අපි blogspot

හිතට දැනෙන දේ...........

අපි blogspot

දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත

අපි blogspot

අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත

Wednesday, February 7, 2018

නොබෙල් සාම ත්‍යාගය 1930

1930 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමිවුයේ කාටද යන්න කියල දැනගැනීමට පෙර 1929 වසරේදි නොබෙල් සාම ත්‍යාගය  හිමිවුනේ කාටද යන්න කියල මෙතනින් ගිහින් කියවන්න.

1930 වර්ෂයේදි නොබෙල් සාම ත්‍යාගය සඳහා හිමිකම් කියන ලද්දේ නාදන් සොටර්බ්ලොම්  විසිනි.මොහු‍1866 ජනවාරි 15වන දින ස්වීඩනයේ ට්රෝනෝ හිදී උපත ලැබුවේය.

නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබු පළමු පුජකයා ස්විඩන් ජාතික බිෂොප් නාදන් සොටර්බ්ලොම් විය. ශිෂ්‍යයෙකු ලෙස ඔහු තරුණ ක්‍රිස්තියානි සංගමය (YMCA)හා ජාත්‍යාන්තර ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරය තුල ක්‍රියාකාරිව කටයුතු කලේය.

සොඩර්බෙල් සෝබෝන්හි ආචාර්ය උපාධියක් ලබාගත් අතර උප්සලා විශ්ව විද්‍යාලයෙන් දේවවේදය පිළිබඳ මහාචාර්යවරයෙක් විය. වර්ෂ 1914 දී ඔහු අගරදගුරු තනතුරට පත් විය.

පල්ලියේ නායකයෙකු වශයෙන් සාමය සඳහා පොදු ක්‍රිස්තියානි වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ඔහු මහත් උනන්දුවක් දැක්වීය. මේ උදෙසා ඔහුට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය.

1931  ජුලි 12  ස්වීඩනයේ  උප්සලා හිදී මෙම උතුම් මිනිසා තම ජිවිතයට සමු දුන්නේය.



නොබෙල් සාම ත්‍යාගය මුල සිට මෙතනින් ගිහින් කියවන්න

Tuesday, February 6, 2018

නොබෙල් ත්‍යාගය 1909

1909 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 1908 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුනේ කාටද යන්න මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

දැන් අපි බලමු 1909 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය


  • ගුග්ලිමෝ මාකෝනි

  • කාල් ෆර්ඩිනන්ඩ් බ්රෝන්



02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය
විල්හෙල්ම් ඔස්වල්ඩ්



03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
ඉමෙල් තියඩෝර් කොචර්


04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

සෙල්මා ඔටිලියා ලෝවිසා ලැගර්ලෆ්

  • Auguste Marie François Beernaert

  • Paul Henri Benjamin Balluet d'Estournelles de Constant


නොබෙල් ත්‍යාගය මුල සිටම කියවන්න මෙතනින්
උපුටා ගැනීම www.nobelprize.org

ගිතය ලියවුනේ මෙහෙමයි 11 - රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා

ගිතය ලියවුනේ මෙහෙමයි 10 වෙනි කොටස කියෙව්වද. කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න.
ලක්ෂ්මන් හිල්මි ගායනා කරන මේ සින්දුව අහනකොට කවුරුවත් මේකේ තේරුම ගැන හිතුවද?



රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා
නපුරු වී ඔයා මා සලලෙකුට සම කළා
සුමුදු මුදු දෙපා තුඩු වල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ළඟ හඬා වැළපෙනා



විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුල ගන්න බැරි ගින්දර හිතේ ඇවිලුනා
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුළු සඟවලා



නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති
එදා යුද බිමේ මතකය ඔයාටත් ඇති
සදා කල්ම නොමියෙන රණ විරුව මම වෙමි..!!



මේ ගීතයට පාදක වුන සිදුවීම මේකයි

කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්රෙමාණයක් බැස ගිය අතර තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය. බස් රථය ඉදිරියට ඇදෙන්නට විය.



ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!




''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''




බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.




''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා. මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට සමාවෙන්න''




තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.




අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.




මේ සින්දුව මෙතනින් අහන්න

උපුටා ගැනීම www.elakiri.com

Monday, February 5, 2018

අන්තර්ජාලයෙන් මුදල් හොයමු - Fiverr

අන්තර්ජාලයෙන් මුදල් හොයමු කියන මාතෘකාව යටතේ අළුතිනි ලිපි ලියන්න පටන්ගත්ත අපේ පළමු ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් කියවන්න කියල ආරාධනා කරනවා.


අද අපි කතා කරන්න යන්නේ Fiverr ගැන. මම හිතන විදිහට අන්තර්ජාලයෙන් මුදල් හොයන්න තියෙන සාර්තක ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැකිය.

කොතනින් මේ ලිපිය පටන් ගන්නේද කියල හිතනකොට Fiverr ගැන මිට ටික කාලයකට කලින් ලියපු ලිපි පෙල කියවල හිටියොත් ඔබට පහසුවෙන් මේ ගමණ යා හැකියි.

පහසුයි කිවට හිතන තරම් පහසු නෑ. තමන් සතුව නිර්මාණශීලී හැකියාවන් තියෙනවානම් ඉතා හොද දිගු ගමණක් යා හැකියි. එහෙනම් පහත ලිපි පෙල ඉතා හොදින් කියවා ඒ අනුව Fiverr  එකවුන්ට් එකක් හදාගන්න.

ලිපි පෙළ

  1. අන්තර්ජාල මුදල් - ෆියිවර්
  2. අන්තර්ජාල මුදල් - ෆියිවර් 02
  3. ෆියිවර් 03
  4. ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද?  ෆිවර් 04
  5. ෆයිවර් හි ගිගි වල traffic වැඩිකරගන්න  SEO ඉඟි  5
  6. ෆයිවර් වලට නිවාඩුවක්
මේ ලිපි පෙල හොදින් කියවල ඔයාලට Fiverr ගිණුමක් නැත්නම් මෙතනින් ගිහින් Fiverr හි රෙජිස්ටර් වෙන්න.
මිලග ලිපියෙන් අපි ලියන්න යන්නේ Fiverr වල ඔයාලට කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන. ඒක ඔයාලට නිර්මානාත්මක Gig දාන්න උදව් වේවි. ඔයාලගේ ප්‍රතිචාර මත මිලග ලිපිය සාර්ථකව ලියන්න පුළුවන් වේවී.
ඔබට ජය.



Sunday, February 4, 2018

ඔන්න 200 යි

මොකක්ද මේ 200.
අපිට 200 යි.  අපි බ්ලෝග් ඒකේ ලිපි 200ක් මේ වන විට පළකරල ඉවරයි. මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඒ ලිපි 200 ගැන ආපසු හැරිල බලන්න
මේ ලිපි 200 ලියන්න අපිට අවුරුදු හතර හමාරක වගේ දිගු කාලයක් ගතවෙලා තියෙනවා.

මෙම ලිපි 200 අතුරින් ජනප්‍රියම ලිපිය ලෙස දැනුම පොතට 01 ලිපිය හැදින්විය හැකිය.

