අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Saturday, May 20, 2017

ලෝක උරුම 18- ආර්ජන්ටිනාව (Cueva de las Manos, Río Pinturas)

අවුරුදු 9500 ත් 13000 ත් පමණ පැරණි මෙම සුවිශේෂි ලෙන් චිත්‍ර ආජන්ටිනාවෙන් ලොවට උරුම වන සංස්කෘතික උරුමයක් වේ.






Thursday, May 18, 2017

ලෝක උරුම 17- ආර්ජන්ටිනාව (Iguazu ජාතික උද්‍යනය)

ලෝක උරුමයන් පිළිබදව සොයා යන ගමනේදී අපට ආජන්ටිනාව තුල හමුවන මිලග උරුමය ලෙස Iguazu ජාතික උද්‍යනය හැදින්විය හැකිය.

බ්රසීලය හා ආජන්ටිනාවට මායිම්ව උස මිටර් 80 ක් හා පළල මිටර 2700 ක් වු දියඇල්ල මෙහි ඇති සුවිශේෂි අංගයක් වන අතර, මෙය ලොව ඇති දර්ශණිය දිය ඇලි වලින් එකක් වේ.

උප නිවර්තන වැසි වනාන්තරයක් වන මෙහි ශාක වර්ග 2000ක් පමණ ඇති අතර වනජිවින් විශාල ප්‍රමාණයකට නිවස්නය වී ඇත. එබැවින් මෙම වනඋද්‍යානය ආජන්ටිනාවෙන් ලොවට උරුම වු පාරිසරික උරුමයක් වේ.



















Sunday, February 12, 2017

නොබෙල් සාම ත්‍යාගය 1919

නොබෙල් සාම ත්‍යාගය 1918 වර්ෂයේදී ලබා නොදුන් අතර 1917 වසරට පසු මෙම ත්‍යාගය ලබා දෙන ලද්දේ 1919 වසරේදීය.

1919 වසරේදී මෙම ත්‍යාගය සදහා හිමිකම් කියන ලද්දේ තෝමස් වුඩ්රෝ විල්සන් මහතා විසිනි. ඔහු හට මෙම ත්‍යාගය 1920 වසරේදී ලබාදෙන ලදී.


1856 වර්ෂයේ දෙසැම්බර් 28 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ Staunton හීදී උපත ලද මොහු ජාතින්ගේ සංගමයේ නිර්මාතෘ ලෙස හා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයේ කටයුතු කරමින් ලෝක සාමය උදෙසා සිදුකළ මෙහෙය වෙනුවෙන් මෙම ත්‍යාගයෙන් පිදුම් ලබන ලදී.

පළමු ලෝක යුද්ධයෙන් මිලියන ගණනක් ජනයා මියයාමෙන් පසු ලෝක සාමය සහතික කිරිම උදෙසා උදාර මෙහෙයක් මොහු විසින් ගන්නා ලදී.

මෙම උදාර මිනිසා 1924 වර්ෂයේ පෙබරවාරි 03 වැනි දින වෙෂින්ටන් හීදී මෙලොවට සමුදෙන ලදී.

නොබෙල් සාම ත්‍යාගය 1917

Saturday, January 21, 2017

නොබෙල් සාම ත්‍යාගය - 1917

1917 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගය සදහා හිමිකම් කියන ලද්දේ අන්තර්ජාතික රතු කුරුස කමිටුව වේ.
Comité international de la Croix Rouge (International Committee of the Red Cross).

1917 දෙසැම්බර් 10 දින  ඔස්ලෝ නුවරදි මෙම ත්‍යාගය ප්‍රධානය කල අතර, 1863 දී ජිනිවා නුවරදී පිහිටුවන ලද රතුකුරුස සමාජය මගින් ලෝකයේ විවිධ රටවල සිදුවන යුධමය අවස්ථාවලදි තුවල ලබන සොල්දාදුවන් හි අසරණ මහජනතාවට ප්‍රතිකාර කරමින් හා රොහල් අතිකරමින් මෙන්ම ගිලන්රථ සේවාවන් පවත්වාගෙන යමින් සිදුකරන ලද මෙහය උදෙසා මෙම ත්‍යාගය හිමිවිය.

