Saturday, January 23, 2016

ලොව පළමුවරට - 01

අද ඉදල අළුත් ලිපි පෙලක් ඔබ හමුවට ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා. මෙය නම් කරන්නේ ලොව පළමු වරට යනුවෙන්.එනම් යම් සොයා ගැණිමක්, යම් ක්‍රියාවක් පළමු වරට සිදුකරන ලද්දේ කවුරුන්ද  යන්න සොයා බැලිමයි.
 ඉතින් අපේ ලිපි පෙල සමග දිගටම රැදි සිටින්න.ලිපි පෙලෙහි ගුණ දොස් නිරතුරව කියා අපිව දිරිමත් කරන්න.
ලිපි පළක සැනින් ඔබ වෙත ලබා ගැනිමට


හරි එහෙනම් ලොව පළමු වරට ලිපි පෙලේ පළමු දිගහැරිම මේසේ ඉදිරිපත් කරන්නම්.

01. පළමු වරට එකම ඔලිම්පික් ගම්මානයක දෙවරක් ඔලිම්පික් තරගවලිය පැවති ඔලිම්පික් නගරය

ප්‍රංශයේ පැරිස් ඔලිම්පික් ගම්මානයේ 1900 වසරේදි හා 1924දි ඔලිම්පික් තරගවලිය පවත්වා පථම වරට දෙවරක් ඔලිම්පියක් තරගාවලිය පැවති නගරය බවට පත් විය.

02.ඔලිම්පික් තරගාවලිය ප්‍රථම රෑපවාහිනි විකාශය

1936 ජර්මනියේ බර්ලින් වල පැවති ඔලිම්පික් තරගාවලිය ප්‍රථම රෑපවාහිනිය මගින් විකාශණය කරන ලද ඔලිම්පික් තරගාවලිය වේ.

03. අපරාධ විමර්ශණය සදහා ප්‍රථම ඇගිලි සළකුණු භාවිතය
1979 පෙබරවාරි 01 වනදා ඇමරිකන් ජාතික ස්ටීවන් විලියම් බෙට්ටි ගේ ඇගලි සළකුණු ඇසුරෙන් විමර්ශණය සිදු කිරිම.

04. සැතපුම් හතරක දුරක් විනාඩි හතරකට අඩු කාලයකින් ධාවනය කළ පළමු පුද්ගලයා.

1954 මැයි 06 වැනිදා එක්සත්ජනපදයේ රොජර් බැනිස්ටර් සැතපුම් හතරක දුරක් විනාඩි හතරකට අඩු කාලයකින් ධාවනය කළ පළමු පුද්ගලයා වේ.


05. ගිම්හාන පැරා ඔලිම්පික් තරගාවලිය ප්‍රථම රෑපවාහිනි විකාශය
1976  කැනඩාවේ ටොරන්ටො වල පැවති පැරා ඔලිම්පික් තරගාවලිය ප්‍රථම වරට රෑපවාහිනියේ විකාශණය කරන ලදි.

06. අභ්‍යවකාශයේදි රූගත කරන ලද පළමු සංගීත වීඩියෝව
2013 මැයි 13 කැනඩාවේ ක්රිස් HADFIELD විසින් රෑ ගතකරන ලද සංගිත විඩියෝව ප්‍රථම අභ්‍යවකාශයේදි රූගත කරන ලද පළමු සංගීත වීඩියෝව වේ.

07. උත්තර ධ්රැවයේ පළමු ශීත ගවේෂණය
2017.12.22 MATVEY SHPARO, BORIS SMOLIN විසින් සිදුකරණ ලද ගවේශණය ප්‍රථම උත්තරත් ධ්රවයේ ගවේශණය වේ.

08.ලොව පළමු selfie
1839 .10.01 දින එක්සත් ජනපදයේ රොබට් කොර්නේලියස් විසින් ගත් සෙල්ෆි ඡායා රෑපය ලොව පළමු සෙලිෆිය වේ.

09.ලොව පළමු පාපැදිය
එක්සත් ජනපදයේ KIRKPATRICK MACMILLAN විසින් 1839-1940 වර්ෂවල නිපදවු පාපැදිය ලොව ප්‍රථම පාපැදිය වේ.

10.   FIFA ලෝක කුසලාන එකිනෙකාට එරෙහිව ක්‍රිඩා කළ පළමු සහෝදරයන් දෙදෙනා
2010 ජුනි 23 දින දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදි පැවති FIFA ලෝක කුසලාන පාපන්දු තරගයේ ගහානා රාජ්‍යය නියොජනය කරමින් Kevin-Prince Boateng හා ජර්මනිය නියොජනය කරමින් Jerome Boateng යන දෙසොහොයුරන් එකිනෙකාට එරෙහිව ක්‍රිඩාකරමින් FIFA ලෝක කුසලාන එකිනෙකාට එරෙහිව ක්‍රිඩා කළ පළමු සහෝදරයන් දෙදෙනා බවට පත්විය.

1 comments: