අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Tuesday, July 12, 2016

නොබෙල් සාම ත්‍යාගය 1907

1907 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යගය සදහා පුද්ගලයින් දෙදෙනෙකු හට හිමි විය.

ඔවුන් නම් Ernesto Teodoro Moneta හා Louis Renault වේ.

01.Ernesto Teodoro Moneta


1833 සැප්තැම්බර් 20 වෙනි දින ඉතාලියේ මිලානෝ හි ( අතිතයේ ඔස්ට්‍රියන් අධිරාජ්‍යය) උපත ලද අර්නස්ට්‍රෝ ටියෝඩ්‍රෝ මෝනේටෝ Lombard League of Peace හි සභාපති ලෙස කටයුතු කරන ලදී. වයස අවුරැදු 15 පමන වන විට මොහුට යුධ අත්දැකිම් ලැබුනා. ඔහුගේ පියා, සහොදරයින් හා එක්ව මිලානෝ නගරය නිදහස් කිරිමට විදී සටන් කිරිමට සිදුවුනා. මෙම අත්දැකිම තුලින්ඔහු සිතුවා යුද්ධය සහ මානව ඝාතනය වැළැක්වීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ බව.මොහු ලද හමුදා පුහුනුව අවසන් වු පසු හමුදාව අතහැර මාධ්‍යෙව්දියෙකු ලෙස කටයුතු කිරිම අරභන ලදි. 1867 සිට ඔහු daily paper Il Secolo පුවත්පතෙහි සංස්කරණය කරන ලදි. ඔහුගේ ලිපි ජනතාව අතර සහොදරත්ව හැගිම් වර්ධනය කිරිමට පිටුවහලක් විය.

1918 පෙබරවාරි 10 වෙනි දින ඉතාලියේ මිලානෝ හිදි මෙම උදාර මිනිසා මෙලොව හැර ගියේය.


02.  Louis Renault

1843 මැයි 21 ප්‍රංශයේ Autun හි උපත ලද නීතිඥ ලුවී රෙනෝල්ට් හට සාමය සදහා ජාත්‍යන්තර නිතිය ශක්තිමත් කිරිමට හැකිවිය.

ඔහු Dijon හා පැරීසියේ විශ්ව විද්යාලවල උගන්වන ලද අතර 75 වියේදී ඔහුගේ අවසන් දේශණය කරන ලද්දේ ඔහුගේ මරණයට දින දෙකකට පෙරය.
එමෙන්ම ජාත්‍යන්තර නිතිය හා විදේශ ප්‍රතිපත්ති පිළිබද ප්‍රංශයේ උපදේශකද විය.
ලෝක සාමය වෙනුවෙන් ඔහු කරන ලද සේවය වෙනුවෙන්  මෙම සම්මානය හිමි විය.
1918 පෙබරවාරි 08 වෙනි දින ප්‍රංශයේ බ්‍රිස්බ්‍රෙන් වලදි ඔහු තම ජිවිතයට සමු දුන්නේය.


Sunday, July 10, 2016

Ebay එකෙන් බඩු ගෙන්නනවාද? 5% ක වට්ටමක් ගන්න හැටි දන්නවාද?

අද වෙනස් විදිහක ලිපියක් ලියන්න හිතුවා. ඔයාල Ebay එකෙන් බඩු ගෙන්නනවා ඇති. නමුත් ඒ ගෙන්නන හැම බඩුවකටම 5% හෝ ඊට වැඩි වට්ටමක් ගන්න පුලුවන් කිව්වොත් පුදුම වෙයි නේද?. ඔව් දැන් එහෙම වට්ටමක් ගන්න පුලුවන්. 
කරන්න තියෙන්නේ මෙහෙමයි මෙතනින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න‍

මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන ඔයාලට $5 කුත් හම්බවෙනවා.
රෙජිස්ටර් උනාට පස්සේ ඔයාල භාවිතා කරන්නේ Google crome නම් සයිට් එකේ යටින් වැටෙනවා set extension කියලා..එතකොට extension හදාගන්න..ඊට පස්සේ Ebay එකෙන් බඩු ගන්න යනකොට පහත රෑපය ආකාරයට site එකේ උඩින් පෙනෙයි.

