අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Thursday, December 3, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 07 - රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි...


රන් කෙන්දන් බැඳ

අතැඟිලි එක්කළ ආදරයයි...

පෙම් රැහැනෙන් බැඳ

සිතුම් වසඟ කළ ආදරයයි.....

ගීතය නොඇසුව සවනක් නොමැති තරම්ය.. එක් අසම්මත ආදරයක හැගීම් වචන බවට පත් වන්නේ අජන්තා රණසිංහයන්ගේ අතිනි.. සමාජයේ සම්මත යැයි සම්මත කර ගත් කරුණු අබියස තවත් එක් මිනිස් සිතක අසරණ වීමක් පිළිබඳව ගීතය රචිතයි.


රන් කෙන්දන් බැඳ

අතැඟිලි එක්කළ ආදරයයි

පෙම් රැහැනෙන් බැඳ

සිතුම් වසඟ කළ ආදරයයි.......

ඇය විවාහකයි. නමුත් සිය සැමියාට ඇයගේ සිත තුල ඇති කැමැත්ත කුමක් හෝ හේතුවක් නිසාවෙන් සීමා සහිතයි. එය යෝජිත විවාහයක් වන්නට හැකියි. එසේත් නැතිනම් දෙදෙනා තේරුම් ගැනීමේ අර්බුදයක් හෝ ආදරය හඳුනා ගැනීමේ වරදක් ද විය හැකියි. දෙදෙනාගේ අතැඟිලි එක වූවත් ඇගේ සිත තුල වුවේ මහා හිස් බවක්. මේ අතරතුර ඇයට හමු වූ තවත් තරුණයෙකු කෙරෙහි ඇගේ සිත ඇදී යනවා. ඔවුන් එකිනෙකා හා නිරායාසයෙන්ම ප්‍රේමයෙන් බැඳුනා. විවාහය තුල මෙන් නොව මේ තරුණයාට හැකි වී තිබෙනවා ඇයගේ සිතුම් වසඟ කර ගන්නට.

ඇගේ හැගීම් නිසා ඇය කොතරම් අසරණ වී සිටිනවා ඇතිද..! කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවූ ලෝකයක ඇය වැරදි හෝ නිවැරදි බව කවරෙකුට කිව හැකිද..?‍



කිරිලිය සේ දුර පියාසලාලා

අත්තටු රිදුණා පමණයි

දෑල විදාහළ දෑත මගේ

ඔබටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැඟේ

කළුවර ඇයි විජිතයම මගේ....

සම්මතය තුල එක වරක ප්‍රේමයෙන් බැඳීමට ඉඩ ඇත්තේ එක අයෙකු හා පමණයි. එය එසේ ව්වුවත් දැන් මැය විවාහකයි. එයින් එපිට ලෝකයක් පිලිබඳ තව දුරටත් සිහින මැවීමට කොතෙකුත් වුවමනා කම් තිබුනද එය සමාජය ඉදිරියේ වරදක්. ඉතින් තව දුරටත් සිහින මැවීමෙන් සිදු වන්නේ වෙහෙසට පත්වීම පමණයි. සිය සැමියාගේ සහ පෙර කී තරුණයාගේ එකිනෙකාට වෙනස් සුදුසුකම් දකින මැය ඒ දෙදෙනාටම සිය ආදරය පුද කිරීමට සැරසෙනවා. දිවා කල ලොව එලිය කරන්නේ හිරුයි. රාත්‍රියේ එය භාර වන්නේ සඳුටයි. එසේ දිවා රෑ එලිය කරන හිරු සඳු එක වර පැයුවොත් ඉන් කෙතරම් එළියක් ලෝකයට ලැබේවිද... එලෙස ඇගේ දිවියට හිරු සඳු එක වර පායා ඇති මුත් ඇගේ ලෝකය වසා පැතිරී ගොස් ඇත්තේ අඳුරයි. එය ඇයට පවා වටහා ගත නොහැකි සංකීර්ණ හැගීම් සමුදායක්.

කණාටු සුළඟේ දුහුළු මලකි අද

වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන් දෝ

ඔහුගෙන් දෝ

මා හෙට දින සමුගන්නේ.....

