අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Sunday, December 31, 2017

සුභ අලුත්අවුරුද්දක් වේවා

ලැබුවා වු නව වසර අපි කියවන හැමෝටම සියළු යහපත් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා..


මුහුණු පොත


Thursday, November 23, 2017

ලෝක උරුම 21 - ආර්ජන්ටිනාව

මෙම ලිපියේ සිට අවම වශයෙන් එක් රටක තිබෙන ලෝක උරුමයන් 03 ක් පිළිබව එක් ලිපියක් මගින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා.


  • ඉෂිකල්ලාස්ටෝ / තල්පම්පය ස්වභාවික උද්‍යනය
ආජන්ටිනාවට හිමි පාරසිරක ලෝක උරුමයක් ලෙස මෙය සැලකිය හැකිය.








  • Jesuit Block and Estancias of Córdoba
17 වන හා 18 වන සියවසේ ලොවට උරුම වු ආගමික ස්ථාන විශ්ව විද්‍යාල ආදි මෙම කලාපයේ ඇත.





  • ක්වෙඩ්ඩා ඩි හුමාවූකා
පසුගිය වසර 10000 සිට ප්‍රධාන වෙළද මාර්ගයක් ලෙස භාවිතා කර ඇති මෙම නිම්නය ආර්ජන්ටිනාවෙන් ලොවට උරුම වු තවත් ලෝක උරුමයකි.






නොබෙල් ත්‍යාගය -1904

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
Lord Rayleigh (ජෝන් විලියම් ස්ට්රට්)

02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

සර් විලියම් රැම්සේ



03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය

Ivan Petrovich Pavlov


04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය


  • ෆ්රෙඩ්රික් මිස්ට්රල්
  • José Echegaray y Eizaguirre

05. නොබෙල් සාම ත්‍යාගය
Institut de droit international (Institute of International Law)

Wednesday, November 22, 2017

නොබෙල් සාමත්‍යගය - 1923 හා 1924

1923 හා 1924  වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය කිසිවෙකුට ලබාදිම සිදු නොකල අතර, මෙම ත්‍යාග මුදල් විශේෂ අරමුදලකට බැර කරන ලදී.

Monday, November 20, 2017

Wednesday, November 8, 2017

නොබෙල් ත්‍යාගය - 1903

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය


  • ඇන්ටොයින් හෙන්රි බෙකර්කෙල්

  • පියර් කියුරි

  • මාරි කියුරි, නවී ස්ක්ලොව්වුස්

02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

ස්නාරේ ඕගස්ට් අග්රනියස්


03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
නීල්ස් රයර්බර්ග් ෆින්සන්

04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Bjørnstjerne Martinus Bjørnson

05. නොබෙල් සාම ත්‍යාගය
විලියම් රන්දල් ක්‍රිමර්

Monday, November 6, 2017

නොබෙල් සාම ත්‍යාගය 1922

1922 වර්ෂයේදි මෙම නොබෙල් සාම ත්‍යාගය සදහා හිමිකම් කියනු ලැබුවේ ෆ්රිට්ට්හෝෆ් නන්සන් මහතා විසිනි.
1861 ඔක්තෝබර් 10 දින නොර්වේ ක්රිස්ටියානියා (දැන් ඔස්ලෝ) හිදි උපත ලද මෙතුමා Nansen passports
 (සරණාගතයන් සඳහා) හි නෝර්වීජියානු නියෝජිතයා ලෙස හා විද්‍යාඤ්ඥයෙකු ලෙස සෝෂීට් ඩෙස් නේෂන් සිදුකල උදාර මෙහෙය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය.

1922 දි මෙතුමා එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පත් කරන ලද ප්‍රථම සරනාගතයින් පිළිබද කොමසාරිස් විය.පළමුවන ලෝක යුද්ධයෙන් පසු, ඔහු රුසියාව, ජර්මනිය හා  ඕස්ටේ්රලියාවේ-හංගේරියාව අතර යුද හිරකරුවන් 40000 ක් හුවමාරු කර ගැනීමේ වගකීම පැවරී තිබිණි. යුද සිරකරුවන් වෙනුවෙන් සිදුකරන ලද උදාර මෙහෙය වෙනුවෙන් 1922 දි නොබෙල් සාම ත්‍යාගය හිමි වු අතර 1930 මැයි 13 ඔස්ලෝ නුවරදි මෙතුමා මොලොව හැර ගියේය.


Saturday, November 4, 2017

ඖෂධ පෑලෑටි 01 - 10

අපි විසින් හදුන්වාදෙන මෙම අළුත් ලිපි පෙල මගින් ඔෟෂධ පැලෑටි හදුනා ගැනීම සදහා ඔබට සහය විමට බලාපොරොත්තු වනවා.
ඔෂධ පැලෑටි වර්ග හදුනා ගෑනිම සදහා හොදම ක්‍රමය වනුයේ එම ශාක වල විඩියෝ දර්ශන ගෙන ඒම වේ.

ලිපි පෙලෙහි මාතෘකාව ඖෂධ පෑලෑටි ලෙස හැදින්වුවාට ඖෂධීය වටිනාකමක් සහිත විශාල ගස් වර්ගද මේ යටතේ හදුන්වාදිමට බලාපොරොත්තු වේ.

ඒ අනුව ඖෂධ ශාක අවම වශයෙන් 500 ක් පමණ හදුන්වා දිම අපේ මුලික අරමුණ වේ. එය අනාගතයට හොද එකතුවක් වේ.

මෙම ලිපි  පෙල පිළිබද ඔබගේ අදහස් එහි ඉදිරි ගමනට ඉතා වැදගත් වන අතර. ඔබටද මෙම ලිපි පෙල සදහා දායක විමට හැකියාව පවතින අතර, ඒ සදහා ඖෂධ ශාකවල සමිප විඩියෝ දර්ශණ තත්පර 30 ක කාලයකට විඩියෝගත කර අප වෙත යොමු කරන්න.

පළමු  ඖෂධ පෑලෑටි එකතුව පහතින් හදුනා ගනීමු.

01.නවහන්දි Rhipsalis baccifera
හන්දි වෙදකම්, කැඩ්ම් බිදුම් වෙදකම සදහා යොදා ගන්නා මෙම නව හංදි ශාකය.

02. කුප්පමේනියා

දරුවන් ගේ මළ බද්ධයේ දි කුප්පමේනිය කොළ අඹරා වැටියක්‌ ලෙස සාදා ගුද මාර්ගයට ඇතුළත් කළ විට ඉක්‌මනින් මළ පහවන බව ආයුර්වේදයේ දී පෙන්වා දෙයි. පිළිස්‌සුම් ප්‍රතිකාරයක්‌ ලෙස කුප්පමේනියා කොළ තලා පිළිස්‌සුණු තැන ආලේප කරයි. මූත්‍රා අඩස්‌සිය ඇති වූ විට කුප්පමේනියා කොළ අඹරා තුනි රෙදි කැබැල්ලකට අතුරා යටි බඩේ පැලැස්‌තරයක්‌ යෙදීමෙන් මුත්‍රා අඩස්‌සිය සුව වෙයි. 
සර්ප විෂ ශරීරය ගත වූ විට කුප්පමේනියා කොළ කැඳ දේශීය වෛද්‍ය විද්‍යාවේ නිර්දේශ කරයි. දේශීය පලාවක්‌ ලෙස තනිකර ගනු නො ලැබුවත් කලවම් මැල්ලුමක දී කුප්පමේනියා කොළ ස්‌වල්පයක්‌ ගෙන යොදන අවස්‌ථා ඇත. 


