අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Monday, December 30, 2013

හදිසි අනතුරකින් මයිකල් ෂූමාකර් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්

ෆෝර්මියුලා ශූරතාව 7 වතාවක් ජය ගෙන සිටින සුපිරි ෆෝමියුලා ධාවරන ශූර ජර්මන් ජාතික මයිකල් ෂූමාකර් හදිසි අනතුරක් නිසා රෝහල්ගත කර තිබේ.
හිම මත ලිස්සා යාමේදී සිදු වූ අනතුරකින් පසු රෝහල්ගත කළ ෆෝමියුලා සුපිරි ධාවක මයිකල් ෂූමාකර්ගේ තත්ත්වය බරපතළ බව රෝහල් බලධාරීහු පවසති.
පසුගිය ඉරිදා සිය පුත්‍රයා සමග හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත ව සිටියදී ලිස්සා ගොස් හිස ගලක හැපීමෙන් අනතුර සිදු ව ඇත.

රෝහල්ගත කරන අවස්ථාවේදී ම ෂූමාකර් කෝමා තත්ත්වයෙන් පසු වී ඇති බැවින් මොලයේ ශල්‍යකර්මයක් සඳහා යොමු කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
අනතුර සිදු වන අවස්ථාවේ ෂූමාකර් ඔහුගේ පුත්‍රයා සමග ප්‍රංශයේ ඇල්ප්ස් කඳු ප්‍රදේශයේ හිම ක්‍රීඩාවේ යෙදෙමින් සිටි ඇත.
කෙසේ වෙතත් ඔහුගේ කළමනාකාරවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, අනතුරට ලක් වන අවස්ථාවේ ෂූමාකර් හිස් අවාරණයක් ද පැළඳ සිට ඇති බව ය.

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ පළ වූ වාර්තා වූයේ, ෂූමාකර්ගේ තත්ත්වය බරපතළ නොවන බව ය.
විදෙස් මාධ්‍ය වැඩි දුරට ත් පවසා ඇත්තේ, තමන් ට සුළු කම්පනකයක් පමණක් සිදු වූ බව පවසමින් ෂූමාකර් අනතරු සිදු වූ ස්ථානයෙන් ඉවතට ඇවිද ගොස් ගොස් ඇති බව ය.

මයිකල් ෂූමාකර්ගේ ජිවිත තොරතුරු වලින් බිදක්

මයිකල් ෂූමාකර් (1969 ජනවාරි 3 වැනිදා ජර්මනියේ හුක් හර්මුයිහයිඩ් හිදී උපත ලැබීය) හිටපු "ෆෝමියුලා වන්" ධාවකයෙක් වන අතර, ඔහු හත් වතාවක්ම ලෝක ශූරයා බවට ද පත්විය. නිල ෆෝමියුලා එක, වෙබ් අඩවියට අනුව ඔහු, “සංඛ්‍යාලේඛණාත්මකව ක්‍රීඩාව තුළ මෙතෙක් දැක ඇති විශිෂ්ටතම ධාවකයා” ලෙස සටහන් වේ. ඔහු ෆෝමියුලා එක ලෝක ශූරතාව දිනා ඇති ප්‍රථම ජර්මානු ජාතිකයා වන අතර ෆෝමියුලා එක ජර්මනියේ ජනප්‍රිය කරවීමේ ගෞරවය ද ඔහුට හිමිවේ. 2006 වර්ෂයේ දී කරන ලද FIA සමීක්ෂණයේ දී, මයිකල් ෂූමාකර් ෆෝමියුලා එක රසිකයන් අතර වඩාත්ම ජනප්‍රිය ධාවකයා ලෙස ඡන්ද ලබා තිබුණි.

බෙනීටන් සමඟ ශූරතා 2ක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව, ෂූමාකර් 1996 දී ෆෙරාරි කණ්ඩායම වෙත මාරු වූ අතර, එහිදී වර්ෂ 2000 සිට 2004 කාලය තුළ ධාවක නාමයන් 5ක් අනුපිළිවෙලින් දිනා ගත්තේය. ෂූමාකර් ෆෝමියුලා එක අංශයේ බොහෝ තරඟ වාර්තා පිහිටුවා ඇත. ඒ අතරට වැඩිම ධාවක ශූරතාවය, තරඟ ජයග්‍රහණ, වැඩිම වේග වටරවුම්, පෝල් ස්ථාන, එකතු කර ගත් ලකුණු සහ තනි වාරයක දී වැඩිම තරඟ ජයග්‍රහණ ඇතුළත් වේ. සම්පූර්ණ පෝඩියම් අවසාන ලබා ගත් ප්‍රථම සහ එකම ෆෝමියුලා එක ධාවකයා ෂූමාකර් වේ (2002). ඔහුගේ ධාවනය සමහර අවස්ථාවල දී මත භේදයට තුඩු දුන්නේය. ඔහු දෙවරක් ගැටුම්වලට පත් වූ අතර එමඟින් ලෝක ශූරතාවයේ ප්‍රතිඵලය ද තීරණය විය. 1997 ලෝක ශූරතාවයේ දී ජේක්ස් විලනෙව් සමඟ වූ ගැටුමක් නිසා ඔහු තරඟයෙන් ඉවත් කෙරිණි.


2006 වර්ෂයේ ෆෝමියුලා එක තරඟවටය අවසන් වීමෙන් පසුව ෂුමාකර් රේස් ධාවනයෙන් විශ්‍රාම ගත්තේය.

ක්‍රීඩාවට අමතරව ෂූමාකර් UNESCO සංවිධානයේ තනාපතිවරයකු හා රියදුරු ආරක්ෂාව සඳහා කතා නියෝජිතයකු ලෙස කටයුතු කරයි. ඔහු ජීවිත කාලය පුරා විවිධ මානුෂීය ක්‍රියාකාරකම්හි නිරතව සිටින්නෙකි. ඔහු ලන්දේසි Tourenwagen Masters රියදුරු රැල්ෆ් ෂූමාකර්ගේ වැඩිමහල් සහෝදරයාය.

ඔහු දැනට 2008 ෂුඩරියා ෆෙරාරි F1 කණ්ඩායම සඳහා උපදේශකවරයෙක් හා විශේෂ පරීක්ෂක රියදුරෙකු ලෙස කටයුතු කරයි.

ජාතිය                                  ජර්මන්
වර්තමාන කණ්ඩායම           ෆෙරාරි
ෆෝමියුලා අංශයේ ලෝක ශූරතා ඉතිහාසය පළමු ජයග්‍රහණය
තරඟ ශූරතා              77 (1994, 1995, 2000, 2001, 2002, 2003, 2004)


ජයග්‍රහණ                  91 Podium finishes 154

පෝල් ස්ථාන            68

Career points           1,369

වැඩිම වට රවුම්          76

පළමු තරඟය             1991 Belgian Grand Prix
                                 1992 Belgian Grand Prix

            විකිපිඩියා


Sunday, December 29, 2013

ඔබගේ පරිගණකයේ හා ජංගම දුරකථනයේ එකවර background එක වෙනස් කරමු

අද මං හිතුවා  මේ බ්ලොග් එකෙන් ලියපු නැති ශේෂ්ත්‍රයක ලිපියක් ලියන්න.. හොදද කියලා කට්ටිය කියන්න.
මේක මේ එච්චර මහ ලොකු ‍දෙයක් නෙවෙයි.ගොඩක් දෙනෙක් මේක දන්නවා.දන්නේ නැති අයත් ඇති කියල හිතලා තමා මේක ලියන්නේ.
අපේ ගොඩ දෙනෙක් දවසේ වැඩිපුර වේලාවක් ගතකරන්නේ computer එක ඉස්සරහ.ඉතින් මේකේ ඉස්සරහ සමහර විට ඒකාකාරි විදිහට වැඩ කරනකොට ඒපාවෙනවානේ. ඒකටම මේකේ වොල් පේපර් එකත් හැමදාම එකම දෙයක් තියෙන විට මේ ඒකාකාරි බව තවත් වැඩි වෙනවා.
කොහොමද මේ computer එකේ වොල්පේපර් එක දවසින් දවස එක එක පින්තුර ස්වංක්‍රියව වෙනස් වෙනවානම්. සමහර විට මේක අපේ විඩාව මදකට නැතිකරන්න පුලුවන්.

මෙම පහසුකම බින්ග් සර්ච් එන්ජින් සේවය සපයන මයික්‍රොසොෆ්ට් සමාගම මගින් මෙය ලබාදෙනු ලබන අතර, එක් එක් දිනයකට විශේෂිත කරුණක් මත පින්තුර වෙනස් කරනු ලබනවා.
ඊට පස්සේ මේ සෙටප් එක ඔබගේ පරිගණකයට ඉන්ස්ට්‍රොල් කර ගන්න. ඊට පස්සේ දිනපතා ඔබගේ කොම්පියුටරේ වොල් එක ලස්සන පින්තුරයකින් සැරසි තියෙයි.

මේම සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන සදහාද මෙම පහසුකම ලබා දෙනු ලැබේ.ඔබගේ පරිගණකයට ලබාදෙන ඡායා රූපයම ඔබගේ ජංගම දුරකථනයටද ලබාදේ.මේ සදහා ඔබගේ ජංගම දුරකථනයේ play store වෙත ගොස් Bing desktop  යන්න සර්ච් කර අදාල ඇප්ලිකේෂන් එක  download කර ස්ථාපිත කර ගැනිමෙන් ඔබගේ ජංගම දුරකථනයටද මෙම පහසුකම ලබාගත හැක.

ඉදිරියේදිද පරිගණක තාක්ෂණය නව අංග පිළිබද ලිපි ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එයට මුලාරම්භයක් ලෙස මෙම ඉදිරිපත් කළ ලිපිය පිළිබද ඔබගේ අදහස දක්වන්නේනම් එය අපිට ඉදිරි ලිපි සදහා පිට්වහලක් වෙයි.

Saturday, December 28, 2013

පුංචි ආංඩුවලට මොකද වෙන්නේ...

මගේ බ්ලොග් එකෙන් අද ඉදන් අලුත් මාතෘකාවක් කතාකරන්න හිතුනා...මේක අපි හැමදෙනාටම එක එක විදිහට බලපාන මාතෘකාවක්...මෙය ලියන්නේ හැබැයි මට හිතන දේ විතරයි..කාටවත් පහරක් ගහන්නවත් හෝ දේශපාලන වාසි ගන්නවත් නෙවෙයි.
මේ දවස් වල බොහො දෙනෙක් කතාවෙන මාතෘකාවක් ගැනයි කතාකරන්න හිතුවේ..හැමදාම නිවුස් අහනකොට අද අහවල් ප්‍රාදේශය සභාව නැත්තම් අහවල් නගර සභාවේ අයවැය ඡන්දය පරාජය වුන බව අසන්නට ලැබෙනවා.

මෙච්චර කාලයකට නොතිබුන එකවරම මෙම රැල්ලක් වගේ අයි මේ අයවැය පරාජය වෙන්නේ.
මෙයට මුලික හේතුව වන්නේ මෙම වර්ශයේ මුලභගයේ හදුන්වාදුන් පළාත්පාලන ඡන්දවිමසිමේ පනතේ සංශෝධන මගින් පළාත්පාලන ආයතනයක අයවැය දෙවරක් පරාජය වුවහොත් එම පළාත්පාලන ආයතනයේ සභාපති හට එම දුරය අහිමිවිමයි.
ඇයි මේ පළාත්පාලන ආයතනවල ඡන්දය පරාජයවිමට හේතු
ප්‍රධානවශයෙන් පෙනි යන්නෙ මෙයට හේතුවන්නේ තම පුද්ගලික අමනාපකම් නිසා මෙම අයවැයන් පරාජය කිරිම් බොහො තැන්වල සිදුවි ඇති බවයගග එමෙන්ම සමහර පළාත්පාලන ආයතන වල සභාපති වරුන් තම පොදු අරමුදල මගින් සිදුකරන ව්‍යපෘති සදහා තම සහොදර මන්ත්‍රිවරුන්ය ප්‍රතිපාදන වෙන් කර නොදි ඒකාදිපති පාලනයක් ගෙන යන නිසාද අනෙක් මන්ත්‍රිවරු අයවැයට විරුද්ධව තම ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාද ඇත.
එමෙන්ම උප සභාපති බලයට ඒමේ අරමුනින් අයවැය පරාජය කිරිම් සිදුවු අතර, මේ සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මගින් අයවැයට විරුද්ධ වු මන්ත්‍රින් හට විනය ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනය කිරිම මගින් මෙම උත්සහයන් වැලකියනු ඇත. 
මෙසේ විනය ක්‍රියාමාර්ග ගන්නා බව නිවේදනය කරත් දිගින් දිගටම අයවැය පරාජය කිරිමේ පුවත් අපිට අසන්නට ලැබේ..

සමහර පළාත්පාලන ආයතවල සභාපතිවරුන් එම ප්‍රෙද්ශයේ සංවිධායකගේ අනට කිකරු නොවිම මත තම අනට කිකරු සභාපති වරයෙකු පත්කරගැනිමේ අරමුනින් සමහර අයවැයන් පරාජය කිරිමට කටයුතු කර ඇත.