සිහින් සුලඟක පාවී ඈතට ඇදී යන දුහුල් මලක් සේ කිසිඳු අරමුණක් නොමැතිව ඇගේ හිත ඔහේ පා වෙනවා. පිළිතුරක් සොයා ගත නොහැකි මේ පැනය ඉදිරියේ ඇගේ සිතට දැන් හොදටම වෙහෙසයි.. නැවත ඇගේ සිතට වැටහෙනවා මේ වේදනාවෙන් මිදීමටනම් ඇය කාගෙන් හෝ සමුගත යුතු බව. නමුත් ඒ ඇගේ සිත දිනා ගත් ඇය ආදරය කරන තරුනාගෙන්ද නැතිනම් ඇයට ආදරය කරන විවාහක ස්වාමියාගෙන්ද තව දුරටත් මෙය ඇයට පැනයක්..

ගීයේ අරුත විමසා බැලීමේදී පුදුමයට පත් කරවන සුළු කරුණක් වේනම් ඒ අජන්තා රණසිංහයන් කොයි ලෙසකින් මෙම අතිශය සංකීර්ණ සිතුවිලි ගී පද බවට පත් කලේද යන්නයි. ගීතයේ ඇතුලත සිටින කාන්තා චරිතයට සපුරාම ආරූඩ වන ඔහු මෙහිදී දකින්නේ ස්ත්‍රියක් තුල සමාජය විසින් දකින්නාවූ චපලත්වය නොවේ. ඇයද හැගීම් අභියස අසරණ වන එක් මනුෂ්‍යයෙක්ම බව ඔහු ගීතයෙන් මනාව හුවා දක්වන්නේ රසිකයාටද පැනයක් ඉතිරි කරමින්..


ගායනය - විශාරද නන්දා මාලනී

ගීපද - අජන්තා රණසිංහ

සංගීතය - සරත් දසනායක

චිත්‍රපටය - දුහුළු මලක්


උපුටා ගැණිම - මුහුණු පොත.

Wednesday, December 2, 2015

ලොකේ ලොකුම - 08 වන කොටස

66. විශාලතම රාජාඅලියා

ලොව විශාලතම රාජඅලියා රුසියාවේ සැට්ලර්ගේ මුහුදු රාජා අලියා වේ.මොහුගේ බර කිලේ 5 -9 ත් අතර වේ.පියාපතක විශාලත්වය මිටර 2.2 ත් 2.5ත් අතර වේ.

67. භූමියෙන් වටවු ලොව විශාලතම රට

වර්ග කිලොමිටර 2724900 ක් විශාල වු කසකස්ථානය ලොව විශාලතම භූමියෙන් වටවු රට වේ.

68. වැඩිම අලෙවියක් ඇති ගිත ඇල්බමය.

මයිකල් ජැක්සන්ගේ Thriller ගිත ඇල්බමය වැඩිම අලෙවියක් ඇති ඇල්බමය වෙයි.මෙහි පිටපත් 65,000,000 ක් අලෙවි වි ඇත.

69.වෙන්දේසියක දී අලෙවි වු වඩාත් මිල අධික ගිටාරය

Fender Stratocaster අත්සන් කළ  ගිටාරය දොහා කටාර් වලදි එක්සත් ජනපද ඩොලර් 2,700,000 කට අලෙවි විය.

70. විශාලතම තෙල් නිෂ්පාදන සමාගම

ලොව විශාලතම තෙල් නිෂ්පාදන සමාගම අරාබි සවුදි තෙල් සමාගම වේ.ආසන්න වශයෙන්  බැරල් බිලියන 303.285 ක තෙල් සංචිත පාලනයක් මෙම සමාගම මගින් සිදුකෙරේ.

Tuesday, December 1, 2015

මේ කථා අහල තියෙනවාද? 14 වන දිගහැරුම

131. දුම්පානය කරන්නන්ගෙන් 69%ක් ම දුම්පානය කිරිම සහමුලින්ම නතර කිරිමේ අවශ්‍යතාවයෙන් සිටි.

132. චින්නු ආහාරයට ගැනිම සඳහා යොදාගන්නා කුරු නිෂ්පාදනය සඳහා වසරකට ගස් මිලියන 20ක් පමණ කපා දමයි.

133. වයින් අදුරු පැහැති බොතල් වල දමන්නේ හිරු එළිය වැටෙන විට එහි වර්ණය නැතිවි යන නිසාය.

134.ලෝක කුසලානයකදි අර්ධ අවසන් හා අවසන් තරග දෙකේදීම ශතක වාර්තා කර ඇති එකම ක්‍රීඩකයා මහේල ජයවර්ධනයි.

135. ලොව පුරා ජනගහනයෙන් මිලියන 100ක් දෙනා දිනපතා රාත්‍රී නින්දට යන්නේ කුස ගින්නේනි.

