Tuesday, December 1, 2015

නොබෙල් සාම ත්‍යගය - 1902

දෙවන නොබෙල් ත්‍යග ප්‍රධානය 1902 වර්ෂයේදි පැවැත් විය. මෙම ත්‍යග ප්‍රධාණ උත්සවයේදීද දෙදෙනෙකු නොබෙල් සාම ත්‍යගය සදහා උරුම කම් කියනු ලැබිය.

01. Élie Ducommun

1833 පෙබරවාරි 13 වන දින ස්විස්ටර් ලන්තයේ ජිනිවා නුවර උපන් මොහු සිවිස්ටර් ලන්තයේ බර්න් හි පිහිටි Permanent International Peace Bureau ( ජාත්න්තර සාම කාර්යාංශය) ගරු ලේකම් හැටියට වැඩකටයුතු කරමින් උදාර මෙහෙවරක් සිදුකළාය.ඒ අතර ජාත්‍යන්තර සාම සම්මේලනය සඳහා වැඩසටහන් හා යොජනා ඉදිරිපත් කිරිම, සාමය මිතුරන් යන වැඩසටහන හා ලිපි ලේඛණ ප්‍රකාශයට පත්කිරිම දැක්විය හැකිය.මෙම හේතුවෙන් මොහු හට නොබෙල් සාම ත්‍යගයට උරුම කම් කියනු ලැබිය.
මෙම උදාර මිනිසා 1906 දෙසැම්බර් 07 වන දින මෙලොව හැර ගියේය.



02. Albert Gobat

1843 මැයි 21 වන දින ස්විස්ටර්ලන්තයේ ටර්මිලන් වල උපත ලද මොහු සිවිස්ටර් ලන්තයේ බර්න් හි පිහිටි Permanent International Peace Bureau ( ජාත්න්තර සාම කාර්යාංශය) ගරු ලේකම් හැටියට මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් හැටියට ලෝක සාමය උදෙසා සුවිශේෂ කාර්යභාරයක් සිදුකර ඇති අතර මෙම හේතුවෙන් 1902 දි මොහු හට නොබෙල් සාම ත්‍යගය හිමිවිය.
1914 මාර්තු 14 වන දින මෙම උදාර මිනිසා මෙලොව හැර ගියේය.


2 comments:

  1. වටිනා ලිපි පෙළක්....... අනික් කතා අතර මේ ගැනත් දිගට ම ලියමු.. ජයවේවා

    ReplyDelete