එතෙක් මෙතෙක් අපි ඉදිරිපත් කරන ලද ලිපි 200 පහත ආකාරයෙන් පෙළ ගැස්විය හැකිය.මේ පෙළ ගැස්විම මගින් ඔබ කැමති ලිපි සොයා ගැනිමට පහසු වෙවි.
  1. . අපි ගැන
  2. නාස්තිකාර පුතාගේ රාජකිය සපත්තුව
  3. අන්තර්ජාල මුදල්
  4. මුදල් (කාසි හා නොට්ටු) නැති ලෝකයක්
  5. ඒ නවය
  6. උඩරට මැණිකේ- පරිසර චාරිකාව
  7. ඒ නවය -02
  8. හචිකෝ
  9. ඒ නවය - 03
  10. ඒ නවය 04
  11. ඒ නවය- 5 
  12. දැනුම පොතට 01 
  13. ඒ නවය - 6 වන දිගහැරැම 
  14. දිනෙන් දින
  15. දිනෙන් දින -ජනවාරි පළවෙනිදා 
  16. අන්තර්ජාල මුදල් - ෆියිවර් 
  17. අන්තර්ජාල මුදල් - ෆිවර් 02
  18. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත් කතාඅනම් මනම්
  19. ඒ නවය 07 වන දිගහැරුම
  20. ඒ නවය 08 වන දිග හැරුම
  21. ෆියිවර් 03
  22. අයියෝ සල්ලි...
  23. පේඔනර් කාඩ් -
  24. නන්දා මාලිනිය.......
  25. මෙහෙමත් මිනිස්සු
  26. පුංචි ආංඩුවලට මොකද වෙන්නේ..
  27. ඔබගේ පරිගණකයේ හා ජංගම දුරකථනයේ එකවර background එක වෙනස් කරමු
  28. හදිසි අනතුරකින් මයිකල් ෂූමාකර් කෝමා තත්වයේ.. මොළයේ සැත්කමක්
  29. 2014 අවුරුද්ද අපි සුභ කරගනිමුද?
  30. ඇන්ඩ්‍රොයිඩ් ගැන ඔබ දන්නවාද?
  31. ඔබේ ෆිවර් ගිනුමේ ආරක්ෂාව ගැන හිතුවද? ෆිවර් 04
  32. බ්ලොග් එකෙන් මුදල් හොයමු...
  33. ඇන්ඩ්‍රොයිඩ් 1.5 කප් කේක්
  34. ඔබේ පරිගණකයෙන් 3D Film බලමු
  35. ෆයිවර් වලට නිවාඩුවක්..
  36. ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?
  37. වසකා නැසෙමුද? 
  38. ඔබගේ පරිගණකය ඔබගේ ජංගම දුරකතනයෙන් පාලනය කරමුද?
  39. ෆේස් බුක් එකෙන් මුදල් හොයමු.....
  40. ගූගල් Search එකෙන් කරන්න පුලුවන් නියම fun Tricks ටිකක්
  41. ලොව ඉදිවු විශිෂ්ඨතම නිර්මාණාත්මක හොටල් 10
  42. විකුණුම් අදායම සාමාජිකයන් අතර බෙදන social network විප්ලවය
  43. ලොව හොදම online job සදහා අැති වෙබ් අඩවි 05..
  44. ෆයිවර් හි ගිගි වල traffic වැඩිකරගන්න SEO ඉඟි 5
  45. ලෝකයේ සංචාරය කිරිමට අැති භයානකම නගර 10
  46. ඉතිහාසය තුල සිදු ඉතාම භයන්කර මහජන සංහාර 10 ය
  47. ලෝකය ලස්සන කරන අමුතුම ගස් 
  48. මල් සහ පඳුරුවලින් යුත් ලෝකයේ අැති වඩාත් සුන්දර විදි 
  49. මේ කතා අහල තියෙනවද? - පළමු කොටස 
  50. Google Earth හි ලෝකෙට නොපෙන්වන තැන් 12 ක්. 
  51. මෙන්න නූතන ලෝකයේ ඉංජිනේරුමය පුදුම 7 
  52. අපේ සුන්දරත්වය ලෝක ඇසින් -පළමු කොටස
  53. මේ කථා අහල තියෙනවද? දෙවන කොටස 
  54. අපිට සුභ උපන්දිනයක් වේවා. 