136. ලෝක ජනගහනයෙන් 10%ක් පමණ වමත් කරුවන් වේ.

137. ඇමරිකා එක්සත් ජනපදයේ සෑම පැයකට වරක් බිමත් රියදුරෙකු නිසා පුද්ගලයෙකු මිය යයි.

138. ලොව පුරා දිනකට දුම් වැටි බිලියන 15 ක් පාරිභෝජනය කෙරේ.

139.චින ජාතිකයින් වැඩි පිරිසක් සිතන්නේ චිස් යනු මිලේච්ච දෙයක් බවයි.එම නිසා ඔවුන් ඒවා අනුබවයෙන් වැලකි සිටි.

140. රුසියානු ජනාදිපති වැලැඩිමිර් පුටින්ගේ බිරිද ගොලු බව ඔබ දන්නවාද?




නොබෙල් සාම ත්‍යගය - 1902

දෙවන නොබෙල් ත්‍යග ප්‍රධානය 1902 වර්ෂයේදි පැවැත් විය. මෙම ත්‍යග ප්‍රධාණ උත්සවයේදීද දෙදෙනෙකු නොබෙල් සාම ත්‍යගය සදහා උරුම කම් කියනු ලැබිය.

01. Élie Ducommun

1833 පෙබරවාරි 13 වන දින ස්විස්ටර් ලන්තයේ ජිනිවා නුවර උපන් මොහු සිවිස්ටර් ලන්තයේ බර්න් හි පිහිටි Permanent International Peace Bureau ( ජාත්න්තර සාම කාර්යාංශය) ගරු ලේකම් හැටියට වැඩකටයුතු කරමින් උදාර මෙහෙවරක් සිදුකළාය.ඒ අතර ජාත්‍යන්තර සාම සම්මේලනය සඳහා වැඩසටහන් හා යොජනා ඉදිරිපත් කිරිම, සාමය මිතුරන් යන වැඩසටහන හා ලිපි ලේඛණ ප්‍රකාශයට පත්කිරිම දැක්විය හැකිය.මෙම හේතුවෙන් මොහු හට නොබෙල් සාම ත්‍යගයට උරුම කම් කියනු ලැබිය.
මෙම උදාර මිනිසා 1906 දෙසැම්බර් 07 වන දින මෙලොව හැර ගියේය.


02. Albert Gobat

1843 මැයි 21 වන දින ස්විස්ටර්ලන්තයේ ටර්මිලන් වල උපත ලද මොහු සිවිස්ටර් ලන්තයේ බර්න් හි පිහිටි Permanent International Peace Bureau ( ජාත්න්තර සාම කාර්යාංශය) ගරු ලේකම් හැටියට මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් හැටියට ලෝක සාමය උදෙසා සුවිශේෂ කාර්යභාරයක් සිදුකර ඇති අතර මෙම හේතුවෙන් 1902 දි මොහු හට නොබෙල් සාම ත්‍යගය හිමිවිය.
1914 මාර්තු 14 වන දින මෙම උදාර මිනිසා මෙලොව හැර ගියේය.


Monday, November 30, 2015

ලෝක උරුම 06 - ඇල්ජීරියාව (Al Qal'a of Beni Hammad )

ලෝක උරුමයන් පිළිබද සොයා යන ගමනේදි අපිට තුන්වෙනියට හමුවන රට විදිහට ඇල්ජිරියාව ගත හැක.
ඇල්ජිරියාව සතුව ලොක උරුම ස්ථාන 07 ක් හමුවේ.ඉන් පළමු වැන්න ලෙස Al Qal'a of Beni Hammad හැදින්විය හැකිය.

01. Al Qal'a of Beni Hammad 

අසාමාන්‍ය ලෙස අලංකාර වු කදුකර අඩවියක් වන මෙය වර්ෂ 1007 ආරම්භ කර 1152 දි කඩා දමා ඇති මෙහි සුරක්ෂිත මුස්ලිම් නගරයක අව්‍යජ චිත්‍රයක් ලබා දේ. මෙහි ඇති පල්ලිය ඇල්ජිරියාව ඇති පල්ලි වලින් විශාලම එකකි.






Sunday, November 29, 2015

ලෝකේ පොඩිම - 06 වන කොටස


46. නිවුන් උපත් අතර කෙටිම පරතරය

1995 ජුලි 10 දින එක්සත් ජනපදයේ එලන් ලූවිස් බ්රවුන් ට ඉපදුන නිවුන් දරුවන් දෙදෙනා අතර වයස් පරතරය මිනිත්තු 02 කි. මෙය ලොව කෙටිම නිවුන් උපත් අතර පරතරය වේ.

47. අයිස් කුඩාම කැබැල්ල

එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා විශ්ව විද්‍යලයේ ROGER MILLER හා KLAUS NAUTA විසින් ජල අනු 06 ක් යොදා නිර්මානය කරන ලද අයිස් කැබැල්ල ලොව කුඩාම අයිස් කැබැල්ල වේ.

48. උස අනුව කොටම සංගීත කණ්ඩායම

එක්සත් ජනපදයේ MINIROCKERZ සංගිත කණ්ඩායම ලොව කොටම සංගිත කණ්ඩායමවේ. මෙම සංගිත කණ්ඩායමේ උසෙහි සමාන්‍ය සෙනටිමිටර 132.87 ක් වේ.

49. ලොව කෙටිම කාලයක් පාලනය කළ රජු

ප්‍රංශයේ ලුවී XIX රජු 1830 ජුලි මාසයේ මිනිත්තු 20 ක් පමණක් රට පාළනය කර ඇත.




50.ලොව කුඩාම දුරකථනය

එක්සත් ජනපදයේ JAN PIOTR KRUTEWICZ විසින් නිර්මානය කරන ලද ලොව කුඩාම දුරකථනය 47.5mm x 10mm x 21mm විශාල වේ.


Saturday, November 28, 2015

ගිතය ලියවුනේ මෙහෙමයි 06 - මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි



ගායනය - මර්වින් පෙරේරා

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

තමන්ගෙ විශ්ව විද්‍යාල ප්‍රේමවන්තිය හදිස්සියේ පාරෙදි මුණගැහෙනව , සුහදව ඇය හා කතාකරන රචකයා ඇය යනකල් බලාගෙන ඉන්නව එවිට ඔහුට ඇතිවෙන සංකල්පනාවක් තමා මේ ගීතයේ ගලාගෙන යන්නෙ... හරි අපි බලමු.........

සරසවිය ආදරයට මුල පුරන්නා වූ සාධකයන් බොහෝ එක් කෙරෙන තැනකි. තරුණ තරුණියන් ලෙස සරසවියට පිවිසි පසු ජීවිතය තුළ ඇති වන කම්කටොලූ විසඳා ගැනීම, අධ්ය යන කටයුතු උදෙසා, විනෝදය හා කලා කටයුතු ආදී කරුණු වල දී නිතර නිතර ඔවුහු හමු වෙති. එලෙස ආදරයෙන් බැඳෙන අය තම ආදරය පරම රමණිය, නොබිඳෙන එකක් බව තරයේ අදහති. මේ ඒ ආදර කතාවේ එදා සහ අද තත්වයයි.....


මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි


ඉතින් ආදරෙන් බැදුන අපි විශ්ව විද්‍යාලයෙන් වෙන්වුනාට පසු අපි අපිවම අමතක කරල ඈත් කරල දාල... නමුත් එහෙම කලේ කමැත්තෙන් නෙමෙයි. කරන්න උනා.... ඔයා කොහෙද මම කොහෙද .... සහ අපේ ජීවිත ප්‍රශ්ණ.... අපි විශ්ව විද්‍යලයේ හිටපු කාලෙ කරපුව දැන් කරන්න බෑ... ඒක නිසා අපි වෙන් උනා නෙමෙයි වෙන් කෙරුණා. ඒ නිසා තමා මේ ගීතයේ මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි කියල යෙදෙන්නෙ....


වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා

නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා

සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා

ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා




අපි නෑ කියල නෑ... ඔයාටයි මටයි හොදට පුරුදු වැව් ඉවුර එදා වගේමයි.... නුග ගස් එදාවගේමයි... එහෙනම් ඉතින් සොදුරිය අපිටත් එදා වගේ ආදාරය කරන්න පුළුවන් නේද....? අපි එහෙනම් සරසවි බිමට යමුද? එදා වගේම ආදරයක් අපි කරමුද? නමුත් සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා......... මෙහි කදුරැල්ල කියල දක්වන්නෙ දෙදෙනාගේම විවාහ... ඉතින් අපිට ආයෙත් පෙමෙන් බැදුන්න හිතුනත්... හීන දුටුවත්.... ඒ හීන වලට ලොකු බාධාවක් තියෙනව ඒ තමා අපේ විවාහයන්... මේ විවාහයෙන් එතෙරව ඔයත් එක්ක මට යන්න හිතෙනවා සොදුරිය...... එහෙම හිතුනත් ඒ සිතිවිල්ල පාලනය වෙනව.... ඒකට හේතුව තමා පහලින් තියෙන්නෙ....

