අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Sunday, June 30, 2013

ඒ නවය- 5 වන දිගහැරැම

මෙම ලිපි පෙල ඉක්මනින්ම ලියා අවසන් කරන්න හිතුවා.ඒක හින්දා මෙහි පස්වන දිග හැරැමත් දබුල්ලේ සිට පටන් ගන්නවා
පසුගිය ලිපිය කියවව්වේ නැත්තම් මෙතැනින් ගහින් කියවන්න.
බුල්ල නගරයට සමු දුන් අපි ඒ නවය මාර්ගය ඔස්සේ ඉදිරියට අපගේ මිලග නවාතැන්පල වන අනුරාධපුර නගරය දක්වා ගමන් ආරම්භ කරනවා
මාර්ගය දෙපස තිබෙන නිල්වන් කුබුරැ යාය ගතට හා සිතට සසිලසක් ගෙන දෙනවා
අපි දබුල්ලේ සිට කැකිරාව නගරය පසුකරමින් මරදන්කඩවල මාර්ගය ඔස්සේ වැව් බැදි රජ්‍යයට ලගාවුනා.
ඒ නවය මාර්ගය ඔස්සේ ගමන් කරන අපිට මදකට අපිට ඒ නවය මාර්ගයට සමු දෙන්න සිදුවනවා,මන්ද යත් අපේ තුන් සිංහලයට වැදගත් රාජ්‍යයක් වන අනුරාධපුර නගරයෙහි සංචාරය කිරිමට සිදුවන නිසා.
ගල්කුලම මන්සංදියෙන් ඒ නවය මාර්ගයට සමු දි වමට හැරැන අපි මිලග අපේ ගමනාන්තය වන අනුරාධපුර නගරයට ලගා වුනා.

වත්මන් ශ්‍රි ලංකාව පිහිටි භූමියේ ප්‍රථම සංවිධානාත්මක නවීන රාජධානිය වුයේ රජරට රාජධානියයි.
මුල් යුගයේ උපතිස්සනුවර අගනුවර වූ අතර පණ්ඩුකාහය රජ විසින් අනුරාධගම අගනුවර කරගෙන එය පුරවරයක් දකිවා සංවර්ධනය කරන ලදී. රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය.
රාජධානියේ ආර්ථිකය පදනම් වූයේ කෘෂිකර්මාන්තය මත බැවින් වැව් සහ ඇළ මාර්ග ඉදිකිරීම රජුගේ ප්‍රධාන කාර්‍යයක් විය. බොහෝමයක් රජවරුන් විශාල වැව් සහ ඇළ මාර්ග ඉදි කළ අතර, ඒ අතරින් වැඩිමනක් මතකයේ රැඳෙන්නේ වසභ සහ මහාසේන රජවරුන්ය. මෙම ඉදිකිරීම් නිසා අනුරාධපුර යුගය මුළුල්ලේම රජරට ප්‍රදේශය තුළ විශාල, එමෙන්ම සංකීර්ණ වාරිමාර්ග පද්ධතියක් බිහි විය. එකල ඉදි කරන ලද මහා ස්ථුපයන් වූ රුවන්වැලිසෑය, ජේතවණාරාමය මෙන්ම ලෝවාමහාපාය වැනි විශාල ගොඩනැගිලි මඟින් අනුරාධපුර යුගයේ තිබූ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව මනාව පෙන්නුම් කරයි.

ඓතිහාසික මූලාශ්‍රයන්හි සඳහන් වන පරිදි අනුරාධපුර නගරය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ.5 සියවෙසහි වුවත් පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව එහි ඉතිහාසය ක්‍රි.පූ 10 වැනි සියවස තරම් ඈතට දිව යයි. කරන ලද පුරා විද්‍යා කැණීම් වලදී වඩා පූර්ව කාලයන්හි විසූ ජනයා සම්බන්ධ සාක්ෂි ලැබී ඇතත් ක්‍රි.පූ 5 සියවසට එපිට කාලය පිළිබද තොරතුරු අත්තේ මද වශෙයනි.

අනුරාධපුරෙය් වැඩිදුර සිදු කරන ලද කැණීම් වලදී මෙම පුරවරෙයේ පැවති ප්‍රාග් ඓතිහාසික ජනාවාසයන් පිළිබද තොරතුරු ලැබී ඇත. ක්‍රි.පූ 900 - 600 දක්වා විහිදුණ ප්‍රාග් ඓතිහාසික ලෝහ යුගෙය්දී ලෝහ තාක්ෂණය, කුඹල් කර්මාන්තය, අහ්වයන් භාවිතය, ගවයන් ඇති කිරීම සහ වී වගාවද පැවතුණ බව පෙනී යයි. ක්‍රි.පූ 700-600 අතර කාලයේදී අනුරාධපුරයේ ජනාවාසය හෙක්ටයාර් 50 ඉක්මවා වර්ධනය විය. නගරය ඊසාන දිගින් සහ වයඹ දිගින් පිහිටි ප්‍රධාන වරායයන් අතර උපායමාර්ගිකව වැදගත් වන පරිදි පිහිටියේය. වගා කළ හැකි සරු බිම් එය වටෙකාට පිහිටා තිබුණි. ආක්‍රමණිකයන්ගෙන් නගරය ආරක්ෂා කළ ස්වභාවික පවුරක් වූ ඝන වනාන්තරය නගරය හාත්පස අවුරා විය.

ක්‍රි.පූ 4 සියවසෙහිදී පණ්ඩුකාභය රජතුමන් විසින් අනුරාධපුරය අගනගරය බවට පත් කරන ලද බවත්, මනා සංවිධිත සැලසුමක් අනුව නගරය සහ එහි උප නගරයන්ද පිහිටුවන ලද බවත් කියැවේ. "අභය වාපි" හෙවත් අභය වැවද එතුමන් විසින් කරවන ලදී. කාලවේල සහ චිත්තරාජ නමැති යක්ෂයන් උදෙසා දෙවොල්ද කරවනු ලැබීය. චේතියා නමැති යක්ෂණිය උදෙසා වෙළඹකගේ ස්වරූපයෙන් වූ පිළිරුවක් රාජ මාළිග පරිශ්‍රයේම ඉදි කරවන ලද අතර මේ සියළු යක්ෂ-දේවතාවන් උදෙසා වාර්ෂිකව පුද පූජා පැවැත්වීමද සිදු විය. නගරයේ සුසාන භූමිය, වදක භූමිය, පශ්චිම රාජිණියගේ දෙවොල, වෙස්සවණ උ‍දෙසා වූ නුග රුක, ව්‍යාධදේව උදෙසා වූ තල් රුක, යෝනයන් සඳහා වාස භූමිය, ආත්ම පූජා මන්දිරය ආදිය පිහිටැවිය යුතු තැන්ද මෙතුමන් විසින් නියම කරන ලදී. වහලුන් නොහොත් චණ්ඩාලයන් විසින් කළ යුතු කාර්යයන් නියම කෙරුණු අතර ඔවුන් උදෙසා ග්‍රාමයක් වෙන් කරන ලදී. නිඝණ්ටයන්, තැන තැන සරන තවුසන්, ආජීවකයන් සහ බ්‍රාහ්මණයන් උදෙසා වාසස්ථාන ගොඩ නඟන ලදී. ග්‍රාම සීමාද නීර්ණය කරනු ලැබීය. අනුරාධපුරය අග නගරය බව‍ට පත් කරමින් ක්‍රි.පූ 4 සියවස තරම් ඈත යුගයකදී පණ්ඩුකාභය රජතුමන් විසින් බිහි කරනු ලැබූ සම්ප්‍රදාය ඉතා වැදගත් වේ.

නගරයට සහ පූජනීය ස්ථානයන්ට කරනු ලැබූ සනීපාරක්ෂක සහ පරිපාලනමය සම්පාදනයන් විසින් පෙන්නුම් කෙරෙනුයේ කාලාන්තරයක් තිසිසේ නගරය කිසියම් මධ්‍යගත සැලැස්මකට අනුව සංවර්ධනය කෙරුණු බවය. පණ්ඩුකාභය රජතුමන්ගේ ඇවෑමෙන් එතුමන්ගේ පුත් මුටසීව රාජපදප්‍රාප්ත විය. හැට වසරක් වූ එතුමන්ගේ රාජ්‍ය පාලන කාලය තුළ අනුරාධපුර නගරය තවදුරටත් අගනුවර වශයෙන් පවත්වා ගත් අතර, බුදු සමය දිවයිනට හඳුන්වා දෙනු ලැබූ මුල් අවදියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලැබූ "මහාමේඝවන උද්‍යානය" (හෙවත් මහමෙවුනා උයන) පිහිටුවාලීමද එසමයෙහි සිදුවිය. බුදු රජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් වසර 236 කට පසු ශ්‍රී ලංකාවට බුදු සමය හඳුන්වාදෙන ලද්දේ මුටසීව රජතුමන්ගේ ඇවැමෙන් රාජ්‍යත්වයට පත් එතුමන් පුත් දේවානම්පියතිස්ස රාජ්‍ය සමයෙහිදීය. ඉන්දියාවෙහි වුසූ අශෝක අධිරාජයා දේවානම්පියතිස්ස රජතුමන්ගේ සමකාලීනයෙක් විය. මෙම කාලය ක්‍රි.පූ 250 - 210 අතර කාලයයි. ලංකාවෙහි රාජ්‍යත්වයෙහි ආරම්භය සහ ආසියාවෙහි විශිෂ්ඨතම ආගමක් වූ බුද්ධ ධර්මය මත පදනම් වූ ශිෂ්ඨාචාරයක ආරම්භයද සනිටුහන් කෙරෙන්නේ මෙසමයෙහිය.

