ඔන්න ඒ නවයේ දෙවන කොටසත් ලියන්න හදන්නේ
පලවෙනි කොටස කියවව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.
අපේ ගමන අපි කට්ගස්තොටින් නැවැත්තුවා.අද එතන ඉදන් පටන් ගමු.
අද ගමන කටුගස්තොට පිහිටි රණවිරැ ස්මාරකය ලගින් පටන් ගෙන මාතලේ දක්වා යන්න බලාපොරොත්තු වෙනවා.
ඉස්සරවෙලා කියන්න ඔන මේ රණවිරැ සැමරැම් ගොඩනැගිල්ල ගැන.මේය විරොදාර රණවිරැවන් සිහිකිරිම සදහා ඉදිකර ඇති අතර,අපට අද නිදහසේ යාපන්ය දක්වා ගමන් කල හැක්කේ මේ විරෝදාර රණවිරැවන් නිසාය.
කටුගස්තොට සිට අබතැන්න අකුරණ අලවතුගොඩ හරහා ඉදිරියට ඒ නවය මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරන අපට මාතලේ නගරය හමුවේ.මහනුවර සිට මාකලේට ඇති දුර කිලොමිටර 26 කි.
මාතලේ යනු මධ්‍යම කදුකරයේ පිහිටා ඇති මනරම් නගරයකි.මනරම් කදුවැටිවලින් වටවි ඇති මහා තැනිතලාව "මහා තලය" පසුව "මාතලේ" බවට පත්වූ බව කියවේ. එහි මුලු භුමි ප්‍රමානය 1,987 කිමී² කි. එය කොළඹින් කිලෝමීටර 142ක් පමණ (සෑතපුම් 90ක්) රට අභ්‍යන්තරව පිහිටා ඇත. මහනුවර සිට කිලෝමීටර 26ක් පමණ (සෑතපුම් 16) දුරින් පිහිටා ඇති මාතලේ නගරය කුරිරු යුද්දයෙන් පසුව සංචාරකයන් ගේ රජදහනක් වී තිබේ. එයට හේතුව මනරම් දැකුම්කලු ස්‌ථාන රැසක් වාගේම පෞරාණික වටිනාකමකින් යුත් ස්‌ථාන බොහෝ ප්‍රමානයක් මාතලේ තුල පිහිටා තිබීමයි.
ලෝක ප්‍රසිද්ධ ස්ථාන වන අලුවිහාර ලෙන් විහාරය පිහිටා ඇත්තේ මාතලේ නගරයේය.
කෘෂිකාර්මික භූමි ප්‍රදේශයක් වන මෙහි ප්‍රධාන වශයෙන් වගා කරනුයේ තේ, රබර්, කුලුබඩු වර්ග සහ එළවලු වර්ග ය. නගරයේ උතුරු දෙසින් පිහිටා ඇති අලුවිහාරස්ථානය ත්‍රිපිටකය මුල්වරට ග්‍රන්ථාරූඪ කිරීම නිසා ලෝක ප්‍රසිද්ධියට පත්වී ඇත.
වර්ෂ 1815 දී ලංකාද්වීපය මුලුමනින්ම ඉංග්‍රීසින්ට යටත් වීමෙන් අනතුරුව ඇති වූ සෑම නිදහස් අරගලයකටම පාහේ මූලික වී කටයුතු කරන ලද්දේ මාතලේ ප්‍රදේශයේ වීරෝදාර ජනතාව ය.
මාතලේ කැරැල්ල නැතහොත් 1848 කැරැල්ල යනුවෙන් හැඳින්වෙන කැරැල්ල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ආණ්ඩුකාර ටොරින්ටන් සාමිගේ (හත් වෙනි වයිකවුන්ට් ටොරින්ටන්) කාලයේදී හට ගත්තේය. එම කැරැල්ලෙහි යටත් විජිත පාලන ක්‍රමයකට එරෙහිව පැරණි වැඩ වසම් ක්‍රමයේ කැරැල්ලක ලක්ෂණ නොපෙනේ. ඒ වෙනුවට නවීන නිදහස් අරගලයකට මාරුවීමක් දක්නට ලැබේ. එය සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතාවගේ කැරැල්ලකි. කැරලිකරුවන්ට ඔවුනගේ රජෙකුගේ නායකත්වයක් නොවීය. (ඔහු 1815 දී බලයෙන් පහ කොට තිබුණු හෙයිනි) එසේම වෙනත් ප්‍රධානියෙකුගේ නායකත්වයක්ද නොතිබුණි. (හිටපු නායකයන් ඌව කැරැල්ලඅවස්ථාවේ දරුණු ලෙස මර්දනය කර තිබුණි. ඉතිරි වූ අය බ්‍රිතාන්‍ය පාලනයට ඇඳා ගෙන තිබුණි.) ප්‍රථමවරට මහනුවර පළාත්වල නායකත්වය රදළවරුන්ට නොව සාමාන්‍ය ජනතාව අතට ගියේය. නායකයින් වූයේ සාමාන්‍ය ගොවියෝ සහ කම්කරුවෝය. එය හරියට එංගලන්ත විප්ලවයේ "ලෙවෙලර්ස්" (Levellers) ලෙස හැඳින්වුණු ජන කණ්ඩායම මෙනි. නැතහොත් අමෙරිකන් විප්ලවයේ පෝල් රිවරේ (Paul Revere) සහ ටොම් පේන් (Tom Paine) වැනි කාර්මිකයින් මෙනි. කෙසේ වෙතත් කොල්වින් ආර් ද සිල්වාගේ වචනවලින් කියතොත් ඒ මෙසේය. "එයට නායකයින් සිටි නමුත් නායකත්වයක් නොවීය. පැරණි වැඩවසම් නායකයින් විනාශ කොට හෝ බලරහිත කර තිබුණි. අරගලයට නායකත්වය දීමට සහ එහි බලය අත්පත් කරගැනීම දක්වා ඉදිරියට යාමට සුදුසු කණ්ඩායමක් නොවීය.
මේවන් ඓතිහාසික නගරය වෙත ලගා වු අපි අද දිනයට අපගේ ගමන නිමා කරන අතර මිලග ලිපියෙන් මාතලේ සිට ඉදිරියට ගමන් කිරිමට බලාපොරොත්තු වනවා.
මෙම ඒ නවය මග දෙපස ඇති නැරබිය යුතු ස්ථාන ඇත්නම් එ පිළිබදව අප දැනුවත් කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.ඔබේ අදහස් මෙහි සටහන් කර යනවානම් එය අපගේ ඉදිරි ලිපි සදහා උපකාරි වේ.
0 comments:
Post a Comment