Wednesday, March 21, 2018

ගිතය ලියවුනේ මෙහෙමයි 14 - තනි තරුවේ...

මෙම ලිපිය කියවන්න කලින් ගිතය ලියවුනේ මෙහෙමයි 13 මෙතනින් ගිහින් කියවන්න.
ඔන්න ඉතින් යාළුවනේ මේ ඔයාල හොදට දන්න ගීතයක්.... ඒ වගේමයි මෙහි නිධාන කතාවත් හරිම ජනප්‍රියයි... ඒත් මට හිතුන මේ ගීතය නොදැම්මොත් ලොකු අඩුවක් කියල.... එනිසයි මේ විචාරය කරන්න කලාපනා කලේ....

තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...

මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ....

ගී පද - ප්‍රේමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය – වික්ටර් රත්නායක

ප්‍රේම කීර්ති මුහුදු වෙරලෙ හාන්සිවෙලා ඉදගෙන ”තනි තරුවේ” කියල කෑ ගැහුවලු. මේක අහගෙන හිටිය වික්ටර් කීවලු ”මචං... ප්‍රේම් අන්න එහෙම සින්දුවක් ලියපං... ” කියල....

මේකනේ ඉතින් අපි දන්න කතාව.... ඒත් ඇයි ප්‍රේම කීර්ති එහෙම කෑ ගැහුවෙ.... මොකද්ද මේ ගීතයෙන් කෑ ගහල අපිට කියන්න උත්සාහ කරන්න හදන්නෙ කියල අපි ටිකක් අධ්‍යනය කරල බලමු....

තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

අහසෙ තරුවක් තියෙනව... එසේ මෙසේ තරුවක් නෙමෙයි තනිවෙච්චි තරවුක්.... මම මහපොළවෙ.... තරවෙ ඔයා අහසෙ ඉන්න ... මම පොළවෙ මෙතැන ඉන්නම්... ඔයත් තනිවෙලා... මමත් තනිවෙලා.... අපි අපි දෙස බලාගෙන ඉන්නවා... දුරස් වී එකිනෙකා දෙස බලා ඉන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද?

තව දුරටත් මේ ගීතය අපේ හදවත් තුලට දැනෙන්න නම් කවුද මේ තනි තරුව කියන එක අපි දැනගත යුතුමයි ...... මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා තරුවකි. ඔහුට ආදරය කළ තරුවක්. ජීවන ගමන්මඟ එළිය කළ තරුවක්. තනි නොවී සිටි තරුවක්. එහෙත් දැන් තනි තරුවක්.... වෙනකෙකු නොව ඔහුගේ බිරිදමයි මේ තනි තරුව.......

මගේ නෙත් ඔයාගෙ නෙත් වල කෙතරම් නම් රැ දෙන්න ඇද්ද.... අපි දෙදෙන කෙතරම් ප්‍රේමයෙන් වෙලෙන්න ඇද්ද.... කෙතරම් ආදරෙන් ඉන්න ඇද්ද.... ජීවිතේ දුක් කරදර ජයගෙන සන්තෝෂය විදගෙන අපි දෙදෙන ආදරෙන් මෙතෙක් දුරක් ඇවිත්.... දෙපැත්තට වෙලා තනිවුනා......

”නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ.....

මගේ ලග ඉන්න බෑ කියල දුක්වෙවී ඉදල, ලතවෙවී ඉදල ඇති හොදටෝම ඇති කියල ඔයා යන්න ගියා... යන්න ගියා විතරක් නෙමෙයි ඔයා දැන් සැනසීමකුත් ලබල ඒකෙන්....ඔයා සැනසීම තොසාගෙන ගිය තැන සැනසීම තියෙනවනේ.... ඒ ඇති මට, හොදටෝම ඇති... කොහේ හිටියත් ඔයා සන්තෝසෙන් ඉන්නවනම් මට හොදටම ඇති. මම ප්‍රාර්ථනා කරන්නෙත් එපමණයි...ඉතින් ඔයා එහෙනම් ඔතන ඉන්න.... මම මෙහෙට වෙලා ඉන්නම්.....

”මහද අරණෙ ළතැවි ළතැවි
රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ”

මේ ගීතය පුරාවටම තමා අතහැර ගිය බිරිද දෙස උපේක්ෂාවෙන් බැලීමක් තමා කරන්නෙ.... මගේ ලග ආදරෙන් ඉදල .... මේ ජීවිතේ අපි එකට ගොඩාක් දුර පියමං කරගෙන අපි ආව... ඒත් හදිස්සියෙ ඔයාට මගේ අඩු පාඩු පේන්න ගත්ත... මම හොදනැති උනා... මාව එපා උනා... එපා වුන මගේ ලග ඉන්න බෑ, මගේ ලග ඔබට සැනසීමක් නෑ කියල ඔයා ගියා යන්න සැනසීමක් තියෙන තැනක් හොයාගෙන. ඔයා දැන් එතන ඉන්නව ... අනේ මේ මම තාමත් ඒ හිටපු තැනමයි.... ඔයා හොදින් ඔතැනට වෙලා ඉන්න සොදුරියෙ... මම මට පුළුවන් විදියට මෙහෙට වෙලා ඉන්නම්....

එදා ප්‍රේම කීර්ති ”තනි තරුවේ” කියල කෑ ගහුවේ... හිතේ තියෙන වේදනාවට තමන්ගෙ බිරිද සිහිවුනාම දරාගන්න බැරි දුකට .... කොච්චර පවුද.... තමන්ගෙ බිරිදගෙ නම කියල කෑ ගහන්න බැරි කමට තනි තරුවේ කියල කෑ ගහනවා.... එවෙලේ ”තනි තරුවේ” කියලා කෑ ගහපු තාලයම තමා මේ ගීතයේ තියෙන්නෙත්..... ආදරේ, විරහව මහ පුදුමාකාරයි.....

උපුටා ගැනීම www.elakiri.com

0 comments:

Post a Comment