නගරය මේ වන විට යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අනුරාධපුරය, වත්මන් අගනුවර වන ‍කොළඹ නගරයේ සිට කාලෝ මීටර් 205ක් පමණ උතුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔය අසබඩ පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්‍ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම් සිංහලේ අගනුවර වශයෙන් පැවතුනි. එම කාලය තුල දකුණු ආසියාවේ ඉතාම බලවත් සහ ස්ථාවර සහ කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්‍රයක් හා ජනජීවිතයක් පැවතුනි. එමෙන්ම එය ඉතා පොහොසත්, අනභිබවනීය සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණි.

විසල් විහාර මන්දිර සංකීර්ණ සහ පැරණි ලෝකයේ උසම ගොඩනැගිලි මහා ගොඩනැගීම් යුගයක් ඇරඹිය. අදටත් ජේතවනාරාමය දාගැබ ලොව උසම ගඩොලින් තැනූ ගොඩනැගිල්ල වේ.

මහා විහාරය සම්මත ථෙරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය වූ අතර එය ක්‍රි.පූ. 249 දී දේවානම් පියතිස්ස රජු විසින් ඉදිකරන ලදි. අභයගිරි විහාරය මහායාන බෞද්ධයන් විසින් පිහිටුවන ලදි. ක්‍රි.පූ. 275-310 කාලයේ රජ කළ මහසෙන් රජු විසින් අභයගිරි විහාරය සහ මහා විහාරය අතර ජේතවනාරාම විහාරය ඉදිකළේය.

නගරාසන්නයේ අති විසල් ස්තූප සහිත වූ ප්‍රධාන විහාර ඉදිකෙරුණි. මහා විහාරයට අයත් මහා ස්තූපය, ශ්‍රි මහා බෝධිය, ථූපාරාමය ආදිය නගරයට දකුණින් ඇත. අභයගිරිය උතුරින්ද, පුබ්බාරාමය නැගෙනහිරින්ද, තනොවාන ඊසාන දෙසින්ද ගිණිකොන දෙසින් ජේතවනාරාමයද පිහිටා තිබේ. ශ්‍රී දළදා වහන්සේ අනුරපුරයට ගෙන ආවේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමන් ගේ කාලයෙහිය. දළදා වහන්සේ වැඩසිටි ගොඩනැගිල්ල දම්මචක්ක ලෙස හැදින්වේ. වසරක් පසා පෙරහරින් එය අභයගිරිය වෙත ගෙන ගොස් දළදා ප්‍රදර්ශණයක් පැවැත්විය.
අනුරාධපුරයේ නටබුන් ප්‍රධාන ලෙස වර්ග තුනකට බෙදේ, එනම්, දාගැබ්, විහාර මන්දිර සහ පොකුණු ලෙසය. දාගැබ් අඩි කිහිපයක සිට අඩි 1100 (340m) පමණ වට ප්‍රමාණය දක්වා විහිදෙන ආකාරයෙන් විවිධ ප්‍රමාණයෙන් දක්නට ලැබේ. සමහර දාගැබ් වැසියන් විසිපන්දහකට පමණ විසිය හැකි නගරයක් ඉදිකිරීමට යෙදවිය හැකි පෙදරේරු වැඩ වලින් යුක්ත වෙයි. ඔසවන ලද ශෛලමය වේදිකා මත හා ගල් කණු මත කෙර වූ විහාර මන්දිර සෑම දෙසකම දක්නට ලැබේ. මේ අතරින් ක්‍රි.පූ. 164 දී දුටු ගැමුණු මහරජතුමා විසින් කරන ලද ලෝවාමහාපාය මහත් පරසිඳුය. සෑම තැනකම පාහේ විසිර ඇති පොකුණු නෑමට සහ බීමට ජලය සැපයීමට ඉදි කොට තිබේ. ක්‍රි. පූ. 245 වසර තෙක් දිව යන ලොව දීර්ඝතම ලිඛිත අතීතයක් ඇති ජය ශ්‍රී මහා බෝධිය ද නගරයෙහි පිහිටා තිබේ.

අටමස්ථානය
ශ්‍රී මහා බෝධිය
අභයගිරිය
රුවන්වැලිසෑය
ථූපාරාමය
ලෝවාමහාපාය
ජේතවනාරාමය
මිරිසවැටිය
ලංකාරාමය

වෙනත් නිර්මාණ
ඉසුරුමුණිය
මඟුල් උයන
වෙස්සගිරිය
රත්න ප්‍රාසාදය
රජ මාලිගා
දක්ඛිණ ස්ථූපය
සේල චේතිය
නඛා වෙහෙර
කිරිබත් වෙහෙර
කුට්ටම් පොකුණ
සමාධි පිළිමය
තොළුවිල බුද්ධ ප්‍රතිමාව

තුන් හෙලයටම අභිමානයක් වු මෙම නගරයේ සිට අදට අපේ ගමන නිමා කරනු ලබනවා.
අපේ ගමනේ මේ වන විට කිලොමිටර 135 ක දුරක් ගේවා අවසන්.මිලග කොටසින් ඉක්මනින්ම හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි සම්ගන්නවා.ඔබට ජය...

Friday, June 28, 2013

ඒ නවය 04

අපේ මහනුවර සිට යාපනය දක්වා යන ගමනේ හතරවන සටහනත් ඉක්මනින්ම ලියන්න ඔන කියලා මම හිතුවා.
පසුගිය ලිපියේ අපගේ නවාතැන්පල වුයේ ලංකාවේ හරි මැද. ඒ ලිපිය කියවේවේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.
නාලන්දාවෙන් අපගේ ගමන ආරම්භ කල අපි නාවුල,ලෙනදොර පහු කරමින් අපගේ මිලග නැවතුම්පල වන දඹුල්ල නගරයට ලගාවිය.
දඹුල්ල නගරය, කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ලෙන් විහාරය ද වෙයි. කි‍්‍රස්තු පූර්ව 104 - 76 අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ රජකළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැළැකේ .
නගරය ආකර්ෂණීය කරන්නාවූ ප්‍රධාන ස්ථාන අතර ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය, හා දින 167කින් පමණක් තනා නිම කල බවට කියැවෙන රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වෙති. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ කඳුවැටිය පිහිටන බවටද , නාමල් උයන නමැති නා වනයක් පිහිටන බවටද මෙම නගරය උදම් අනයි.

මෑතකදී දඹුල්ලෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානයක් වන, දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය අසබඩ පිහිටි ඉබ්බන්කටුව ප්‍රාග්-‍ඓතිහාසික සුසාන භූමිය, ලෙන් විහාරයෙන් කි.මී 3ක් ඇතුළත පිහිටා ඇති අතර, දිවයින් දේශයට ඉන්දියානු බලපෑම සම්ප්‍රාප්තියට බොහෝ කලකට පෙර දේශීය ශිෂ්ඨාචාරයක් මෙහි පැවැති බවට සාක්ෂි දෙයි.

රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි.

ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව සාධක රැසක් ද හමුවන මෙම විහාර භූමියේ දැකිය හැකි ශිලා ලේඛන රැසකි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ මූල බ‍්‍රාහ්මීය අක්ෂර වල සිට මහනුවර යුගය දක්වා වූ එම ශිලා ලේඛණ වලින් විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ විහාරයට කරන ලද පූජා ආදිය පිළිබඳ සඳහන්වේ.

ඓතිහාසික සාධක අනුව මෙම සුවිසල් ලෙන් ප‍්‍රතිසංස්කරණය පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු (කි‍්‍රස්තු වර්ෂ 1198 - 1206) පිළිමවල රන් ආලේප කැර ඇත. ඒ නිසාම දඹුල්ල ලෙස හැඳින්වීමට පටන්ගත් බව පුරාවෘත්ත වල දැක්වේ. මහනුවර රජ පැමිණි සෙනරත් රජු (කි‍්‍රස්තු වර්ෂ 1604 - 1633) සහ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු (කි‍්‍රස්තු වර්ෂ 1746 -1778) මෙම විහාර සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කැර තිබේ.

විශාල පර්වතයෙන් සෑදුණුු ලෙන් විහාර පහක් දැකිය හැකි මෙහි විශේෂත්වය වන්නේ පොළොන්නරු යුගයේ පටන් කොළඹ යුගය දක්වා සෑම කාල වකවානුවකම ලක්ෂණ සහිත බිතු සිතුවම් දැකිය හැකි වීමයි. එමෙන්ම ශිලාමය, දැවමය, මෙන්ම මැටියෙන් හා බදාම මිශ‍්‍රණයකින් තනන ලද පිළිම රැසක් ද දැකිය හැකිය.

මෙම විහාරයට ඇතුළුවන විට හමුවන ප‍්‍රථම ගුහාව හඳුන්වන්නේ දේවදාර විහාරය නමිනි. එය ඇතුලත මීටර14 ක් දිගින් යුතු විශාල ශෛලමය සැතපෙන පිළිමයකි. ඒ අසල ඇති ආනන්ද හිමියන්ගේ යැයි සැළකෙන පිළමය හා විෂ්ණු දෙවියන් සහ සුමන සමන් දෙවියන්ගේ යැයි සැළකෙන පිළිමද විශිෂ්ට නිර්මාණයෝය.

