොන් 58.1 ක් බර හා වර්ග අඩි 2560 ක් විශාල විය.


52. බොක්සිං සඳහා වැඩිම වාර්ෂික ආදායම ඉපයු ක්‍රීඩකයා

2013 ජුනි සිට 2014 ජුනි දක්වා එක්සත් ජනපද ඩොලර් 105,000,000 ක ආදායමක් ඉපයු ඇමරිකා එක්සත් ජනපදයේ FLOYD MAYWEATHER JR වේ.

53.  වෙන්දේසියක දී විකුණු වඩාත් මිල අධික දියමන්තිය

එක්සත් ජනපද ඩොලර් 48,468,158 කට 2015 නොවැම්බර් 11 දින ස්විස්ටර්ලන්තයේදි විකුණු මෙය නිල් දියමන්තියකි.

54. එක් චිත්‍රපට දර්ශණයකට වැඩිම පිරිසකගේ සහභාගිත්වය.

2015 ඔක්තොම්බර් 04 වන දින පිළිපිනයේ ප්‍රදශණය කරන ලද Iglesia Ni Cristo ගේ ‘Felix Manalo' චිත්‍රපටය නැරඹිම සදහා 43,624 ක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් පැමින ඇත.


55.   Minecraft එකක් මගින් දිගම ගුවන් ගමන

එක්සත් ජනපදයේ කර්ට් ජේ මැක් වසින් කිලෝමිටර 12500 ක දිගු ගමණක් ධාවනය කර ඇත.


56. විශාලතම එක් දින ගොල්ෆ් තරගාවලිය

චිනයේ MISSION HILLS GOLF CLUB මගින් 2014 ජුනි  18 වන දින පැවති මෙය සදහා තරගකරුවන් 1987 ක් සහභාගි වි ඇත.

57. විශාලතම chain saw

මිටර 6.98 ක් දිග මෙය එක්සත් ජනපදයේ Moran Iron Works මගින් නිර්මාණය කර ඇත.

58. විකිනිමට ඇති විශාලතම පීසා එක.

1m 37cm x 1m 37 cm  දිග පළල වන මෙය එක්සත් ජනපදයේ MAMA'S AND PAPA'S PIZZERIA ආයතනය විසින් නිපදවන අතර පුද්ගලයින් 50 ත් 100 ත් අතර පිරිසකට පිරිනැමිය හැක.


59. විශාලතම බැලැන්කට් වලින් සාදන ලද ආවරණය

වර්ග මිටර 306.9 ක් වන මෙය එක්සත් ජනපදයේ CHALLENGE12, MACE GROUP, BENCHMARK SCAFFOLDING, NORTH LONDON COLLEGIATE SCHOOL, BIG BOX EDUCATION විසින් සාදන ලදි.


60.  විශාලතම ශීතකරණය 

ටොන් 10080 ක් බර මෙය චුම්භක 9300ක් භාවිතා කර ඇති මෙහි පරිධිය කිලොමිටර 27 කි. ස්විස්ටර්ලන්තයේ ජිනිවා වල ඇති මෙය LARGE HADRON COLLIDER සතු වේ.

Friday, November 13, 2015

මේ කථා අහල තියෙනවාද? 12 වන දිගහැරුම

111.ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට සිදුවන සෑම මරණ 5 කින් එකක් දුම් පානය නිසා සිදුවේ.

112. ඉක්කාවක් මිනිත්තු 5 ක් පුරා පවති.

113.ජලය අයිස් බවට පත් වන විට එහි පරිමාව 9% කින් පමණ වැඩිවේ.

114.ජිවත්ව සිටින තෙක් ඔබේ ආහාර දිරවු එන්සයිම ඔබ මිය යාමෙන් දින 03 කට පසු ඔබව ආහාරයට ගනි.

115.ගුගල් සර්ච් හි 24154903 ලෙස Image search කල විට ශිතකරන ඇතුලට ඔලුව දමාගෙන සිටින මිනිසුන් වැඩි පුමාණයක් ප්‍රථිඵලය ලෙස ලැබේ.


116. ඔබ පානය කරන සෑම දුම් වැටියකින්ම ඔබගේ ආයුෂ මිනිත්තු 11 කින් අඩු කරයි.


117.බිත්තර වල සී විටමින් හැරුණු කොට අනෙකුත් සියළුම විටමින් වර්ග ඇතුලත් වේ.

118.ඔබේ හිසේ අස්ථි 22 ක් ඇත.

119. කඩදාසියක් එකම තැනින් 07 වරකට වඩා නමන විට එය එතනින් ඉරි යයි.

120.එක් දුම් වැටියක් තුල රසායන ද්‍රව්‍ය 4800 ක් පමණ ඇති අතර එයින් 69 ක් ම පිළිකා කාරක වේ.

Thursday, November 5, 2015

ලෝක උරුම 04 - ඇල්බේනියාව

ලෝක උරුම ගැන හොයාගෙන යන ගමනේදි අපිට දෙවැනියට හමුවන රට විදිහට Albania ගත හැක. මෙම රට සතුව සංස්කෘතික වශයෙන් ලොවට උරුම වු ස්ථාන දෙකක් ඇත.

01.  ඉන් පළමුවැන්න Butrint දැක්විය හැකිය.

ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට ජනාවාස පිහිටා ඇති මෙය පසුව ග්‍රීක යටත්විජිතයක්ව පැවති ඇත.වර්තමානය වන විට පුරාවිද්‍යත්මක වටිනාකමක් ඇති නගරයක් ලෙස ආරක්ෂා කර ඇත.