අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Tuesday, July 19, 2016

ලෝක උරුම 13- ඇන්ඩෝරා ( Madriu-Perafita-Claror Valley)

ලෝක උරුමයන් පිළිබදව සොයා යන මෙම ගමනේදී අපි මිලගට ගමන්හ කරන්නේ ඇන්ඩෝරා රාජ්‍යය වෙතයි.
ඇන්ඩෝරාව සතුව ඇත්තේ එක් ලොක උරුමයක් පමණි. එය Madriu-Perafita-Claror නිම්නය වේ.මෙයද ඇන්ඩෝරාවෙන් ලොවට උරුම වු සංස්කෘතික උරුමයකි.
 13 වන සියවස දක්වා දිව යන මෙහි අතීතය ග්ලැසියර් නිසා මතුවුන සුන්දර භූ රටා, වන භූමි, තෘණ බිමි පිහිටි හෙක්ටියාර 4247 ක පමණ ප්‍රදේශයක පැතිර පවති.
මෙහි ඇති සුවිශේෂි නිවාස,ගල් පිහිලි, උණු කරන ලද යකඩ ආදිය අතිත උරැමය ගැන විදහපාණු ලබයි.
 පසුගිව වසර දහස් ගණනක් පුරා මෙම නිම්නයෙන් මිනිසා ප්‍රයෝජනයට ගත් බවට සාක්ෂි ඇත. 
අතිතයේ පැවති මනා ඉඩම් කළමණාකරනය, කෘෂි හා එඩේර ගති ලක්ෂණ මෙම කදු නිම්නය තුලිනි විදහාපානු ලබයි.













Saturday, July 16, 2016

ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?

කාලෙකට පස්සේ ඊ මනි ගැන ලිපියක් පලකරන්න හිතුනා. මේක මට දැනගන්න ලැබුන විදිහට ලංකාවේ කට්ටියකගේ වැඩක්. පොඩි සහයෝගයක් හැටියට මෙම ලිපියක් පළ කරන්නේ.

ඔයාලට  පේනවා ඇති මගේ බ්ලොග් එකේ ඇඩ් කිහිපයක් පළ කරල තියෙනවා. මේවා මම කියන සයිට් එකෙන් ගත්ත ඒවා..මේවා අපේ බ්ලොග් එකේ පළ කරනවාට බ්ලොග් එකට එන සමහර පාඨකයන් විරුද්ධ වු නිසා පාඨකයන්ට අවහිර වු වෙළද දැන්විම් සියල්ල ඉවත් කිරිමට කටයුතු කරා.

හරි දැන් බලමු මොකක්ද මේ සයිට් එක කියලා. මෙතනින් මේ සයිට් එකට යන්න.  නැතින මේ සයිට් එකේ වම් පැත්තේ තියෙන මේක බැලුවද කියන තැන ක්ලික් කරල මෙම දැන්විම් වෙබ් අඩවියට යන්න.ඉන්පසු තමන්ගේ නිවැරදි විස්තර පුරවල ගිණුමක් හදාගෙන්න. හැබැයි ගිණුම හදන්න ඔනේ publisher විදිහට.


ගිණුම හදා හැදුවට පසුව මෙම වෙබ් අඩවියේ තියෙන ad code කියන ටැබ් එකෙන් තමන්ගේ බ්ලොග් එකට සුදුසු ඇඩ් එකක් හදාගෙන එය බ්ලොග් එකට ඇඩ් කරගන්න. අපිට වෙලද දැන්විම් banner හා Text  විදිහට හදාගන්න පුලුවන්. 

මමත් තාම මේකෙන් සල්ලි අතට ගත්තේ නෑ. නමුත් විශ්වාසයක් තියෙනවා මෙයින් යම් මුදලක් ලැබෙයි කියලා. ලංකාවේ වැඩක් නිසා සිංහල ඇඩ් ලැබෙන නිසා ඔයාලගේ සයිට් එක ජනප්‍රියනම් හොද ඉපයිමක් ලබාගන්න පුලුවන් වෙයි. වැඩේ හරියට තේරුනේ නැත්නම් පහලින් කොමෙන්ට් එකක් දාල අහන්න. 