විහාර සංකීර්ණයේ දෙවැනි ගුහාව විශාලතම ලෙනයි. එය මහාරාජා විහාරය ලෙස හැඳින්වේ. එහි හිටි පිළිම 16 ක් සහ හිදි පිළිම 40 ක් නිර්මාණය කැර තිබේ. ඒ සමග විෂ්ණු හා සුමන සමන් දේව පිළිම ද නිර්මාණය කැර ඇති අතර මධ්‍යයේ කුඩා දාගැබක් තිබේ. මෙයට අමතරව ගල් පර්වතයෙන් වෑස්සෙන කුඩා දිය බිඳුවක් වැටෙන්නට තැබූ විශාල පාත්තරයකි. එම ජල බිංදුව කිසිදු නියගයකදී නොසිදෙන බව ද පැවැසේ.

එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවමක්ද ඇත. මුළු පර්වත බිත්තියේ සහ පර්වත මහලේ විවිධාකාර සිතුවම් වලින් පිරී ඇති අතර එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවම ඒ අතරින් සුවිශේෂී වේ. ආගමික නොවන සිදුවීමකට අදාල සිතුවම් විහාර මන්දිර වල දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙන් බැවින් පර්යේෂකයෝ මෙම සිතුවම ගැන වැඩි අවධානයක් යොමු කරති.


රන්ගිරි දඹුලූ විහාරයේ තුන්වැනි ගුහාව අලූත් විහාරය නමින් හැඳින්වේ. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ සමයේ අදින ලදැයි පැවැසෙන චිත‍්‍ර රැසක් දැකිය හැකියි. මෙම ගුහාවේ ප‍්‍රධාන පිළිමයට අමතරව තවත් කුඩා පිළිම 50 කි. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පිළිරුවක්ද එහි තනා තිබේ. හතරවැනි සහ පස්වැනි ගුහා ඉතා කුඩා වුවද පිළිම සහිත ඒ ගුහා දෙකද සිතුවමින් අලංකාර කැර ඇත.

දඹුලු ලෙන් විහාර සංකිර්ණයේ ඓතිහාසික බව රැදි තිබුනත් ඉදිරියෙන් ඉදිකර ඇති නව නිර්මණ නිසා එයට හානිවඅ ඇත්ද යන්න විටෙක සිතෙනවා.විශාල ප‍්‍රමාණයේ හිඳි පිළිමයක් පැරණි ලෙන් විහාර සංකීර්ණයට ඉදිරියෙන් ඉදිකර තිබේ.වර්තමානයේ බොහො වන්දනාකරැවන් ඉදිරියෙන් පිහිටි මෙම හිදි පිළිමය පමණක් වන්දනාකර යැමට පුරැදුව සිටි.

දඹුලූ පර්වතය සොබාදහමෙ මහගු නිර්මාණයකි සීගිරිය හා රිටිගල ඇතුළුව තෙරක් නොපෙනන මහා තැනිතලාව දඹුලූ ගලට දර්ශනය වන සොඳුරු දසුන් සමූහයයි.
දඹුල්ල නගරය තවත් අතකින් අපට වැදගත් වේ.එනම් මෙහි දඹුල්ල විශේෂිත ආර්ථිකමද්‍යස්ථානය පිහිටා තිබිම හා එය ලංකාව තුල පිහිටි නොනිදන නගරයක් විමට හේතුවි ඇත.
අදට ගමන නිමාකරන්න කියල හිතුවේ.හවස්වරැවේ දඹුලු වැව් ඉස්මත්තට ගොස් සිහිල් සුළං රැල්ලක පහස 

විදිමින්ම අද ගමන නතර කරන්න හිතුවා.මේවන විට අපි කිලොමිටර 72 පමණ දුරක් ගමන්කර තිබෙනවා. අපිට මගහැරැනු තැන් ඇත්නම් පහතින් සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා.

ඒ නවය - 03

අද ගමන අපි මාතලේ අලු විහාරය එහෙම වැදගෙන පටන් ගන්න හිතුවා.
මිට පෙර ලිපිය කියෙව්වේ නැත්තම් මෙතැනින් ගිහින් කියවන්න.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ඓතිහාසික මාතලේ අළුවිහාරයට එම සත් කාර්ය සඳහා වැඩම කළ රහතුන් වහන්සේ වැඩ විසූ බවට සැලකිය හැකි ගල් ලෙන් 25 කට වැඩි ප්‍රමාණයක් අළු විහාර විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියෙන් සොයා ගැනීමට හැකිවී ඇත.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදුවූයේ මාතලේ අළුලෙන් විහාරයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
මේ සඳහා රහතුන් වහන්සේ 500ක් දෙනා සහභාගී වූ බවටත් උන්වහන්සේ තුන් අවුරුදු තුන් මස් තුන් සතියක් මුළුල්ලේ සිදුකළ ග්‍රන්ථාරූඪ කිරීම වෙසක් පුන් පොහෝ දිනයක අවසන් කළ හෙයින් එවකට රට පාලනය කළ වළගම්බා රජතුමාගේ සහාය ඇතිව විශාල උත්සවයක් පැවැත්වූ බවත්, එදා ලක්දිව සියලු විහාරස්ථානවල පහන් පූජා පැවැත්වූ බවත්, විශේෂයෙන් අළුලෙන් විහාරය අවට ප්‍රදේශය පහන් දල්වා ආලෝකමත් කළ බවත් ඉතිහාසයෙහි සඳහන් වේ.

අළුවිහාර විහාරස්ථානයට කිට්ටු ස්ථානයක පිහිටි‘ රාජාංගනය’ නමැති දැලිවල ඔයේ විශාල ගල්ලෙනක් අසල ඇති නිල්වලට බසින්නට ගලේ පඩිපෙළක් කොටා ඇති අතර රහතුන් වහන්සේ ස්නානය සඳහා එම ස්ථානයට පැමිණ ඇති බවජනප්‍රවාදයෙන් පැවසේ. එම ගම් ප්‍රදේශය‘ රහතුන් හැදූ තොට’ රහත්තොට වී අද වන විට රත්තොට බවට පත්වී ඇතැයි ද කියැවේ.

මාතලේ අළුවිහාරයේ අළු ලෙන් විහාරයේදී සිදු කළ ධර්ම සංගායනාව 5 වැනි සංගායනාව ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව (ඉන්දියාවේ) ජම්බුදීපයෙහි අජාසත්ත රජතුමාගේ අනුග්‍රහයෙන් හා මහාකාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සංගායනාව ප්‍රථම සංගායනාව ලෙස දැක්වේ.
මාතලේ අලු විහාරයට සමුදුන් අපි ඒ නවය මාර්ගය දිගේ පලාපත්වල,මඩවල පසු කරමින් අපි නලාන්දා ඔය අසබඩ අපගේ මිලග ගමනාන්තය ලගට ආව්ය.
මෙය අපගේ මිලග ගමනාන්තය කර ගත්තේ ඉතා සුවිශේසි කරැණක් නිසාය.ඒ නවය මාර්ගය ඔස්සේ ඔබ ගමන් කරනවානම් ඔබ මෙම ස්ථානයට යා යුතුමය.මන්ද යත් මෙම ස්ථානය ලංකාවේ මැද ලෙස සලකන බැවින්ය. 
මෙම ස්ථානයේ නාලන්දා ගෙඩිගෙය පිහිටා තිබෙනවා.මෙම නිර්මාණය මුලින් තිබු සථානය බොවතැන්න ජලාශය ඉදිකිරිමත් සමග ජලයට යටවිම හේතුවෙන් එම නිර්මානයේ සියලු කොටස් ගලවා දැන් ඉදිකර ඇති ස්ථානයට ගෙනගොස් මුල් නිර්මාණය තිබු ආකාරයෙන් නැවත නිර්මාණය කර තිබිම සුවිශේෂි කරැණකි.
‍ශිලාමය නිර්මාණයක් වෙන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිත කොට නිමවා නිමවී ඇති අතර ඉන්දියාවේ ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදා ගෙන තිබේ.

මේ වන විට අපගේ ගමන මහනුවර සිට කිලො මිටර 52 ක පමණ දුරක් ගමන්කර ඇති අතර, තව අපිට බොහෝ දුරක් ගමන් කිරිමට ඇත.මේ අතරතුර හමුවන සුවිශේෂි ස්ථාන පිළිබද තොරතුරැ ඇත්නම් අපව දැනුවත් නරන ලෙස ඉල්ලා සිටින අතර,මෙම ලිපි පෙල ගැන ඔබගේ අදහස් අපවෙත පහතින් දක්වන්න

Thursday, June 27, 2013

හචිකෝ


සෑම වසරකම අප්‍රේල් මස අට වන දින ජපානයේ ටෝකියෝ නුවර ශිබූයා දුම්රිය ස්ථානය අසල සන්සුන් වූත් ගරු ගාම්භීර වූත් උත්සවයක් පැවැත්වෙයි. ජපානයේ සහ ලොව පුරා වෙසෙන සුනඛයන්ට ආදරය කරන පිරිස් එදිනට මෙම උත්සවයට සහභාගි වන අතර ඔවුන් මෙහි රැස් වී තම ස්වාමියා
ට දැක් වූ අසීමිත හිතවත්කමින් මුළු ලොවම විශ්මයට පත් කල හචිකෝ නම් වූ සුනඛයාගේ ගුණ සමරනු ලබයි.

