Wednesday, September 30, 2015

ලොව පොඩිම - පළමු දිගහැරුම

අපි අපේ බ්ලොග් එකට අලුත් මාන වලින් ලිපි ඉදිරිපත් කරිම සදහා කටයුතු කරන අතර. මිට පෙර අපි අළුතින් ආරම්භ කරන ලද ලෝකේ ලොකුම ලිපි පෙල වගේ ලෝකේ කුඩාම දේවල් ගැන ලිපි පෙලක් සම්පාදනය කිරිමට කටයුතු ආරම්භ කිරිමට සිතුනා. ඔබේ දැනුම වැඩි කර ගන්න මෙය උපකාරි වනවානම් එය අපේ සතුටක් වනවා...ඒ ගැන ඔබේ අදහස් අපි බලා පොරොත්තු වනවා.
 01. ලොව කුඩාම අලි (විශේෂ) - බෝර්නියෝ පිග්මි


02.අඩුම ජනගහනය සිටින රට - වතිකානු නගරය (ශුද්ධාසනය) 2007 වසරේ දී 821 වැසියන් සමඟ ලොව ඕනෑම රටකට කුඩාම ජනගහනය ලෙස සළකනු ඇත.

03.ලොව කුඩාම සුනඛ වර්ගය - 4 හැවිරිදි Bebe (ඇමරිකා එක්සත් ජනපදය), 17.14 සෙ.මී. දිග, උස 24,13 සෙ.මී.

04. ලොව කුඩාම රට -  වතිකානුව
05.බිම් බෝම්බ සොයා බැලීමට භාවිතාකරන කුඩාම සත්වයා- මී මැස්සා

06.උසින් අඩුම කාන්තාව - ජීවත්වන
     ජීවත් වන උසින් අඩුම කාන්තාව  දෙසැම්බර් 1993 දෙසැම්බර් 16  උපත ලැබු ඉන්දියාවේ නාග්පූර්හි ජිවත් වන ජ්යොති අමාගිවේ උස 62.8 සෙ.මී.

07.කොටම ගවයා
ඉංදියාවේ කේරලයේ Ashkay ට අයත් Manikyam ගවයා වේ. මෙම ගවයාගේ උස සෙන්ටිමිටර  61.1

08.කොටම මිනිසා
කොටම මිනිසා වන්නේ නේපාලයේ කත්මණ්ඩු වල සිටින චන්ද්රා බහදූර් ය. උස සෙන්ටිමිටර 54.6 ක් වේ.

09.මෙතෙක් උසින් අඩුම කාන්තාව
 මෙතෙක් ජිවත් වු කොටම කාන්තාව ලෙස නෙදර්ලන්තයේ විසු පොලින් හැදින්විය හැක. ඇයගේ උස සෙන්ටිමිටර 61ක් වේ. ඇය 1876.පෙබරවාරි 26 උපත ලබා 1895 මාර්තු 01 මියගොස් ඇත.

10. කෙටිම කොටළුවා (බුරුවා)
 උස අනුව කොටම බුරුවා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා වල සිටින KneeHi වේ. උස සෙන්ටිමිටර 64.2 ක් වේ.


මිලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න. ඔබගේ අදහස් අපි බලාපොරොත්තු වෙමු.


2 comments:

  1. මැක්සා වැඩක් මචං.අද ආවෙ මෙ පැත්තට.ලස්සනයි.ආයෙත් එන්නමි.වෙලාවක් තිබනොත් ඇවිත් යන්න එන්න ඒ පැත්තට
    අද ආවෙ මෙ පැත්තට.
    http://aseniwesi.blogspot.com

    ReplyDelete
  2. මැක්සා වැඩක් මචං.අද ආවෙ මෙ පැත්තට.ලස්සනයි.ආයෙත් එන්නමි.
    වෙලාවක් තිබනොත් ඇවිත් යන්න එන්න ඒ පැත්තට
    http://aseniwesi.blogspot.com

    ReplyDelete