අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Monday, October 16, 2017

නොබෙල් සාම ත්‍යාගය - 1920

1920 වසරේදී මෙම ත්‍යගය සදහා හිමකම ලද පුද්ගලයා වනුයේ Léon Bourgeois වේ.


1851 මැයි 21 ප්‍රංශයේ පැරිස් නුවරදී උපන් මෙම උතුම් පුද්ගලයා සභාපති ලෙස  Conseil de la Société des Nations (Council of the League of Nations) හා ප්‍රංශ පාර්ලිමේන්තු සෙනට් සබිකයෙකු ලෝක සාමයට මහගු මෙහෙයක් සිදු කලේය.

 1899 සහ 1907 හේග් සමුළු හරහා අන්තර්ජාතික සාම වැඩ කටයුතුවල නිරත විය.

පළමුවන ලෝක මහා යුද්ධය අතරතුර, සාමය සුරකින ගෝලීය සංවිධානයක් සඳහා බුර්ජූසෝ යෝජනාවක් ඉදිරිපත් කලේ ය.

1919 දී පැන නැගුනු නව ලී ලීගය බොහෝ දුරට විල්සන්ගේ අදහස් මත බිහිවිය

මෙම උතුම් මිනිසා 1925 සැප්තැම්බර් 29 වන දින මෙලොව හැර ගියේය..


ඖෂධ ශාක 04 - අදු ශාකය

නයාට අදු කොළ වගේ කියල කථාවක් අහල තියෙනවානේ.
අදු ශාකය දැකල තියනවද, නැත්තම් පහල විඩියෝවෙන් අදු ශාකය බලාගන්න...


Sunday, October 15, 2017

ඖෂධ ශාක 03 - කලාදුරු

තෙවන කොටසින් අප ගෙන එන්නේ සිංහල ආයුර්වේද වෙදකමට යොදාගන්නා කලාදුරු ශාකය
බලන්න පහලින් මෙම ශාකය

Saturday, October 14, 2017

ඖෂධ ශාක 02 - විෂ්ණුක්‍රාන්ති

දෙවන කොටසින් අප ගෙන එන්නේ සිංහල ආයුර්වේද වෙදකමට යොදාගන්නා විෂ්ණුක්‍රාන්ති ශාකය
බලන්න පහලින් මෙම ශාකය

Thursday, October 12, 2017

ඖෂධ ශාක 01 - නවහන්දි

කොහොමද යාළුවනේ..ගොඩ දවසකින් මෙම බ්ලොග් එකට ලිපි ලියන්න අවස්ථවක් නොලැබුන අතර, අද ඉදන් අළුත් ලිපි පෙලක් ලියන්න හිතුවා.
අපේ ඈත අතිතයේ රජ දවස ඉදන් හෙල වෙදකම මගින් රොගින් සුව කිරිමේ විස්මිතව සිදුකර ඇත.
වර්තමානයේද මෙම හපන්කම සිදුකරන ජිවකයින් රට පුරාම ඇත.
මෙම සිංහල වෙද කම සදහා ඖෂධ පෑලෑටි හදුනා ගැනීම, මෙම බෙහෙත් භාවිතා කිරිම සදහා ඉතාම වැදගත් කටයුත්තක්.
ඒ අනුව, මෙම ලිපි මාලාව මගින් එක් එක් ඖෂධ පැලෑටි විඩියෝ දර්ශණ මගින් හදුන්වා දිමට බලාපොරොත්තු වන අතර, එය ඔබට ප්‍රයෝජනවත් වේයැයි සිතනවා.
ඔබ සතුවත් මෙවැනි ඖෂධ පැලෑටි වර්ග තියේනවානම් එහි විඩියෝ දර්ශන අප වෙත එවන ලෙස ඉල්ලා සිටින අතර, එය හැමොටම ප්‍රයෝජනවත් වෙයි.

නවහන්දි

හන්දි වෙදකම්, කැඩ්ම් බිදුම් වෙදකම සදහා යොදා ගන්නා මෙම නව හංදි ශාකය පහතින් විඩියො දර්ශනයෙන් හදුනා ගන්න....