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා

සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා

ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා

ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා


මම ඔයාගෙ අත අල්ලගෙන ගියපු මේ පාරෙ දැන් මම මගේ බිරිද එක්කයි යන්නෙ. ඒක එක හේතුවක්.... නමුත් ඊට වඩා ප්රගබල වූ හේතුවක් තියෙනවා.... ඒ තමා මගේ අතැගිල්ලෙ එල්ලීඑන මගේ ලේ වලින් උපන්න මගේම පුතා. මේ විදියට යන්න අපි පතපු හැටි, මෙහෙම අපේ ළමයි ගැන අපි කතාකරපුව දැන් එකින් එක මට සිහිවෙනව...... සිතුදේ නොමවෙන... නොසිතූ දෙවල් වෙන මේ ජීවිතය හරියට හීනයක් වගේ....

හැඟුම් වලට වහල් ව කරන්නා වූ ආදරයේ අනිත්ය. ස්වභාවයත් සිතූ දේ නොසිදුවන ලෝක ස්වභාවයත් පේරුම්මකීර්ති කවියාණෝ මනාවට විගර්ය.හ කරති. සිංහල සංගීතයේ කතෝලිකයන් ගේ ලකුණ මනාවට පිළිබිඹු කරන සුනිල් සාන්ත, අයිවෝ ඩෙනිස් ආදීන් ගේ ගණයටම වැටෙන මර්වින් පෙරේරා ශිල්පියා දෙව් මැදුරේ අසන්නට ලැබෙන යාතිකා වල ආභාසය මෙහි සංගීතයට මුසු කරනු පෙනේ. මෙම ගීය සිංහල ගීත වංශ කතාව තුළ දශක තුනක් තිස්සේ වැජඹෙමින් සහස්  එසේම එය තවත් සියවසකටම රසික හදවත් ඇද බැඳ ගෙන තබා ගනු ඇත.

ඔය ගීතය ප්‍රේමකීර්ති ද අල්විස් ලියලා ඉවර වෙලා, සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා කියන පදයට යටින් ඉරක් ඇදලා කිව්වලු මේ පදය තමා මේ සින්දුවේ ප්‍රබලම පදය කියලා.

ඇත්තටම තමන්ගේ ළමයෙක් එක්ක ඉන්නකොට තමුන්ගේ පරණ පෙම්වතියව හම්බ උනොත් මොනා හිතෙයිද? ඇත්තටම ලස්සන සින්දුවක්.!!!!!!!


මුහුණු පොතෙන් උපුටා ගැණිමකි....

Friday, November 27, 2015

ලෝකේ ලොකුම -07 වන කොටස

61. ලොව වඩාත් මිල අධිකම සඟරාව

එක්සත් ජනපදයේ 2009 ජුනි මස එළි දැක්වු සිමිත පිටපත් සංඛ්‍යවකින් යුතු Nomenus Quarterly සගරාව වඩාත් මිල අධික සගරාව වේ. එහි මිල ඇමරිකානු ඩොලර් 6500ක් වේ.

62. විශාලතම ඉස්කුරුප්පු නියන

ඉන්දියාවේ බිස්රොප් රෝයි චෞද්රි විසින් නිර්මානය කරන ලද මිටර 2.27 ක් දිග ඉස්කුරුප්පු නියන ලොව විශාලතම ඉස්කුරුප්පු නියන වේ.

63. ලොව උසම එළිමහන් සෝපානය

මිටර 326 ක් උස චිනයේ ZHANGJIAJIE ජාතික වන උද්‍යනයේ තිබෙන සෝපානය තමා ලොව උසම සෝපානය



64. ලොව විශාලතම ස්වභාවික පියයුරු

ඇමරිකා එක්සත් ජනපදයේ ANNIE HAWKINS ගේ පියයුරු ලොව විශාලතම පියයුරු වේ. මෙහි විශාලත්වය සෙන්ටිමිටර 177.8 ක් වේ.


65. ලොව විශාලතම බැංකුව

ලොව විශාලතම බැංකුව ලෙස චීන කර්මාන්ත හා වාණිජ බැංකුව හැදින්විය හැකි අතර එහි වත්කම ලෙස ඇමරිකන් ඩොලර් ට්රිලියන 3.1 ක් සතු වේ.