නොබෙල් සාම ත්‍යගය - 1908

නොබෙල් සාම ත්‍යගය සදහා 1908 වර්ෂයේදි පුද්ගලයින් දෙදෙනෙකු හට පුදනු ලැබුවා. ඔවුන් නම් Klas Pontus Arnoldson සහ Fredrik Bajer


01.Pontus Arnoldson

1844 ඔක්තොම්බර් 27 වෙනි දින ස්විඩන් හි ගෝතම්බර්ග් හි උපත ලදි.



1814 සිට 1905 දක්වා නොර්වේ හා ස්විඩන් රාජ්‍ය නිල වසයෙන් එක්සත්ව සිටි මෙම රටවල් දෙක අතර 1895 දී යුද්ධයක් ඇතිවිමේ පෙරනිමිති පහල විය. ස්විඩනය බලය පාවිච්චි කිරිම හේතුවෙන් නොර්වේ වෘත්තිය සමිති තුල සමානත්මතාවය ඉල්ලා සිටියේය. ඔහු අවි ආයුධ භාවිතයට විරුද්ධ වු අතර ස්විඩන් සාම ව්‍යපාරයට පුරොගාමියෙක් විය. මොහුගේ මේ සාමය වෙනුවෙන් කැපවිම නිසා නොබෙල් සාම ත්‍යගය හිමිවිය.

මොහු  ස්විඩන් සාමය හා බේරුම් ලිග් නිර්මාතෘ, ස්විඩන් පාර්ලිමෙන්තු මන්ත්‍රි හා ලේකකයෙකු ලෙස කටයුතු කර ඇත.

1916 පෙබරවාරි 20 සිවිඩනයේ ස්ටොක්හොල්ම් වලදි මෙම සාමකාමි මිනිසා ලොවට සමු දුන්නේය.

02.Fredrik Bajer

1837 අප්‍රේල් 21 ඩෙන්මාර්කයේ නෙස්ට්වඩ් හි දි උපත ලද මෙහු නිතිය, ජාත්‍යන්තර සාම කාර්යංශයේ ගරු සභාපති ලෙස හා ඩෙන්මාර්ක් පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙකු ලෙස ලෝක සාමය උදෙසා උදාර මෙහෙයක් සිදුකලේය.




1864 Dano-German යුද්දයේදි හමුදා නිළධාරියෙකු ලෙස කටයුතු කල මොහු පසුව යුදුධය ගැන කල කිරි හමුදාව ඇතහැර ගියේය. එතැන් පටන් ඔහු සාමය වෙනුවෙන් කැපවි කටයුතු කරේය.1891 දි ජාත්‍යන්තර සාම කාර්යංශය පිහිටුවිමට කටයුතු කර අතර, තම බිරිද වන  Mathilde Bajer සමග එක් වි ඩෙන්මාර්කයේ කාන්තා සංගමය පිහිටුවා ගන්නා ලද අතර මෙයින් සම අයිතින් හා ජාත්‍යන්තර සාමය වෙනුවෙන් කටයුතු කලේය.

මෙවන් උදාර මෙහෙයක් කළ මෙම මිනිසාට 1908 දි නොබෙල් සාම ත්‍යගය හිමි වු අතර 1922 ජනවාරි 22  ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හිදි මිය ගියේය.






Friday, July 15, 2016

මේ කථා අහල තියෙනවාද? - 20 වන දිගහැරුම

191. ලෝකයේ දුර්ලභම දියමන්ති විශේෂය කොළ දියමන්ති වේ.

192. ගෙමැස්සෙකුගේ ජිවිත කාලය දින 10ත් -25 ත් අතර වේ.

193. ජපනුන් දුම්රියේදී හා අවන්හල් තුලදි ජංගම දුරකථන භාවිතයෙන් වැලකී සිටිනවා.


194. මිනිස් මොලයෙන් 70% ක් තිබෙන්නේ ජලයයි.

195. මිනිස් ශරිරයේ ඇට කටු කොන්ක්‍රිට් වලටත් වඩා හතරගුණයක් ශක්තිමත්.

196. ටයිටැනික් නැව ගිලෙන්න පෙර අවසන් වරට නැවැත්වුයේ අයර්ලන්තයේ Cobh වරාය තුලයි.


197. Ebay හි මුල් නම වුයේ Auction web යන නාමයයි.පසුව එය Ebay ලෙස වෙනස් විය.


198. මළ මුහුද යනු ගොඩබිම පිහිටා ඇති විශාල ජලාශයකි.