Sunday, October 8, 2017

ජලය දෙබෑකරගෙන ගුවන් ගතවන මොහොත



පොල්ගොල්ල ජලාශයට ගොඩබාන ලද ගුවන් යානයක් නැවත ජලය දෙබෑකරගෙන ගුවන් ගතවන මොහොත




Saturday, May 20, 2017

ලෝක උරුම 18- ආර්ජන්ටිනාව (Cueva de las Manos, Río Pinturas)

අවුරුදු 9500 ත් 13000 ත් පමණ පැරණි මෙම සුවිශේෂි ලෙන් චිත්‍ර ආජන්ටිනාවෙන් ලොවට උරුම වන සංස්කෘතික උරුමයක් වේ.






Thursday, May 18, 2017

ලෝක උරුම 17- ආර්ජන්ටිනාව (Iguazu ජාතික උද්‍යනය)

ලෝක උරුමයන් පිළිබදව සොයා යන ගමනේදී අපට ආජන්ටිනාව තුල හමුවන මිලග උරුමය ලෙස Iguazu ජාතික උද්‍යනය හැදින්විය හැකිය.

බ්රසීලය හා ආජන්ටිනාවට මායිම්ව උස මිටර් 80 ක් හා පළල මිටර 2700 ක් වු දියඇල්ල මෙහි ඇති සුවිශේෂි අංගයක් වන අතර, මෙය ලොව ඇති දර්ශණිය දිය ඇලි වලින් එකක් වේ.

උප නිවර්තන වැසි වනාන්තරයක් වන මෙහි ශාක වර්ග 2000ක් පමණ ඇති අතර වනජිවින් විශාල ප්‍රමාණයකට නිවස්නය වී ඇත. එබැවින් මෙම වනඋද්‍යානය ආජන්ටිනාවෙන් ලොවට උරුම වු පාරිසරික උරුමයක් වේ.



















Sunday, February 12, 2017

නොබෙල් සාම ත්‍යාගය 1919

නොබෙල් සාම ත්‍යාගය 1918 වර්ෂයේදී ලබා නොදුන් අතර 1917 වසරට පසු මෙම ත්‍යාගය ලබා දෙන ලද්දේ 1919 වසරේදීය.

1919 වසරේදී මෙම ත්‍යාගය සදහා හිමිකම් කියන ලද්දේ තෝමස් වුඩ්රෝ විල්සන් මහතා විසිනි. ඔහු හට මෙම ත්‍යාගය 1920 වසරේදී ලබාදෙන ලදී.


1856 වර්ෂයේ දෙසැම්බර් 28 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ Staunton හීදී උපත ලද මොහු ජාතින්ගේ සංගමයේ නිර්මාතෘ ලෙස හා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරයේ කටයුතු කරමින් ලෝක සාමය උදෙසා සිදුකළ මෙහෙය වෙනුවෙන් මෙම ත්‍යාගයෙන් පිදුම් ලබන ලදී.

පළමු ලෝක යුද්ධයෙන් මිලියන ගණනක් ජනයා මියයාමෙන් පසු ලෝක සාමය සහතික කිරිම උදෙසා උදාර මෙහෙයක් මොහු විසින් ගන්නා ලදී.

මෙම උදාර මිනිසා 1924 වර්ෂයේ පෙබරවාරි 03 වැනි දින වෙෂින්ටන් හීදී මෙලොවට සමුදෙන ලදී.

නොබෙල් සාම ත්‍යාගය 1917

Saturday, January 21, 2017

නොබෙල් සාම ත්‍යාගය - 1917

1917 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගය සදහා හිමිකම් කියන ලද්දේ අන්තර්ජාතික රතු කුරුස කමිටුව වේ.
Comité international de la Croix Rouge (International Committee of the Red Cross).

1917 දෙසැම්බර් 10 දින  ඔස්ලෝ නුවරදි මෙම ත්‍යාගය ප්‍රධානය කල අතර, 1863 දී ජිනිවා නුවරදී පිහිටුවන ලද රතුකුරුස සමාජය මගින් ලෝකයේ විවිධ රටවල සිදුවන යුධමය අවස්ථාවලදි තුවල ලබන සොල්දාදුවන් හි අසරණ මහජනතාවට ප්‍රතිකාර කරමින් හා රොහල් අතිකරමින් මෙන්ම ගිලන්රථ සේවාවන් පවත්වාගෙන යමින් සිදුකරන ලද මෙහය උදෙසා මෙම ත්‍යාගය හිමිවිය.

නොබෙල් සාම ත්‍යාගය - 1919
නොබෙල් සාම ත්‍යාගය - 1914-1916