හචිකෝ යනු ජපානයේ උතුරු කදුකර ආශ්‍රිතව වෙසෙන "අකිතා" වර්ගයේ සුනඛයෙකි.පැහැයෙන් රන්වන් දුඹුරු පැහැයක් ගත් හචිකෝ උපත ලැබූවේ 1923 වසරේ නොවැම්බර් මස 10 වන දින ඕඩාතේ ප්‍රදේශයේ ගොවිපලකදීය.හචිකෝට වයස මාස දෙකක් වන විට ටෝකියෝ සරසවියේ කෘෂිකර්මය පිලිබද මහාචාර්‍යවරයෙක් වන හිඩේසබුරෝ උඑනෝගේ සුරතලා බවට ඔහු පත් වුනා.ඒ අනූව හචිකෝ මහාචාර්‍යවරයා සමග මහාචාර්‍යවරයා ජීවත් වූ ටෝකියෝ නුවර ශිබූයා ප්‍රාන්තයට පැමිණීයා.
මහාචාර්‍යවරයා සහ හචිකෝ අතර මහත් වූ බැදීමක් පැවතුනි.මහාචාර්‍යවරයා සේවයට යාම සදහා භාවිතා කලේ දුම්රියයි.සෑම දිනකම උදෑසන මහාචාර්‍යවරයා සේවයට පිටත් වන විට තම ස්වාමියාව ඇරලවීමට හචිකෝ ශිබූයා දුම්රිය ස්ථානයට ඔහුත් සමග ගිය අතර නැවතත් සවස මහාචාර්‍යවරයා සේවය නිම වී පැමිණෙන වෙලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ ඔහු පැමිණෙන තුරු බලා සිටීමට හචිකෝ පුරුදුව සිටියා.

මහාචාර්‍යවරයාගේ අසල්වාසීන් සහ අනෙක් දුම්රිය මගීන් විශ්මයට පත් කල මොවුන් දෙදෙනාගේ මේ අපූරු දින චර්යාව 1925 වසරේ මැයි මස 21 වන දින බිදී ගියා.එදින සේවය සදහා පිටත් වූ මහාචාර්‍යවරයා යලිත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානයට පැමිණියේ නෑ.ඔහු හෘදයාබාදයක් හේතුවෙන් සරසවියේදීම මෙලොව හැර ගොස් තිබුණා.

මේ වන විට හචිකෝගේ වයස මාස දහ අටක් වූ අතර තම ස්වාමියා හෘදයාබාදයක් හේතුවෙන් මියගිය බව හචිකෝ දැන සිටියේ නෑ.හචිකෝ වෙනදා මෙන් එදිනත් තම ස්වාමියා එනතෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි අතර පසුදිනත් සුපුරුදු වේලාවට දුම්රිය ස්ථානය අසලට පැමිණ බලා සිටියා.මේ ආකාරයට නොකඩවා වසර නමයක් හචිකෝ දිනපතා සුපුරුදු වේලාවටම ශිබූයා දුම්රිය ස්ථානය අසලට පැමින තම ආදරණීය ස්වාමියා බලාපොරොත්තුවෙන් බලා සිටියා. අව්ව,වැස්ස,හිම ආදී කිසිවකට හචිකෝව නවතාලීමට හැකි වුනේ නෑ.

මහාචාර්‍ය වරයා සහ හචිකෝ පිලිබදව කලින් දැන සිටි මගීන් හචිකෝට අනුකම්පා කල නමුත් සමහර අවස්ථා වලදී දුම්රිය ස්ථානයේ සේවකයන් ගෙන් හචිකෝට හිරිහැර වුනු අවස්ථාත් නොතිබුනා නොවේ. 1932 වසරේ ඔක්තෝම්බර් මස 4 වන දින හචිකෝ පිලිබදව පුවත්පතක පල වූ ප්‍රථම ලිපිය පල වුනා.එතැන් පටන් හචිකෝ ජපානය පුරා ප්‍රසිද්ධ වුනා.හචිකෝගේ තම ස්වාමියාට ඇති ලැදි කම ජපානයේ මිනිසුන් අතර ජනප්‍රිය මාතෘකාවක් වූ අතර පාසල් වල ළමුන්ට පවා තම ස්වාමියාට අති මහත් ලැදිකමක් දක්වන හචිකෝ පිලිබදව ඉගැන්වූවා.
වසර නමයක් පුරා දිනපතා එකම වේලාවට ශිබූයා දුම්රිය ස්ථානයට පැමිනි හචිකෝ 1935 මාර්තු 8 වෙනිදා දුම්රිය ස්ථානයට පැමිණියේ නෑ.පසුව විපරම් කර බලන විට හචිකෝගේ ප්‍රාණය නිරුද්ධ සිරුර ශිබූයාහි මාවතක තිබූ සොයා ගැනුනා.වසර නමයක් පුරා තම ස්වාමියා එන තෙක් දුම්රිය ස්ථානය අසලට වී බලා සිටි හචිකෝ අවසානයේ මෙලොවින් සමුගෙන තිබුනා.
හචිකෝ මෙලොවින් සමුගත්තත් හචිකෝ පිලිබද මතකය මිනිසුන්ගේ සිත් වලින් මැකී ගියේ නෑ.මරණින් පසු පුවත්පත් ගණනාවක පල වූ ලිපි වලින් යෝජනා කර තිබුනේ හචිකෝ සිහි වීම සදහා දුම්රිය ස්ථානය අසල හචිකෝගේ පිළිරුවක් තැනිය යුතු බවයි.ඒ අනූව හචිකෝගේ ලෝකඩ පිළිරුවක් ශිබූයා දුම්රිය ස්ථානය අසල පිහිට වූවත් දෙවණ ලෝක යුධ සමයේ එය විනාශ වී ගියා.පසුව නැවතත් 1948 වසරේදී මුල් ප්‍රථිමාව නිර්මාණය කල කලාකරුවාගේ පුත් අන්දෝ ටකෙෂි විසින් හචිකෝගේ ලෝකඩ පිළිරුවක් එම ස්ථානයේම නිර්මාණය කලා.
පසුව කලෙක හචිකෝ ඇසුරින් Hachiko: A Dog's Story නමින් චිත්‍රපටයක් පවා නිර්මාණය වුනා 
ඔබ අදටත් ශිබූයා දුම් රිය ස්ථානයට ගියහොත් යලි කිසිදා නොපැමිණෙන තම ස්වාමියා එනතෙක් බලා සිටින හචිකෝගේ ලෝකඩ පිලිරුව ඔබට දැකගත හැකි වේවි.

Wednesday, June 26, 2013

ඒ නවය -02

ඔන්න ඒ නවයේ දෙවන කොටසත් ලියන්න හදන්නේ
පලවෙනි කොටස කියවව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.
අපේ ගමන අපි කට්ගස්තොටින් නැවැත්තුවා.අද එතන ඉදන් පටන් ගමු.
අද ගමන කටුගස්තොට පිහිටි රණවිරැ ස්මාරකය ලගින් පටන් ගෙන මාතලේ දක්වා යන්න බලාපොරොත්තු වෙනවා.
ඉස්සරවෙලා කියන්න ඔන මේ රණවිරැ සැමරැම් ගොඩනැගිල්ල ගැන.මේය විරොදාර රණවිරැවන් සිහිකිරිම සදහා ඉදිකර ඇති අතර,අපට අද නිදහසේ යාපන්ය දක්වා ගමන් කල හැක්කේ මේ විරෝදාර රණවිරැවන් නිසාය.
කටුගස්තොට සිට අබතැන්න අකුරණ අලවතුගොඩ හරහා ඉදිරියට ඒ නවය මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරන අපට මාතලේ නගරය හමුවේ.මහනුවර සිට මාකලේට ඇති දුර කිලොමිටර 26 කි.
මාතලේ යනු මධ්‍යම කදුකරයේ පිහිටා ඇති මනරම් නගරයකි.මනරම් කදුවැටිවලින් වටවි ඇති මහා තැනිතලාව "මහා තලය" පසුව "මාතලේ" බවට පත්වූ බව කියවේ. එහි මුලු භුමි ප්‍රමානය 1,987 කිමී² කි. එය කොළඹින් කිලෝමීටර 142ක් පමණ (සෑතපුම් 90ක්) රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ (සෑතපුම් 16) දුරින් පිහිටා ඇති මාතලේ නගර‍ය කුරිරු යුද්දයෙන් පසුව සංචාරකයන් ගේ රජදහනක්‌ වී තිබේ. එයට හේතුව මනරම් දැකුම්කලු ස්‌ථාන රැසක්‌ වාගේම පෞරාණික වටිනාකමකින් යුත් ස්‌ථාන බොහෝ ප්‍රමානයක්‌ මාතලේ තුල පිහිටා තිබීමයි.
ලෝක ප්‍රසිද්ධ ස්ථාන වන අලුවිහාර ලෙන් විහාරය පිහිටා ඇත්තේ මාතලේ නගරයේය.



කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් වන මෙහි ප්‍රධාන වශයෙන් වගා කරනුයේ තේ, රබර්, කුලුබඩු වර්ග සහ එළවලු වර්ග ය. නගරයේ උතුරු දෙසින් පිහිටා ඇති අලුවිහාරස්ථානය ත්‍රිපිටකය මුල්වරට ග්‍රන්ථාරූඪ කිරීම නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇත.
වර්ෂ 1815 දී ලංකාද්වීපය මුලුමනින්ම ඉංග්‍රීසින්ට යටත් වීමෙන් අනතුරු‍ව ඇ‍ති වූ සෑම නිදහස් අරගලයකටම පාහේ මූලික වී කටයුතු කරන ලද්දේ මාතලේ ප්‍රදේශයේ වීරෝදාර ජනතාව ය.
මාතලේ කැරැල්ල නැතහොත් 1848 කැරැල්ල යනුවෙන් හැඳින්වෙන කැරැල්ල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ආණ්ඩුකාර ටොරින්ටන් සාමිගේ (හත් වෙනි වයිකවුන්ට් ටොරින්ටන්) කාලයේදී හට ගත්තේය. එම කැරැල්ලෙහි යටත් විජිත පාලන ක්‍රමයකට එරෙහිව පැරණි වැඩ වසම් ක්‍රමයේ කැරැල්ලක ලක්ෂණ නොපෙනේ. ඒ වෙනුවට නවීන නිදහස් අරගලයකට මාරුවීමක් දක්නට ලැබේ. එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතාවගේ කැරැල්ලකි. කැරලිකරුවන්ට ඔවුනගේ රජෙකුගේ නායකත්වයක් නොවීය. (ඔහු 1815 දී බලයෙන් පහ කොට තිබුණු හෙයිනි) එසේම වෙනත් ප්‍රධානියෙකුගේ නායකත්වයක්ද නොතිබුණි. (හිටපු නායකයන් ඌව කැරැල්ලඅවස්ථාවේ දරුණු ලෙස මර්දනය කර තිබුණි. ඉතිරි වූ අය බ්‍රිතාන්‍ය පාලනයට ඇඳා ගෙන තිබුණි.) ප්‍රථමවරට මහනුවර පළාත්වල නායකත්වය රදළවරුන්ට නොව සාමාන්‍ය ජනතාව අතට ගියේය. නායකයින් වූයේ සාමාන්‍ය ගොවියෝ සහ කම්කරුවෝය. එය හරියට එංගලන්ත විප්ලවයේ "ලෙවෙලර්ස්" (Levellers) ලෙස හැඳින්වුණු ජන කණ්ඩායම මෙනි. නැතහොත් අමෙරිකන් විප්ලවයේ පෝල් රිවරේ (Paul Revere) සහ ටොම් පේන් (Tom Paine) වැනි කාර්මිකයින් මෙනි. කෙසේ වෙතත් කොල්වින් ආර් ද සිල්වාගේ වචනවලින් කියතොත් ඒ මෙසේය. "එයට නායකයින් සිටි නමුත් නායකත්වයක් නොවීය. පැරණි වැඩවසම් නායකයින් විනාශ කොට හෝ බලරහිත කර තිබුණි. අරගලයට නායකත්වය දීමට සහ එහි බලය අත්පත් කරගැනීම දක්වා ඉදිරියට යාමට සුදුසු කණ්ඩායමක් නොවීය.
මේවන් ඓතිහාසික නගරය වෙත ලගා වු අපි අද දිනයට අපගේ ගමන නිමා කරන අතර මිලග ලිපියෙන් මාතලේ සිට ඉදිරියට ගමන් කිරිමට බලාපොරොත්තු වනවා.
මෙම ඒ නවය මග දෙපස ඇති නැරබිය යුතු ස්ථාන ඇත්නම් එ පිළිබදව අප දැනුවත් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.ඔබේ අදහස් මෙහි සටහන් කර යනවානම් එය අපගේ ඉදිරි ලිපි සදහා උපකාරි වේ.

Tuesday, June 25, 2013

උඩරට මැණිකේ- පරිසර චාරිකාව

ලංකාව සතුව ප්‍රධාන වශයෙන් අභ්‍යන්තර ප්‍රවාහන පද්ධති දෙකක් පවතිනවා.එනම් මහාමාර්ග පද්ධතිය හා දුම්රිය මාරග පද්ධතිය.සුද්දා ලංකාව දාල ගියාට පසු දුම්රිය මාර්ග පද්ධතියේනම් අඩියක්වත් දික් වුයේ නෑ.සුද්ද එදා හදපු දුම්රිය මාර්ග වල ඉතා සුන්දරම මාර්ගයක් තමා උඩරට දුම්රිය මාර්ගය.මෙහි ධාවනය වන උඩරය මැණිකේ දුම්රියෙහි සංචාරයක යෙදුන අයනම් දන්නවා ඒහි ඇති ආශ්වාදය.
අද ඉදන් මෙම ලිපි මාලාවෙන් මම බලාපොරොත්තු වනවා කොළඔ ඉදලා බදුල්ලට උඩරට මැණිකේ දුම්රියෙහි සංචාරයක යෙදෙන්න.මේසදහා ඔබගේ අදහස් ඉතා වටිනවා.


ගමන ආරම්භය කොළඔ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වි බදුල්ල දක්වාම සෑම දුම්රිය ස්ථානයක් පිළිබද වැදගත්කම මෙන්ම ඒ අවට පිහිටි නැරබිය යුතු ස්ථාන පිලිබද තොරතුරැ ඉදිරිපත් කිරිමට මා අදහස් කරන අතර.මේ පිලිබද මා නොදන්නා තොරතුරැ හො මෙම ලිපි මාලාව ඉදිරිපත් කිරිමේදි මට මගහැරෙන තොරතුරැ වෙතොත් ඒ පිළිබද මා දැන්වත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

Monday, June 24, 2013

ඒ නවය

ඒ නවය කියපුවහම එක වරම ඔලුවට එන්නේ මොකක්ද? සාමාන්‍යෙපෙල ප්‍රතිඵලයක් ගැනවත්ද මේ කයන්න යන්නේ
පසුගිය කාලයේ ඒ නවය ගැන ගොඩක් කතා බහ කෙරැනා. අති සුන්දර මහනුවර නගරයෙන් ආරම්භ වි යාපනය දක්වා ගමන් කරන ශ්‍රි ලංකා මහාමාර්ග පද්ධතිය සතු කිලොමිටර 351 කින් යුත් ඒ ශ්‍රේණයේ මාර්ගය දිගේ සංචාරයක් ආරම්භ කලොත් හොදයි කියලා හිතුනා.මෙය එක් ලිපියකින් ලියා අවසන් කල නොහැකි.එමනිසා ලිපි මාලාවකින් මෙය ඉදිරිපත් කරන්න මම හිතුවා.මෙම ලිපිමාලාව සකස්කිරිමේදි සමහර තොරතුරැ සොයාගැණිමට මුලාශ්‍රය වශයෙන් විකිපිඩියා  නිදහස් සබ්දකොශය මහොපකාරි වුන බව සදහන් කළයුතුයි.
ඒ වගේම ඉදිරියේදි කොළබින් ආරම්භ වි බදුල්ලෙන් අවසන් වන උඩරට මැණිකේ දුම්රිය ගැන උඩරට මැණිකේ පරිසර චාරිකා නමින් ලිපි පෙලක් ඉදිරිපත් කිරිමටද බලාපොරොත්තු වෙනවා..
ගමන ආරම්භය අති සුන්දර ලොක උරැම නගරයක් වන මහනුවර නගරයෙන් ආරම්භ වනවා
ගෞතම බුදුරජානන් වහන්සේගේ දන්ත දාතුන් වහන්සේ තැම්පත් කර ඇති ලොක බෞදධ ජනතාවගේ මුදුන් මල්කඩ වු ශ්‍රී දළදා මාලිගය මහනුවර පුරවරය තුල පිහිටා තිබෙනවා. 
මහනුවර ඉතා සෞම්‍ය කාලගුණයක් පවති.මේ නිසා බොහෝ සංචාරකයින් මෙහි පැමිණිමට කැමතිය.
මහනුවර ශ්‍රී ලංකාව තුල පිහිටි දෙවන වීශාලම නගරය වේ.ඒ මෙන්ම මෙය මධ්‍යම පළාතේ අග නගරයද වේමහනුවර සානුවේ පිහිටි මෙය සෙන්කඩගල නමින්ද හදුන්වනු ලැබේ.
1592 වර්ෂයේ දී මහනුවර ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන රාජධානියෙහි අග නගරය බවට පත් විය. 16, 17, 18 යන ශත වර්ෂවල දී ඇති වූ පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19 වන ශත වර්ෂය තෙක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන් සමඟ ඇති වූ දෙවන මහනුවර සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815 පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු 2 වන දින 'උඩරට ගිවිසුම' මගින් මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.
නගරයේ පිහිටි ප්‍රධාන ස්ථාන
සෙංකඩගල රජ මාලිගාව
ශ්‍රී දළදා මාලිගාව
සතර මහා දේවාල
බෝගම්බර වැව
මහනුවර ජනාධිපති මන්දිරය
අස්ගිරිය අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් පිටිය
රැජිණ හෝටලය
කැන්ඩි සිටි සෙන්ටර්
උඩ වත්ත කැලය
දුනු මඞලාව
හන්තාන කදු වැටිය
නුවර වැවේ සුන්දරත්වය බලන්න මෙතනින්
මේසේ මහනුවරින් ගමනෙහි ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී දළදා සමිදුගේ ආශිර්වාදය මැද ඒ නවය මාර්ගය ඔස්සේ කිලො මිටර 7.5ක දුරක් ගෙවු විට අපට මුලින්ම මහවැලි නදිය පසු කර යාමට හැකි වනවා
කටුගස්තොට නගරයද ශ්‍රී ලාංකික ඉතිහාසයට සුවිශේශි ස්ථානයකි
මහවැලි ගග හා අනෙක් පසෙන් අඔතැන්න ප්‍රෙද්ශයේ සිට ගලා එන මහවැලි ගගේ අතු ගංගාවක් නිසා මෙම නගරය කොටස් 3 කට බෙදි පවති. මෙය අතිතයේ පටන් වෙන්කර හදුනාගත් රැහුණු ,පිහිටි හා මායා යන අතිත රාජ්‍යයන් තුනයි.මෙය අදටත් සංකේතවත් නරමින් ගංගාවේ එක් ඉවුරක පිහිටි ත්‍රි සිංහලාරාමය අපේ අතිත සිංහල රාජ්‍යන් පිළිබද මතකය අවදි කරයි.
අදට ගමන ඇති..කටුගස්තොටින් පටන්ගෙන ඒ නවය මාර්ගය ඔස්සේ මාතලේ නගරය පසු කිරිමට මිලග කොටසින් බලාපොරෙත්තු වනවා

මුදල් (කාසි හා නොට්ටු) නැති ලෝකයක්

මාතෘකාව දැක්කම හිතෙන්න ඇති මේ කියන්න යන අපබ්‍රන්සය මොකක්ද කියලා.ඇත්තටම අපි දැන් අපිටවත් නොදැනි කාසි හා නොට්ටු නොමැති ලෝකයකට ටිකෙන් ටික පිය තබනවා කියලා මම හිතනවා
මිට අවුරැදු 10 කට විතර කලින් මේ ගැන කතා කරානම් කියයි ඇත්තටම මට පිස්සු කියලා.
 ම් කොහොමද මේක කියන්න පටන් ගන්නේ
මම හිතන්නේ මුල ඉදලම මේක කියන්න පටන් ගත්තනම් හුදයි
එක්දහස් අටසිය ගණන් වල ඇබකසය නැතිනම් ගණක යන්ත්‍රය ලොවට බිහිවිමත් එහි විතාශනය මගින් නුතන පරිගණකය බිහිවිම මගින් ලොව එතෙක් මෙතෙක් නොවු තාක්ෂණ විප්ලවයක් සිදුවිය


ලොව මුල්ම පොදුකාර්ය පරිගණකය

එමෙන්ම ආලෙක්සැන්ඩර් ගැරැහැම් බෙල් දුරකතනය සොයා ගැණිමත් සමග එය ලොව සිදුවු ප්‍රබල සංනිවේදන වෙනසකට මුල පිරැවාය
දුරකතනය හා පරිගනක භාවිතා කර ගනිමින් ඇතිවු අන්තර්ජාලය හේතුවෙන් වර්තමාන සමාජය තුල විශාල වෙනස්කම් රාශියක් සිදුවමින් පවති.
අන්තර්ජාලය යනු, එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝකව්‍යාප්ත පරිගණක ජාලයකි.
අන්තර්ජාලය සඳහා නිවහනක් හෝ ප්‍රධාන පාලක පරිගණකයක් නැත. ඇත්තේ ලොව පුරා, තොරතුරු විශාල ප්‍රමාණයක් සහිත එකට සම්බන්ධ කරන ලද පරිගණක විශාල සංඛ්‍යාවක් පමණි. ඔබට අන්තර්ජාල ප්‍රවේශය ඇත්නම්, ඔබට මේ සියලුම තොරතුරු ඔබගේ ම පරිගණකයෙන්ම කියවන්නට, අසන්නට, දැක ගන්නට සහ ඒ සමඟ ක්‍රියා කිරීමට හැකි වනු ඇත.
මෙම අන්තර්ජාලය නිසා අද ලොකය වෙනස්කම් රාසියකට ලක්වෙමින් පවති.මිනිසාගේ ජිවන රටාවන් පුදුම සහගත ලෙස වෙනස් වෙමින් පවති..
නව තාක්ෂණයේ වෙනස් විම මගින් වර්තමාන බැංකු කරනය තුල වෙසස්කම් රාශියක් සිදුවි ඇත..ගනුදෙනු සදහා කාසි හා නෝට්ට නොමැතිවිමේ ගමන ආරම්භ වන්නේ බැංකු සදහා ATM යන්ත්‍ර බාවිතයත් සමගය.
ශ්‍රී ලංකාව තුල මුලින්ම ATM යන්ත්‍ර භාවිතය ආරම්භ කිරිම සම්පත් බැංකුව මගින් මුලින්ම සිදුකරන ලද අතර ක්‍රමිකව මෙය අනිත් බැංකු කරා විහිද ගියේය.
බැංකු මගින් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් ලබා දෙනවා.මෙමගින් බැංකුව තුලට නොගොස් මුදල් ගැනිම මුදල් දැමිම ආදිය මුලින් සිදුවුවත් මාස්ටර් හා විසා කාඩ් හදුන්වා දිම මගින් වෙලද සැල් තුලට ගොස් භාණ්ඩ මිලදි ගැනිම හා අන්තර්ජාලය තුලින් භාණ්ඩ මිලදි ගැණිම සිදුතල හැක.
ක්‍රෙඩිට් කාඩ් පත
බැංකු විසින් තම ගණුදෙනුකරැවන්ට ගිවිසුමකට යටත්ව ලබාදෙන ණය කාඩ්පතයි.
ක්‍රෙඩිට් කාඩ්පත් වර්ගීකරණය
කාඩ්පත ලබාගන්නාගේ ආදායම,රැකියාව,වයස,පවත්වාගෙන යන බැංකු ගිණුම් අනුව ලබාදිය යුතු කාඩ්පත් වර්ගය තීරණයකෙරේ.දේශීය හා විදේශීය වශයෙන්ද වර්ගීකරණය සිදුකෙරේ.කාඩ් නිකුත් කරන මධ්‍යස්ථානයෙන් මධ්‍යස්ථානයට වර්ගීකරණය වෙනස් වේ.බොහෝ විට පහත ආකාරයට වර්ගීකරණය කරනු ලැබේ.
සාමාන්‍ය ගනුදෙනුකරුවන් සඳහා පහළ ණය සීමාවකින් යුතුව දේශීය වශයෙන් භාවිතා කළ හැකි කාඩ්පත (ක්ලැසික්ස් කාඩ්පත)
මධ්‍යම පරිමාණ ගනුදෙනුකරුවන් සඳහා ඉහළ ණය සීමාවකින් යුතුව දේශීය හා විදේශීය වශයෙන් භාවිතා කළ හැකි ජාත්‍යන්තර
ක්‍රෙඩිට් කාඩ්පත (ක්ලැසික්ස් ඉන්ටර්නැෂනල් කාඩ්පත)
ඉහළ පරිමාණයේ ගනුදෙනුකරුවන් සඳහා දේශීය හා විදේශීය වශයෙන් භාවිතා කළහැකි ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ්පත (ගෝල්ඩ්
කාඩ්පත)
නොයෙකුත් ආයතන සඳහා නිකුත් කරනු ලබන ආයතනික හෝ ව්‍යාපාරික කාඩ්පත (බිස්නස් කාඩ්පත)
ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය
ක්‍රෙඩිට් කාඩ්පත අරමුණු කිහිපයක් සඳහා භාවිතා කරනු ලැබේ.එය පහත දක්වා ඇත.
ගෙවීම් මාධ්‍යයක් ලෙස භාවිතා කිරීම. (මෙහිදී මුදල් ක්ෂණිකව නොගෙවා අවශ්‍ය භාණ්ඩ හා සේවා මිළදී ගැනේ)
ණයක් ලබාගැනීමේ අරමුණින් යුතුව (අනුමත කරන ලද ණය සීමාවන් තුළ භාණ්ඩ හා සේවාවන් ගැනෙන අතර ඉතා කෙටි කාල
සීමාවක් තුළදී පොළී අයකිරීමක් සිදු නොකෙරේ)
මුදලින් ණය මුදලක් ලබා ගැනීම. (අනුමත සීමාවක් තුළ මුදලින් ණය මුදලක් ලබාගත හැක.කාඩ්පත පිළිගන්නා බැංකු ශාඛාවක
කවුන්ටරයකින් හෝ ටේලර් යන්ත්‍රයකින් පෞද්ගලික රහස්‍ය අංකය යොදා මුදල් ලබාගත හැක)
ක්‍රෙඩි‍ට් කාඩ්පත් හිමියාට සැලසෙන වාසි
ලෝක‍ය පුරා විසිරී ඇති සුපිරි වෙළඳසැල් සමඟ ගනුදෙනු කිරිමේ හැකියාව.
ලබාගත් භාණ්ඩ හා සේවාවල වටිනාකම ගෙවීම් කළයුතු දිනට පෙර සම්පූර්ණ මුදල එකවර ගෙවා නිම කිරීමෙන් පොලි අය නොකෙරේ.අනිවාර්ය මුදල වන ලබාගත් ණය මුදලෙන් 5% ප්‍රමාණය ගෙවීමෙන් ඉතිරිය වාරික වශයෙන් අදාල පොලිය සමග ගෙවිය හැක.
අනිකුත් ප්‍රසාද දීමනා සඳහා හිමිකම් ලැබීම.
මුදල් කළමණාකරණය පහසු වේ.
චෙක්පත් වලට වඩා භාවිතය පහසු වේ.
ටේලර් යන්ත්‍රයක් භාවිතයෙන් මුදල් ලබාගත හැක
බැංකු තුල සිදවු මෙම හර පත් හා බැරපත් හදුන්වා දිම මගින් ගණූදෙනු කරැවන්ගේ ලග තබාගත් කාසි හා නොට්ටු තබාගැනිම අඩුකිරිමේ ගමන ආරම්භය සිදුවිය.
මෙම ලිපියෙහි ඉදිරි කොටස් තුලින් තව දුරටත් මෙම මාතෘකාව සාකජ්ජා කිරිමට බලාපොරොත්තු වන අතර එ යටතේ අන්තර් ජාල බැංකු ගිනුම් (Online Banks) මාර්ගගත ගෙවීම් සැකසීමේ වෙබ් අඩවි(Online Payment Processing sites) පිළිබදව මෙන්ම අන්තර් ජාලය තුල සිදුවන ව්‍යපාරික කටයුතු තුලින් කාසි හා නොට්ටු නොමැති ලොවකට සමාජය පිය නැමිම පළිබද සාකජ්ජා කිරිමට බලාපොරොත්තු වෙනවා.මේ සදහා ඔබගේ ප්‍රතිචාර ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා..