199.ලෝකයේ වැඩිපුරම ගායනා කරන ගිතය Happy Birth day ගිතයයි.

200.ඇමරිකාවේ ක්ලොරාඩෝ ප්‍රාන්තයේ ජනයාට වැහි වතුර එකතුකිරිම නිතියෙන් තහනම්ය.

Wednesday, July 13, 2016

ලෝක උරුම 12 - ඇල්ජිරියාව (Kasbah of Algiers)

ඇල්ජිරියාවේ හමුවන අවසන් ලෝක උරුම ස්ථානය ලෙස Kasbah of Algiers හැදින්විය හැකිය. මෙය අසමසම මුස්ලිම් නගරයකි. එය මධ්‍යදරණි වෙරල ආශිතව පිහිටා ඇති අතර ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ පිහිටුවා ඇත.පැරණි මුස්ලිම් පල්ලි හා ඔටෝමන් පන්නයේ මාලිගා මෙන්ම සාම්ප්‍රදායික නාගරික ගොඩනැගිලි මෙහි දැකිය හැකිය.























Tuesday, July 12, 2016

නොබෙල් සාම ත්‍යාගය 1907

1907 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යගය සදහා පුද්ගලයින් දෙදෙනෙකු හට හිමි විය.

ඔවුන් නම් Ernesto Teodoro Moneta හා Louis Renault වේ.

01.Ernesto Teodoro Moneta


1833 සැප්තැම්බර් 20 වෙනි දින ඉතාලියේ මිලානෝ හි ( අතිතයේ ඔස්ට්‍රියන් අධිරාජ්‍යය) උපත ලද අර්නස්ට්‍රෝ ටියෝඩ්‍රෝ මෝනේටෝ Lombard League of Peace හි සභාපති ලෙස කටයුතු කරන ලදී. වයස අවුරැදු 15 පමන වන විට මොහුට යුධ අත්දැකිම් ලැබුනා. ඔහුගේ පියා, සහොදරයින් හා එක්ව මිලානෝ නගරය නිදහස් කිරිමට විදී සටන් කිරිමට සිදුවුනා. මෙම අත්දැකිම තුලින්ඔහු සිතුවා යුද්ධය සහ මානව ඝාතනය වැළැක්වීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ බව.මොහු ලද හමුදා පුහුනුව අවසන් වු පසු හමුදාව අතහැර මාධ්‍යෙව්දියෙකු ලෙස කටයුතු කිරිම අරභන ලදි. 1867 සිට ඔහු daily paper Il Secolo පුවත්පතෙහි සංස්කරණය කරන ලදි. ඔහුගේ ලිපි ජනතාව අතර සහොදරත්ව හැගිම් වර්ධනය කිරිමට පිටුවහලක් විය.

1918 පෙබරවාරි 10 වෙනි දින ඉතාලියේ මිලානෝ හිදි මෙම උදාර මිනිසා මෙලොව හැර ගියේය.


02.  Louis Renault

1843 මැයි 21 ප්‍රංශයේ Autun හි උපත ලද නීතිඥ ලුවී රෙනෝල්ට් හට සාමය සදහා ජාත්‍යන්තර නිතිය ශක්තිමත් කිරිමට හැකිවිය.

ඔහු Dijon හා පැරීසියේ විශ්ව විද්යාලවල උගන්වන ලද අතර 75 වියේදී ඔහුගේ අවසන් දේශණය කරන ලද්දේ ඔහුගේ මරණයට දින දෙකකට පෙරය.
එමෙන්ම ජාත්‍යන්තර නිතිය හා විදේශ ප්‍රතිපත්ති පිළිබද ප්‍රංශයේ උපදේශකද විය.
ලෝක සාමය වෙනුවෙන් ඔහු කරන ලද සේවය වෙනුවෙන්  මෙම සම්මානය හිමි විය.
1918 පෙබරවාරි 08 වෙනි දින ප්‍රංශයේ බ්‍රිස්බ්‍රෙන් වලදි ඔහු තම ජිවිතයට සමු දුන්නේය.


Sunday, July 10, 2016

Ebay එකෙන් බඩු ගෙන්නනවාද? 5% ක වට්ටමක් ගන්න හැටි දන්නවාද?