මෙම අයවැයන් පරාජයට කුමන හේතුවක් පැවතියද අවසානයේ අස්ථාවර වනුයේ රටේ ප්‍රාදේශිය පාලනයන්ය.
ඒක් අතකට මෙම පළාත්පාලන අයවැය ඡන්දය විමසිමේ ක්‍රමය පෙර පැවති පළාත්පාලන අයවැය ඡන්දය විමසිමේ ක්‍රමයට වඩා හොද ක්‍රමයක්යයි සිතේ. එනම් මෙමගින් පළාත්පාලන ආයතන වල සභාපති වරුන් තම ඒකාධිපති පාලනයෙන් මිදි පළාත්පාලන ආයතනයේ සියලු මන්ත්‍රී මංඩලය සමග සුහදව ප්‍රෙද්ශයේ සංවර්ධණය සදහා කටයුතු කරනු ඇත.ඒසේ නොමැති වුවහොත් ඔවුනට මිලග අයවැයන් අනුමතකර ලැනිමේදි ගැටලු මතුවිය හැක.

Wednesday, December 25, 2013

මෙහෙමත් මිනිස්සු

මෙම ලිපිය ලියන අද දවස දෙසැම්බර් 25. කිතුණු බැතිමතුන් නත්තල සමරන මොහොත. හැබැයි මම නත්තල ගැන නම් නෙවෙයි කියන්න යන්නේ.. මිට අවුරුදු කිහිපයකට කලින් එනම් 2004 අවුරුද්දේ අපේ ශබ්දකොෂයට අලුත් වචනයක් එක්කල 2004 දෙසැම්බර් 26 වෙනි දින එනම් හෙට වැනි දිනක අපිට අමිහිරි මතක පමනක් ඉතිරිකළ සුනාමි උදම් රළ හා සම්භන්ද අතුරු කතාවකි.
2004 වර්ෂයෙන් පසු පොඩි කොල්ලො කුරුට්ටාගේ සිට මහල්ලා දක්වාම දන්නවා සුනාමිය යනු කුමක්ද කියා. 2004.12.26 දින සුනාමියෙන් පසු මිට අවුරුදු කිහිපයකට කලින් මුලු රටම සිංහල අළුත් අවුරුද්දකට ලක ලැස්තිවෙමින් සිටියේ. මට මතක විදිහට දිනය අප්‍රේල් 12 වෙනිදා.නෑගම් යන මිනිසුන්ගෙන් සිංහල අළුත් අවුරුද්ද සදහා ඇදුම් පැලදුම් ගන්න මිනිස්සුන්ගේන් නගර පිරි ඉතිරි ගිහින් තිබුනි.
ගාල්ල නගරයද මෙසේ ජනයාගෙන් පිරි ඉතිරි ගොස් තිබුනි.මොහොතකින් ගාල්ල නගරයේ සිටි ජනයා කඩිගුලක් සේ ඇවිස්සි ගියේ සුනාමියක් පැමිනිමේ අවදානමක් පවතින බව ප්‍රකාශ විමත් සමගය.
එක්පසෙකින් සිංහල අවුරුද්දට තොරමින් සිටි බඩු බාහිර පවා විසිකර දිවගියේ උස්තැනක් සොයා රට අභ්‍යන්තරයටය. තවත් තැනක තම කඩ වසා බේරිමට තැනක් සොයයි.. තවත් පිරිසක් බස්රථ වලට ගෙඩවෙන්නට පොර කති.ගාල්ල නගරයම එකම කාලගොට්ටයක් වි තිබුනි.


නමුත් මේ සිදුවන කිසිවක් ගැන කිසිම බියක් නොමැතිව එක්තරා තැනක දිගු පොලිමක් දක්නට ලැබුණි. මේ පිරිස මෙම සුනාමි අවදානම පිළිබදව නොදැන සිටියාද?
නෑ මෙම පිරිස හට තමන් සිදුකරන්නට යන කාරිය තම ජිවිතයටත් වඩා වැදගත් වුවක් විය.එනම් මෙම දිනට පසු දින සිංහල අවුරුද්ද නිසා මත්පැන් හල් වසා දමන නිසා මොවුන් මෙම තැබැරුම ඉදිරිපිට පොලින් ගැසි සිටින්නේ සුනාමියක් ඇවිත් තමාගේ ජිවිතය අහිමිවුනත් කම්නැත අඩියක් ගැසිමෙන් පසු කියා වෙන්න ඇති.. මෙම සිදුවිම සමහරවිට ඔබත් දකින්න ඇති.

Monday, December 23, 2013

නන්දා මාලිනිය............

බෞද්ධ කොඩියට වසර එකසිය විසිපහක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙල පැවැත්වූයේ කොටහේන දීපදුත්තාරාමයේදීය.

අගමැතිවරයා ප්‍රමුඛ සම්භාවනීය අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය. බොහෝ දෙනෙක් සිතුවේ ඈ බොදු ගීතයක් ගයනු ඇති බවය. එනමුත් බොදු ගීතයට පෙර ඈ සිය ජීවන ගීතය මෙසේ ගැයුවාය.
කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කා‍ලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මු‍ලේ අත තියා ගත්තේය. සම්භාවනීය අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත.

අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතය ඔබ නොඅසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ.

මිරිහාන ආරචිචිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.

නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්‍රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු 'කොටහේනේ කෝට් බාසුන්නැහේ' ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.

ඒ කා‍ලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කා‍ලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කටපුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි නිහතමානීකමෙන් කිරුළු පළන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැතිවුණද ජීවත් වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.

කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගේපැ‍ලේ තිබුණේ එක කාමරයකි. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කැර තිබුණේ දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය.
පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැරෙන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඈට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.

'මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කා‍ලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි. අප්‍රමාණයි' ඈ කියන්නීය.

තාත්තා දුක්මහන්සියෙන් හම්බ කැර ගත් කාසි පනම් බොහෝ අරපරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ ‍පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග ‍පොළට යන්නීය. කොටහේනේ අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පළා නෙලන්නීය.

පෙරේරා පවු‍ලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රී වේ‍ලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැණහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.
අපි සරල ජීවිතයකට හුරු හුනේ නැතිබැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි. ඈ කීවාය.
පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් තිස් අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්‍ලේ උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය. ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද යන්නේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.

මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?
'මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ. දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නෑ ඈ කියන්නීය.

නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. බෞද්ධ කොඩිය මුල් වරට එයැවුණේද ඒ බිමේය. ගුණානන්ද විදුහ‍ලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාසුන්නැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු, මාල, අරුංගල් විකුණන්නට වත්තට එන වෙළෙඳුන් දෙස ඈ නොබැලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. 'තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ' යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.

නාන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ 'කට්ට සෙරෙප්පු' ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සත තිහකි. 'කට්ටා සෙරෙප්පු' දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට 'ටකස් ටකස්' ශබ්දය ඇසේ. මේ නයින් පාසල් ළමෝ නන්දාට 'කට්ටයා' යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.

මෙකල 'කට්ටයාගේ' කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනී 'හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන' බව පසක් කළාය.

හය වැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කැර ගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. 'මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා' ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. 'බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්.....'.

නන්දාගේ මිහිරි කටහඬ වෑයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය.
මෙකල රේඩියෝ සිලෝනි හි 'සුපර් ස්ටාර්' ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුණේ 'එයාර් ශිප් ගීත තරගය' යනුවෙනි. ජයග්‍රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශපත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ‍ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ 'සුපර් ස්ටාර්' වූයේ නන්දා මාලිනීය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.

'සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා'

මේ ‍පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය.

'තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්' නන්දා කීවාය.

ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කැරෙන දේ ගැනය. 'තාත්තා ‍පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා' නන්දා තාත්තාට කීවාය.

'විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ' තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. 'එහෙනම් අපි ලයිටුත් ගනිමු' ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.

'රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්' ඕ මවට කීවාය.

නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ 'රන්මුතු දූව' චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. 'ගලන ගඟකි ජීවිතේ' ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි.
බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.

'මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කා‍ලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ. කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා. මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.

අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට.

මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ' නන්දා මාලිනී කියන්නීය.

මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හ‍ලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය.
නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. 'ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බසුන්නැහේ කෙනෙක්' ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙනවාක් මෙන් ඔවුනට දැනුණි.

නන්දා මාලිනී අද හෙළයේ මහා ගායිකාවකි. ඇගේ මධුර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කැරෙන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී රෝසමල් ඇතිරූ මාවතක් දිගේ වැටී ඇති මාවතක් නොවේ යැයි පසක් කැරෙන ඇගේ ජීවන ගීතය ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියක් වීම නිසාය.

ඈ ගයන්නීය මෙසේ
දහසක් ඉපදී මිය යන ‍පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි

Nanda Malini
නන්දා මාලනී
උපතඅගෝස්තු 23, 1943
අලුත්ගම, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රි ලාංකික
වෙනත් නම්මිරිහාන ආරච්ච්ගේ නන්දා පෙරේරා, නන්දා මාලනී ගෝකුල, ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය
අධ්‍යාපනයශ්‍රි ගුණානන්ද විද්‍යාලය, ඉන්දියාවේ බාත්ඛන්ඩේ සංගීත විද්‍යා පීඨය
රැකියාවගායනය
ආගමබෞද්ධ
කලත්‍රයාසුනෙත් ගෝකුල
දරුවෝවරුණි සරෝජා, අමා සරදා


මේ ලිපිය පල වී තිබුනේ 2012 ජනවාරි 12 වෙනි බ්‍රහස්පතින්දා ලක්බිම පුවත්පතේ,ලිපිය මිහිරි ෆොන්සේකාගේ,නිහතමානීකම පිලිබදව මෙම ලිපියන් දෙන ආදර්ශය නිසා පල කලා

පේඔනර් කාඩ් - අන්තර්ජාල මුදල්

ගොඩ දවසකින් අලුත් ලිපියක් ලියන්න බැරිවුනා. අද මම ලියන්න යන්නේ Payoneer කාඩ් පත් ගැන. මොනවද මේ Payoneer කාඩ් කියන්නේ. ඇයි මේ කාඩ් අපිට ඔන වෙන්නේ කියන දේ ගැන හා  Payoneer  කාඩ් පතක් ලබා ගන්නේ කෙසේද යන්න ගැන පොඩි හදුන්වා දිමක් මෙම ලිපිය මගින් ලබාදිමට බලාපොරොත්තු වෙනවා.


ඔයා අන්තර්ජාලය මගින් කුමන හො ක්‍රමයකින් මුදල් හොයන කෙනෙක්ද? නැත්තම් ඒසේ කිරිමට බලාපොරොත්තු වෙන කෙනෙක්ද? එහෙනම් ඔබට විවිධ ක්‍රම මගින් ඔබට මුදල් ඔබ වෙත ගෙන්වා ගත හැක.. ජනපියම ක්‍රමය වනුයේ පේපෑල්ගිනුමට මුදල් ගෙන්වා ගැනිම. හැබැයි පේපෑල් ඒකවුන්ට් එකක් ලංකාවේ විදිහට හැදුවට ලංකාවට මුදල් ගෙන්න ගන්න බෑ..ඒ වගේම පේපෑල් ගිණුමෙන් ඔබට ඔන විදිහට ලංකාවේ වෙළදසැල් තුලින් බඩු ගන්න  හා ATM යන්ත්‍ර තුලින් මුදල් ගන්න බෑ. ඒකට හොදම විසදුම තමා Payoneer කාඩ්පත.

ඔබ ෆිවර්,ඔඩෙස්ක් වැනි ක්‍රමයකින් උපයන මුදල් ඉක්මනින්ම ඔබගේ කාඩ්පත වෙත ගෙන්වා ගත හැක.මේ සදහා ඔබට ATM කාඩ්පතක් ඔබවෙත ලබාදෙනු ලබනවා.
මේ සදහා ඔබ මෙතනින් ගිහන් රෙජිස්ටර් වෙන්න  .මෙතන sign up කියන තැන ක්ලික් කරලා රෙජිස්ටර් වෙන්න.. තව දෙයක් කියන්න ඔන මෙතනින් රෙජිස්ටර් උනහම ඔයා මෙම කාඩ් පත හරහා ඩොලර් 100 ක ගණුදෙනු කලාට පස්සේ ඔයාට ඩොලර් 25 ක් ලබා දෙනවා.
හරි මෙතනින් Payoneer  කාඩ්පත සදහා sign up වුනහම ඉලගට එන පිටුවේ තියෙනවා Start Here කියල සදහන් වෙලා මෙතන ක්ලික් කරහාම තමන්ගේ Personal Details ඇතුලත් කර ඊලගට Step II හා Step III කියන තැන පිලිවෙලින් නිවැරදිව පුරවන්න..තමන්ගේ ගෙදර ලිපිනය වගේ දේවල් නිවැරදිව දෙන්න ඔන.මොකද කාඩ්පත හා පින් නම්බරය එවන්නේ එම ලිපිනයට.

මිලගට මෙම පිටුවේ යටින් පහත  ආකාරයෙන් අහනවා.මෙම කොටු 04ට හරි සලකුණ යොදා Finish කියන තැන බෝත්තම ක්ලික් කරන්න.
Please read and click each box to complete your registration:
I agree to the Electronic Disclosures and Privacy policy
I agree to the Terms and Conditions and USP Service Terms and Conditions
I agree to the Pricing & Fees
I agree to the Cookies policy

දැන් හරි ඔබ සාර්ථකව ගිනුම සාදා අවසන් වු පසු ඔබ වෙනුවෙන් කාඩ්පතක් සති තුනක් වැනි කාලයකදි ඔබ වෙත ඔවුන් එවනු ලබනවා.ඉන් පසු ඒම කාඩ්පත ලැබුන පසු ඒ සමග ලිපියෙහි සදහන් ආකාරයට කාඩ්පතහි අංකය හා ඔබට කැමති පින් අංකයක් යොදා කාඩ්පත ඇක්ටිව් කරගත හැක.