 

Sunday, June 23, 2013

අන්තර්ජාල මුදල්-

අන්තර් ජාලයෙන් මුදල් හොයන එක ගැන දැන් ලොකු උනන්දුවක් ලංකාව පුරාම තියෙනවානේ.
ඒ උනන්දුවම දැන් මේ ගැන එක එක දේවල් කියලා දෙන්න පන්ති තියලා සල්ලි හොයන තත්වයට පත් වෙලා තියෙනවා
හැබැයි මේවායේ කියලා දෙන දේවල් කොපමනද සාර්ථකද කියලා මම දන්නේ නැ
එ වගේම ඇඩ් ක්ලික් කරලා සල්ලි හොයන මාර්ග තියෙනවා
ඒවාත් කොච්චර සාර්තකද කියලා මම දන්නේ නැ
ඊට වැඩිය තමන්ගේ හැකියාව මගින් ටිකක් විතර මහන්සි වෙලා කියක්හරි හොයාගන්න හැටි මම ලිපි පෙලක් තුලින් කියා දෙන්න බලා පොරොත්තු වෙනවා
 කියක් හරි හොයන්න පුලුවන්  තැන් නම්
ඔඩෙස්ක්
ෆිවර්
ගුගල් ඇඩ් සයින්ස්
මිනි ජොබ් 
මේවායින් කිහිපයක්

මුලින්ම කියන්න හදන්නේ මින් ජොබ් ගැන...ඉස්සර වෙලාම පොඩ්ඩ පොඩ්ඩ කියක් හරි හොයාගෙනම අන්තර් ජාලය තුලින් මුදල් හෙවිම  ආරම්භ කිරිම හුදයි කියලා මම හිතනවා.
මම කියා දෙන්න යන්නේ මයිකො  වර්කස් ගැන
මේක තියෙන්නේ මොකක් හරි පොඩි වැඩක් කරලා ඒකට කියක් හරි හොයා ගන්න ඒක
අපිට ඊමනි කරබවානම් අපිට පේපැල් ගිනුමක් තිබිය යුතුයි.මේක ගැන ඉස්සරහට කියලා දෙන්නම්

ඉස්සර වෙලාම මෙම ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න
නියමිත පරිදි අයදුම් පත පුරවලා රෙජිස්ටර් වෙන්න

  ඊට පස්සේ ඉහත රැපය වගේ පේජ් එකක් එයි
ඒකේ ජොබ් නේම් යටතේ අපට කරන්න පුලුවන් ජොබ් ලිස්ට් එක දක්වා තියෙනවා
එකේ එක එක ලින්ක් එකට ගිහින් තමන්ට කල හැකි ජොබ් කල යුතුයි
අපිට හැම ජොබ් එකක්ම කල නොහැකියි.

උදා හරණයක් විදිහට ඉහත රැපයේ දක්වන මුල්ම රැකියාව කරන හැටි බලමු

අදාල ලින්ක් එක මත ක්ලික් කරන්න

එවිට පහත ජායා රැපය දැක්වන ආකාරයේ පිට්වක් ඔබට දිස්වේ


ඉන් පසු මෙම පිටුවෙහි අවසානයේ
Please select
—  Not interested in this job
—  I accept this job (a form will open below)
දන්වා ඇති පරිදි මෙම කාරිය ඔබ විසින් සිදුකරනවාද යන්න විමසයි.ඔබට මෙම කාරිය කිරිමට හැකිනම්
 I accept this job (a form will open below) තොරාගෙන


මෙහි දන්වා ඇති පරිදි ඔවුන් දන්වා ඇති පියවර අනු ගමනය කර මෙම කාර්ය ඉටු කර අවසානයේ ඔවුන් ඉල්ලා ඇති proof එක අදාල කොටුවෙහි එකතු කිරිම මගින් මෙම කාර්ය ඉටුකල හැකියි..

!
  Required proof that task was finished?
1. Provide email address used to sign up
2. URL of page after sign up

   
මේ ගැන තවත් දේ කියන්න බොහොමයි..මගේ පළමු ලිපිය නිසා ඊ මනි ගැන ලියපු ඔයගොල්ලන්ගේ අදහස් දැනගැනිම ඉතාම වැදගත්

එහෙනම් ඔබට ජය......


Saturday, June 22, 2013

නාස්තිකාර පුතාගේ රාජකිය සපත්තුව


හ්ම් කොහොමද...මට හිතුවා දුක දිනා ජිවිතය ජයගත්තු මිනිසුන් කිහිප දෙනෙක් පිළිබද ලිපි පෙලක් ලියන්න.චන්දුසිරි දොඩම්ගොඩ නම් පුවිණ ලේඛකයා මිට වසර කිහිපයකට පෙර දිවයින ඉරිදා දිවයින සංගරහයේ දුක දිනා ජයගත් හපන්නු නැමැති ලිපි පෙලෙන් ලිපි කිහිපයන් පල කරන්න.

මේක ඒක්තරා අන්දමක අපුරැ කතාවක්. අද මේ කතා කරන්න හදන්නේ ගීගී සපත්තු ගැනැයි.බොහෝ දෙනෙක් හිතන්නේ ගීගී කියන්නේ ඉංගීසි නමක් විදිහටයි.නමුත් ගීගී කියන්නේ සිංහල වචනයක්.

එක්තරා දවසක සපත්තු හදන මිනිසෙක් තමන්ගේ භාර්යාවගෙන් මෙහෙම ඇහුවා.
අපි හදන සපත්තු වලට ගිගිරි කියල නම තියමුද?
බිරිද කල්පනා කරා
ගිගිරි කියන නම සපත්තු වලට නමි හරි නෑ.රි යන්න අයින් කරල ගීගී කියල විතරක් ගනිමුද?
අන්න ඒ නම ලස්සනයි.ගිගී කියනකොට අමුතු හඩක් නැගෙනවා.
බිරිද ගිගී නම අනුමත කළා.



