Monday, November 2, 2015

ලෝකේ ලොකුම - 05 වන දිග හැරුම

41. දිගම යතුරු පැදි පැනීම - (පිරිමි)

ඕස්ට්‍ර්ලියාවේ ROBBIE MADDISON විසින් මිටර 106.8ක දුරක් පැන ගිනස් වාර්තාවක් පිහිටුවා තිබේ.

42. පෙන්ගුවින් ලෙස සැරසී සිටි විශාලතම පිරිස

ලන්ඩනයේ රිචඩ් හවුස් මගින් පිහිටවු ගිනස් වාර්තාවක් වන මෙය සදහා පිරිස 373ක් සහභාගි වි ඇත.






43. හමුදා යතුරුපැදි මගින් කළ විශාලතම පෙළපාලිය

2014 ජුනි 06 වන දින ප්‍රංශයේ රොන් පියර් මගින් සංවිධානය කළ මෙය සදහා දෙවන ලෝක යුධ සමයේ නිෂ්පාදනය කරන ලද යතුරු පැදි 187 ක් සහභාගි වි ඇත.

44. වෙන්දේසියක දී විකුණු ලොව වඩාත් මිල අධික අශ්වයා

වන සංරක්ෂණ නියෝජිතයෙකු වන අයර්ලන්තයේ Demi O'Byrne සතු අස්වයකු ඇමරිකා එක්සත් ජනපද වෙන්දේසියකදි එක්සත් ජනපද ඩොලර් 16,000,000 කට විකුණිනි.

45. වඩාත් මිල අධික ඔලිම්පික් ලාංඡනය

ලන්ඩන් 2012 ඔලිම්පික් උලෙල සදහා නිර්මාණය කරන ලද ඔලිම්පික් ලාංඡනය සදහා එක්සත් රාජධානි පවුම් 4,00,000 වැය කර ඇත.

46. විශාලතම මල් කාපට් එක

වර්ග මිටර 3199.2 ක් වන මෙය කොලොම්බියාවේ Alcaldia Guayatá Boyacá මගින් නිර්මානය කර ඇත.

47. විශාලතම ආදර්ශ දුම්රිය ගබඩාව

ඇමරිකා එක්සත් ජනපදයේ CABOOSE HOBBIES INC. ආයතනය සතු මෙහි විශාලත්වය වර්ග මිටර 1728ක් වේ.

48. විශාලතම මෘදු චීස්

කිලො 180ක් බර මෙය ජර්මනියේ EDELWEISS KAESWERK හා EDELWEISS KAESEWERK නිර්මාණය කර ඇත.

49.පීසා හා සම්බන්ධ අයිතමයන් විශාලතම එකතුව

එක්සත් ජනපදයේ BRIAN DWYER විසින් විවිධ වර්ගයේ පිසා 561 ක එකතුවක් 2011 ජුලි 31 දින එක්රැස් කර ගන්නා ලදි.




50. විශාලතම අන්තර්ජාල වෙළඳ ප්‍රචාරක වෙළෙඳ නාමය

ලොව විශාලතම අන්තර්ජාල වෙලද ප්‍රචාරය සිදුකරන ආයතනය වනුයේ google වේ.එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් 1,14,000,000,000 ක් වේ.

0 comments:

Post a Comment