Saturday, November 4, 2017

ඖෂධ පෑලෑටි 01 - 10

අපි විසින් හදුන්වාදෙන මෙම අළුත් ලිපි පෙල මගින් ඔෟෂධ පැලෑටි හදුනා ගැනීම සදහා ඔබට සහය විමට බලාපොරොත්තු වනවා.
ඔෂධ පැලෑටි වර්ග හදුනා ගෑනිම සදහා හොදම ක්‍රමය වනුයේ එම ශාක වල විඩියෝ දර්ශන ගෙන ඒම වේ.

ලිපි පෙලෙහි මාතෘකාව ඖෂධ පෑලෑටි ලෙස හැදින්වුවාට ඖෂධීය වටිනාකමක් සහිත විශාල ගස් වර්ගද මේ යටතේ හදුන්වාදිමට බලාපොරොත්තු වේ.

ඒ අනුව ඖෂධ ශාක අවම වශයෙන් 500 ක් පමණ හදුන්වා දිම අපේ මුලික අරමුණ වේ. එය අනාගතයට හොද එකතුවක් වේ.

මෙම ලිපි  පෙල පිළිබද ඔබගේ අදහස් එහි ඉදිරි ගමනට ඉතා වැදගත් වන අතර. ඔබටද මෙම ලිපි පෙල සදහා දායක විමට හැකියාව පවතින අතර, ඒ සදහා ඖෂධ ශාකවල සමිප විඩියෝ දර්ශණ තත්පර 30 ක කාලයකට විඩියෝගත කර අප වෙත යොමු කරන්න.

පළමු  ඖෂධ පෑලෑටි එකතුව පහතින් හදුනා ගනීමු.

01.නවහන්දි Rhipsalis baccifera
හන්දි වෙදකම්, කැඩ්ම් බිදුම් වෙදකම සදහා යොදා ගන්නා මෙම නව හංදි ශාකය.


02. කුප්පමේනියා

දරුවන් ගේ මළ බද්ධයේ දි කුප්පමේනිය කොළ අඹරා වැටියක්‌ ලෙස සාදා ගුද මාර්ගයට ඇතුළත් කළ විට ඉක්‌මනින් මළ පහවන බව ආයුර්වේදයේ දී පෙන්වා දෙයි. පිළිස්‌සුම් ප්‍රතිකාරයක්‌ ලෙස කුප්පමේනියා කොළ තලා පිළිස්‌සුණු තැන ආලේප කරයි. මූත්‍රා අඩස්‌සිය ඇති වූ විට කුප්පමේනියා කොළ අඹරා තුනි රෙදි කැබැල්ලකට අතුරා යටි බඩේ පැලැස්‌තරයක්‌ යෙදීමෙන් මුත්‍රා අඩස්‌සිය සුව වෙයි. 
සර්ප විෂ ශරීරය ගත වූ විට කුප්පමේනියා කොළ කැඳ දේශීය වෛද්‍ය විද්‍යාවේ නිර්දේශ කරයි. දේශීය පලාවක්‌ ලෙස තනිකර ගනු නො ලැබුවත් කලවම් මැල්ලුමක දී කුප්පමේනියා කොළ ස්‌වල්පයක්‌ ගෙන යොදන අවස්‌ථා ඇත. 


03.අදු කොළ



04.විෂ්ණුක්‍රාන්ති Evolvulus glomeratus
පාචනය හා මානසික රෝග සදහා විශේෂයෙන් යොදා ගනි.
05.කටු කරඩු




06.පොල් පලා aerva lanata

මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයක්‌ මෙන්ම මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක්‌ ද ඇත. විෂ නැසීමේ ගුණයකින් ද යුක්‌ත ය. උදෑසන ආහාරයට පොල්පලා කැඳක්‌ ලෙස හෝ දෛනික ආහාරයට පලා මැල්ලුමක්‌ ලෙස හෝ යොදාගත හැකි ය. ඔසු පැන් වශයෙන් පිපාසයට බීමෙන් ඉහත සඳහන් රෝග සුව වෙයි. මුත්‍රා අඩස්‌සිය ඇති විට දී පොල්පලා සම්පූර්ණ ගස තම්බා බීමෙන් හොඳින් මුත්‍රා පහ වී අඩස්‌සිය සමනය වෙයි. 

රසායනික සංඝටක - පොල්පලා පිළිබඳව සිදු කර ඇති රසායනික විශ්ලේෂණ අනුව බීටා-සිටොස්‌ටෙරිල්, පැල්මිටේට්‌, බීටා ඇමයිරින්, බීටා-සීටොස්‌ටෙරොල් අඩංගු වන බව සොයාගෙන ඇත.



07. ඉගුරු Zingiber officinale

අතීතයේ පටන් භාවිතයට ගත් ඖෂධීය වටිනාකමකින් යුත් කුළු බඩුවක් ලෙස ඉගුරු සැලකිය හැකිය. එහි විද්‍යාත්මක නාමය වනුයේ “සින්ගිබර් ඔෆිසිනේල්” ය. සගන්ධ තෙල් නිෂ්පාදනය සදහා ද යොදා ගන්නා ඉගුරු මගින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රයෝජන බොහෝමයක් ඇත. එහි ඇති ප්‍රයෝජන නිසා ම ආයුර්වේදයේ දී “වෛද්‍ය විද්‍යාවේ හදවත” ලෙස ද සලකයි.


  • ස්වසන ආබාධවලට ප්‍රතිකාරයකි.
  • ඔක්කාරයට හා වමනයට
  • පාචනය අඩු කරයි.
  • ඔසප් වීමේ දී ඇති වන කෙන්ඩ පෙරලීම වලක්වයි.
  • ඩිම්භ හා බඩවැල ආශ්‍රිත පිලිකාවලට ප්‍රතිකාරයකි.
  • ඉදිමුම් සහිත දැවිල්ල අඩු කරයි.
  •  දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධවලට ප්‍රතිකාරයකි.
  • ආමාශය ආශ්‍රිත රෝගවලට
  • තරුණ බව රැක ගැනීමට
  • පිලිස්සු ලප කැලැල් සුව කිරීම
  • කෙස් වැඩීම වර්ධනය කරයි.



08. හාතාවාරිය 

ආයුර්වේදය තුළදී හාතාවාරිය ශාකය හැඳින්වෙන්නේ සියලු බෙහෙත් පැළෑටි අතර අග රැජිනිය ලෙසයි. Asparagus Racemousus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් මෙය හැඳින්වෙනවා. කාන්තාවක්‌ ගැබ්ගැන්වීම සඳහා ආයුර්වේදය මගින් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ හාතාවාරිය පාවිච්චි කරනවා. එසේම ආහාර ජීර්ණ ක්‍රියාවලියටත් හාතාවාරිය මගින් විශාල වශයෙන් සහායක්‌ ලැබෙනවා. හාතාවාරිය වල විශේෂත්වයක්‌ තිබෙනවා. ඒ තමයි තරුණ කාන්තාවන් පමණක්‌ නොව මැදිවියේ කාන්තාවනුත් ගැබ් ගැන්වීමට මෙය යොදා ගත හැකි වීම. කාන්තාවකගේ ආර්තවය අක්‍රමවත් වූ විට එය ක්‍රමවත් කරන්නටත්, හාතාවාරියවලට පුළුවන්. හාතාවාරිය මගින් තිබෙන සෞඛ්‍යමය ප්‍රයෝජන පහත සඳහන් ආකාරයට පෙළ ගැස්‌විය හැකියි. එනම්.

1. මවගේ සිරුර තුළ කිරි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම.
2. මුත්‍රා බොක්‌කේ හටගන්නා ආසාදිත තත්ත්වයන් සුවපත් කිරීම.
3. ශ්වසන පද්ධතිය තුළ ආර්ද්‍රතාව (තෙතමනය) පවත්වා ගෙන යමින් ශ්වසන ක්‍රියාවලිය නිසි තත්ත්වයෙහි පවත්වා ගෙන යැම.
4. ශරීර ශක්‌තිය පවත්වා ගෙන යැම සඳහා ශක්‌තිජනකයක්‌ ලෙස ක්‍රියාත්මක වීම.
5. ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ප්‍රාණවත්ව තබා ගැනීම.
6. බඩවැල්වල (අන්ත්‍රය) ක්‍රියාකාරීත්වය අඛණ්‌ඩව පවත්වා ගෙන යැම.
7. පාචන තත්ත්වයක්‌ තුළදී එය වළක්‌වා ගැනීමට උපකාරී වීම.
8. ශරීරයේ විෂ නැසීමේ හැකියාව.
9. ශරීරයේ වේදනාවන් සමනය කිරීම. නින්ද අඛණ්‌ඩව පවත්වාගෙනයැම. වකුගඩුවල ආබාධ සුවපත් කිරීම. නිධන්ගත උණ තත්ත්වයන් සමනය කිරීම. ශරීරයේ පවතින ඌෂ්නාධික තත්ත්වයන් සමනය කිරීම, උදරයේ හටගන්නා ගෙඩි සහ පිළිකා සමනය කිරීම සහ වර්ධනය වීම වැළැක්‌වීම.
10. පිළිකාව, ඩිමෙන්ෂියාව, බ්‍රොන්කයිටිස්‌, දියවැඩියාව යන රෝග සමනය කිරීම.
හැමදාම හාතාවාරිය කොළ කැඳ කෝප්පයක්‌ පානය කළ හැකිනම් හුඟක්‌ ලෙඩ රෝග සුව කර ගන්නට පුළුවන්.විශේෂයෙන් කිරි දෙන අම්මලා දවසක්‌ හැර දවසක්‌ මේ පානය ගත්තාම ශරීරයේ කිරි නිෂ්පාදනය වර්ධනය වන බව විශ්වාස කරනවා.
හාතාවාරිය කියන වචනය බිඳී ඇවිත් තිබෙන්නේ 'ශතවාරි' කියන සංස්‌කෘත නමින්. එහි තේරුම ලෙඩ රෝග සිය ගණනක්‌ සඳහා මෙය යෝග්‍ය ප්‍රතිකාරයක්‌ බවයි. එසේම කාන්තාවන්ගේ හෝර්මෝන පද්ධතිය සමබරව පවත්වාගෙන යන්නටත් මෙය උපකාරී වන බව සැලකිය යුතුයි.

09.කිරි අගුණ Tylophora pauciflora


10.මොණරකුඩුම්බිය Fleabane / Ash - Coloured Fleabane

අළුහම් , ඇස් රුදාව, මාන්දම,සෙන්ගමාලය, අර්ශස්, කෘමි රොග,ආදියට භාවිතා කරයි. ලේ පිරිසිදු කිරිමේ ගුණය ඇත.



0 comments:

Post a Comment