Tuesday, November 24, 2015

මේ කථා අහල තියෙනවද? - 13 වන දිගහැරුම

වෙනද ලිපිය මෙන් නොව අද අපි කියන්න යන්නේ තනි පුද්ගලයෙක් ගැන කරුණු කිහිපයක්. ඒ තමයි දකුණු අප්‍රිකාණු ක්‍රිකට් ක්‍රිඩක ඒ.බි.ඩිවිලියස් ගැන ඔබ නොදත් කරුණු කිහිපයක්. බලන්න මේ කථා අහල තියෙනවද කියලා.

121.  ඒ.බි.ඩිවිලියස් දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ රග්බි කණ්ඩායමේ හිටපු නායකයාය.

122. ඒ.බි.ඩිවිලියස් දකුණු අප්‍රිකාණු පාසල් පිහිනුම් වාර්තා 06 කට හිමිකම් කියයි.

123.   දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ මිටර් 100 දිවිමේ  වාර්තාව ඔහු සතුයි.

124. දකුණු අප්‍රිකාණු 19 න් පහල බැට්මින් ශුරයා විය.

125.  දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ හොකි කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ය.

126.  දකුණු අප්‍රිකාණු කණිෂ්ඨ පාපන්දු  කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ය.

127.  දකුණු අප්‍රිකාණු  ඩේවිස් කුසලාන ටෙනිස් කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් ය.

128. විද්‍යත්මක ව්‍යපෘතියකට මැන්ඩෙලා ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවෙක් ය.

129. දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයෙකි.

130. ඒ.බි.ඩිවිලියස් දක්ෂ ගිටාර් වාදකයෙකි, අර්ධ කාලින සංගිතඥයෙකි, 2010 වර්ශයේ ගිත ඇල්බමයක් එලි දක්වා ඇත.

Monday, November 23, 2015

නොබෙල් සාම ත්‍යගය - 1901

අපි නොබෙල් ත්‍යගය පිළිබද පළකිරිමට සුදානම් වන ලිපි පෙලෙහි පළමුව නොබෙල් සාම ත්‍යගය පිළිබද ලිපි පළ කිරිමට අපි බලාපොරෙත්තු වනවා.


පළමු නෙබෙල් සාම ත්‍යගය පිරිනැමිමේ උත්සවය 1901 දෙසැම්බර් 10 වන දින පෙරවරු 10 ට පමණ නොර්වේ පාර්ලිමේන්තුවේදි පැවැත්වුන අතර මෙම උත්සවය විනාඩි 15 කට පමණ සිමා විය.

මෙම පළමු නොබෙල් සාම ත්‍යගය සදහා පුද්ගලයින් දෙදෙනෙකු හිමිකම් කියනු ලැබිය. ඔවුන් නම් ජීන් හෙන්රි ඩූනට්ටත් හා ෆෙඩ්රික් පැසේ ය.


01. ජීන් හෙන්රි ඩූනට්ටත්

1828 මැයි 8 වන දින ස්විස්ටර් ලන්තයේ ජිනිවා වල උපන්  මොහු ජාත්‍යන්තර රතුකුරුස සමාජයේ නිර්මාතෘය.මොහු විසින් සිදුකළ මානුෂිය කටයුතු හා සාම ව්‍යපාර හේතුවෙන් මෙම සම්මානය ලැබුණේය. 1910 ඔක්තොම්බර් 30 දින සිවිස්ටර්ලන්තයේ හේඞ්න් වලදි මෙම උතුම් මිනිසා මෙලොවට සමු දුන්නේය.


02. ෆෙඩ්රික් පැසේ 

1822 මැයි 20 වන දින ප්‍රංශයේ පැරිස් නුවර දි මෙලොව එළිය දුටු ෆෙඩ්රික් පැසේ  පළමු ප්‍රංශ සාම සමාජයේ නිර්මාතෘ සහ සභාපතිය.මෙම නිසා මොහුට නොබෙල් සාම ත්‍යගයට හිමිකම් කියනු ලැබිය.
1912 ජුනි 12 ප්‍රංශයේ පැරිස් නුවරදී මෙම උදාර මිනිසා මෙලොව හැර ගියාය.



මෙම ලිපි පෙලෙහි මිලග කොටස නුදුරේදිම ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර, පසුගිය ලිපිය මෙතනින් බලන්න.
මෙම ලිපිය සම්බන්ධව ඔබගේ අදහස් අප හට දක්වන්නේනම් එය අපගේ ඉදිරි ගමනට මහත් පිටුවහලක් වනු ඇත.