මෙම කාඩ්පත පිළිබද තවත් විස්තර ඉදිරි ලිපියකින් ලබාදෙන්නම්. විශේෂයෙන් අයකිරිම් වැනි දේගැන..
ලිපිය ගැන ඔබගේ අදහස් පහලින් දක්වා යනවානම් ඉදිරි ලිපි සදහා එය වැදගත් වෙයි වගේම මිලග ලිපියෙන් මම බලාපොරොත්තු වෙනවා සිංහල බ්ලොග් සයිට් වලට ගුගල් ඇඩ් ලබා  නොදෙන බැවින් ඒයට විකල්පයක් වශයෙන් මෙම බ්ලොග් අඩවියේ තියෙනවා වගේ ඇඩ් ලබාගෙන ඔබගේ බ්ලොග් සයිට් එකෙන් මුදල් උපයන්නේ කොහොමද කියලා කියලා දෙන්න.

Saturday, December 21, 2013

අයියෝ සල්ලි....

ලොකයේ කි දෙනෙක් තමන් නොකල වරදකට දඩුවම් විදින්න ඇත්ද. සමහරු තම ජිවිතයද අහිමි කර ගන්න ඇත්ද?

1.1992 වසරේදී ජෝනි ෆ‍්‍රෑන්ක් ගැරෙට් නමැති මානසික ආබාධයකින් පෙළුණු තැනැත්තා ට 76 හැවිරිදි කන්‍යා සොයුරියක් දූෂණය කර ඝාතනය කිරීමට දඬුවම වශයෙන් මරණ දඬුවම පැනවිණි. එහෙත් 2004 වසරේදී ඩීඑන්ඒ පරීක්ෂණ වලින් සොයාගැනුණේ නියම ඝාතකයා වෙනත් අයකු බවයි.

2.1953 වසරේදී ඩෙරෙක් බෙන්ට්ලි ව මරා දැමුණේ සොරකමකින් පසු ව පලායන අතර, පොලිස් නිලධාරියකුට වෙඩි තබා මරාදැමීම පිළිබඳ වරදකරු වූ නිසා ය. එහෙත් පොලිස් නිලධාරියා මියගොස් තිබෙන්නේ වෙනත් ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් නිසා බව හෙළිවිය.

3.කාලෝස් ඩෙලූනා 1989 වසරේ දී මරා දැමුණේ ඝාතකයාට සමාන රුවක් සහිත වීම නිසා ය. මිය යෑමට පෙර සැබෑ ඝාතකයාගේ නම ද ඔහු විසින් කියා තිබුණත් කිසිවෙක් එය ගණනකට ගෙන තිබුණේ නැත.

4.ඩේවිස් ස්පෙන්ස් හට 1997 වසරේදී මරණ දඬුවම ලබාදුන්නේ ගැටවරයන් තිදෙනෙක් දූෂණයට ලක් කර මරාදැමීමේ වරදට ය. එහෙත් පසුව හෙළිවූයේ මළ සිරුරුවල තිබූ දත් සලකුණු පැහැදිලිව ම ඔහුගේ නොවූ බවයි.

5.1995 දී අමෙරිකානු මත්ද්‍රව්‍ය වෙළෙන්දකු වෙඩි තබා මරා දමන විට ලැරී ග්‍රිෆින් ඒ අසලකවත් නොවූ බව සාක්ෂිවලින් කියැවිණි. එම ඝාතනය වෙනුවෙන් විදුලි පුටුවේ හිඳුවා තිබුණේ ලැරීව ය.

6. 1950 වසරේදී විසි පස් හැවිරිදි තිමොති එවන්ස් තමන්ගේ ම බිලිඳු දියණිය ව ඝාතනය කිරීම නිසා මරණ දඬුවමට ලක්විය. එහෙත් එයින් තුන් වසරකට පසු හෙළිවූයේ ඔහුගේ අසල්වැසියා එම දියණිය ද ඇතුළු කාන්තාවන් 8 දෙනෙක් ඝාතනය කර ඇති බවයි.

7.1996 දී ජෝර්ජියානු ජාතික කාන්තාවක් මරා දැමීම වරදකරු වූ එලිස් වෙයින් ෆෙල්කර් මරණ දඬුවමට ලක්විය. එහෙත් පසුව හෙළිවුණේ එම සිද්ධිය වන විට ඔහු ඒ අසලකවත් නොසිටි බවයි.

8.1915 දී සුප්‍රසිද්ධ ග්‍රිෆින් සොයුරන් මරා දැමුණේ වෘත්තීය ඝාතකයකුගේ කටඋත්තරයක් මත පදනම්ව ය. එහෙත් පසුව හෙළිවුණේ එම දෙසොයුරන් ප්‍රදේශයේ සිටි ධනවත්ම කළු අමෙරිකානුවන් වූ නිසා ජාතිවාදී ඝාතකයා බොරු කටඋත්තරයක් ලබාදී ඇති බවයි.

9.1982 වසරේදී ජෝජ් වොට්කින්ස් නමැති අමෙරිකානුවා අතුරුදන් වූ විට ඔහුගේ බිරිය කියා සිටියේ සිය අනියම් පෙම්වතා විසින් සැමියා එල්ලා මැරූ බවයි. ඒ අනුව අනියම් පෙම්වතාට මරණ දඬුවම හිමි වූ නමුත් පසුව සැමියා වෙනත් පළාතක ජීවත්ව සිටින බව සොයාගැනිණි.

10. 1952 වසරේදී මහ්මූද් හුසේන් මත්තන් නමැති මුස්ලිම් ජාතිකයා එල්ල මරාදැමීමට නියම වූයේ ලිලී වොල්පට් නමැති දැරිය ඝාතනය කර තිබූ නිසා ය. එහෙත් එම ඝාතනය කර තිබුණේ ඔහුට එරෙහිව සාක්ෂිදුන් පුද්ගලයා ම බව හෙළිවිය.

අන්තර්ජාලය ඇසුරිනි...................

Sunday, August 4, 2013

ෆියිවර් 03

අපි මිට පෙර ෆිවර් ගැන ලිපි දෙකක් ඉදිරිපත් කරා..මෙම ලිපිය මගින් ෆිවර් වල තියෙන පොඩි පොඩි දේවල් ගැන ලිපියක් ලියන්න කියල හිතුවා..

මේවා ෆිවර් කරන අය දන්නවා වුනාට ෆිවර් වලට අලුතින් එකතු වන අයට මේවා වැදගත් වෙයි කියලා හිතුන හින්දා ලියනවා.
අලුත්න් හදුන්වා දුන්න ෆිවර් අප්ඩේට් එකහි හොද එකක් විදිහට buyer requests හදුන්වන්න පුලුවන්.

මේකේ පරන විදිහට නෙවෙ බයර්ගේ රික්වෙස්ට් හැම එකක්ම බලාගන්න පුලුවන්.මම මේ ලිපිය ලියන විට buyer requests 13190 ක් තිබෙනවා..හැම එකක්ම අක්ටිව් ඒවා නොවෙන්න පුලුවන්...ඒත් මේ buyer requests හරහා අපේ ඔඩර් වැඩි කරගන්න ප්‍රෙයෝජනයක් ගන්න පුලුවන්.

කොහෙමද මේ buyer requests වලට යන්නේ...අලුත් එක්කෙනෙක්නම් ඔය ප්‍රශ්නේ ඇති..ඉස්සර වෙලාම ෆිවර් වල උඩ තියෙනවා sales කියලා ටැබ් එකක්..ඒකට යන්න.ඒකේ දකුනු පැත්තෙන් පහලට බලාගෙන යද්දි තියෙනවා buyer requests කියලා..ඒකට යන්න.ඒතකොට පහත ආකාරයේ පේජ් එකක් ලැබෙනවා.



මෙතනදි අපිට දැකගන්න පුලුවන් එක එක buyer දාල තියෙන requests..මෙතනින් අපිට කරන්න පුලුවන් දෙයක් තියෙනවාද කියලා බලලා buyer ට එ ගැන කියන්න පුලුවන්..අපිට ඉස්සර වගේ මැසෙජ් ටයිප් කරන්න ඔනේ නෑ.කෙලින්ම ඔයාලගේ ගිගි එකේ ලින්ක් එකත් එක්ක ඔයාලගේ ගිගි ඒකේ INSTRUCTIONS FOR BUYER කියන තැත දාල තියෙන මැසෙජ් එක buyer ට යනවා.

දවසකට අපිට යවන්න පුලුවන්නේ ඔෆර් දෙන්නේ තමන් ඉන්න ලෙවෙල් එක අනුව.ඒක හින්ද හුදට බලලා ගැලපෙන ඒවට විතරක් ඔෆර් දාන එකත් වැදගත්..ඔඩර් නෑ කියලා ඉන්නේ නැතිව හැමදාම මේක බලල තමන්ට දවසකට තියෙන අවස්ථා ප්‍රෙයාජන ගන්න එක වැදගත්..ඒ වගේම අපිවට පලුවන්නම් buyer requests එක දාපු ගමන්ම මුලින්ම ඔෆර් එකත් අපිට දාන්න පුලුවන්නම් ඔඩර් එක ගන්න තියෙන චාන්ස් වැඩියි..සාමාන්‍යන් රෑ 11.00 න් පස්සේ අලුත් requests එකතුවෙනවා.

තව දෙයක් අපිට මේ requests වලින් හදුනා ගන්න ෆවර් වල වැඩිපුර ඉල්ලුම තියෙන්නේ මොනවා කරන අයටද? නැත්තම් buyer ලාට ෆිවර් සර්ච් වලින් හොයාගන්න බැරිව..ඒ කියන්නේ කවුරැත් කරන්නේ නැතිව තියෙන ඒගොල්ල බලාපොරෙත්තු වන දේවල් මොනවාද කියන එක වාගේ දේවල්..

තව කරුණු දෙක තුනක් ලියන්න හිතාගෙන ආවත් ුදට මේ ඇති කියලා හිතුන හින්ද buyer requests ගැන විතරක් ලියලා අවසන් කරනවා..නැවතත් මම කියන්නේ ඔඩර් නැ කියලා ඉන්නේ නැතිව මේ ක්‍රමය ට්‍රයි කරන්න..අඩුම වශයෙන් එක ඔඩරයක්වත් එයි..ඉන් පස්සේ ඒ buyer දිගටම රදවාගන්න පුලුවන් විදිහට තම සේවාව සපයන්න..ඒ බයර්ට lifetime value එකක් දෙන්න..

ඔබට ජය පතමින් අදට නවතිනවා..ගුණ දොස් සටහන් කරන ලෙසත් ඉල්ලා සිටිනවා..
ඔබට ජය....

Thursday, August 1, 2013

ඒ නවය 08 වන දිග හැරුම

අපි දැන් අපේ ගමන මහනුවර ඉදලා කිලෝමිටර 258 ක දුරක් ගෙවා කිලිනොච්චිය දක්වා පැමින තිබෙනවා. ඒ කියන්නේ අපේ ගමන ගොඩ දුරක් අපි නිම කරලා කියන එකයි. තව කිලෝමිටර 74 ක වගේ දුරක් තමා යන්න තියෙන්නේ.


කිලිනොච්චිය පසු කර යන අපිට ගතට විඩාවක් මෙන්ම දැඩි රස්නියක් දැනුනද, බැලු බැලු අත නිල්වන් කුඹුරු යායන් දකින්නට හැකි වනවා.කිලිනොච්චියේ තියෙන විශේෂ ස්තාන හැටියට “පුන්ච් පන්චිකාවත්ත” කියන හරිය, කිලිනොච්චි දුම් රිය ස්ථානය ,කොටි හඩ ගුවන් විදුලිය පවත්වාගෙන ගිය ස්ථානය, මුහුදු කොටි නායකයා භාවිතා කලායැය් සැලකෙන කිලිනොච්චියෙ පිහිටි සුඛොපභොගි නිවස බොහොම වැදගත්.

කිලිනොච්චියෙන් ඉදිරියට ගිය අපිට මිලගට පරන්තත් මන්සන්ධිය හමුවනවා.පරන්තන් මන්සන්ධිය A9 මාර්ගයෙ බොහොම වැදගත් මන්සන්ධියක්.ඒ තමා පරන්තන් හන්දියෙන් හැරිල දකුණට ගියහම A35 මාර්ගය දිගෙ විෂ්වමඩු,පුතුකුඩි යිරුප්පු , පුදුමාතලන් , වෙල්ල මුල්ලි වයික්කාල් පසුකරමින් මුලතිව් දක්වා ගමන් ගත හැකි වීම.පරන්තන් හන්දියෙන් වමට ගියාම අපට පුනරීන් දක්වා ගමන් කරන්න පුලුවන්.

පරන්තන් පසුකරමින් අපි අලිමංකඩට ලගා වුනා.මෙහිදි අපට මතක් වෙන්නේ එදා යුධ බිමේ අභිතව සටන් කල හසලක ගාමිනි විරුවා..ඔහු සැමරිම සදහා පසෙකින් ඇති බුල් ඩොසරය පසු කරමින් අයියකච්චි, පලෛයි, පසුකර යාපනය අර්ධද්විපයට ඇතුල් වුනා. අපිට මිලගට යුධ සමයේ වැදගත් ස්ථානයක් මුහමාලේ හමුවනවා. ඉන් පසු අපිට මිරිසුවිල්, චාවකච්චේරි, නාවන්කුලි පසුකර අපගේ ගමනේ ගමනාන්තය වන යාපනය හමු වනවා.




යාපනය යනු ශ්‍රී ලංකා සිතියමේ ඉහළින්ම ඇති අර්ධද්වීපයකි.

යාපනය නගරයේදි අපිට නැරබිය හැකි ස්ථාන බොහොමයක් ඇත.