  55. අමුතුම ආකාරයේ සින්ක් ඩිසයින් 10 ක් 
  56. ලොව සුන්දර පඩිපෙලවල් 10 ක්. 
  57. මේ කථා අහල තියෙනවද? තුන්වන කොටස 
  58. ලොව වැඩිම ජනගහනයක් සිටින රටවල් 10ය. 
  59. මේ කථා අහල තියෙනවද? හතරවන කොටස 
  60. ගිතය ලියවුනේ මෙහෙමයි 01- එදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා 
  61. මේ කථා අහල තියෙනවද? පස්වන දිගහැරුම
  62. ලොව ඇති වඩාත් ආකර්ශණීය ජාතික උද්‍යන 10ය.
  63. මේ කථා අහල තියෙනවද? හයවන දිගහැරුම 
  64. ලෝකේ ලොකුම - පළමු දිගහැරුම 
  65. මේ කථා අහල තියෙනවද? හත්වන දිගහැරුම
  66. ලෝක උරුම - 01 
  67. ලොව පොඩිම - පළමු දිගහැරුමඔබ දන්නවාද?
  68. මේ කථා අහල තියෙනවද? අටවන දිගහැරුම 
  69. ලෝක උරුම - ඇෆ්ගනිස්ථානය (02) 
  70. ලෝකේ ලොකුම - 02නි දිගහැරුම 
  71. මේ කථා අහල තියෙනවද? 
  72. ගිතය ලියවුනේ මෙහෙමයි 02 
  73. ලෝක උරුම (03) 
  74. ලොව පොඩිම - දෙවන දිග හැරුම
  75. ලෝකේ ලොකුම - 03 වන දිගහැරුම
  76. මේ කථා අහල තියෙනවද? 10 වන කොටස 
  77. ලෝකේ ලොකුම - 04 වන දිග හැරුම
  78. ගිතය ලියවුනේ මෙහෙමයි 03 -කන්ද කෙන්ද කරනු පිණිස කන්දට ගරහාලා
  79. ලොව පොඩිම -03 වන දිග හැරුම 
  80. නොබෙල් ත්‍යග 01 
  81. මේ කථා අහල තියෙනවාද? 11 වන කොටසඔබ දන්නවාද? 
  82. ලෝකේ ලොකුම - 05 වන දිග හැරුම 
  83. ගිතය ලියවුනේ මෙහෙමයි 04- හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන 
  84. ලෝකේ පොඩිම - 04 වන දිගහැරුම 
  85. ලෝක උරුම 04 - ඇල්බේනියාව 
  86. මේ කථා අහල තියෙනවාද? 12 වන දිගහැරුම 
  87. ලෝකේ ලොකුම - 06 වන කොටස 
  88. ගිතය ලියවුනේ මෙහෙමයි 05 - හෙට දවසේ අපදෙදෙනා මේ වාගෙම හමු විය යුතුවේ
  89. ලෝකේ පොඩිම - 05 වන දිගහැරුමඔබ දන්නවාද? 
  90. ලෝක උරුම 05 - ඇල්බේනියාව (ඓතිහාසික මධ්‍යස්ථාන වන Berat හා Gjirokastra )
  91. නොබෙල් සාම ත්‍යගය - 1901 
  92. මේ කථා අහල තියෙනවද? - 13 වන දිගහැරුම 
  93. ලෝකේ ලොකුම -07 වන කොටස 
  94. ගිතය ලියවුනේ මෙහෙමයි 06 - මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි 
  95. ලෝකේ පොඩිම - 06 වන කොටස 
  96. ලෝක උරුම 06 - ඇල්ජීරියාව (Al Qal'a of Beni Hammad ) 
  97. නොබෙල් සාම ත්‍යගය - 1902
  98. මේ කථා අහල තියෙනවාද? 14 වන දිගහැරුම 
  99. ලොකේ ලොකුම - 08 වන කොටස 
  100. ගිතය ලියවුනේ මෙහෙමයි 07 - රන් කෙන්දන් බැඳ අතැඟිලි එක්කළ ආදරයයි..
  101. සියයක සතුට..අනම් මනම්, ඔබ දන්නවාද?, මට හිතෙන හැටි 
  102. 2015 වසරේ ලොව බලවත්ම පුද්ගලයින් 
