Saturday, July 16, 2016

නොබෙල් සාම ත්‍යගය - 1908

නොබෙල් සාම ත්‍යගය සදහා 1908 වර්ෂයේදි පුද්ගලයින් දෙදෙනෙකු හට පුදනු ලැබුවා. ඔවුන් නම් Klas Pontus Arnoldson සහ Fredrik Bajer


01.Pontus Arnoldson

1844 ඔක්තොම්බර් 27 වෙනි දින ස්විඩන් හි ගෝතම්බර්ග් හි උපත ලදි.



1814 සිට 1905 දක්වා නොර්වේ හා ස්විඩන් රාජ්‍ය නිල වසයෙන් එක්සත්ව සිටි මෙම රටවල් දෙක අතර 1895 දී යුද්ධයක් ඇතිවිමේ පෙරනිමිති පහල විය. ස්විඩනය බලය පාවිච්චි කිරිම හේතුවෙන් නොර්වේ වෘත්තිය සමිති තුල සමානත්මතාවය ඉල්ලා සිටියේය. ඔහු අවි ආයුධ භාවිතයට විරුද්ධ වු අතර ස්විඩන් සාම ව්‍යපාරයට පුරොගාමියෙක් විය. මොහුගේ මේ සාමය වෙනුවෙන් කැපවිම නිසා නොබෙල් සාම ත්‍යගය හිමිවිය.

මොහු  ස්විඩන් සාමය හා බේරුම් ලිග් නිර්මාතෘ, ස්විඩන් පාර්ලිමෙන්තු මන්ත්‍රි හා ලේකකයෙකු ලෙස කටයුතු කර ඇත.

1916 පෙබරවාරි 20 සිවිඩනයේ ස්ටොක්හොල්ම් වලදි මෙම සාමකාමි මිනිසා ලොවට සමු දුන්නේය.

02.Fredrik Bajer

1837 අප්‍රේල් 21 ඩෙන්මාර්කයේ නෙස්ට්වඩ් හි දි උපත ලද මෙහු නිතිය, ජාත්‍යන්තර සාම කාර්යංශයේ ගරු සභාපති ලෙස හා ඩෙන්මාර්ක් පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙකු ලෙස ලෝක සාමය උදෙසා උදාර මෙහෙයක් සිදුකලේය.




1864 Dano-German යුද්දයේදි හමුදා නිළධාරියෙකු ලෙස කටයුතු කල මොහු පසුව යුදුධය ගැන කල කිරි හමුදාව ඇතහැර ගියේය. එතැන් පටන් ඔහු සාමය වෙනුවෙන් කැපවි කටයුතු කරේය.1891 දි ජාත්‍යන්තර සාම කාර්යංශය පිහිටුවිමට කටයුතු කර අතර, තම බිරිද වන  Mathilde Bajer සමග එක් වි ඩෙන්මාර්කයේ කාන්තා සංගමය පිහිටුවා ගන්නා ලද අතර මෙයින් සම අයිතින් හා ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කටයුතු කලේය.

මෙවන් උදාර මෙහෙයක් කළ මෙම මිනිසාට 1908 දි නොබෙල් සාම ත්‍යගය හිමි වු අතර 1922 ජනවාරි 22  ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හිදි මිය ගියේය.






0 comments:

Post a Comment