අපේ මහනුවර සිට යාපනය දක්වා යන ගමනේ හතරවන සටහනත් ඉක්මනින්ම ලියන්න ඔන කියලා මම හිතුවා.
පසුගිය ලිපියේ අපගේ නවාතැන්පල වුයේ ලංකාවේ හරි මැද. ඒ ලිපිය කියවේවේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.
නාලන්දාවෙන් අපගේ ගමන ආරම්භ කල අපි නාවුල,ලෙනදොර පහු කරමින් අපගේ මිලග නැවතුම්පල වන දඹුල්ල නගරයට ලගාවිය.
දඹුල්ල නගරය, කොළඹට කි.මී 148ක් ඊසාන දෙසින් හා මහනුවරට කී.මී 72ක් උතුරු දෙසින්, ශ්‍රී ලංකාවේ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.මුහුදු මට්ටමේ සිට අඩි 1118 ක් උසින් පිහිටා ඇති මෙම ලෙන් විහාර සංකීර්ණය ශී‍්‍ර ලංකාවේ විශාලතම ලෙන් විහාරය ද වෙයි. කි‍්‍රස්තු පූර්ව 104 - 76 අතර කාලයේ ශී‍්‍ර ලංකාවේ රජකළ වළගම්බා රජු විසින් කරවන ලදැයි සැළැකේ .
නගරය ආකර්ෂණීය කරන්නාවූ ප්‍රධාන ස්ථාන අතර ශ්‍රී ලංකාවේ විශාලතම හා හොඳින්ම සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණය, හා දින 167කින් පමණක් තනා නිම කල බවට කියැවෙන රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වෙති. දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණ කඳුවැටිය පිහිටන බවටද , නාමල් උයන නමැති නා වනයක් පිහිටන බවටද මෙම නගරය උදම් අනයි.
මෑතකදී දඹුල්ලෙන් සොයාගත් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත ස්ථානයක් වන, දඹුල්ල ලෙන් විහාර සංකීර්ණය අසබඩ පිහිටි ඉබ්බන්කටුව ප්‍රාග්-ඓතිහාසික සුසාන භූමිය, ලෙන් විහාරයෙන් කි.මී 3ක් ඇතුළත පිහිටා ඇති අතර, දිවයින් දේශයට ඉන්දියානු බලපෑම සම්ප්‍රාප්තියට බොහෝ කලකට පෙර දේශීය ශිෂ්ඨාචාරයක් මෙහි පැවැති බවට සාක්ෂි දෙයි.
රන්ගිරි දඹුල්ල ලෙන් විහාරය ලෝක උරුමයකි.
ප‍්‍රාග් ඓතිහාසික යුගයේ මානව සාධක රැසක් ද හමුවන මෙම විහාර භූමියේ දැකිය හැකි ශිලා ලේඛන රැසකි. අනුරාධපුර යුගයේ මුල් අවධියේ මූල බ‍්‍රාහ්මීය අක්ෂර වල සිට මහනුවර යුගය දක්වා වූ එම ශිලා ලේඛණ වලින් විහාරයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ විහාරයට කරන ලද පූජා ආදිය පිළිබඳ සඳහන්වේ.
ඓතිහාසික සාධක අනුව මෙම සුවිසල් ලෙන් ප‍්‍රතිසංස්කරණය පොළොන්නරුවේ රජ කළ නිශ්ශංකමල්ල රජු (කි‍්‍රස්තු වර්ෂ 1198 - 1206) පිළිමවල රන් ආලේප කැර ඇත. ඒ නිසාම දඹුල්ල ලෙස හැඳින්වීමට පටන්ගත් බව පුරාවෘත්ත වල දැක්වේ. මහනුවර රජ පැමිණි සෙනරත් රජු (කි‍්‍රස්තු වර්ෂ 1604 - 1633) සහ කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු (කි‍්‍රස්තු වර්ෂ 1746 -1778) මෙම විහාර සංකීර්ණය ප‍්‍රතිසංස්කරණය කැර තිබේ.