එතකෙට මෙහි Activate තැන click කරලා ඇක්ටිව් කරගෙන අවශ්‍ය දේවල් මිලදි ගන්න.. දවස් දෙකකකට විතර පස්සේ ඔයාලගේ එකවුන්ට් එකට ගත්ත භාණ්ඩයේ මිලෙන් 5%ක් ඇවිත් තියෙයි.

මේ විදිහට කරන්න තේරුනේ නැත්නම් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා Site එකේ උඩ තියෙන සර්ච් කරන තැන Ebay කියල type කරලා ඊබේ සයිට් එකට ගිහින් අවශ්‍ය දේවල් ගන්න. එහෙම කරත් වට්ටම ලැබෙනවා.

මේක උත්සහ කරල බලන්නකෝ..අපි හැමෝම බලන්නේ කියක් හරි අඩුවෙන් තියෙනවානම් ඒ දේ ගන්නනේ. ජය වේවා...

Sunday, June 26, 2016

මේ කථා අහල තියෙනවාද? 19 වන දිගහැරුම.

181. සාමාන්‍ය ඇදක දුවිලි අංශු බිලියන 6 කට වඩා ඇත.

182. බකිම්හැම් මාලිගයේ කාමර 600 කටත් වඩා තියෙනවා.


183. අභ්‍යවකාශය තුල කිසිම ශබ්දයක් ඇසෙන්නේ නෑ.

184.මොළය මධ්‍යසාරවලට ප්‍රතිචාර දක්වන්න ගතවන්නේ විනාඩි 06 ක පමණ කාලයකි.

185. ඔලිම්පික් රන් පදක්කම සැබැවිම්ම 92.5% කි රිදිය.

186. සෑම තත්පරයකම අපගේ සිරුරේ  සෛල මිලියන 25ක් නිපදවේ.

187. ලොව ජනගහනයෙන් මිලියන 785කට සාක්ෂරතාවයක් නොමැත.

188. ලොව දරුණුතම රිය අනතුරු වන්නේ සෙනසුරාදා දිනවලය.

189. සාමාන්‍ය කිකිලියක් වසරකට බිත්තර 228ක් දමයි.

190. අයිෆල් කුළුනේ රිවට් ඇන 2,50,0000 ක් ඇත.

Saturday, June 25, 2016

ලෝක උරුම 11 - ඇල්ජිරියාව (Tipaza)

ලෝක උරුම ගැන ලිපි ඉදිරිපත් කිරිම ජනවාරි මාසයෙන් පසු ලියන මුල්ම ලිපිය තමයි මේ.
අපි ආපු ගමන්මග දෙස ආපසු හැරි බලමු.ලෝකඋරුම ගැන ලියන 11 වන ලිපිය මෙය වන අතර, ඇල්ජිරියාවට අමතරව තව රටවල් දෙකක ලෝක උරුම ගැන ලිපි ඉදිරිපත් කර ඇත.
ඇල්ජිරියාවේ  හය වන නවාතැන Tipaza වේ.

මෙය මධ්යධරණී ප්රදේශයේ වෙරළ තීරය මත පිහිටා ඇති Tipasa, රොමය විසින් මොරිටානියා රාජ්ජයය යටත් කර ගැණිමට උපාය මාර්ගික ස්ථානයක් විය. මෙය විශිෂ්ඨ රාජකීය කෞතුකාගාරයක් වේ.












Saturday, May 14, 2016

නොබෙල් සාම ත්‍යගය 1906

ගොඩ කාලෙකට පස්සේ නැවත ලිපි ලියන්න පටන්ගන්න හිතුව.සියලුම ලිපි නවත්තපු තැන ඉදල ආයෙමත් පටන් ගන්න යන්නේ.මුලින්ම නොබෙල් සාම ත්‍යගය පිළිබද ලිපි පෙල නැවත ලියන්න පටන් ගන්න යන්නේ.
අපි ගියවර නොබෙල් සාම ත්‍යගය පිළිබද 1905 වර්ෂය දක්වා ලිපි ඉදිරිපත් කරනු ලැබුවා. අවසන් ලිපිය මෙතනින් ගිහින් බලන්න.

1905 වර්ෂයට පසුව නොබෙල් සාම ත්‍යගය පිරිනමන ලද්දේ 1906 වර්ෂයේය.
එයට හිමිකම් කියනු ලැබුවේ තියඩෝර් රූස්වෙල්ට් ය.

අමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් හි 1858 ඔක්තොම්බර් 27 වෙනි දින උපත ලද තියඩෝර් රූස්වෙල්ට් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස කටයුතු කරමින් 1904-1905 දි රුසියානු - ජපාන යුද්ධයේදී නතර කිරිම සදහා සාම සාකච්ඡා පැවැත්විමට කටයුතු කිරිම නිසා මෙම නොබෙල් ත්‍යගය සදහා හිමිකම් කියනු ලැබිය.
එමෙන්ම ඔහුගේ සාම ව්‍යපාරය මගින් ලබා දුන් නිර්දේශයක් මත මෙක්සිකොව සමග ඇති වු ආරවුලක් සමථයකට පත් කරගැණිමට හැකි වුනි.

මෙම උදාර මිනිසා 1919 ජනවාරි 6 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ Oyster Bay හිදි තම අවසන් හුස්ම හෙලිය.



Saturday, January 23, 2016

ලොව පළමුවරට - 01

අද ඉදල අළුත් ලිපි පෙලක් ඔබ හමුවට ගෙන ඒමට අප බලාපොරොත්තු වනවා. මෙය නම් කරන්නේ ලොව පළමු වරට යනුවෙන්.එනම් යම් සොයා ගැණිමක්, යම් ක්‍රියාවක් පළමු වරට සිදුකරන ලද්දේ කවුරුන්ද  යන්න සොයා බැලිමයි.
 ඉතින් අපේ ලිපි පෙල සමග දිගටම රැදි සිටින්න.ලිපි පෙලෙහි ගුණ දොස් නිරතුරව කියා අපිව දිරිමත් කරන්න.
ලිපි පළක සැනින් ඔබ වෙත ලබා ගැනිමට


හරි එහෙනම් ලොව පළමු වරට ලිපි පෙලේ පළමු දිගහැරිම මේසේ ඉදිරිපත් කරන්නම්.

01. පළමු වරට එකම ඔලිම්පික් ගම්මානයක දෙවරක් ඔලිම්පික් තරගවලිය පැවති ඔලිම්පික් නගරය

ප්‍රංශයේ පැරිස් ඔලිම්පික් ගම්මානයේ 1900 වසරේදි හා 1924දි ඔලිම්පික් තරගවලිය පවත්වා පථම වරට දෙවරක් ඔලිම්පියක් තරගාවලිය පැවති නගරය බවට පත් විය.

02.ඔලිම්පික් තරගාවලිය ප්‍රථම රෑපවාහිනි විකාශය

1936 ජර්මනියේ බර්ලින් වල පැවති ඔලිම්පික් තරගාවලිය ප්‍රථම රෑපවාහිනිය මගින් විකාශණය කරන ලද ඔලිම්පික් තරගාවලිය වේ.

03. අපරාධ විමර්ශණය සදහා ප්‍රථම ඇගිලි සළකුණු භාවිතය
1979 පෙබරවාරි 01 වනදා ඇමරිකන් ජාතික ස්ටීවන් විලියම් බෙට්ටි ගේ ඇගලි සළකුණු ඇසුරෙන් විමර්ශණය සිදු කිරිම.

04. සැතපුම් හතරක දුරක් විනාඩි හතරකට අඩු කාලයකින් ධාවනය කළ පළමු පුද්ගලයා.

1954 මැයි 06 වැනිදා එක්සත්ජනපදයේ රොජර් බැනිස්ටර් සැතපුම් හතරක දුරක් විනාඩි හතරකට අඩු කාලයකින් ධාවනය කළ පළමු පුද්ගලයා වේ.


05. ගිම්හාන පැරා ඔලිම්පික් තරගාවලිය ප්‍රථම රෑපවාහිනි විකාශය
1976  කැනඩාවේ ටොරන්ටො වල පැවති පැරා ඔලිම්පික් තරගාවලිය ප්‍රථම වරට රෑපවාහිනියේ විකාශණය කරන ලදි.

06. අභ්‍යවකාශයේදි රූගත කරන ලද පළමු සංගීත වීඩියෝව
2013 මැයි 13 කැනඩාවේ ක්රිස් HADFIELD විසින් රෑ ගතකරන ලද සංගිත විඩියෝව ප්‍රථම අභ්‍යවකාශයේදි රූගත කරන ලද පළමු සංගීත වීඩියෝව වේ.

07. උත්තර ධ්රැවයේ පළමු ශීත ගවේෂණය
2017.12.22 MATVEY SHPARO, BORIS SMOLIN විසින් සිදුකරණ ලද ගවේශණය ප්‍රථම උත්තරත් ධ්රවයේ ගවේශණය වේ.

08.ලොව පළමු selfie
1839 .10.01 දින එක්සත් ජනපදයේ රොබට් කොර්නේලියස් විසින් ගත් සෙල්ෆි ඡායා රෑපය ලොව පළමු සෙලිෆිය වේ.

09.ලොව පළමු පාපැදිය
එක්සත් ජනපදයේ KIRKPATRICK MACMILLAN විසින් 1839-1940 වර්ෂවල නිපදවු පාපැදිය ලොව ප්‍රථම පාපැදිය වේ.

10.   FIFA ලෝක කුසලාන එකිනෙකාට එරෙහිව ක්‍රිඩා කළ පළමු සහෝදරයන් දෙදෙනා
2010 ජුනි 23 දින දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදි පැවති FIFA ලෝක කුසලාන පාපන්දු තරගයේ ගහානා රාජ්‍යය නියොජනය කරමින් Kevin-Prince Boateng හා ජර්මනිය නියොජනය කරමින් Jerome Boateng යන දෙසොහොයුරන් එකිනෙකාට එරෙහිව ක්‍රිඩාකරමින් FIFA ලෝක කුසලාන එකිනෙකාට එරෙහිව ක්‍රිඩා කළ පළමු සහෝදරයන් දෙදෙනා බවට පත්විය.

Monday, January 18, 2016

නොබෙල් සාම ත්‍යගය 1905

1905 වර්ෂයේදි පැවති නොබෙල් සාම ත්‍යගය පෙර වසර වල මෙන් නොව මෙවර ප්‍රථම වරට මෙමෙ ත්‍යගයට කාන්තාවකට උරුමකම් කිමට හැකි විය.
 1905 දි මෙය බර්තා වෙන් සට්නර් මහත්මිය හට හිමිවිය.


1843 ජුනි 09 වන දින ඔස්ට්‍රියානු අධිරාජ්‍යෙය් (වර්තමානයේ චෙක් ජනරජය) උපන් මෙතුමිය ජාත්‍යන්තර සාම කාර්යංශයේ ගරු සභාපති ලෙස හා Lay Down Your Arms කතෘ ලෙස සුවිශේෂි සේවයක් ලෝක සාමය උදෙසා සිදුකිරිම නිසා 1905 දි නොබෙල් සාම ත්‍යගයෙන් පිදුම් ලැබිය.

1914 ජුනි 21 ඔස්ට්‍රියාවේ වියාන හිදි මෙම උදාර කාන්තාව මෙලොව හැර ගියේය..



Sunday, January 17, 2016

ලෝක උරුම 10 - ඇල්ජිරියාව (Timgad)

ලෝක උරුමයන් පිළිබඳ සොයා යන අපගේ ගමනේ තුන්වන රට වන ඇල්ජිරියාවේ සිව්වන ගමනාන්තය වන්නේ Timgad වේ.
Aurès කඳු උතුරු බෑවුම් පිහිටා ඇති මෙම Timgad ක්‍රිස්තු වර්ෂ 100 දි  Trajan අධිරාජ්‍යයා විසින් හමුදා යටත් විජිතයක් ලෙස පාලනය වුවකි. මෙහි නගරය හරහා ධාවනය වන එකිනෙකට ලම්භක මාර්ග දෙක මෙන්ම ගෘහ නිර්මාණ විශිෂ්ඨ රොමානු නගර සැලසුමක කදිම උදාහරන ගෙනදෙයි.










Friday, January 8, 2016

මේ කථා අහල තියෙනවද? 18 වන දිගහැරැම

171.ලෝකයේ සර්පයින් දෂ්ඨ කිරිම් වලට වඩා වැඩි ප්‍රමාණයක් බඹරුන්, දෙඹරුන්,මි මැස්සන් දෂ්ඨ කිරිම නිසා මිය යයි.

172. මෙලොව ජනගහනයෙන් 35% කට ඔහුටම කියා බැංකු ගිණුමක් නොමැත.

173. ජොන් හැරිසන් නම් වන අයිස් ක්‍රීම් රස පරික්ෂක වරයා අයිස්ක්‍රිම් ගැලුම් මිලියන 100 ක පමණ රස පරික්ෂා කර ඇති අතර, ඔහුගේ දිවෙහි රස හදුනාගැණිමේ අංකුර ඇමරිකානු ඩොලර් මිලියනයකට රක්ෂණය කර ඇත.


174. 1912-1948 කාලයේදි චිත්‍ර ඇදිමත් ඔලිම්පික් ඉසව්වකි.

175. අත්ලාන්තික් සාගරය ෆැසිෆික් සාගරයට වඩා ලුණු රසින් වැඩිය.

176. මිනිස් ශරිරයේ ඇටකටු කොන්ක්‍රිට් වලටත් වඩා හතර ගුණයකින් ශක්තිමත්ය.

177.ලොව උපදින දරුවන් 2000 කට එක් අයකු දත් ඇතිව උපදි.

178. ලෝකයේ වැඩිපුරම තැපැල් කාර්යාල පිහිටා ඇත්තේ ඉන්දියාවේය. එය කාර්යාල 100,000 ඉක්මවයි.

179. ඒබ්‍රහම් ලින්කන් කුඩාකල සපත්තු මැසු අයෙකි..


180. සාමාන්‍ය මිනිසෙක් දිනකට 10 වතාවක්වත් සිනාසෙයි.


Thursday, December 31, 2015

නිමා වු 2015....

ගෙවුන 2015 වසර ඔබට කොහොමද?  මට නම් ගොඩක් හොදයි..වැඩ වැඩි හින්ද ඉක්මනට දවස් ටික ගියා වගේ දැනුනේ..
ලංකාව පැත්තෙන් බලපුවහම 2015 වර්ෂය ආරම්භයම දේශපාලන වශයෙන් උනුසුම්ව ආරම්භ වුනේ..අනාවැකි කරුවෙකුගේ අනාවැකියක් නිසා තම පාලන කාලය නිම කිරිමට තව වසර 02 ක් තිබියදි ජනාධිපති වරනයක් පැවැත්විමත්, එය මින් පෙර නෙවු ලෙස එකම දේශපාලන පක්ෂයක නායකයකු හා මහ ලේකම් වරයෙකු අතර පැවතිමත් නිසා දේශපාලනීය වශයෙන් වසර ආරම්භයේදිම රට උනුසුම්ව පැවතියේය..අවසානයේ පක්ශයේ නායකයා පරදා මහලේකම් රටේ නායකයා ලෙස පත්විම ජාත්‍යන්තර වශයෙනුත් අප රට පිළිබද අවදානයට ලක්විය..

එමෙන්ම ඉන් පසු ප්‍රධාන දේශපාලන වෙනස්කම් රැසැක් සිදුවු වසරක් ලෙස 2015 හැදින්විය හැකිය. වසර අග භාගයේදි පැවැත්වු මහ මැතිවරනයෙන් ප්‍රධාන පක්ෂ දේකම කරට කර සටනිකින් පසු ජාතික ආණ්ඩුවක් බිහිවිම තවත් සුවිශේෂි සිදුවිමකි.

ඒ වගේම රටට අවශ්‍ය කරන රටට අවශ්‍යම මොහොතේ අපවත් වු මාදුරුවාවේ සොභිත යතිවරයානන්ගේ අපවත්විම පසුගිය වසරේ රටට සිදුවු මහත් පාඩුවකි.

2015 වර්ෂයේ බුකිය ගිනියම් කර සිදුවිම් අතර සුජි ගේ සිදුවිම දැක්විය හැකි අතර 1964 සිදුවිමද මුහුණු පොත තවත් ගිනියම් කිරිමට හැකිවිය...
එමෙන්ම මාධ්‍ය වාර්තා වල සදහන් නොවු නමුත් මුහුණු පොතේ සාමාජිකන් විසින් කරන ලද අරගලයන ප්‍රථිඵලයක් ලෙස සොනි ජංගම දුරකථන වලට සිංහල ලබා ගැණිමට හැකිවිම සුවිශේෂි සිදුවිමකි.

විදෙස් තොරතුරු දෙස සොයා බලද්දි මටනම් එකපාරටම මතක් වන්නේ රුසියානු ජනාධිපති ISIS ත්‍රස්තවාදයට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයයි.

එහෙනම් හැමොටම ලබන්නාවු 2016 වසර සුභම සුභ නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

අවසාන වසයෙන් 2015 ගැන මුහුනු මොතේ පළවුන නිර්මානයකින් 2015 වසර නිමා කරනවා.. ඔබට ජය...