Saturday, February 10, 2018

ගිතය ලියවුනේ මෙහෙමයි - 12 මනමේ


ගිතය කිව්වට මේකනම් න්‍යට්‍යය හැදුන හැටි තමා කියන්න යන්නේ. එම ලිපිය කියවන්න පෙර ගිතය ලියවුනේ මෙහෙමයි - 12 කොටස මෙතනින් ගිහින් කියවන්න.


මහාචාර්ය එදිරිවීර **** ගැන අපි හැමෝම දන්නවනේ...........

ආයෙ අමුතුවෙන් කියන්න දෙයක්යැ.... මනමේ, සිංහබාහු නිර්මාණය කලේ ඔහුනේ....

හැබැයි මේව නිර්මාණය වෙන්න හේතුබූත වුන කරුණු තමා මේ කියන්න හදන්නෙ....

ඔන්න එතුමා විශ්වවිද්‍යාලයේ කටයුතු කරගෙන ඉන්නකොට එතුමගෙ හොදම යාළුවත් එක්ක නිතරම නාට්‍ය කටයුතුවල යෙදෙනවළු... නිතරම වගේ ගෙදරත් එනවලු ඒ යාලුව...

ඔන්න දවසක් හවස් වෙනකල් විශ්ව විද්‍යාලයේ වැඩකරපු අපේ මහාචාර්යවරය ආවලු ගෙදර ... බිරිද නෑ.... හැම තැනම බැලුවත් බිරිද නෑ.... පස්සෙ දැනගත්තලු තමන්ගෙ අර යාළුවත් එක්කම පැනල ගිහින් කියල...


හොදම වැඩේ ඒක නෙමෙයි... අපි වගේ ඇඩුවෙ නෑ... පිස්සු කෙළියෙ නෑ.... තනිවම කාරමරේ ඉදගෙන බුද්ධගමට නැඹුරුවීම හා පොත් කියවීම පමණයි කලේ... පස්සෙ තමන්ගෙ හිතේ තියෙන දුක නිවෙන්න හැදුව නාට්‍යයක්...මොකද්ද දන්නවද ? මනමේ .

හැබැයි...ව්‍යංගයෙන් සිය බිරිද ගැන, තමාගෙ හිතේ තියෙන තරහ ලස්සනට ප්‍රකාශ කරණව. ගෑනු කියන්නෙ විශ්වාස කරන්න බැරි ජාතියක්... කඩුව තියාගෙන කොපුව දෙන ජාතියක්.... ආලබස් තෙපලල වෙනඋන් එක්ක යන ජාතියක්...පෙරලෙනපිට හොදයි කියන ජාතියක්.... කොහොමද මහාචාර්යතුමාගෙ වැඩ....


දිරියෙන් යුධ කල ඔබ දුටු මොහොතේ.....
මගෙ හද ගැබ තුල ඇතිවෙයි ආලේ......
දිරියෙන් යුධකල ඔබදුටු මොහොතෙ
මගෙ හද ගැබතුල පිරුනයි ආලෙ
නැතිමුත් රජසැප හිමගිරි අරනේ
ඔබ හැර මෙමටා නැත අන් සරනේ

හැඩි දැඩි සිරුරට ආලය බැඳුනා
ඔබ හට අසිපත දෙන්නට සිතුනා
මණමෙ කුමරුන් මරුමුව වැටුනා
දැන් මම රැජිනකි හිමගිරි අරණා..


උපුටා ගැනීම www.elakiri.com

0 comments:

Post a Comment