විශාල පර්වතයෙන් සෑදුණුු ලෙන් විහාර පහක් දැකිය හැකි මෙහි විශේෂත්වය වන්නේ පොළොන්නරු යුගයේ පටන් කොළඹ යුගය දක්වා සෑම කාල වකවානුවකම ලක්ෂණ සහිත බිතු සිතුවම් දැකිය හැකි වීමයි. එමෙන්ම ශිලාමය, දැවමය, මෙන්ම මැටියෙන් හා බදාම මිශ‍්‍රණයකින් තනන ලද පිළිම රැසක් ද දැකිය හැකිය.
මෙම විහාරයට ඇතුළුවන විට හමුවන ප‍්‍රථම ගුහාව හඳුන්වන්නේ දේවදාර විහාරය නමිනි. එය ඇතුලත මීටර14 ක් දිගින් යුතු විශාල ශෛලමය සැතපෙන පිළිමයකි. ඒ අසල ඇති ආනන්ද හිමියන්ගේ යැයි සැළකෙන පිළමය හා විෂ්ණු දෙවියන් සහ සුමන සමන් දෙවියන්ගේ යැයි සැළකෙන පිළිමද විශිෂ්ට නිර්මාණයෝය.
විහාර සංකීර්ණයේ දෙවැනි ගුහාව විශාලතම ලෙනයි. එය මහාරාජා විහාරය ලෙස හැඳින්වේ. එහි හිටි පිළිම 16 ක් සහ හිදි පිළිම 40 ක් නිර්මාණය කැර තිබේ. ඒ සමග විෂ්ණු හා සුමන සමන් දේව පිළිම ද නිර්මාණය කැර ඇති අතර මධ්‍යයේ කුඩා දාගැබක් තිබේ. මෙයට අමතරව ගල් පර්වතයෙන් වෑස්සෙන කුඩා දිය බිඳුවක් වැටෙන්නට තැබූ විශාල පාත්තරයකි. එම ජල බිංදුව කිසිදු නියගයකදී නොසිදෙන බව ද පැවැසේ.
එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවමක්ද ඇත. මුළු පර්වත බිත්තියේ සහ පර්වත මහලේ විවිධාකාර සිතුවම් වලින් පිරී ඇති අතර එළාර දුටුගැමුණු යුද්ධය දැක්වෙන සිතුවම ඒ අතරින් සුවිශේෂී වේ. ආගමික නොවන සිදුවීමකට අදාල සිතුවම් විහාර මන්දිර වල දැකිය හැක්කේ ඉතා අල්ප වශයෙන් බැවින් පර්යේෂකයෝ මෙම සිතුවම ගැන වැඩි අවධානයක් යොමු කරති.
රන්ගිරි දඹුලූ විහාරයේ තුන්වැනි ගුහාව අලූත් විහාරය නමින් හැඳින්වේ. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජ සමයේ අදින ලදැයි පැවැසෙන චිත‍්‍ර රැසක් දැකිය හැකියි. මෙම ගුහාවේ ප‍්‍රධාන පිළිමයට අමතරව තවත් කුඩා පිළිම 50 කි. කීර්ති ශී‍්‍ර රාජසිංහ රජුගේ පිළිරුවක්ද එහි තනා තිබේ. හතරවැනි සහ පස්වැනි ගුහා ඉතා කුඩා වුවද පිළිම සහිත ඒ ගුහා දෙකද සිතුවමින් අලංකාර කැර ඇත.
දඹුලු ලෙන් විහාර සංකිර්ණයේ ඓතිහාසික බව රැදි තිබුනත් ඉදිරියෙන් ඉදිකර ඇති නව නිර්මණ නිසා එයට හානිවඅ ඇත්ද යන්න විටෙක සිතෙනවා.විශාල ප‍්‍රමාණයේ හිඳි පිළිමයක් පැරණි ලෙන් විහාර සංකීර්ණයට ඉදිරියෙන් ඉදිකර තිබේ.වර්තමානයේ බොහො වන්දනාකරැවන් ඉදිරියෙන් පිහිටි මෙම හිදි පිළිමය පමණක් වන්දනාකර යැමට පුරැදුව සිටි.
දඹුලූ පර්වතය සොබාදහමෙ මහගු නිර්මාණයකි සීගිරිය හා රිටිගල ඇතුළුව තෙරක් නොපෙනන මහා තැනිතලාව දඹුලූ ගලට දර්ශනය වන සොඳුරු දසුන් සමූහයයි.
0 comments:
Post a Comment