අද වෙනස් විදිහක ලිපියක් ලියන්න හිතුවා. ඔයාල Ebay එකෙන් බඩු ගෙන්නනවා ඇති. නමුත් ඒ ගෙන්නන හැම බඩුවකටම 5% හෝ ඊට වැඩි වට්ටමක් ගන්න පුලුවන් කිව්වොත් පුදුම වෙයි නේද?. ඔව් දැන් එහෙම වට්ටමක් ගන්න පුලුවන්. 
කරන්න තියෙන්නේ මෙහෙමයි මෙතනින් ගිහින් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න‍

මේ ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන ඔයාලට $5 කුත් හම්බවෙනවා.
රෙජිස්ටර් උනාට පස්සේ ඔයාල භාවිතා කරන්නේ Google crome නම් සයිට් එකේ යටින් වැටෙනවා set extension කියලා..එතකොට extension හදාගන්න..ඊට පස්සේ Ebay එකෙන් බඩු ගන්න යනකොට පහත රෑපය ආකාරයට site එකේ උඩින් පෙනෙයි.

එතකෙට මෙහි Activate තැන click කරලා ඇක්ටිව් කරගෙන අවශ්‍ය දේවල් මිලදි ගන්න.. දවස් දෙකකකට විතර පස්සේ ඔයාලගේ එකවුන්ට් එකට ගත්ත භාණ්ඩයේ මිලෙන් 5%ක් ඇවිත් තියෙයි.

මේ විදිහට කරන්න තේරුනේ නැත්නම් මේ සයිට් එකේ රෙජිස්ටර් වෙලා Site එකේ උඩ තියෙන සර්ච් කරන තැන Ebay කියල type කරලා ඊබේ සයිට් එකට ගිහින් අවශ්‍ය දේවල් ගන්න. එහෙම කරත් වට්ටම ලැබෙනවා.

මේක උත්සහ කරල බලන්නකෝ..අපි හැමෝම බලන්නේ කියක් හරි අඩුවෙන් තියෙනවානම් ඒ දේ ගන්නනේ. ජය වේවා...

Sunday, June 26, 2016

මේ කථා අහල තියෙනවාද? 19 වන දිගහැරුම.

181. සාමාන්‍ය ඇදක දුවිලි අංශු බිලියන 6 කට වඩා ඇත.

182. බකිම්හැම් මාලිගයේ කාමර 600 කටත් වඩා තියෙනවා.


183. අභ්‍යවකාශය තුල කිසිම ශබ්දයක් ඇසෙන්නේ නෑ.

184.මොළය මධ්‍යසාරවලට ප්‍රතිචාර දක්වන්න ගතවන්නේ විනාඩි 06 ක පමණ කාලයකි.

185. ඔලිම්පික් රන් පදක්කම සැබැවිම්ම 92.5% කි රිදිය.

186. සෑම තත්පරයකම අපගේ සිරුරේ  සෛල මිලියන 25ක් නිපදවේ.

187. ලොව ජනගහනයෙන් මිලියන 785කට සාක්ෂරතාවයක් නොමැත.

188. ලොව දරුණුතම රිය අනතුරු වන්නේ සෙනසුරාදා දිනවලය.

189. සාමාන්‍ය කිකිලියක් වසරකට බිත්තර 228ක් දමයි.

190. අයිෆල් කුළුනේ රිවට් ඇන 2,50,0000 ක් ඇත.

Saturday, June 25, 2016

ලෝක උරුම 11 - ඇල්ජිරියාව (Tipaza)

ලෝක උරුම ගැන ලිපි ඉදිරිපත් කිරිම ජනවාරි මාසයෙන් පසු ලියන මුල්ම ලිපිය තමයි මේ.
අපි ආපු ගමන්මග දෙස ආපසු හැරි බලමු.ලෝකඋරුම ගැන ලියන 11 වන ලිපිය මෙය වන අතර, ඇල්ජිරියාවට අමතරව තව රටවල් දෙකක ලෝක උරුම ගැන ලිපි ඉදිරිපත් කර ඇත.
ඇල්ජිරියාවේ  හය වන නවාතැන Tipaza වේ.

මෙය මධ්යධරණී ප්රදේශයේ වෙරළ තීරය මත පිහිටා ඇති Tipasa, රොමය විසින් මොරිටානියා රාජ්ජයය යටත් කර ගැණිමට උපාය මාර්ගික ස්ථානයක් විය. මෙය විශිෂ්ඨ රාජකීය කෞතුකාගාරයක් වේ.