මෙහිදී අප පළමුව අවදානය යොමු කරනුයේ යාපනය නගර මධ්‍යයේ පිහිටි නාග විහාරය වෙතටය. යාපනයේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයක්‌ වශයෙන්ද නාග විහාරය හැඳින්විය හැකිය. යාපනය දුම්රිය ස්‌ථානයට ආසන්නව පිහිටා ඇත මෙම (යාපනය ස්‌ටැන්ලි පාරේ) බොදු පුදබිමට යාපනය නගරයේ සිට ඇති දුර කි.මී. එකහමාරක්‌, දෙකක්‌ පමණ වේ. මෙරට බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්‌ බඳු ජයශ්‍රී මහ බෝධිය දඹකොල පටුනේ සිට අනුරාධපුර දක්‌වා වැඩම කිරීමේදී එකල යාපනයේ විසූ (එදවස යාපනය නාගදීපය නම් විය) නාග ගෝත්‍රිකයන් විසින් බෝධීන් වහන්සේට පුද සත්කාර කිරීම සඳහා දේවානම්පියතිස්‌ස රජුගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් පුරා සතියක්‌ වත්මන් නාග විහාර භූමියේ බෝධින් වහන්සේ වැඩ හිඳුවා සත්කාර කළ බව සඳහන් වේ.

මීළඟට අවදානය යොමු කරනුයේ නාගදීප රජ මහා විහාරය වෙතටය. දෙවැනි වරටත් බුදුසිරිපා පහසින් මේ දිවයිනේ පිවිතුරු වූයේ මෙබිමය. එනිසා නාග දීප චෛත්‍යය සොළොස්‌මස්‌ථාන අතරින් එක්‌ පූජනීය ස්‌ථානයක්‌ වශයෙන් සැලකේ. චූලෝදර - මහෝදර නා රජුන් මැණික්‌ පුටුවක්‌ උදෙසා යුද වැදීමට සැරසුණ අවස්‌ථාවේදී බුදුරජාණන් වහන්සේ මෙරටට වැඩිබව පුරාවෘත්තවල සඳහන් වේ.

දෙවැනි ශතවර්ෂයේ යාපනයේ පැවැතියේ සිංහල භාෂාව බවත්, අනුරාධපුර රජුගේ ඇමැතියකු විසින් යාපනය පාලනය කළ බවත් බෞද්ධ විහාර හා සිද්ධස්‌ථාන එහි ඉදිකර ඇති බවත් වල්ලිපුරම්හි තිබීහමුවූ රන්පතින් හෙළිවී ඇත. එම නිසා නාගදීපය සිංහල බෞද්ධයන්ට ආගමික හා සංස්‌කෘතික වශයෙන් අතිශය සුවිශේෂී ස්‌ථානයක්‌ ගනී. ධාතුසේන, සද්ධාතිස්‌ස, දුටුගැමුණු යන රජවරුන් මෙහි විහාරස්‌ථාන හතක්‌ සැදවූ බව මහාවංශය හා චූල වංශය වැනි කෘතිවල සඳහන් වේ.

නාගදීප විහාරයට යාපනයේ සිට පුංකඩිතිව් දක්‌වා බස්‌ රථයකින් ගමන් කළ යුතුය. පුංකඩිතිව් සිට කුලී රථයකින් කරිකඩ්ඩුවාන් ජැටිය දක්‌වා ද එතැන් සිට නාගදීපය තෙක්‌ බෝට්‌ටු සේවයක්‌ ක්‍රියාත්මකය.

යාපනය නගරයේ ඓතිහාසික බෞද්ධ උරුමයේ සංකේතයක්‌ බඳු තවත් පුද බිමකි කදුරුගොඩ විහාරය. කන්දර්ඔඩේ නමින්ද මෙය හැඳින්වේ. මෙම ස්‌ථානය සංඝමිත්තා තෙරණිය සමග මෙරට වැඩම කළ රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්‌ථූප 60 ක්‌ තනා ඇති බව සඳහන් වේ. 1916 යාපනය දිසා විනිසුරු පෝල් ඊ. පීරිස්‌ මහතා විසින් ස්‌ථූප 57 සොයාගන්නා ලදී. ස්‌ථූප 60 න් 21 ක්‌ පැහැදිලිව දැක ගත හැකි අතර 36 ක පාදම් හඳුනාගෙන ඇත.

මේ ආකාරයේ එක ළඟ ස්‌ථූප රාශියක්‌ මෙරටදී වෙනත් තැනකින් හමුවී නැති නිසා අග්‍රබෝධි රජුගේ කාලයේ ලංකාව සිටි ජා හමුදාව මෙය ඉදිකර ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතානගේ අදහසයි.

පේදුරුතුඩුවේසිට චාවකච්ෙච්රිය දක්‌වා ගමන් ගන්නා බී - 75 මාර්ගයේ කීරමලේ පසු කරමින් කිලෝමීටර් හතක්‌ පමණ ගමන් කළ විට දඹකොපටුනට ළඟාවිය හැකිය.

සිංහල ඉතිහාසයේ වැදගත් සිදුවීමකට මුල්වූ බිම ලෙස දඹකොල පටුන හඳුනාගත හැකිය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවත්, සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රමුඛ භික්‌ෂුණි සංගයා මෙරටට වැඩම කළ ස්‌ථානය දඹකොළ පටුන වීම එකී වැදගත්කමයි. දඹකොළ පටුවේ සංඝමිත් ප්‍රතිමාව එකී අතීත කතාව අපට සිහිපත් කරයි.

බුදුරජාණන් වහන්සේගේ ආත්ම විමුක්‌තියේ විජයග්‍රහණය මුළු ලොවටම ප්‍රදර්ශනය කරන සංකේතය ලෙස ජයශ්‍රී මහ බෝධින් වහන්සේ බෞද්ධ ජනයාට හඳුනාගත හැකිය. වර්තමානයේ සිම්බිල්තුරෙහි යනුවෙන් මෙම ප්‍රදේශය හඳුන්වයි. අනුරපුරයේ සිට පැමිණි ප්‍රධාන අතීත මාවත අවසන් වන්නේ මෙම ස්‌ථානයෙනි. එනිසා මෙම ස්‌ථානය අතීත හුවමාරු වාරයක්‌ තිබි ස්‌ථානයක්‌ වශයෙන් සැලකේ.

යාපනයේ වඩාත් ප්‍රසිද්ධ ස්‌ථානයක්‌ වශයෙන් මෙය හැඳින්විය හැකිය. 1955 මාර්තු 29 දා මුල්ගල් තබා මෙහි වැඩ ආරම්භ කරන ලද අතර 1960 දී සම්පුර්ණයෙන් වැඩ අවසන් විණි. මෝගල් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව මෙය ඉදිවිය. 1981 ඇතිවූ කෝලාහල නිසා එම වර්ෂයේ මැයි 31 දා සිට 1 දා දක්‌වා මෙකී පුස්‌තකාලය ගිනිගෙන දැවුණි. එවකට ආසියාවේ විශාලතම පුස්‌තකාලය වශයෙන් ද මෙය සැලකුණු අතර ගිනි ගෙන දැවෙන අවස්‌ථාවන වනවිට පොත් 97000 ක්‌ පමණ තිබී ඇත. 




යාපනය කොටුව
දුටුගැමුණු රජ සමයේ පටන් මෙහි බල කොටුවක්‌ පැවැතිබව පුරාවිද්‍යාත්මක සාධකවල සඳහන් වේ. මෙය 1619 දී පෘතුගීසින් විසින් ගොඩනගා ඇති බව ලිත සාධක හමුවේ. මෙය පෘතුගීසින් විසින් ගොඩනගා ඇත. පසුව 1658 ලන්දේසීන් අතට යාපනය කොටුව පත්වී ඇත. එකල යාපනය කොටුවේ පෘතුගීසි සෙන්පතියා වූ යුවාල් ඩිමේලෝ ඇතුළු පිරිසට ආහාර සම්බාධක පනවමින් එක උණ්‌ඩයවත් භාවිත නොකර ඉයන් වැන්ඩලයිට්‌ නමැති ලන්දේසි සෙන්පතියා යාපනය කොටුප අත්පත්කරගෙන ඇති බව සඳහන් වේ. පසුව එය 1795 දී ඉංග්‍රීසි අතට පත්විය. යාපනය කොටුව අක්‌කර 22 ක භූමි භාගයක්‌ පුරා පැතිර ඇත.

ශාන්ත මේරි දෙව්මැදුර

මෙය යාපනය පදවියේ ප්‍රධානතම දෙව්මැදුර වේ. ආසන දෙව්මැදුරක්‌ යනුවෙන් හැඳින්වෙනුයේ රදගුරුවරයාට විශේෂ ආසනයක්‌ වෙන්කොට ඇති දේවස්‌ථානයයි. මෙය 1789 දී ආරම්භ කර ඇත.

නල්ලූර් කන්දසාමි කෝවිල
මෙය යාපනය නගයේ සිට පේදුරු තුඩුව දක්‌වා ගමන් ගන්නා බී 71 මාර්ගයේ කි.මී. 2 ක්‌ පමණ ගමන් කළ විට කල්ලුර් කන්දසාමි කෝවිලට යා හැකිය. මෙම කෝවිල උදෑසන 4.30 සිට සවස 6.00 දක්‌වා විවෘතව පවතී. මෙම කෝවිලට ඇතුල්වන සියලුම පිරිමින් උඩුකය නිරුවත්ව සිටිය යුතුය.

මෙම කෝවිල අද හින්දු කෝවිලක්‌ ලෙස පැවැතියත් ෂඪ වැනි පැරකුම්බා රජු සමයේදී යාපනයේ පැවැති ආර්යය චක්‍රවර්තී පාලනය පරාජය කර යළි රට ඒකීය කිරීමට ෂඩ වැනි පැරකුම්බා රජුට උදව් කළ සපුමල් කුමාරයා විසින් කතරගම දෙවියන් උදෙසා මෙම දේවාලය ඉදිකළ බවත් ඉතිහාසයේ සඳහන්වී තිබේ. එම දේවාලයේ අදත් ගායනා කරනා ස්‌ත්‍රොaත්‍රවල සපුමල් කුමාරයාගේ අභිෂේක නාමය පිළිබඳ සඳහන්වී තිබීමෙන් ඒ බව තහවුරු වේ.

පෘතුගීසින් හා සටන් කිරීමට යාපනයේ සිටි පාලකයන්ගෙන් සහයෝගය ලබාගැනීමට යාපනයට ගියවීදිය බණ්‌ඩාර කුමාරයාට, එම දේවාල භූමියේ තිබූ නුග ගසක සිට එල්ල කරන ලද පහරකින් එම කුමාරයා මරණයට පත්වූ බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ.


මහනුවරින් ආරම්භ නළ අපේ ගමන ලිපි 08 කින් පසු යාපනය නගරයෙන් නිමාකරන්නට හැකි වුනා..මග අතරතුර ලියන්නට මගහැරැන තැන් බොහොමයක් ඇති බව හැගෙනවා.මිලගට ශ්‍රී ලංකාව තුල පිහිටි ලස්සන, සුන්දර ස්ථාන ඉලක්ක කර ගනිමින් ලිපි පෙලක් ලියන්නට බලා පොරොත්තු වනවා...

Wednesday, July 31, 2013

ඒ නවය 07 වන දිගහැරුම

ගොඩ දවසකින් ඒ 09 මගෙහි සැරිසරන්න බැරි වුනා...මොකද මේ දවස් වල උඩරට මැණිකේ පරිසර චාරිකාවේ යෙදෙනවානේ..

අපේ ගමන මේ වන විට වව්නියාව දක්වා ඇවිත් තියෙනවා. අද වව්නියාවේ ඉදන් නැවත ගමන පටන් ගනිමු. අවුරුදු තුනහමාරකට පමණ පෙර එල් ටී ටී ඊ ත්‍රස්තවාදය නිසා විනාශ කරන ලද ගොඩනැගිලි, කැඩී ගිය මංමාවත් හා විදුලිය විසන්ධිවීම හේතුවෙන් අදුරේ ගිලී ගිය වව්නියාව දිස්ත්‍රික්කය යුද්ධය නිමාවීමෙන් පසුව මේ දක්වා කාලය අතරතුරදී විශාල සංවර්ධනයක් අත්කර ගෙන ඇත.
වව්නියාව පසු කරමින් ඉදිරියට ඇදෙන අපි මිලගට ඕමන්තේ වෙත ලගාවිය..අපිට මිට වසර ගණනකට පෙර  ඔමන්තේ මුරපොල යනුවෙන් නිතර අසන්නට ලැබු ස්ථානය පසු කර නිදහස් ශ්‍රී ලංකාවේ ඉදිරියටම ඇදුන අපි මාන්කුලම පසුකර කිලිනොච්චි දක්වා ඇදුනි.කැලැබද ප්‍රෙදේශයක් හරහා මෙම මාර්ගය ගමන් කරයි.
විරොදාර යුධ හමුදාවට පිංසිද්ධ වෙන්න අද අපට නිදහසේ කිලිනොච්චිය නගරයට පිවිසිය හැක.


කිලිනොච්චි සටන යනු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ථවාදීන්ගෙන් ප්‍රදේශය සහ වැසියන් මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේදී කිලිනොච්චි නගරය මුදවා ගැනීම උදෙසා 2008 නොවැම්බර් මස සිට 2009 ජනවාරි මස දක්වා ගෙන ගිය ගොඩබිම් සංග්‍රාමයයි. එවකට කිලිනොච්චි නගරය කොටි සංවිධානය යෝජනා කොට තිබු ඊළාම් රාජ්‍යයේ යෝජිත අග නගරය ලෙසද ප්‍රකාශ කොට පැවතුණි.

