Monday, September 28, 2015

ලෝක උරුම - 01

අපි අද අළුත් වැඩකට අතගහන්න පටන් ගන්නේ. මේ දවස් කිහිපයේම අළුත් ආරක ලිපි පළ කිරිම ආරම්භ කළ අපි අද ඉදන් පටන් ගන්නේ ලෝක උරුම ගැන ලිපි පෙළක් ඉදිරිපත් කරන්න.යුනෙස්කො සංවිධානය මගින් නම් කර ඇති මේ ලොක උරුමයන් අතිතයෙන් අපිට උරුම වු අතර එය අනාගතය දක්වා රැක ගත යුතු වේ.

එක්සත් ජාතීන්ගේ අධ්‍යපනික, විද්යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) මනුෂ්ය වර්ගයාට කැපී පෙනෙන වටිනාකමක් ලෙස සලකනු ලොව පුරා ඇති ස්වභාවික සහ සංස්කෘතික උරුමය හඳුනා ගැනීම, ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරිම සදහා දිරිමත් කිරීමට උත්සාහ කරයි. 1972 දී යුනෙස්කෝ සංවිධානය මගින් සම්මත කරන ලද ලෝක සංස්කෘතික හා ස්වභාවික උරුමය, සුරැකීමේ  සම්මුතිය මගින් මෙය ආරම්භ විය.

මෙහි කාර්ය භාරය

  • ලෝක උරුම සම්මුතිය අත්සන් කිරීමට හා ඔවුන්ගේ ස්වභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම තහවුරු කිරීම සඳහා රටවල් දිරිමත් කිරිම.
  • ලෝක උරුම ස්ථාන නාමාවලියෙහි ඇති ඇතුළත් කිරීම 
  • ලෝක උරුම ස්ථාන කළමනාකරණ සැලසුම් ස්ථාපිත කිරීමට රාජ්‍යයන් උනන්දු කිරිම.
  •  තාක්ෂණික සහාය සහ වෘත්තීය පුහුණුව ලබාදීම මගින් ලෝක උරුම ආරක්ෂා කිරිම
  •  අනතුරේ ඇති ලෝක උරුම ස්ථාන සඳහා හදිසි ආධාර සැපයීම
  • ලෝක උරුම සංරක්ෂණය සඳහා අදාල රටේ මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
  • ඔවුන්ගේ ස්වභාවික සහ සංස්කෘතික උරුමය ආරක්ෂා කර ගැනීම සඳහා දේශීය ජනයාගේ සහභාගීත්වය උනන්දුකරවිම.
  • අපේ ලෝකයේ ස්වභාවික සහ සංස්කෘතික උරුමය සංරක්ෂණය ජාත්‍යන්තර සහයෝගය උනන්දු කිරිම.
මෙවැනි අරමුනු අරභයා යුනෙස්කෝ සංවිධානය මගින් ලොව පුරා ලොක උරුම ස්ථාන නම් කිරිම සිදු කරන අතර අපි ඉදිරියේදි බලාපොරොත්තු වනවා ලොව ඇති සෑම රටකම (ඇෆ්ගනිස්ථානයන් පටන් ගෙන සිම්බාබ්වේන් ඉවර වන සේ A to Z ) ඇති ලොක උරුම පිළිබද විස්තර ඔබ වෙත ගෙන එන්න..
අපිත් සමග දිගටම රැදි ඉන්න ලොක උරුම පිළිබද දැනුවත් වෙන්න.


එහෙනම් ඔයාලට සුභ දවසක්..වැඩේ ගුන ගුන දොස් තියෙනවානම් කියන්න...

1 comments: