Friday, June 28, 2013

ඒ නවය - 03

අද ගමන අපි මාතලේ අලු විහාරය එහෙම වැදගෙන පටන් ගන්න හිතුවා.
මිට පෙර ලිපිය කියෙව්වේ නැත්තම් මෙතැනින් ගිහින් කියවන්න.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ ඓතිහාසික මාතලේ අළුවිහාරයට එම සත් කාර්ය සඳහා වැඩම කළ රහතුන් වහන්සේ වැඩ විසූ බවට සැලකිය හැකි ගල් ලෙන් 25 කට වැඩි ප්‍රමාණයක් අළු විහාර විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියෙන් සොයා ගැනීමට හැකිවී ඇත.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසුව එතෙක් කාලයක් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත්‍රිපිටක බුද්ධ ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම සිදුවූයේ මාතලේ අළුලෙන් විහාරයේදී බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
මේ සඳහා රහතුන් වහන්සේ 500ක් දෙනා සහභාගී වූ බවටත් උන්වහන්සේ තුන් අවුරුදු තුන් මස් තුන් සතියක් මුළුල්ලේ සිදුකළ ග්‍රන්ථාරූඪ කිරීම වෙසක් පුන් පොහෝ දිනයක අවසන් කළ හෙයින් එවකට රට පාලනය කළ වළගම්බා රජතුමාගේ සහාය ඇතිව විශාල උත්සවයක් පැවැත්වූ බවත්, එදා ලක්දිව සියලු විහාරස්ථානවල පහන් පූජා පැවැත්වූ බවත්, විශේෂයෙන් අළුලෙන් විහාරය අවට ප්‍රදේශය පහන් දල්වා ආලෝකමත් කළ බවත් ඉතිහාසයෙහි සඳහන් වේ.

අළුවිහාර විහාරස්ථානයට කිට්ටු ස්ථානයක පිහිටි‘ රාජාංගනය’ නමැති දැලිවල ඔයේ විශාල ගල්ලෙනක් අසල ඇති නිල්වලට බසින්නට ගලේ පඩිපෙළක් කොටා ඇති අතර රහතුන් වහන්සේ ස්නානය සඳහා එම ස්ථානයට පැමිණ ඇති බවජනප්‍රවාදයෙන් පැවසේ. එම ගම් ප්‍රදේශය‘ රහතුන් හැදූ තොට’ රහත්තොට වී අද වන විට රත්තොට බවට පත්වී ඇතැයි ද කියැවේ.

මාතලේ අළුවිහාරයේ අළු ලෙන් විහාරයේදී සිදු කළ ධර්ම සංගායනාව 5 වැනි සංගායනාව ලෙස බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව (ඉන්දියාවේ) ජම්බුදීපයෙහි අජාසත්ත රජතුමාගේ අනුග්‍රහයෙන් හා මහාකාශ්‍යප හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සංගායනාව ප්‍රථම සංගායනාව ලෙස දැක්වේ.

මාතලේ අලු විහාරයට සමුදුන් අපි ඒ නවය මාර්ගය දිගේ පලාපත්වල,මඩවල පසු කරමින් අපි නලාන්දා ඔය අසබඩ අපගේ මිලග ගමනාන්තය ලගට ආව්ය.
මෙය අපගේ මිලග ගමනාන්තය කර ගත්තේ ඉතා සුවිශේසි කරැණක් නිසාය.ඒ නවය මාර්ගය ඔස්සේ ඔබ ගමන් කරනවානම් ඔබ මෙම ස්ථානයට යා යුතුමය.මන්ද යත් මෙම ස්ථානය ලංකාවේ මැද ලෙස සලකන බැවින්ය. 
මෙම ස්ථානයේ නාලන්දා ගෙඩිගෙය පිහිටා තිබෙනවා.මෙම නිර්මාණය මුලින් තිබු සථානය බොවතැන්න ජලාශය ඉදිකිරිමත් සමග ජලයට යටවිම හේතුවෙන් එම නිර්මානයේ සියලු කොටස් ගලවා දැන් ඉදිකර ඇති ස්ථානයට ගෙනගොස් මුල් නිර්මාණය තිබු ආකාරයෙන් නැවත නිර්මාණය කර තිබිම සුවිශේෂි කරැණකි.
‍ශිලාමය නිර්මාණයක් වෙන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළු ගල් භාවිත කොට නිමවා නිමවී ඇති අතර ඉන්දියාවේ ක්‍රි.පූ.6 වන සියවසේ සිට 9 වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවදිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදා ගෙන තිබේ.

මේ වන විට අපගේ ගමන මහනුවර සිට කිලො මිටර 52 ක පමණ දුරක් ගමන්කර ඇති අතර, තව අපිට බොහෝ දුරක් ගමන් කිරිමට ඇත.මේ අතරතුර හමුවන සුවිශේෂි ස්ථාන පිළිබද තොරතුරැ ඇත්නම් අපව දැනුවත් නරන ලෙස ඉල්ලා සිටින අතර,මෙම ලිපි පෙල ගැන ඔබගේ අදහස් අපවෙත පහතින් දක්වන්න

Reactions:

0 comments:

Post a Comment