අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, June 16, 2018

ලෝකයේ වියළිම ස්ථානය: ඇන්ටාර්ක්ටිකාවේ වියළි මිටියාවත



ඇන්ටාර්ටිකා මහාද්වීපයේ එක් අභ්‍යන්තර ප්‍රදේශයක් වියළි මිටියාවත ලෙසින් නම් කර තිබේ. මෙම ප්‍රදේශයට වසර මිලියන දෙකකින් පමණ වර්ෂාවක් ලැබී නැති බව පැවසේ. ග්‍රීෂ්මයේදී ඇන්ටාක්ටිකාව තුළ ගලා යන ජල ධාරා නිසා මේ නිම්නයේ තැන තැන කුඩා ජලාශ හට ගන්නා නමුත් ජලය, අයිස් හෝ හිම යන කිසිදු ආකාරයක තෙතමනයක් මෙහි දක්නට නොලැබේ. මෙම වියළි මිටියාවතේ ශුෂ්ක ස්වභාවයට හේතුවී ඇත්තේ පැයට කිලෝමීටර 320 ක් තරම් වේගයකින් හමා යන දරුණු සුලං ප්‍රවාහයයි. මේ නිසා මෙම ප්‍රදේශයේ තෙතමනය වාෂ්ප වීම සිදුවේ. ඇන්ටාර්ක්ටිකාව තුළ ඇති අයිස් රහිත එකම භූමිභාගය මෙයයි. චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාර ප්‍රදේශය ද ඉතා වියළි වන අතර මෙම ස්ථාන දෙකෙන් වඩාත් වියළි ස්ථානය කුමක් දැයි තීරණය කිරීමට දැනට ඇති දත්ත ප්‍රමාණවත් නොවේ. වැඩි විස්තර පහත විඩියෝව බලන්න