2008 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී ශ්‍රී ලංකා යුධ හමුදාව කිලිනොච්චි නගරය මුදාගැනීම සඳහා තෙවරක් ආක්‍රමණ දියත් කළේය.එම අවස්ථා තුනේදීම රජයේ හමුදා කිලිනොච්චි නගරය අත් පත් කර ගැනීම වලක්වා ගැනීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමත් විය.මෙම සටන් වලදී සතුරාට උපරිම හානියක් කරමින් තමන්හට අවම හානියක් වූ බව දෙපාර්ශවයම ප්‍රකාශයට පත් කළහ.මෙම කාලය අතරතුර කිලිනොච්චි නගර ආශ්‍රිත එල්.ටී.ටී.ඊ. මර්මස්ථාන ඉලක්ක කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක්ද සිදු කරන ලදී.2009 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා සේනාංක තුනක් කිලිනොච්චි නගරයට උතුරින් දකුණින් සහ බටහිර දිශා වලින් ඇතුළු වීමත් සමඟ එල්.ටී.ටී.ඊ. සටන්කරුවෝ අසල වූ වනගත ප්‍රදේශ වලට පළා ගියහ.ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින්, රජයේ හමුදා විසින් කිලිනොච්චි නගරය අත්පත් කරගත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර එල්.ටී.ටී.ඊ. සටන්කරුවන්ට අවි බිම තබා යටත් වන ලෙසද දැනුම් දුන්නේය.

කිලිනොච්චි නගරය මුදාගැනීමෙන් පසු බොහෝ විදේශ රාජ්‍යන් දේශපාලන විසදුමක් පිලිබඳ සලකා බලන ලෙස දෙපාර්ශවයටම බල කර සිටියහ.මහජනතාව විදී බසින් මෙම ජයග්‍රහණය සමරද්දී, කොළඹ කොටස් හුවමාරුව වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කළ අතර රුපියලේ අගය ස්ථාවර වීමද සිදු විය.සැමරුම් අතරතුර කොළඹ පිහිටි ශ්‍රීලංකා ගුවන් හමුදා මුලස්ථානය අසල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30කට අසන්න පිරිසක් තුවාල ලැබීය.කිලිනොච්චි නගරය මුදා ගැනීමත් සමග තම මෙහෙයුම් පුළුල් කළ ශ්‍රී ලංකා යුධ හමුදාව එල්.ටී.ටී.ඊ. ය සතුව තිබු සංග්‍රාමික උපක්‍රමික ස්ථාන වන අලිමංකඩ සහ A9 ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්මද මුදා ගැනීමට සමත් විය.


1990 වර්ෂයේදී ශ්‍රීලංකා හමුදා ප්‍රථම වතාවට කිලිනොච්චි නගරයෙන් හමුදා සේනාංක ඉවත් කරගත් පසු එල්.ටී.ටී.ඊ. සංවිධානය එහි බලය තහවුරු කරගන්නා ලදී.1996 වර්ෂයේදී "සිත්ජය I","සිත්ජය II","සිත්ජය III" මෙහෙයුම් වලදී නැවත වතාවක් ශ්‍රීලංකා හමුදා විසින් කිලිනොච්චිය අත්පත් කරගන්න ලදී.1998 වර්ෂයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය දියත් කළ නොනවතින රැල්ල II මෙහෙයුමේදී රජයේ හමුදා වලට කිලිනොච්චි නගරය ඇතහැර යාමට සිදු විය.ශ්‍රීලංකා යුධ ඉතිහාසයේ දරුණුතම සටනක් වූ එය දෙපාර්ශවයටම බරපතල හානියක් හිමි කර දුනි.එවකට ශ්‍රීලංකා යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුනිල් තෙන්නකෝන් මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් මුලතිව් සටනට පසු ශ්‍රීලංකා යුධ හමුදාව ලද දරුණුතම විනාශය සහ පරාජය මෙය බව සඳහන් කළේය.කිලිනොච්චි නගරය සංග්‍රාමික උපක්‍රමික ප්‍රදේශයක් නොවුවද සංකේතාත්මක වශයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉතා වැදගත් වූ ප්‍රදේශයකි. එල්.ටී.ටී.ඊ. ය වසර ගණනාවක් පුරා දිනා ගැනීමට උත්සහ කළ දෙමළ ඊළාම් රාජ්‍යයේ යෝජිත අග නගරය ලෙස නම් කර තිබුනේ කිලිනොච්චි නගරයයි. එල්.ටී.ටී.ඊ. හිටපු සන්නද්ධ අංශ නායක විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ කළ පරිදි එල්.ටී.ටී.ඊ.යට තිබු සංකේතාත්මක නගරය කිලිනොච්චියයි.  එකල රජය ප්‍රකාශ කළේ කිලිනොච්චි නගරයේ පාලනය එල්.ටී.ටී.ඊ.ය සතු වුවද සිවිල් පාලන කටයුතු සුපුරුදු පරිදි රජය මගින් සිදු කළ බවයි.

2002 වර්ෂයට පසු එල්.ටී.ටී.ඊ.ය විසින් කිලිනොච්චි නගරය ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස භාවිතා කළේය.එල්.ටී.ටී.ඊ.ය විසින් ඊළාම් පොලිසිය නමින් පොලිස් ඒකකයක්ද සාම මහලේකම් කාර්යාලයක්ද බැංකු පද්ධතියක්ද ස්ථාපිත කරන ලදී.ඒවායේ මුලස්ථාන සියල්ල පාහේ පිහිටා තිබුනේ කිලිනොච්චි නගරාශ්‍රිත ප්‍රදේශවලය. එසේම දිසා අධිකරණ, මහාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නමින් නිල නොවන අධිකරණ පද්ධතියක්ද ස්ථාපිත කරන ලදී.එහි ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටා තිබුනේ කිලිනොච්චි නගර මධ්‍යයේය.

කිලිනොච්චිය කිසිදා මුදාගත නොහැකිවනු ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කලහ. බටහිර ජාතීන් සහ ශ්‍රී ලංකා විපක්ෂය ඉන් ප්‍රධානවේ. ශ්‍රී ලංකා විපක්ෂය පාර්ලිමේන්තුවේදී කල ආණ්ඩුව කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා යන්න අතිශය අවධානයට ලක්විය.


යුධ හමුදාව විසින් එල්.ටී.ටී.ඊ.යට යටත්ව තිබු නැගෙනහිර භූමිය මුදා ගැනීමත් සමගම උතුරේ සටන්ද ආරම්භ කරන ලදී.මෙම ප්‍රහාර වලදී කිලිනොච්චියද යුධ හමුදාවේ ප්‍රධාන ඉලක්කයක්ව පැවතුණි. යුධ හමුදා සේනාංක පෙරමුණු ගණනාවකින් උතුරු මෙහෙයුමට දායක වෙද්දී 57 වන සේනාංකයත් පළමු කාර්ය සාධක බලකායත්(වත්මන් 58 වන සේනාංකය) කිලිනොච්චිය මුදාගැනීමේ පෙරමුණ සදහා සක්‍රීය දායකත්වය ලබා දුනි.මෙම පෙරමුණ භාරව කටයුතු කළේ එවකට වන්නි ආඥාපති ධූරය දැරූ මේජර් ජෙනරාල් ජගත් ජයසුරිය මහතායි.මෙම සේනාංක දෙකම දිවයිනේ බටහිර ප්‍රදේශයෙන් කිලිනොච්චි ප්‍රදේශයට ආසන්න වීමෙන් පසු 57 වන සේනාංකය දකුණින් සහ බටහිර ප්‍රදේශයෙන්ද පළමු කාර්ය සාධක බලකාය උතුරු දිශාවෙන්ද එල්.ටී.ටී.ඊ. බලකොටු බිදිමින් කිලිනොච්චි නගර සීමාවට ඇතුළු විය. 2008 ඔක්තෝම්බර් මාසය ආරම්භවත්ම කිලිනොච්චි නගරය එහි පදිංචිකරුවන් විසින් අත්හැර දමන ලද අතර එල්.ටී.ටී.ඊ.ය විසින් එහි පිහිටුවා තිබු රෝහල, බැංකු, සහ රාජ්‍ය ආයතන කිහිපයක්ද කිලිනොච්චියට කිලෝ මීටර 13 ක් පමණ දුරින් පිහිටා ඇති තාම්පුරම් ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී.

මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා අණදුන් 57 වන සේනාංකය 2008 ඔක්තෝම්බර් 18 වන දින කිලිනොච්චියට නිරිත දිශාවෙන් පිහිටි ප්‍රධාන ගම්මානයක් වූඅක්කරායන්කුලම් අත්පත් කරගන්නා ලදී.මෙම ජයග්‍රහණයත් සමඟින් නිරිත්දිගින්ද කිලිනොච්චි නගරය වෙත ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාව උදා විය.ඉරණමඩු හන්දිය මුදා ගැනීම හේතුවෙන් යුධ හමුදාවට කිලිනොච්චියට ඇතුළු වීමට දකුණු ගොඩබිම් පිවිසුම් මාර්ගයක්ද විවෘත විය.ඒ වන විටත් 57 වන සේනාංකය කිලිනොච්චි නගරය ආශ්‍රිත ප්‍රබල එල්.ටී.ටී.ඊ. කඳවුරු වූ කෝකිලායි සහ අඩම්පන් අත්පත් කරගෙන සිටීම එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් හට අවාසිදායක තත්වයක් උදාකළේය.

බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා විසින් අණදුන් පළමු කාර්ය සාධක බලකාය බටහිර වෙරළ තීරය ඔස්සේ තම මෙහෙයුම් දියත් කළේය.එහිදී ඉතා වැදගත් සංග්‍රාමික උපක්‍රමික ස්ථාන රාශියක් අත්පත් කරගන්න ලදී.ඒ අතරමන්නාරම "සහල් නැලිය" ප්‍රදේශය, විඩුතලතිව්, නාච්චිකුඩා කැපී පෙනේ.2008 නොවැම්බර් 15 වන දින පළමුවන සහ දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තුද විශේෂ කාර්ය බලකායේ සෙබළුන්ද ප්‍රමුඛ පළමු කාර්ය සාධක බලකාය විසින් පුනරින් ප්‍රදේශය ඉලක්ක කරගනිමින් මෙහෙයුමක් දියත් කොට එම ප්‍රදේශය අත්පත් කරගන්නා ලදී.පුනරීන් සිට නැගෙනහිර දිශාවට ගමන් කළ පළමු කාර්ය සාධක බලකාය 2008 දෙසැම්බර් 31 වන දින පරන්තන් මුදාගැනීමත් සමඟම යුධ හමුදාවට කිලිනොච්චියට ඇතුළු වීමට උතුරු ගොඩබිම් පිවිසුම් මාර්ගයක්ද විවෘත විය.


රජයේ හමුදා පැමිණීම වැලැක්වීම සඳහා එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් විසින් විශාල පස් කඳු සහ අඟල් නිර්මාණය කරන ලදී.කිලිනොච්චියට දකුණින් එවැනි එක විශාල පස් කන්දක් නිර්මාණය කර තිබු අතර B69 පුනරීන්-පරන්තන් මාර්ගය හරහා තවත් පස් බැම්ම්ක් ඉදි කරන ලදී.කිලිනොච්චිය රැක ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ.ය තම ප්‍රබලතම සටන් කණ්ඩායම් කැඳවා තිබු අතර භානු,තීපන් සහ ලෝරන්ස් යන ජේෂ්ඨ සන්නද්ධ නායකයන්ගේ අණ දීමට අනුව චාල්ස් ඇන්තනී සහ ඉම්රාන් පාන්ඩියන් විසින් එල්.ටී.ටී.ඊ. භට පිරිස් මෙහෙයවන ලදී.

මේ අතරතුර කාලයේ ශ්‍රීලංකා යුධ හමුදාව විසින් කිලිනොච්චියේ හඳුනාගත් ඉලක්කවලට දිගින් දිගටම කාලතුවක්ක ප්‍රහාර එල්ල කළ අතර එම ඉලක්ක වෙත ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ගුවන් ප්‍රහාරක ජෙට් මඟින්ද ප්‍රහාර එල්ල කරන ලදී.එවැනි එක ගුවන් ප්‍රහාරයක් කිලිනොච්චියේ පිහිටි එල්.ටී.ටී.ඊ. පරිපාලන ගොඩනැගිල්ල ඉලක්ක කොට තිබුණි.රජයේ හමුදා කිලිනොච්චිය අත්පත් කර ගැනීමට සුදානම් බව 2008 ඔක්තෝම්බර් මාසයේදී රජය විසින් ප්‍රකාශ කරන ලදී.නමුත්, එල්.ටී.ටී.ඊ. නායකවේලුපිල්ලේ ප්‍රභාකරන් ඊමේල් පණිවිඩයක් මගින් "කිලිනොච්චිය අත්පත් කරගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දවල් සිහිනයක්"යැයි ප්‍රකාශ කළේය.


ශ්‍රීලංකා යුධ හමුදාව 2008 නොවැම්බර් 23 වන දින එකවර දිශා තුනකින් කිලිනොච්චි නගරය ඉලක්කකොට ප්‍රහාර දියත් කළේය.දෙසැම්බර් මාසය පුරා යුධ හමුදාව විසින් කිලිනොච්චිය අත්පත් කරගැනීමට ප්‍රධාන මෙහෙයුම් තුනක් දියත් කරන ලදී.නොවැම්බර් සහ දෙසැම්බර් මාස පුරා පවතී දැඩි මෝසම් වර්ෂාව දෙපාර්ශවයටම ප්‍රබල ලෙස බලපෑවේය.ඇතිවූ ගං වතුර තත්වය නිසා කිලිනොච්චිය තුල සහ අවට බොහොමයක් ප්‍රදේශ ජලයෙන් යටව පැවති අතර ජලයත් සමග වළදමා තිබූ බිම්බෝම්බ ප්‍රදේශය පුරාම විසිරී ගියහ.ඒ හේතුවෙන් පාබල භට පිරිස්වල ගමන අඩාල විය.මෙම මෙහෙයුම් කාලය පුරාම ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් යුධ හමුදා පාබල භට පිරිස් වල සහයට හඳුනාගත් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරද එල්ල කරන ලදී.


