Wednesday, May 27, 2015

මෙන්න නූතන ලෝකයේ ඉංජිනේරුමය පුදුම 7

වර්තමානය වන විට ඉංජිනේරු තාක්ෂණය මහත් පෙරලි කරමින් ඉදිරියට ඇදි යනවා.මෙම ඉදිකිරිම් තාක්ෂණයෙන් වර්තමාන ලොව මවිත කල ඉදිකිරිම් 07ක් අද අපි ඔබට ඉදිරිපත් කරන්න යන්නේ.
07.Chunnel උමග


මෙම උමග සැතපුම් 32 දිග උමගක් වේ.එය එය උතුරු ප්‍රංශය හා එක්සත් රාජධානිය සම්බන්ධ කරන මුහුද යටින් තියෙන දිගම උමග වේ.අඩි 246 ක් තරම් මුහුද ගැඔුරෙන් ගමන් කරයි.

6. සී එන් ටවර්

මෙය කැනඩාවේ ටොරොන්ටො වල පිහිටා ඇති මෙහි ලොව උසම අවන්හල පිහිටි ස්ථෘනක් වේ. අඩි 1815 ක් උස මෙහි සන්නිවේදන කුලුන නැරබුම් මධ්‍යස්ථානයක් සහ අවන්හලක් පිහිටයි.මෙහි අවන්හල මිටර 346ක උසින් පිහිටන අතර එය සෑම විනාඩි 72කට වරක් භ්‍රමණය වේ.

5. එම්පයර් ගොඩනැගිල්ල

මෙය 1931 සිට 1972 දක්වා ලොව උසම ගොඩනැගිල්ල වු අතර 1931 මැයි 01වන දින නිල වශයෙන් විවෘත කරන ලදි. දින 410කින් සාදා නිමකල මෙහි වර්තමානය වන විට බලශක්තිය කාර්යක්ෂමතාවය හා පරිසර හිතකාමි අයුරින් ප්‍රතිසංස්කරණයට ඩොලර් මිලියන 550ක් වැය කරයි.

4. Golden Gate Bridge

මෙම පාලම 1937 දි විවෘත කරන ලදී .මෙය කේබල් වලින් එල්ලන ලද උසම පාලම වේ.මෙම පාලම සැන් ෆ්රැන්සිස්කෝ වල උතුරු කෙළවර වන මේරියන් කවුන්ටි සම්බන්ධ කරයි. මෙහි දිග සැතපුම් 1.7 ක් වන අතර  මන්තිරු 06ක් සහිත පළල අඩි 90කි.පාලමේහි උස අඩි 746ක් වේ.

3. Itaipu වේල්ල


මෙම වේල්ල විශාලතම ජලවිදුලි උත්පාදන වේල්ල වේ.මෙය පැරගුවේ හා බ්‍රසිලයේ මායිමේ පිහිටා ඇත.මෙය සදහා ගල් ටොන් මිලියන 50ක් යොදාගෙන ඇති අතර ලොව ගංගා හරස්කර ඉදිවු වේලි අතර හත්වන ස්ථානය හෙයට හිමිවේ.

2. Delta Works

මෙය නෙදර්ලන්ත මුහුදුතිරය ජල ගැල්මෙන් ආරක්ෂා කිරිමට ඉදිකර ඇත.මෙම සම්පුර්ණ ව්‍යපෘතිය නිම කිරිමට වසර 50ක් ගතවි ඇත.

1. පැනමා ඇල

මෙම ඇල ඉදිකිරිම සදහා ඉතා දුෂ්කර මෙන්ම අභියෝගාත්මත ඉංජිනේරු වාර්තා තැබු එකක් ලෙස සැලකේ.දිගින් සැතපුම් 50ක් පමණ වන මෙය පැසිෆික් සාගරයේ සහ අත්ලාන්තික් සාගරය යා කර ඉදිකර ඇත.


0 comments:

Post a Comment