Tuesday, March 25, 2014

ෆේස් බුක් එකෙන් මුදල් හොයමු......

අද මම හිතුවා අපි කතාකරපු නැති පැත්තක් ගැන ලියන්න..ගොඩක් අය මේ ගැන කියලා දෙන්නේ නෑ.මේ වැඩෙන් අමතර ආදායමක් හොයන්න පුලුවන්.
මොකක් ගැනද මේ කියන්නේ..ගොඩක් අය මේ ගැන දන්නවා. දන්නේ නැති අයට තමයි කියල දෙන්නේ..ඔයාල අහල ඇති ෆයිවර් වල හරි ඒ වගේ (Fiverr ගැන දන්නේ නැත්තම් මෙතනින් ගිහින් ඉගෙනගන්න)වෙන සයිට් වල ෆේස් බුක් ලයික් 500 ක් ඩොලර් 5කට දෙනවා කියනවා.කොහොමද එහෙම දෙන්නේ. කෙනෙකුට ඇති ප්‍රශ්ණයක්.අද මම ඒකට උත්තරය හොයලා දෙන්නම්..
ෆේස් බුක් ලයික් හරි ඒ වගේ තියෙන සමාජ ජල අඩවි වලට ලයික් විව් ආදි දේ ලබාදෙන වෙබ් අඩවි බොහොමයක් තියෙනවා. ඒ අතරින් සාර්ථක අඩවියක් ගැන අද කියලා දෙන්න යන්නේ. අනික්වා ගැන ඉදිරියේදි කියා දෙන්නම්.

ඉස්සර වෙලාම මෙතනින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න..

මෙතන රෙජිස්ටර් කියන තැනින් ගිහින් අදාල කොටු නිසි පරිදි සම්පුර්ණ කරලා රෙජිස්ටර් වෙන්න.
 ඊට පස්සේ තමා වැඩේ පටන් ගන්න තියෙන්නේ.අපිට තියෙන්නේ ඉස්සරවෙලාම ක්‍රේඩිට් එකතු කරගන්න ඕන.පහත කැටගරි වලින් තමයි අපි ක්‍රෙඩිට් එකතු කරන්න ඔන. හැබැයි ෆේස් බුක් ලයික් වගේ දෙනවනම් වෙනම ෆේස් බුක් එකව්න්ට් එකක් තියෙනවානම් හොදයි.



කොහොමද ක්‍රෙඩිට් එකතුකර ගන්නේ කියලා තේරුනේ නැත්නම් මේ සයිට් එකේ social media exchange කියන තැනට යන්න. එතකොට එක එක කැටගරි තියෙනවා.. මම කියල දෙන්න යන්නේ ෆේස්බුක් ලයික් වලින් කොහොමද ක්‍රෙඩිට් උපයන්නේ කියලා.මේකේ social media exchange එකේ Facebook like කියන කියන තැන ක්ලික් කරන්න..
එතකොට පහත රූපය වගේ රූපයක් එයි..
 මෙතන පලවෙනියට තියෙන ලයික් කියෙන එක ක්ලික් කරහම අපි ෆේස් බුක් පිටුවකට යනවා..එතන ලයික් කියෙන එක කිලික් කරහම අපිට ක්‍රෙඩිට් ලැබෙනවා..මේකේ ක්‍රෙඩිට් 9ක් ලැබෙනවා..මෙසේ එකින් එක කිලික් කරගෙන යන්න තියෙන්නේ..ඒහෙම ලියික් දිල ඉවර වුනහම පේජ් එක රිෆේරෙෂ් කරල අයෙමත් වැඩේ කරගෙන යන්න තියෙන්නේ..මේක කරගෙන යනකොට එක එක බොනස් හම්බවෙනවා ඒවත් කලට් කරගත්තහම අපේ කේරෙඩිට් ඉක්මනට වැඩි වෙනවා..තව අපි සතිය ඇතුලත මේ සයිට් ඒකේ පළවෙනියා වුනොත් අපිට ක්‍රෙඩිට් 5000 ක් ලැබෙනවා..ටිකක් මහන්සි වුනොත් ක්‍රෙඩිට් හොයා ගන්න පුලුවන්..

අපිට මේ ක්‍රෙඩිට් වියදම් කරලා ෆේස් බුක් ලයික් වෙබ්සයිට් විව් ආදි දේ ලබාදිය හැකියි..
 අදට ඇති කියලා හිතනවා..මොකක් හරි ගැටලුවක් තියෙනවානම් අහන්න. මම මිලගට අපි උපයන ක්‍රෙඩිට් කෙලින්ම ඩොලර්වලට හරවන්න පුලුවන් සයිට් එකක් ගැන කියලා දෙන්නම්..ඔබේ ප්‍රතිචාර පහතින් දක්වල යන්න..ඒක ඉදිරි ලිපි වලට ලොකු හයියක් වෙනවා...

2 comments:

  1. මේකෙන් මගේ paypal එකට සල්ලි ගන්නේ කොහොමද

    ReplyDelete