GiGi හෙවත් ගිගී සපත්තු සෙරෙප්පුවල නම බිහිවුණේ එහෙමයි.අද වන විට ගිගී සෙරෙප්පු ජර්මනියටත් අපනයනය කරන තරමට දියුනුයි.
නමුත් ගගී සපත්තු බිහිවුනේ ඉතාම නාස්තිකාර පුතෙකුගේ දෑතින් බව කිවහොත් ඔබ පුදුම වෙයි.ඇත්ත කතාව එයයි.
සරත් පද්මලාල් කියන්නේ කොළඔ දෙමටගොඩ ඉපදුනු ලමයෙක්ග තාත්තා පවුල ජිවත් කරේ සිල්ලර කඩේකින්.සරත් පද්මලාල් ඉස්කොල ගියේ දෙමටගොඩ මැතිව් විද්‍යලයට.
උදේ 5.30 ට සිල්ලර කඩේ අරින්නේ සරත් පද්මලාල්.තාත්ත කඩේට එන්නේ හය හමාරට. ඒ පැය ඇතුලත සිදුවන ලෙදාමෙන් ලැබෙන සල්ලි ටික පුතා සාක්කුවේ දාගෙන ඉස්කොලේ යනවා.මේ පුතාට යාලුවො බොහෝමයි. මොකද සාක්කුවේ සල්ලි තියෙනවානේග ඉගෙන ගන්නවාට වඩා පුතා කලේ වියදම් කරන ඒක.සරත් නාස්තිකාර පුතෙක් බවට පත් වුනා.අත දිග ඇරලා වියදම් කරන නිසා ගෙදරට නාස්තිකාර පුතෙක් වුනත් යාලුවන්ට දෙවියෙක්.
සරත් පද්මලාල් ගේ කඩේ පිටිපස්සේ සපත්තු හදන වැඩපලක් තිබ්බා.සපත්තු හදන අඩි විදිහ පටි හදන විදිහ අලවන හැටි ඇන ගහන හැටි මේ ඔක්කොම දේවල් නිරන්තර සපත්තු හදන වැඩ පලේ ගැවසෙන හින්ද සරත්ට පුලුවන් වුනා.
එයා කල්පනා කරා එක පාරටම පොහොසත් වෙන්න.එක පාරටම සපත්තුවැඩපලක අයිතිකාරයෙක් වෙන්න.සරත් යාලුවන්ගෙන් නෑදැයන්ගෙන් සල්ලි එකතු කරල රැ1600.00 හොයා ගත්ත.හරි ගියහම කාගෙත් සල්ලි ගෙවන්න හිතාන.
රැ1600.00 න් දැම්ම සපත්තු වැඩපලක්. මිනිස්සුන්ට දවස් කුලියට පඩි දිල මැහැව්වා සපත්තු.ඒ සපත්තු පෙට්ටියක දාගෙන ගිහින් කඩ වලට දුන්නා.නමුත් කඩ වලින් සල්ලි ආපහු ලැබුනේ නෑ.හෙට දෙන්නම් අනිද්ද දෙන්නම් කිව්ව විතරයි. සපත්තු වැඩපල පටන්ගත්තු තැනම නැවතුනා.1600 වතුරේ ගියා.මේ සංගෙඩිය වෙනකොට මේ නාස්තිකාර පුතාගේ වයස පහලොවයි.ඉස්කොලෙත් යනවා.
ශාන්ත මැතිව් විද්‍යලයෙන් ඉවත් වුණු සරත් පද්මලාල් ඊලගට ගියේ කොළඹ ඇලෙන්සැන්ඩා විද්‍යලයට.ලංකාවේ හිටිය හොදම පොසත්තුන්ගේ පුත්තු මේ දවස්වල මෙහි ඉගෙන ගන්නවා.සරත් වැටුනා මේ ගැන්සියට.සල්ලිකාර පුත්තු අතරේ සරතුත් අත පය දිග ඇරලා වියදම් කරා.තාත්තාගේ කඩේ ආදායම ඔක්කොම ගියේ පුතා අතට.
සරත් ඉලගට ගියේ කාර්මික විද්‍යලයට. කාර්මික පාඨමාලාවක් හදාරන්න. ඔහු ශිෂ්‍ය සංගමයේ සභාපති වුනා.ඔහු ස්ටුයික් එකක් මෙහෙයෙව්වා.සභාපති සරත් කාර්මික විද්‍යලායන් දොටිට විසි වුනා.
සරත් පද්මලාල් දැන් නිකම්ම නිකන් තරැණයෙක්. රස්සාවකුත් නෑ.සල්ලිත් නෑ. ඉගෙනිමකුත් නෑ.වයස 17යි.නාස්තිකාර පුතා දැන් හිස් අතින් බලන් ඉන්නා.පාසලේ සල්ලිකාර ගැන්සියේ යාලුවන්ට තාත්තලාගේ දැවැන්ත ව්‍යපාර වල අධ්‍යක්ෂකම් ලැබුනා.සරත් පද්මලාල් ට මොකුත් නෑ.
ආයෙත් ගිහින් ඉගෙන ගනින්.....
තාත්තා කිව්වා..තරැනයා ආයේ ඉගෙන ගන්න ගියේ නෑ.
මම තනියෙම ජිවිතය පටන් ගන්නවා.සපත්තු සෙරෙප්පු වලින්ම.ඔහු එහෙම තින්දු කළා..
17 හැවරිදි සරත් පද්මලාල් දවසට රැපියල් පහේ පඩියට සපත්තු වැඩපලක වැඩ පටන් ගත්තා.ඒක හරිම දුෂ්කර ජිවිතයක්.අතට පයට හයට හතරට අතට සල්ලි වියදම් කරපු තරැණයා දැන් සිගරටි එකක්වත් බොන්නේ නෑ.මුන පුරාම රැවුල වැවිල.
අනුන්ගේ වැඩ පලක සරත් කුලියට සපත්තු හදමින් සිටිද්දි ඔහු සමග ඉගෙන ගත් ගැහැනු ලමයෙකු විවාපත් වි සපත්තු මුදලාලි දකින්නට මේ නිවසට පැමිනියාය.සරත් ලැජ්ජානේ ඉහ වහ ගියේය.තවත් දවසක සරත් සපත්තු හදමින් සිටිනු ඔහුගේ පාසල් වියේ ධනවත් සගයෙකු දුටුවාය
ඇයි උබ ඔහොම දුක් විදින්නේ වරෙන් මම රස්සාවක් දෙන්නම් කිවාය.එහෙත් ඔහු එයට නොගියාය.
ඔහු අතිරේක වියදම් කපා හැර දවසට ලැබෙන රැ 5.00 පඩියෙන් වැඩි කොටසක් ඉතුරැ කරාය.අන්තිමේට ඔහු රැ500.00 ඉතුරැ කරාය.
සරත් තමන්ගේ අතේ තිබුණු ඔරලොසුව රැ100.00 කට වික්කා.ඉතිරි කරගත් රැ500.00 මේ 100.00 යි ඔක්කොම 600.00යි.
මම මගේ කියල සපත්තු වැඩ පලක් පටන් ගන්නවා
සරත් දෙවෙනි වතාටත් රැ600.00 කින්වැඩපලක් පටන් අයිතිකරැ හා බඩු හදන්නා දෙදෙනාම ඔහුයි.නිවසේ පිටිපස්සේ ඉබිම එලාගත් හම් කඩයක වාඩි වු 19 හැවරදි තරැණයා බැලු වෙලාවක් ඇත්නමි මිටියයි අඩුයි ගම් බොතලයයි කතුරයි තියාන සෙරෙප්පු හදවා.
ඔහුගේ යාලුවෝ වැඩ ඇරි ඇවිත් කා බී රෙඩියෝ අසා නින්දට යද්දිත් සරත් වැඩ.යාලුවන් උදේ නැගිටි මුහුණ සොදන විටත් ඔහු වැඩ.
උබ නිදාගන්නේම නැද්ද.
මිතුරන් ඇසුවේ විහිලුවට නොව ඇත්තටමය.
ඔහු හැදු සපත්තු කඩ වලට අරන් ගියේ පෙට්ටියක දාගෙන බස් එකේ. සපත්තු කඩ අයිතිකාරයෝ මේ තරැණයා කඩේ ඇතුලට ගත්තේ කඩේ වහන්න කිටිටුව.

ඔහු පැය ගනන් කඩේ ඉස්සරහ සපත්තු පෙට්ටිය තියාගෙන බලන් ඉන්නවා.ඔහු ඉතිරි කිරිම වගේම ඉවසිම ඉගෙන ගත්තා.දිනෙන් දින සපත්තු කඩ කාරයෝ ඔහුගෙන් ගන්නා සපත්තු පුමාණය වැඩි කරා. ඒ සමගම සරත් සමග වැඩ කරනා මිනිසුන් ගණන වැඩි කරා.
ඊලගට මොටර් සයිකලයක් ගත්තා.ලංකාවේ පුධාන පේලේ සම් භාණ්ඩ ආයතනයකට පූධාන සැපයුම් කරැවා වුනා.නමුත් ඔහු දිව්වේ හෙමින්.
දැන් සපත්තු වැඩපල පොඩියිගඔහු පැලියගොඩින් ඉඩමක් අරන් බැංකු ණයක් අරං හැදුවා ලොකු වැඩපලක්
මේ අතරේ මනාලියකට පාවහන් හදන්න මනාලියත් ඇගේ යෙහෙලියත් සරත් මුන ගැහෙන්න අවා.යෙහෙලිය ගුරැවරියක්. ගම උඩ රට පැත්තේ සරත් අර යෙහෙලියව කසාද බැන්දා.
දැන් සපත්තු වලට නමක් දාන්න ඔන
අපි ගිගිරි කියල දාමුද
සරත් බිරිදගෙන් ඇහැව්වා
බිරිද කල්පනා කරා
ගිගිරි කියන නම සපත්තු වලට නමි හරි නෑ.රි යන්න අයින් කරල ගීගී කියල විතරක් ගනිමුද?
ගීගී
ඒ නම ලස්සනයි.දිවටත් ලේසියි ගිගී නම බිහිවුනේ එහෙමයි........................................

අපි ගැන

විනොදාංශයක් වශයෙන් සිතට දැනෙන අදහස් යතුරැ පුවරැව තුලින් සමාජයට ගෙන එමේ මුලික අදහසින් යුතුව අපි සයිබර් අවකාශයට මුදා හරිනවා.....
2013.06.22 දින මුල් ආරම්භය සනිටුහන් වන මෙහි දැනුම/ විනොදය ආශ්වාදයෙන් යුතු සමාජ කතිකාවතක් සිදුකිරිමට බලා පොරොත්තු වෙනවා.......අපි ගැන ඔබේ අදහස අපිට දන්වන ලෙස ඉල්ලා සිටිනවා.......
ඔබගේ දැන්ම පොතට එකතුකර ගත යුතු විශේෂාන්ග සහිත ලිපි පෙලක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර අවම වශයෙන් මසකට ලිපි පනහක්වක් මුදාහරිනු ලබනවා.
එම ලිපි සදහා ඔබගේ වටිනා අදහස් අපි අගය කරන අතර,මෙම අඩවියේ සමාජිකත්වය ලබාගෙන්නා ලෙසද ඉල්ලා සිටිනවා
වැඩි දුරටත් මෙම අඩවිය පිළිබද සංවාදයේ යෙදිම සදහා අපගේ මුහුනුපොතෙහි කණ්ඩායමේ සාමාජිකයෙක් විමට මෙතනින් එන්න.