Wednesday, January 1, 2014

2014 අවුරුද්ද අපි සුභ කරගනිමුද?

අද දවස යනු දවසක් ගෙවිලා දවසක් උදාවුනා නෙවෙයි.. වසරක් ගෙවිලා වසරක් උදාවුනා. අද මෙම ලිපිය ලියන විට 2014 වර්ෂය උදාවෙලා ගතවෙලා තියෙන්නේ තවම හොරා කිහිපයක් පමනයි.මුලින්ම හැමොටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පාර්ථනා කරනවා.

අලුත් අවුරැද්ද යනු ඇත්තටම අපිට අලුතින් යමක් හිතන්න මග පාදන කරුණක් වෙනවා.
ඉස්සර වෙලාම අපි ගෙවි ගිය අවුරුද්ද ගැන කල්පනා කරන්න ඔන. අපිට ගෙවි ගිය අවුරුද්දක කාලය තුල අපි කරපු වැඩ ගැන, නැත්තම් අපිට කරන්න බැරිවුන වැඩ ගැන ආපසු හැරි බැලිමක් කරන එක හොදයි.එහෙම කරපු වැඩ එකක්වත් මතකයට එන්නේ නැත්තම් ඔයා නිකම්ම අවුරුද්ද ගෙවලා දාල වෙන්න ඇති..ඒක එහෙමනම් මහ අපරාදයක්. මමනම් පසුගිය අවුරුද්ද තුල මතකයේ රැදෙන ක්‍රියාවන් කිහිපයක් සිදුකරා. එයින් වැදගත්ම දේ තමා මගේ උපාධිය සමත් විම.
තව ඇති ඔයගොල්ලන්ට පසුගිය වර්ශයේ ආරම්භ කරපු නමුත් අවසන් කරන්න බැරිවුන දේවල්.
මේ සියල්ල ගැන මෙන්ම මේ වර්ෂයේ මම මේ දේ කරනවා කියලා ස්ථිර අරමුණක් හදාගන්නවානම් හොදයි.
මම මේ දේ මේ අවුරුද්දේ කරනවා.මම මේක කරන්න පටනි ගන්නවා නැත්තම් මේක කරලා අවසන් කරනවා කියලා අරමුනක් අපිට තියෙන්න ඔන. ඒවා පොතක ලියලා තියාගන්නවානම් තවත් හොදයි.ඒතකොට අපිට අවුරුද්ද අවසානයේ බලාගන්න පුලුවන් ඒවාගෙන් කියක් අපි සාර්ථක කරගත්තද කයලා. ඊටත් වැඩිය හොදයි ඒ අරමුණු නතර පේන තැනක ලියලා ගහලා තියෙනවානම්.ඒතකොට අපිට නිතර මතක් කරගන්න පුලුවන්නේ තව අපි මොනවද කරන්න තියෙන්නේ කියලා.
තව දෙයක් තියෙනවා අවුරුද්ද පටන්ගන්නකොටම අපේ පුරුද්දක් තියෙවා අපේ ලග්නේ කොහොමද කියලා බලන්න.මේකෙදි සමහර ලග්න වලට හොද මෙන්ම සමහර ලග්න වලට අසුභ දේ කියවෙනවා. සුභ අය මේ සුභ දේ අශිර්වාදයක් කරගෙන තව ජිවිතය සාර්ථක කරගන්න කටයුතුකරනවා මෙන්ම අසුභ දේ කියවෙන අය ඒ අසුභ දේ මත්තේම නැහෙන්නේ නැතිව ඒ ලග්නෙන් කියපු දේවල් බොරු කර ජිවිතය ගොඩනගා ගන්න කටයුතු කර යුතුයි.
තව දෙයක් කියන්න ඔන දැන් තියෙන්නේ තරගකාරි සමාජයක්. අඩු වයසින් ගොඩක් දේවල් කරගන්නා අය තමා දිනුම්. අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක්.ඒ කාලය තුල බොහො දේවල් කල හැකියි. කළ යුතුයි.
මම මේ දේවල් කියන්න මනෝ උපදේශකයෙක් නෙවෙයි. මේ අවුරුද්දේ මට හිතුන දේවල් ටිකක් කිව්වේ.
ඒහෙනම් ඔයාල හැමොටම 2014 වර්ෂය සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
අපේ අඩවියේ සමාජිකයෙක් වෙලා අපි සමග දැනුම බෙදාගන්න එක්වන්න ඔයාලත්..

0 comments:

Post a Comment