අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, May 14, 2016

නොබෙල් සාම ත්‍යගය 1906

ගොඩ කාලෙකට පස්සේ නැවත ලිපි ලියන්න පටන්ගන්න හිතුව.සියලුම ලිපි නවත්තපු තැන ඉදල ආයෙමත් පටන් ගන්න යන්නේ.මුලින්ම නොබෙල් සාම ත්‍යගය පිළිබද ලිපි පෙල නැවත ලියන්න පටන් ගන්න යන්නේ.
අපි ගියවර නොබෙල් සාම ත්‍යගය පිළිබද 1905 වර්ෂය දක්වා ලිපි ඉදිරිපත් කරනු ලැබුවා. අවසන් ලිපිය මෙතනින් ගිහින් බලන්න.

1905 වර්ෂයට පසුව නොබෙල් සාම ත්‍යගය පිරිනමන ලද්දේ 1906 වර්ෂයේය.
එයට හිමිකම් කියනු ලැබුවේ තියඩෝර් රූස්වෙල්ට් ය.

අමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් හි 1858 ඔක්තොම්බර් 27 වෙනි දින උපත ලද තියඩෝර් රූස්වෙල්ට් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස කටයුතු කරමින් 1904-1905 දි රුසියානු - ජපාන යුද්ධයේදී නතර කිරිම සදහා සාම සාකච්ඡා පැවැත්විමට කටයුතු කිරිම නිසා මෙම නොබෙල් ත්‍යගය සදහා හිමිකම් කියනු ලැබිය.
එමෙන්ම ඔහුගේ සාම ව්‍යපාරය මගින් ලබා දුන් නිර්දේශයක් මත මෙක්සිකොව සමග ඇති වු ආරවුලක් සමථයකට පත් කරගැණිමට හැකි වුනි.

මෙම උදාර මිනිසා 1919 ජනවාරි 6 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ Oyster Bay හිදි තම අවසන් හුස්ම හෙලිය.