දෙසැම්බර් මස 10 වන දින එල්ල කරන ලද ප්‍රථම ප්‍රහාරය ව්‍යර්ථ කරන්නට එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් සමත් විය.එහිදී යුධ හමුදා සෙබළුන් 87 ක් ජීවිතක්ෂයට පත්කළ බව එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කළ අතර රජයේ හමුදා ප්‍රකාශ කර සිටියේ සෙබළුන් 20 දෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත් වූ බවත් එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ බවත්ය.

දෙසැම්බර් 16 වන දින යුධ හමුදාව පෙරමුණු කිහිපයකින් තම දෙවන ප්‍රහාරය දියත් කළ අතර එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් විසින් එය මැඩපවත්වන ලදී. එල්.ටී.ටී.ඊ.ය කියා සිටියේ එහිදී යුධ හමුදා සාමාජිකයන් 130 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 300 කට අධික පිරිසක් තුවාල ලබූ බවත් තමන් සතුව යුධ හමුදා මල සිරුරු 28 ක් ඇති බවත්ය.මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ රජයේ හමුදා කරුණු දක්වමින් එම සටනේදී යුධ හමුදා සාමාජිකයන් 25 ක් මියගිය බවත් 18 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත් 160 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවත් ප්‍රකාශ කළේය.තවද මෙම ගැටුමේදී එල්.ටී.ටී.ඊ. සටන්කරුවන් 120 ක් පමණ මියගිය බව සදහන් කළහ.දෙපාර්ශවය විසින් දින දහයක් පමණ බර අවි,කාලතුවක්කු, සහ මෝටාර් ප්‍රහාර එල්ලකරගත් අතර අවසානයේ කිලිනොච්චි නගරයේ බටහිර සීමාවේ පස් බැම්මේ කොටසක් අල්ල ගැනීමට යුධ හමුදා පාබල භට කණ්ඩායම් සමත් විය.

දෙසැම්බර් 20 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා පාබල භට පිරිස් විසින් කිලිනොච්චියට දකුණින් පිහිටි ගම්මානයක් වූ ඉරණමඩු ආක්‍රමණයට සුදානම් වන අතරතුර පෙරමුණු කිහිපයකින් සැදුම් ලත් එල්.ටී.ටී.ඊ. සටන්කරුවෝ ප්‍රබල ප්‍රහාරයක් දියත් කළහ. එල්.ටී.ටී.ඊ.ය ප්‍රකාශ කළේ මෙම ගැටුමෙන් යුධ හමුදා සාමාජිකයන් අවම වශයෙන් 60 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි.එම ප්‍රකාශයද තරයේ ප්‍රතික්ෂේප කළ එවකට ශ්‍රීලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා යුධ හමුදා සෙබළුන් 12 දෙනෙකු මියගිය බවත් 12 දෙනෙකු අතුරුදහන්ව ඇති බවත් ප්‍රකාශ කළේය.
අත්පත් කරගැනීම

2008 දෙසැම්බර් 31 වන දින ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් පරන්තන් අත්පත් කරගැනීමත් සමඟ එල්.ටී.ටී.ඊ.ය තම භට කණ්ඩායම් කිලිනොච්චි නගරයෙන් ඉවත් කරගැනීම ආරම්භ කලේය. 2009 ජනවාරි 02 වන දින යුධ හමුදාව කිලිනොච්චි නගරයට ඇතුළු විය.  එල්.ටී.ටී.ඊ. ය ඒ වනවිටත් අසල කැලෑ ප්‍රදේශ වලට පසුබැස සිටීම නිසා රජයේ හමුදා ඉතා පහසුවෙන් කිලිනොච්චි නගරයට ඇතුළු විය.

විනාශ වී තිබු වතුර ටැංකිය

එවකට ශ්‍රීලංකා හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතාට අනුව ශ්‍රීලංකා යුධ හමුදා පාබල භට පිරිස් පැවති බාධක බිඳිමින් තුන පැත්තකින් කිලිනොච්චි නගරයට ඇතුළු විය.2009 ජනවාරි 02 වන දින ගමන ආරම්භ කළ 57 වන සේනාංකයේ භට කණ්ඩායමක් කිලිනොච්චි නගරයේ බටහිර සීමාවෙන් ඇතුළු වී නගර මධ්‍යට ඇදුනු අතර තවත් කණ්ඩායමක් දකුණු දෙසින් නගර සීමාවට ඇතුළු වී නගර මධ්‍ය කරා සේන්දු විය.මේ අතර පළමු කාර්ය සාධක බලකායේ සෙබළුන් A9 ප්‍රධාන මාර්ගයට නැගෙනහිරින් සහ බටහිරින් කිලිනොච්චි නගරයට ඇතුළු වී නගර මධ්‍යට සේන්දු විය.

කිලිනොච්චි නගරය අත්පත් කරගැනීමෙන් අනතුරුව කිලිනොච්චි නගර මධ්‍යයේ ශ්‍රී ලංකා ජාතික ධජය, ශ්‍රී ලංකා යුධ හමුදා ධජය සහ 57 වන සේනාංක ධජය මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා විසින් ඔසවන ලදී.

Tuesday, July 23, 2013

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතා

මුහුනු පොතේ තිබුන පොස්ට් එකක් වැදගත් කරුනක් පිළිබදව දාල තිබ්බ හින්දා පල කරා.පසුව වැඩි දුර මේ ලිපිය පිළිබදව සොයා බලද්දි බ්ලොග් අඩවි කිහිපයක පල වි තිබුනා..එබැවින් හරි ආකාරව මුල් රචකයා සොයා ගන්න බැරි උනත් මෙම ලිපියෙහි සම්පුර්ණ ‍ ගෞරවය එම මුල් රචකයාට හිමි විය යුතුය. 


ශ්‍රී රාහුල හිමියන්ගේ ගුරුවරයා වූයේ වීදාගම මෛත්‍රිය නාහිමියන්ය. රාහුල හිමි පසුව ගුරු හිමියන්ටත් වඩා දක්ෂයකු වූ බව ප්‍රකටය. රාහුල හිමියන් ගැනත් වීදාගම නා හිමියන් ගැනත් (ගුරුගෝල) ගෙතී ඇති කතා රාශියක් අසන්නට ලැබේ.
රාහුල හිමියන් සසුන් ගතවීමට පෙර මාළු ඇල්ලිමට මහත් කැමත්තක් දැක්වුහ. දිනක් මේ කුමරා වෙල් යායක වක්කඩට වි බිලී බාමින් සිටින අතර වීදාගම නා හිමියෝ එතැනින් යන්නට පැමිණියහ. බිලී බාන කුමරා දුටු වීදාගම හිමි “ඈ බොල කොලුවෝ, අටවකදා මොන වළ යන්නද ඔය මාළු බාන්නේ” යනුවෙන් ඇසුවේය. එය ඇසු සැණින් කුමරා දුන් පිළිතුර වූයේ “නෑ හාමුදුරුවනේ, මේකේ අටවකක් නැ. එක වකයි තියෙන්නේ. මේ වළ නැත්නම් එහා වළටත් යනවා” යනුවෙනි. වීදාගම නා හිමියන් එදා මේ කුමරාගේ තරම දැන ගත්තේය.


දිනක් වීදාගම නාහිමියෝ රාහුල පොඩි හමුදුරුවන්ට කිරිහට්ටියක් සමග කෙසෙල් ඇවරියක් දී එය ලඟ පන්සලකට නායක හිමි නමකට දී එන්නට හැරියේය. එය පිළිගන්වා “පුර හඳයි, පසලොස්වකයි” පිළිගන්නා ලෙසද කියන ලෙස කිවේය. එය පිළිගන්වා පැමිණ “නායක හාමුදුරුවන් අඩ සඳයි, අටවකයි පිළිගත්තා” යැයි කියා යැවුහ. රාහුල සාමණේරයන් කිරි හට්ටියෙන් අඩක් සහ කෙසෙල් ගෙඩි කිහිපයක් කා ඇති බව වීදාගම හිමියෝ තෙරුම් ගත්හ.

වීදාගම නාහිමියන් වෙදකමට මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට අති දක්ෂයකු විය. වීදාගම මෛත්‍රිය නා හිමියන් සතුව සරස්වතී තෛලය නමින් බලගතු, දිව ගෑ සැණින් මතකය වඩවන සුළු තෙලක් තිබුණු බව එකල ප්‍රසිද්ධ විය. එය කෙස් ගසකින් ලා කට ගැසු සැණින් පුදුමාකර තෛලයකි. නා හිමිගේ ප්‍රධාන ගෝලයා වු සිරි රහල් හිමියන්ද මෙය දැන සිටියේය. වීදාගම නා හිමියන් මේ බෙහෙත අල්මාරියක දමා යතුරු ලා ඉතා සුරක්ෂිතව තබාගෙන සිටියේය. දිනක් වීදාගම නාහිමියෝ දානයකට වැඩියහ. නමුත් අල්මාරියේ යතුර ගෙන යාමට අමතක විය. අවස්ථාවෙන් ප්‍රයොජන ගත් රාහුල හිමියෝ සරත්වතී තෛලයෙන් මදක් පානය කළෝය. නමුත් එය කට ගැ යුතු වුයේ තෙල් ගැ කෙන්ද පවා හත්වරක් ගසා දමාය. මෙනිසා රහල් හිමියෝ සිහි මූර්ජා විය. දානයට වැඩි වීදාගම හිමියෝ ආපසු පැමිණ තම ගෝලයාට සිදුවී ඇති විපත දැන ගත්තේ ගිරවා ගෙනි. “තොටගමුවේ මළා තොටගමුවේ මළා” යැයි ගිරවා කියන්නට පටන්ගත්තේය. ගිරවාගේ මේ කීමෙන් වීදාගම හිමියෝ සිදුවු දේ වටහාගත්තෝය.විදාගම හිමියෝ සැම තැනම් ගෝලයන් යවා මව් කිරි එකතුකර රහල් හිමියන්ව මව් කිරි ඔරුවක බහා විස බැස්සුවේය. එතැන් පටන් ශ්‍රි රාහුල හිමිට නොවරදින මතකයක් ලැබුණු බව කියවේ.

දිනක් විදාගම-රාහුල ගුරු ගෝල දෙනම ඉදිරියට ඇති සුභ නැකැත් දින තේරීමේදී ගලක වුවත් ඉන්නක් පැලවෙන ඉතා බලගතු ගොවි නැකැතක් ඇති බව දෙදෙනාම දුටුවේය. නැකැත් වේලාව තත්පර කිහිපයකට පමනක් සීමා වී ඇති බව දුටු දෙදෙනා මෙම සුභ නැකත අත්හදා බැලීමට කතා කර ගත්තේය. දෙදෙනා කතාකර ගත් පරිදි සුභ නැකැත් වේලාව උදවන දිනයේ දෙදෙනාම පැළ ඉණි දෙකක් සූදානම් කරගෙන පන්සල් වත්තේ පිහිටි ස්වභාවික ගල්තාලවක් මතට වී නැකැත් වේලාව උදාවන තුරු සූදානම් වී සිටියේය. සුභ නැකැත් වේලාව අනුව ගල් තලාවේ පිහිටි සිරස් දෙබලක් මතට පැල ඉන්න දැමූ විට දෙබල හා වී ඉන්න ගල් තලාවේ නොගැලවිය හැකි පරිදි පිහිටිය යුතුය. නැකැත් වේලාව උදාවුණි. විදාගම හිමි තමන් අතින් අල්ලන් සිටි පැළ ඉන්න ගල් සිදුර තුලට "ඔසවා" අත්හලහ. ඉන්න ඔසවන විට ගුරුහිමියන්ට නැකත වැරදුන නමුත් ගෝලයා ඉන්න තම පය ඇඟිලි අතර රඳවාගෙන සිටි නිසා ඉතා පහසුවෙන් ඉන්න සිටුවීමට හැකිවිය.

රාහුල හිමියන් තොටගමුවේ විජයබා පිරිවෙණේ විහාරාධිපති ධූරය දරන සමය වනවිට සියලු සාස්ත්‍ර වල කෙල පැමිණි යතිවරයෙක් විය. උන්වහන්සේ ගූප්ත විද්‍යවෙන් නොයෙකුත් හාස්කම් කලබවට ප්‍රකටය. වරක් දේව රූපයක් දකිනු රිසියෙන් සෙත් කවියක් කියු විගස දේවියන් දර්ශණය වූ බව ප්‍රකටය. රාහුල හිමියන්ට යොදුනක් මානයේ කතාබහට සවන්දිය හැකි ධ්වනිවාහිනි නම් යන්ත්‍රයක් තිබිනු බවත් ගුප්තවිද්‍යා බලයෙන් හිමාලයට ගොස් එහි විස්තර දැනගෙන “හිමාල වර්ණනා” නම් පොතක් ලිවූ බවටත් කතාවක් ඇත. ගූප්ත ශාස්ත්‍ර මගින් යකුන් ඇතුළු අමනුෂ්‍යන්ගෙන් වැඩ ගත් බවද ප්‍රකටය. තොටගමුවේ විහාරය වැඩ පවා යකුන් ලවා කරගත් බව කියැවේ එම විහාර කොටුවේ මේ භුත පිරිස විසූ අතර එම ප්‍රදේශය අද යක්කටුව නමින් හැදින්වේ.