නොබෙල් සාම ත්‍යාගය - 1919
නොබෙල් සාම ත්‍යාගය - 1914-1916

Sunday, December 11, 2016

යකා මල

මොකක්ද මේ යකා මල... දැකල තියෙනවද යකා මල.. යකෙක් වගේ තියෙන යකා මල බලන්න

Sunday, December 4, 2016

EBATES එකෙන් චෙක් එකක් ගෙදරටම එව්වා- අන්තර්ජාලයෙන් මුදල් හොයමු

Ebay එකෙන් බඩු ගෙන්නනවාද? 5% ක වට්ටමක් ගන්න හැටි දන්නවාද?
මේ ගැන මම කලින් ලිපියකින් ලිව්වා කට්ටියට මතක ඇති.

අද කියන්න යන්නේ මේ ක්‍රමය මගින් මට සල්ලි චෙක් එකකින් ගෙදෙරටම එවල තිබුන එක ගැන.

කලින් ලිපිය කියව්වේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න..මේ වැඩේ කොහොමද කරන්නේ කියල ඒ ලිපියේ හොදට තේරුම් කරල තියෙනවා.

මෙන්න බලන්න මෙම ක්‍රමය මගින් මට එවල තියෙන චෙක් එක.


මේකදි සල්ලි හෙයන්න Ebay එකෙන් බඩු ගෙන්විමම අවශ්‍ය වන්නේ නෑ.. ඔයාල මෙතනින් ගිහින් EBATES සයිට් එකේ රෙජිස්ටර් වෙලා Ebay එකෙන් ඩොලර් 10 ක බඩු ගෙනාවට පස්සේ ඔයාලට ඩොලර් 10 ක බෝනස් එකක් ලැබෙනවා..ඊට පස්සේ ඔයාගේ එකවුන්ට් එක හරහා තව 03 දෙනෙක් රෙජිස්ටර් වුනොත් ඔයාට ඩොලර් 75 ක් ලැබෙනවා.

මේ සල්ලි ඔයාලට පේපෑල් එකට හරි චෙක් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.

වැඩේ තේරුනේ නැත්නම් කොමෙන්ට් එකක් දාල අහන්න..

Wednesday, November 30, 2016

ලංකාවේ ප්‍රථම ජනසතු බස් රථය

ලංකාවේ ප්‍රථම ජනසතු බස් රථය



Sunday, August 7, 2016

ලෝක උරුම 16 - ආර්ජන්ටිනාව (Jesuit Missions of the Guaranis)

ආර්ජන්ටිනාවේදි හමුවන ලෙවන ලෝක  උරුමය ලෙස මෙය හැදින්විය හැකිය. සංස්කෘතික උරුමයක් වන මෙහි San Ignacio Mini, Santa Ana, Nuestra Señora de Loreto සහ  Santa Maria Mayor කෞතුක වස්තුන් ඇත.

17-18 වන සියවස්වල ගොඩනගන ලද මෙහි ඉතා ආකර්ශණිය කලාපයක් වේ.
















Saturday, August 6, 2016

නොබෙල් සාම ත්‍යාගය - 1914 සිට 1916

1914, 1915,1916 යන වසර තුන සදහා නොබෙල් සාම ත්‍යගය පිරිනැමීම සිදුකිරිමක් සිදුවි නොමැති අතර, මෙම වසරවල ත්‍යග මුදල් නොබෙල් ත්‍යාග සදහා වන විශේෂ අරමුදලක තැම්පත් කරන ලදී.

නොබෙල් සාම ත්‍යාගය - 1913

1913 වසරේදී නෙබෙල් සාම ත්‍යාගය හෙන්රි ලා ජස්ට් හට හිමි විය.

1854 අප්‍රේල් 22 වෙනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදි උපත ලද මොහු ස්විස්ටර්ලන්තයේ බර්න් හි පිහිටි ස්ථිර ජාත්යන්තර සාම කාර්යාංශයේ සභාපති ලෙස හා බෙල්ජියමේ පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙකු ලෙස ලොක සාමය උදේසා මහගු මෙහෙවරක් සිදුකරන ලදී.

හෙන්රි ලා ජස්ට් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් පළමු සමාජවාදී ක්‍රියාකාරියා වේ. නිතිය පිළිබද ආචාර්ය උපාධියක් හිමි ඔහු බෙල්ජියම් පාර්ලිමේන්තුව තුල සමාජවාදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට උත්සහ කරන ලදී.

1913 වසරේ ඔහුට නෙබෙල් සාම ත්‍යගය පිරිනමන විට ඔහු යුරෝපිය සාම ව්‍යාපාරයේ ඵලදායිම නායකයා විය.

1943 මැයි 14 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී මෙම මානව හිතවාදියා මෙලොවට සමු දුන්නේය.