03.අදු කොළ



04.විෂ්ණුක්‍රාන්ති Evolvulus glomeratus
පාචනය හා මානසික රෝග සදහා විශේෂයෙන් යොදා ගනි.
05.කටු කරඩු




06.පොල් පලා aerva lanata

මුත්‍රා පිරිසුදු කිරීමේ ගුණයක්‌ මෙන්ම මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාවක්‌ ද ඇත. විෂ නැසීමේ ගුණයකින් ද යුක්‌ත ය. උදෑසන ආහාරයට පොල්පලා කැඳක්‌ ලෙස හෝ දෛනික ආහාරයට පලා මැල්ලුමක්‌ ලෙස හෝ යොදාගත හැකි ය. ඔසු පැන් වශයෙන් පිපාසයට බීමෙන් ඉහත සඳහන් රෝග සුව වෙයි. මුත්‍රා අඩස්‌සිය ඇති විට දී පොල්පලා සම්පූර්ණ ගස තම්බා බීමෙන් හොඳින් මුත්‍රා පහ වී අඩස්‌සිය සමනය වෙයි. 

රසායනික සංඝටක - පොල්පලා පිළිබඳව සිදු කර ඇති රසායනික විශ්ලේෂණ අනුව බීටා-සිටොස්‌ටෙරිල්, පැල්මිටේට්‌, බීටා ඇමයිරින්, බීටා-සීටොස්‌ටෙරොල් අඩංගු වන බව සොයාගෙන ඇත.



07. ඉගුරු Zingiber officinale

අතීතයේ පටන් භාවිතයට ගත් ඖෂධීය වටිනාකමකින් යුත් කුළු බඩුවක් ලෙස ඉගුරු සැලකිය හැකිය. එහි විද්‍යාත්මක නාමය වනුයේ “සින්ගිබර් ඔෆිසිනේල්” ය. සගන්ධ තෙල් නිෂ්පාදනය සදහා ද යොදා ගන්නා ඉගුරු මගින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රයෝජන බොහෝමයක් ඇත. එහි ඇති ප්‍රයෝජන නිසා ම ආයුර්වේදයේ දී “වෛද්‍ය විද්‍යාවේ හදවත” ලෙස ද සලකයි.


  • ස්වසන ආබාධවලට ප්‍රතිකාරයකි.
  • ඔක්කාරයට හා වමනයට
  • පාචනය අඩු කරයි.
  • ඔසප් වීමේ දී ඇති වන කෙන්ඩ පෙරලීම වලක්වයි.
  • ඩිම්භ හා බඩවැල ආශ්‍රිත පිලිකාවලට ප්‍රතිකාරයකි.
  • ඉදිමුම් සහිත දැවිල්ල අඩු කරයි.
  •  දියවැඩියාව නිසා ඇති වන අතුරු ආබාධවලට ප්‍රතිකාරයකි.
  • ආමාශය ආශ්‍රිත රෝගවලට
  • තරුණ බව රැක ගැනීමට
  • පිලිස්සු ලප කැලැල් සුව කිරීම
  • කෙස් වැඩීම වර්ධනය කරයි.



08. හාතාවාරිය 

ආයුර්වේදය තුළදී හාතාවාරිය ශාකය හැඳින්වෙන්නේ සියලු බෙහෙත් පැළෑටි අතර අග රැජිනිය ලෙසයි. Asparagus Racemousus යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් මෙය හැඳින්වෙනවා. කාන්තාවක්‌ ගැබ්ගැන්වීම සඳහා ආයුර්වේදය මගින් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ හාතාවාරිය පාවිච්චි කරනවා. එසේම ආහාර ජීර්ණ ක්‍රියාවලියටත් හාතාවාරිය මගින් විශාල වශයෙන් සහායක්‌ ලැබෙනවා. හාතාවාරිය වල විශේෂත්වයක්‌ තිබෙනවා. ඒ තමයි තරුණ කාන්තාවන් පමණක්‌ නොව මැදිවියේ කාන්තාවනුත් ගැබ් ගැන්වීමට මෙය යොදා ගත හැකි වීම. කාන්තාවකගේ ආර්තවය අක්‍රමවත් වූ විට එය ක්‍රමවත් කරන්නටත්, හාතාවාරියවලට පුළුවන්. හාතාවාරිය මගින් තිබෙන සෞඛ්‍යමය ප්‍රයෝජන පහත සඳහන් ආකාරයට පෙළ ගැස්‌විය හැකියි. එනම්.

1. මවගේ සිරුර තුළ කිරි නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් කිරීම.
2. මුත්‍රා බොක්‌කේ හටගන්නා ආසාදිත තත්ත්වයන් සුවපත් කිරීම.
3. ශ්වසන පද්ධතිය තුළ ආර්ද්‍රතාව (තෙතමනය) පවත්වා ගෙන යමින් ශ්වසන ක්‍රියාවලිය නිසි තත්ත්වයෙහි පවත්වා ගෙන යැම.
4. ශරීර ශක්‌තිය පවත්වා ගෙන යැම සඳහා ශක්‌තිජනකයක්‌ ලෙස ක්‍රියාත්මක වීම.
5. ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ප්‍රාණවත්ව තබා ගැනීම.
6. බඩවැල්වල (අන්ත්‍රය) ක්‍රියාකාරීත්වය අඛණ්‌ඩව පවත්වා ගෙන යැම.
7. පාචන තත්ත්වයක්‌ තුළදී එය වළක්‌වා ගැනීමට උපකාරී වීම.
8. ශරීරයේ විෂ නැසීමේ හැකියාව.
9. ශරීරයේ වේදනාවන් සමනය කිරීම. නින්ද අඛණ්‌ඩව පවත්වාගෙනයැම. වකුගඩුවල ආබාධ සුවපත් කිරීම. නිධන්ගත උණ තත්ත්වයන් සමනය කිරීම. ශරීරයේ පවතින ඌෂ්නාධික තත්ත්වයන් සමනය කිරීම, උදරයේ හටගන්නා ගෙඩි සහ පිළිකා සමනය කිරීම සහ වර්ධනය වීම වැළැක්‌වීම.
10. පිළිකාව, ඩිමෙන්ෂියාව, බ්‍රොන්කයිටිස්‌, දියවැඩියාව යන රෝග සමනය කිරීම.
හැමදාම හාතාවාරිය කොළ කැඳ කෝප්පයක්‌ පානය කළ හැකිනම් හුඟක්‌ ලෙඩ රෝග සුව කර ගන්නට පුළුවන්.විශේෂයෙන් කිරි දෙන අම්මලා දවසක්‌ හැර දවසක්‌ මේ පානය ගත්තාම ශරීරයේ කිරි නිෂ්පාදනය වර්ධනය වන බව විශ්වාස කරනවා.
හාතාවාරිය කියන වචනය බිඳී ඇවිත් තිබෙන්නේ 'ශතවාරි' කියන සංස්‌කෘත නමින්. එහි තේරුම ලෙඩ රෝග සිය ගණනක්‌ සඳහා මෙය යෝග්‍ය ප්‍රතිකාරයක්‌ බවයි. එසේම කාන්තාවන්ගේ හෝර්මෝන පද්ධතිය සමබරව පවත්වාගෙන යන්නටත් මෙය උපකාරී වන බව සැලකිය යුතුයි.

09.කිරි අගුණ Tylophora pauciflora


10.මොණරකුඩුම්බිය Fleabane / Ash - Coloured Fleabane

අළුහම් , ඇස් රුදාව, මාන්දම,සෙන්ගමාලය, අර්ශස්, කෘමි රොග,ආදියට භාවිතා කරයි. ලේ පිරිසිදු කිරිමේ ගුණය ඇත.



Thursday, November 2, 2017

මොණරකුඩුම්බිය

ඖෂධ ශාක සමිපව ඔබට හදුන්වාදිම යටතේ අද ඔබට හදුන්වා දෙන්නේ මොනරකුඩුම්බිය ශාකයයි.

Vernonia Cinerea(L) Less විද්‍යත්මක නාමයෙන් හදුන්වන Compositae කුලයට අයත් මෙම ශාකය සමිපව පහතින් බලන්න

නොබෙල් ත්‍යාගය - 1902

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය


  • හෙන්දිරික් ඇන්ටන් ලොරෙන්ට්ස්

  • පීටර් සෙමාන්




02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
හර්මන් ඉමිලි ෆිෂර්         


03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය

රොනල්ඩ් රොස්

04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

කිතුනු මතියස් තියඩෝර් මොම්සන්

05. නොබෙල් සාම ත්‍යාගය

  • එලිය ඩකොමන්

  • චාල්ස් ඇල්බට් ගොබට්