උන්වහන්සේ කවියකු ෂඩ්භාෂා පරමේශ්වර නාමධාරි පඩිවරයකු මෙන්ම නක්ෂත්‍ර යන්ත්‍ර මන්ත්‍ර වෙදකම් ආදී නොයෙක් ශාස්ත්‍රයන්හි හසළ දැනුමක් තිබූ අයෙකි. අම්බන කිඳුරුගල ලෙනෙහි වැඩ සිටිය දී අවසන් හුස්ම හෙලූ උන්වහන්සේගේ ශ්‍රී දේහය ඖෂධ හා මන්ත්‍ර බලයෙන් ආරක්ෂා වී තිබීම හේතුවෙන් සියලු ලක්වැසියන් ඒ දේහයට වැඳුම් පිදුම් පුද සත්කාර කරමින් සිටි අතර 1552 මුල් අවධියේ පෘතුගීසීහු දේහය ගෝවට රැගෙන ගොස් එය ඔවුන්ගේ ශාන්තුවරයකුගේ දේහයැයි ප්‍රසිද්ධියට පත් කොට අද දක්වා එහි රඳවා ගෙන ඇත.

මේ ශ්‍රී දේහය අවුරුදු දහස් ගණනක් ජීවමාන ආකාරයෙන් ම තබාගන්නට හැකි බව වරාම්භිර ආචාර්යයන්ගේ “ප්‍රණීත වෘහත් ජාතක” යන පොත සඳහන් කරයි. අද දක්වා නියපොතු, රැවුල, හිසකෙස් ආදිය වැඩෙන බවට දේහය ඇසින් දුටුවන් සාක්ෂි දරයි. කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල ගෙන්වා ගත් සේම රාහුල හාමුදුරුවන්ගේ ශ්‍රී දේහය ද මෙරටට ගෙන්වා ගැනීම රජයේ වගකීමකි. මේ දේහය එවකට ගාල්ලට පැමිණි පෘතුගීසිකාරයකු වූ ප්‍රැන්සිස් ක්‍ෂේවියර් විසින් ඉවතට ගෙන යන ලදී. ඒ පළාතේ වැසි ජනතාව එයට විරුද්ධ ව කොතරම් නැඟී සිටියත් ඒ වන විට කෝට්ටේ රජු ධර්මපාල, පෘතුගීසීන්ට මෙය ගෝවට ගෙනයාමට ඉඩ දී ඇත. එමෙන් ම ධර්මපාල රජු ශ්‍රී දේහය ඉවතට ගෙන යාමට අනුග්‍රහය දැක්වූ බවට එදා ප්‍රදේශයේ පතළ වූ මේ ජනකව් දෙකෙන් ද තහවුරු වේ.


සොඳුරු රාහුල අපවත්වී සකදහස
සිව්සත තෙලෙසවේ
ඉසුරු නරනිඳු සවැනි බුවනෙකබාහු
සපුමල් රෝසවේ
සතුරු කම් කළ නිසා තෙරිඳුට වැඩිය
ගල්ලෙන දිසාවේ
ඇදුරු ගේ තුනූ ලෙනෙන් ගත් දින
දනෝ යුදකලෝ ඒ නිසාවේ

සතුරු ප්‍රතිකාල් ෂේවියර් සෙන්පතිහු
යුදයට පත් වතාවේ
කිදුරු ගල ගල්ලෙනෙහි යක්සෙන්
අරක් ගනිමින් තිබූ මනාවේ
අතුරු අවුරුදු දහස් ගණනක්
පවතින සෙ කලෙ මතුරු ජිවේ
උතුරු මුල් පුත් රහල් තෙරිඳුගෙ සිරුර
ගෙන ගියෙ පුරට ගෝවේ
 අපේ ෆෙස්බුක් පිටුවටත් මෙතනින් ගිහින් ලයික් එකක් දාන්න

Saturday, July 6, 2013

අන්තර්ජාල මුදල් - ෆිවර් 02

ෆිවර් ගැන දෙවෙනි ලිපියත් ලියන්න පටන් ගත්තා.
ඊට ඉස්සරවෙලා දෙයක් කියන්න ඔන. මේ වන වි මම ලියපු ලිපි වලින් වැඩිම ජනප්‍රියත්වය තිබ්බේ නාස්තිකාර පුත්‍රයාගේ රාජකිය සපත්තුව කියන ලිපියට. ඉන් පස්සේ ජනප්‍රියත්වයට පත්ව තිබ්බේ අන්තර්ජාල මුදල් යටතේ මයික්‍රෝ වර්කස් ගැන ලියපු ලිපියට. නමුත් දැනට ලැබෙන ප්‍රතිචාර මත ෆිවර් ගැන ලියපු ලිපිය ඉහල ජනප්‍රියත්වයක් ලබමින් සිටිනවා.
ඒ ලිපිය කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.
 ෆිවර් ගැන ලිපියකින් දෙකකකින් කතාකරලා අවසන් කරන්න අමාරැයි.
අද කියලා දෙන්න යන්නේ Fiverr වල සර්ච් රිසල්ට් වල උඩට එන්න කරන්න පුලුවන් පොඩි පොඩ් ට්‍රික්ස් ටිකක්.


Fiverr වල මාතෘකාව දානකොට අපිට අවස්ථාව දිල තියෙනවා එක වචනයක් කැපිටල් වලින් යොදන්න.මේක හරි වැදතත්. අපි හරි වචනය කැපිටල් වලින් යොදපුවාහම ඒක Search results වල උඩට එනවා.
උදාහරණයක් විදිහට I will create a unique FACEBOOK cover photo. මේකේ Facebook කියන එක කැපිටල් වලින් යොදලා තියෙන්නේ. කවුරු හරි Facebook කියලා Search කලොත් මේක ඒ යටතේ උඩින් එන්න බලපානවා.


description
ඊලගට description යෙදිම. මේකදි පොඩ්ඩක් බයර්ට ඔයා කරන වැඩය ගැන බටර් පාරක් ගාන්න ඔන. description එක අවසානයේ 100% satisfaction guaranteed කියලා වගේ දාන්න ඔන.ෆිවර් එකටත් පොඩි බටර් පාරක් දාල කියන්න ඔන Only on fiver වගේ වචනයක් දාන්න ඔන.

Video 
තමන්ගේ ගිගි එක සදහා හොද පට්ට විඩියො එකක් හදා ගන්න ඔන. ඒකේ පටන්ගැන්මේ ඉදලා අවසානය වනකම් Only on fiver කියන වචනේ අනිවාර්යෙන් දාන්න ඔන. තමන්ට විඩියෝ එකක් හදන්න බැරිනම් Fiverr වලම ඉන්නවා ඔන තරම් Video  හදන අය. ඒ එක්කෙනෙකුට කියලා Video එකක් හදාගන්න.

ඊට පස්සේ තමා ප්‍රෙමාට් කරන වැඩේ පටන්ගන්න ඔන.මේක අපිට සල්ලි ගෙවල කරන්නත් පුලුවන්, නොමිලේත් කර ගන්න පුලුවන්

අද මම නොමිලේ කරන්න පුලුවන් ක්‍රම කිහිපයක් කියලා දෙන්නම්. ඊ ලග ලිපියෙන් සල්ලි ගෙවලා කරන්න පුලුවන් එවා ගැන කියන්නම්.

අද මම කියන්න අන ඒවා දද අත්දැකිමෙන් දන්න දේවල් ටිකක්
ඉස්සර වෙලාම ඔයාලා අලුත් E-mail adders එකක් හදා ගන්න. g mail නම් වැඩේ පහසුයි. ඊ ලගට ඒකෙන් Facebook  account එකක් හදාගන්න ඔන. ඒකත් හැබැයි සිංහල නමකින් නෙවෙයි හදන්න ඔන. සුද්දෙක්ගේ නමක්.. සුද්දෙක්ගේ නමට වඩා සුද්දියක්ගේ නමකින් හදන එක ගොඩක් හොදයි. මොකද එතකොට අපිට පුලුවන් ඉක්මනට අපේ friend list එක වැඩි කර ගන්න.ඒ වගේම twitter account එකකුයි Google plus එකකුයි හදා ගන්න ඒ කරලා ඒ වගෙත් followers ලා වැඩි කරගෙන අපේ ගිගි එක ගැන විස්තර හා ලින්ක් එක එකේ දාන්න පුලුවන්.
කොහොම හරි ඔය වැඩේ ටික දවසක් යනකොට අපිට friend list එකක් හැදෙනවානේ.ඒක උපයොගි කරගෙන Facebook page ඒකකුයි Facebook group  ඒකකුයි අපිට හදන්න පුලුවන්.ඒක හැබැයි අපි Fiverr වල කරන වැඩ වලට අදාල මාතෘකාවකින් වෙන්න ඔන. ඔන්නම් මාතෘකාවේ අගට help කියලා වගේ වචනයක් දාන්න..ඔයාලට English හුදට පුලුවන්නම් ඒකේ ඇතිවන ගැටලු වලට උත්තර දිලා ජනප්‍රියතාවය වැඩිකර ගන්න පුලුවන්.ඒ අතරේ අපේ gig ඒකේ ප්‍රෙමාට් කරන එකත් හිමිට කරන්න පුලුවන්.

මම ඔය කියපු දේ කරන්න හැබැයි ටිකක් කල් යනවා.මොකද facebook එකකට යාලුවො එකතු කරනවා කියන එක. ඊටත් ලංකාවේ උනුත් නෙවෙයිනේ සුද්දොනේ. සිංහලෙන් මොනවා හරි කියලා තේරුම් කරන්නත් අමාරැයි නේ. දැන් කියන්න යන දේ ඔයාලට අද ඉදලම පටන් ගන්න පුලුවන්..හැබැයි මේක අනුන්ගේ පේජ් එකක බලෙන් වගේ අපේ පොස්ට් දාන එකක්..facebook ඒකේ තියනවා ලොකේ පුරා මිලියන ගනන් කට්ටිය Like දාපු Facebook page ඒවගෙන් සමහරක අපිටත් පොස්ට් දාන්න පුල්වන්.
ඉතින් ඔයාලා කරන වැඩයට අදාලව තියෙන Facebook page මොනවාද තියෙන්නේ කියලා හොයලා බලන්න. උදාහරනයන් වශයෙන් කවුරු හරි ඉන්නවනම් ෆොටොෂොප් වලින් මොනවා හරි ගිගි එක්ක දාල තියෙන කෙනෙක් මේ Photography කියන මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න ඒකේ කොච්චර Like ප්‍රමානයක් තියෙනවාද කියලා.ඒකේ අපිට අපේ gig ඒක promote කරන්න පුලුවන්. හැබැයි එක දිගටම ඒගොල්ලන්ට ඇනයක් වන විදිහට ඒ වැඩේ කරන්න ඒපා.සතියකට සැරයක් වගේ ඔය වැඩේ කරන්න. මේ ක්‍රමයෙන් අඩුම වශයෙන් 10 දෙනෙක්වත් අපේ  gig ඒක collect කර ගන්නවා..හැබැයි මේක ප්‍රෙමාට් වෙන්න අපේ ගිගි ඒක හරියට හදලා තියෙන්න ඔන..හොද video එකක් තියෙන්නත් ඔන.

තවනම් කියන්න ගොඩක් තියෙනවා..ඒත් එකදිගට type කරන්න කම්මැලියි..ඉස්සරහ ලිපි වලින් ඒ ගැන ලියන්නම්..ඔයාලා දෙන ප්‍රතිචාර මත තමා ලියන්න වෙන්නේ..මොකද මේ ලිපි ඔයාලට වැදගත් උනාද කියල මම දැන ගන්න ඔන.
එහෙනම් ඔයාලට ජය වේවා.......


Friday, July 5, 2013

අන්තර්ජාල මුදල් - ෆියිවර්

මොකක්ද මේ fiverr. අන්තර්ජාලයෙන් මුදල් හොයන කෙනෙක්ගෙන් ඇහැව්වානම් කියයි පට්ටම සයිට් එකක් කියලා. ඔව් ඇත්තටම ෆිවර් පට්ටම සයිට් එකක්.පහසුවෙන්
මොකක්ද මේ fiverr. ෆිවර් කියන්නේ අපි ලබාදෙන සේවාවකට ගෙවන්නේ ඩොලර් 5 යි.ඇත්තටම ඩොලර් 5න් 4යි අපිට ලැබෙන්නේ එකක් ෆිවර් එක තියා ගන්නවා.

මෙතනින් ෆිවර් සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන්න

මෙතනදි රෙජිස්ටර් වෙන්න ඉස්සරවෙලා කියන්න දෙයක් තියෙනවා. ෆිවර් වල ලංකාව විදිහට රෙජිස්ටර් වනවාට වඩා ඇමරිකනු විදිහට රෙජිස්ටර් වෙන එකෙන් අපිට ලැබෙන ඔඩර් ප්‍රමාණය වැඩි වනවා කියනවා.ඒකට අපේ කොම්පියුටරේ අයි පි ඇඩ්ඩරස් එක ඇමරිකන් විදිහට හදාගන්න ඔන.නමුත් මම නම් මගේ එකවුන්ට් එක හදලා තියෙන්නේ ලංකාවේ විදිහට.

හරි දැන් මම දුන්න ලින්ක් එකෙන් ගිහින් ඒකේ උඩ දකුණු කෙලවරේ තියෙන Join කියන බටන් එකෙන් ගිහින් නිවරදි ආකාරයට එතනට ඊ මේල් ඇඩ්රස් එක හා තොරතුරැ පුරවලා මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.
දැන් හරිනේ රෙජිස්ටර් වුනානේ.දැන් තියෙන්නේ ගිගි එකක් හදන එක.
මොකක්ද මේ ගිගි එකක් කියන්නේ.ගිගි එකක් කියන්නේ අපි මොනවා හරි දෙයක් ෆවර් හරහා විකිනිමට බලාපොරොත්තු වනවානේ. අන්න ඒක ගැන හදුන්වා දිමක්.
ෆියර් එකේ කැටගරි 12 ක් යටතේ ගිගි හදලා අපිට ඉදිරිපත් කරන්න පුලුවන්.
 ඉස්සර වෙලාම ඔයාලට කරන්න පුලුවන් දේ මොනවාද කියලා හදුනාගන්න ඔන..අපි කියමු ලෝගො හදන්න ඔයාට හුදට කරන්න පුලුවන් කියලා. එහෙනම් ඉස්සර වෙලා ඔයාම ඩිසයින් කරලා හුදම ලොගො තුනක්වත් හදන්න ඔන..කොහෙන්වත් ඩවුනලොඩ් කරලා එහෙම නෙවෙයි. ඊට පස්සේ ඩිසයින් කරන එක ගැන..ඔයාට තියෙන පලපුරැද්ද ගැන වෙනම පොඩි විස්තරයක් ලියාගන්න..ඔනම දෙයක් කරන්න ඉස්සරවෙලා පොඩි සැලසුමක් තියෙන එක හොදයි.
ඊලගට ෆිවර් සයිට් එකේ sales කියන පේජ් එකට යන්න එතන තියෙනවා create gig කියලා එතනින් ගහින් ඔයාගේ ගිගි එක නිර්මානය කරන්න.
උඩින්ම තියෙන්නේ මාතෘකාව ඊලගට ඔයාගේ ගිගිය අයත්වන කැටගරිය සබ් කැටගරිය තොරන්න ඔන.
ඊලගට ඔයාලාගේ කරන වැඩයට අදාල ඉමේජ් හා ඔයාලා ලියපු විස්රතය එහෙම ඇතුලත් කරලා ඔය කොටු පුරවන්නකෝ.
ඔයාලා ඔඩරයක් ගත්තොත් ඩිලිවර් කරන්න පුලුවන් දින ගනන එහෙම හරියට දෙන්න..ගොඩක් දවස් ගන්නේ නැතිව ඉක්මනට ඩිලිවර් කරන්න පුලුවන්නම් ගොඩක් හුදයි.

ඊලගට ඔකේ තියෙන වැදගත් දේ තමා ටැග්ස් හරියට දාන එක.මොකද අපි කරන වැඩය ගැන හරි ටැග්ස් දාන්න ඔන.ෆිවර් අලුත් අප්ඩේට් එකේ දාන්න පුලුවන්නේ ටැග්ස් 5ක් නිසා හරි ටැග්ස් දාන්න වග බලාගන්න ඔන. එතකොට තමා සර්ච් කරනකොට අපේ ගිගි එක උඩටම එන්නනේ. ලොගො ඩිසයින්නම් Creative logo වගේ ටැග්ස් දාන්න ඔන. හරි දැන් සේව් ඇන්ඩ් කරලා අපිට ඔඩරයක් එනකම් බලාගෙන ඉන්න ඔන..එහෙම අපි බලාගෙන ඉන්නේ නැතිව අපේ ගිගිය ප්‍රෙමාට් කරොත් අපිට වැඩි ප්‍රතිපල ගන්න පුලුවන්..ඒ ගැන පසුව ලියන්නම්.

තව දෙයක් කියන්න ඔන.කොහෙමද ෆිවර් එකේ සල්ලි ගන්නේ..ඒ  කට පේපැල් ගිනුමක් හදා ගත යුතුයි. ලෙවෙල් වන් ලැබුනහම අපිට ෆවර් කාඩ් එකකට ඇප්ලයි කරලා ෆිවර් කාඩ් එකක් ගත හැකියි.

මේ ලිපිය හදිස්සියේ ලිව්වේ..තව කියන්න දෙවල් බොහොමයක් තියෙනවා...කොහොමද ෆිවර් එකේ සර්ච් වල උඩට එන්න හදා ගන්නේ.මොනවාද ෆිවර් අයිඩියා...ඒ කියන්නේ ඔයාලා හිතනවා ඇති මොනවත් මට නෑ නේ ෆවර් එකේ විකුනන්න කියලා..මමත් ඉස්සර වෙලා එහෙම හිතුවා..එත් ඔයා හිතන්නේවත් නැති දේ ෆිවර් එකේ විකුනුව හැකියි. ඒවා ගැන ඊලග ලිපියෙන් ලියන්න බලා පොරොත්තු වනවා..ඒ වගේම පේපැල් හා ෆිවර් කාඩ් එක ගැන ඉදිරියේදි ලිපිය ලියන්නම්.හැබැයි ඔයාලාගේ ප්‍රතිජාර මත තමා මිලග ලිපි ලියන්නේ..

Wednesday, July 3, 2013

දිනෙන් දින -ජනවාරි පළවෙනිදා

ඔන්න හා හා පුරා කියල දිනෙන් දින ලිපි පෙලත් ලියන්න පටන්ගත්තා.මුල්ම ලිපිය ජනවාරි 01 වෙනිදා ගැන
ග්‍රෙගරි දින දසුනට අනුව අවුරැද්දේ පළමු දිනය වේ.


  • ජනවාරි 01 වෙනිදා ලංකාවට ඇති වැදගත්කම්
  • 1806 .01.01 - ලංකාවේ නිකුත්නල සියලුම තඔ කාසි අවලංගු කිරිම
  • 1832.01.01-  ලංකා මාර්ග නිර්මාණයේ පුරෝගාමි මෙහෙවරක් කල කැප්ටන් ඩොසන් සිහිවිම සදහා කඩුගන්නාවේ ඉදිකල කැප්ටන් ඩොසන් කුලුණ නිර්මාණය කර අවසන් කිරිම.

  • 1848 01.01-  ඉංග්‍රීසි ආණ්ඩුවට ප්‍රබල සටනක් ගෙන ගිය ගෙන්ගාලේ ගොඩබංඩා ජිවිතාන්තය දක්වා සිරදඩුවමක් දි මලක්කාවට පිටත්කිරිම.
  • 1959.01.01 - ලංකා සිමෙන්ති සංස්ථාව ආරම්භකිරිම
  • 1962.01.01 - සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ පාලන භාෂාව ලෙස නම් කිරිම.
  • 1869.01.01- ශ්‍රී ලංකාවේ බන්ධනාගාර සේවාව පටන් ගැණිම
  • 1972.01.01 -ශ්‍රී ලංකාවේ රැපියල් ශත මුදල් ඒකක ආරම්භය.
  • 1877.01.01 - ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය විවෘත කිරිම.
  • 1884.01.01 - නිතිපති දෙපාර්තමේන්තුව ආරම්භ කිරිම.
  • 1972.01.01 - සලුසල ආයතනය ආරම්භය.


ජනවාරි පළවෙනිදා ජාත්‍යන්තරව වැදගත් විම

  • 1860- පළමු  ඔපදමන ලද මුද්දරය නිකුත්කිරිම.
  • 1873 - ජපානය ග්‍රෙගරි දින දසුන භාවිතය ආරම්භ කිරිම.
  • 1899 - කියුබාව තුල ස්පාඥ්ඥ නිතිය අවසන් කිරිම.
  • 1901 - නයිජිරියාව බ්‍රිතාන්‍ය රාජ්‍යයට ඇදාගැණිම
  • 1912  - චින සමුහ ආණ්ඩුව බිහිවිම.
  • 1927 - මෙක්සිකොව තුල ක්‍රිස්ටිරියො යුද්ධය ආරම්භ විම.
  • 1932 - ඇමරිකානු හිටපු ජනාධිපති ජෝර්ජ් වොසින්ටන්ගේ 200 වන ජන්ම සැමරුම සිහි කර කාන්ඩ මුද්දර කාණ්ඩ 12 නිකුත් කිරිම.
  • 1937 - ආරක්ෂිත windscreens මුල්වරට වාහන සදහා ඒක්සත් රාජධානිය තුල හදුන්වා දිම.
  • 1942  - රටවල් 26ක අත්සනින් යුත් එක්සත් ජාතින්ගේ ප්‍රකාශය නිකුත් කිරිම.
  • 1948 - බ්‍රිතාන්‍ය දුම්රිය ජාලය බ්‍රිතාන්‍ය දුම්රිය ලෙස ජනසතු කිරිම
  • 1956 - ජපානයේ අලුත් අවුරැදු සැමරිමකදි 124 දෙනා මරා දැමිම.
  • 1958 - යුරොපා ආර්ථික සංවිධාණය පිහිටුවිම.
  • 1960 - කැමරොන් රාජ්‍යය ප්‍රංශයෙන් හා ඒක්සත් රාජධානියෙන් නිදහස් විම.
  • 1971 - ඇමරිකානු රැපවාහිනය තුල දුම්වැටි දැනිවිමක් ප්‍රචාරය කිරිම.
  • 1973 - ඩෙන්මාර්කය,ඒක්සත් රාජධානියෙන් හා අයර්ලන්තය යුරොපිය ආර්ථික සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැණිම.
  • 1978 - ඉංදිය ගුවන් සේවයට අයත් බොයින් 747 ගැවන් යානයක් අනතුරට පත්විමෙන් මගින් 213 ක් මිය යාම.
  • 1981 - ග්‍රිසිය යුරොපිය සංවිධානයේ සමාජික විම.
  • 1982 - ඒක්සත් ජාතින්ගේ සදවිධානයේ ප්‍රථම ලතින් ඇමරිකානු මහ ලේකම් ලෙස පෙරැවියන් ජවිර් පෙරේස් ද කියුලර් පත්විම.
  • 1984 - බ්‍රරැනෙයි ඒක්සත් රාජධානියෙන් නිදහස් විම.
  • 1985 - අන්තර්ජාල ඩොමියන් නම නිර්මානය කිරිම.
  • 1985 - ප්‍රථම බ්‍රිතාන්‍ය ජංගම දුරකතන ඇමතුම නිර්මාණය, එර්නි විෂ් සිට වොඩර්ෆොන්.
  • 1986 - ස්පාඤ්ඥය හා පෘතුගාලය යුරොපිය සංගමයේ සාමාජිකත්වය ලබා ගැණිම.
  • 1990 - නිව්යොර්කි නගරයේ ප්‍රථම කලු නගරාධිපති ලෙස ඩාවිඩ් ඩින්කින්ස් පත්විම.
  • 1995 - ස්විඩන්,ඔස්ට්‍රියා සහ පින්ලන්තය යුරොපිය සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැණිම.
  • 1997 - කොෆි අනන් ඒක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් ලෙස පත් විම.
  • 1998 - යුරොපිය මහ බැංකුව ආරම්භ කිරිම
  • 1999 - යුරෝ මුදල් එකකය යුරොපිය සංවිධානයේ සාමාජික රටවල් 11 කට හදුන්වා දිම.
  • 2002 - යුරො බැන්ක් නොට්ටු හා කාසි නිත්‍යනුකුල වශයෙන් යුරොපිය සංවිධානයේ සාමාජික රටවල් අතර භාවිතය ආරම්භ කිරිම.
  • 2002 - තායිවානය චින තායිපේ ලෙස ලොක වෙළද සංවිධානයට සම්බන්ධ විම.
  • 2007 - බල්ගේරියාව හා රැමේනියාව යුරොපිය සංවිධානයට සම්බන්ධ විම.
  • 2009 - තායිලන්ත සමාජ ශාලාවක් තුල 66 දෙනෙකු මිය යාම.
  • 2010 - පාකිස්තානයේ වොලිබොල් තරගයකට එල්ලකල මරාගෙන මැරෙන කාර් බොම්බ ප්‍රහාරයකින්  105 දෙනෙකු මිය යාම.
  • 2013 - අයිවරිකොස්ට් රාජ්‍යෙය් අලුත් අවුරැදු සැමරිමෙන් පසු සිදුවු ප්‍රහාරයකින් 60 දෙනෙකු ඝාතනය කිරිම.
තවත් මෙවැනි ජනවාරි පළවෙනිදා සිදුවු වැදගත් සිදුවිම් ඔබගාව තවත් ඇති.එවා අප හා බෙදාගන්න.

Tuesday, July 2, 2013

දිනෙන් දින

අද සිට අලුත් ලිපි පෙලක් ලියන්න හිතුවා මං.මෙම අඩවියෙ ලිවිමේ මගේ මුලික බලාපොරොත්තුව දැනුම බෙදා හදාගැනිම නිසා දිනෙන් දින කියලා අලුත් ලිපි පෙලකින් ඔබ හමුවට එනවා.
මොකක්ද මේ දිනෙන් දින කියන්නේ...දිනෙන් දින කියන්නේ ජනවාරි 01 වෙනිදායින් පටන් ගෙන දෙසැම්බර් 31 දක්වා එක් එක් දිනයක සිදුවු වැදගත් සිදුවිම් සියල්ල ලිපි පෙලකින් ඉදිරිපත් කිරිමයි.මේම සම්පුර්ණ ලිපි පෙලම ඉදිරිපත් කරන්න ටික කලක් ගතවේ.මේ සදහා ඔබගේ අදහසුත් ඉතා වටිනවා.ඔබගේ අදහස් හා ඔබත් දන්න යම් තොරතුරැ තියෙනවානම් මා වෙත ඉදිරිපත් කරන්න.