  103. මේ කථා අහල තියෙනවාද? 15 වන දිග හැරුම 
  104. ගිතය ලියවුනේ මෙහෙමයි 08 - මුතුකුඩ ඉහළන මල් වරුසාවේ 
  105. ලෝක උරුම 07 - ඇල්ජිරියාව 
  106. නොබෙල් සාම ත්‍යගය - 1903 
  107. ලොව බලවත්ම පුද්ගලයින් - ව්ලැඩිමීර් පුටින් 
  108. මේ කථා අහල තියෙනවද? 16 වන දිගහැරුම 
  109. ලෝක උරුම 08 - ඇල්ජිරියාව ‍(M'Zab නිම්නය) 
  110. නොබෙල් සාම ත්‍යගය 1904 
  111. ලොව බලවත්ම පුද්ගලයින්- ඇන්ජිලා මර්කෙල් 
  112. මේ කථා අහල තියෙනවාද? 17 වන දිගහැරුම 
  113. ගිතය ලියවුනේ මෙහෙමයි 09 -පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ 
  114. ලෝක උරුම 09 - ඇල්ජිරියාව (Tassili n'Ajjer) 
  115. සාමාන්‍ය දැනුම 01ඔබ දන්නවාද? 
  116. නිමා වු 2015.... 
  117. මේ කථා අහල තියෙනවද? 18 වන දිගහැරැම 
  118. ලෝක උරුම 10 - ඇල්ජිරියාව (Timgad) 
  119. නොබෙල් සාම ත්‍යගය 1905 
  120. ලොව පළමුවරට - 01 
  121. නොබෙල් සාම ත්‍යගය 1906 
  122. ලෝක උරුම 11 - ඇල්ජිරියාව (Tipaza) 
  123. මේ කථා අහල තියෙනවාද? 19 වන දිගහැරුම 
  124. Ebay එකෙන් බඩු ගෙන්නනවාද? 5% ක වට්ටමක් ගන්න හැටි දන්නවාද? 
  125. නොබෙල් සාම ත්‍යාගය 1907 
  126. ලෝක උරුම 12 - ඇල්ජිරියාව (Kasbah of Algiers) 
  127. මේ කථා අහල තියෙනවාද? - 20 වන දිගහැරුම 
  128. නොබෙල් සාම ත්‍යගය - 1908 
  129. ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද? 
  130. ලෝක උරුම 13- ඇන්ඩෝරා ( Madriu-Perafita-Claror Valley) 
  131. මේ කථා අහල තියෙනවාද? 21 වෙනි දිගහැරුම
  132. නොබෙල් සාම ත්‍යගය 1909 
  133. ලෝක උරුම 14 - ඇන්ටිගුවා හා බාර්බුඩා (ඇන්ටිගුවා නාවික හමුදා නැව් තටාංගනය ආශ්‍රිත පුරාවිද්‍යත්මක ස්ථාන) 
  134. මේ කථා අහල තියෙනවාද? 22 වෙනි දිගහැරුම 
  135. නොබෙල් සාම ත්‍යාගය 1910 
  136. ලෝක උරුම 15 - ආර්ජන්ටිනාව (Los Glaciares National Park) 
  137. මේ කථා අහල තියෙනවද? 23 වෙනි දිගහැරුම 
  138. නොබෙල් සාම ත්‍යාගය - 1911 
  139. නොබෙල් සාම ත්‍යාගය - 1912 
  140. නොබෙල් සාම ත්‍යාගය - 1913 
  141. නොබෙල් සාම ත්‍යාගය - 1914 -1916
  142. ලෝක උරුම 16 - ආර්ජන්ටිනාව (Jesuit Missions of the Guaranis) 
  143. ලංකාවේ ප්‍රථම ජනසතු බස් රථය 
  144. EBATES එකෙන් චෙක් එකක් ගෙදරටම එව්වා- අන්තර්ජාලයෙන් මුදල් හොයමු 
  145. යකා මල 
  146. නොබෙල් සාම ත්‍යාගය - 1917 
  147. නොබෙල් සාම ත්‍යාගය 1919 
  148. ලෝක උරුම 17- ආර්ජන්ටිනාව (Iguazu ජාතික උද්‍යනය) 
  149. ලෝක උරුම 18- ආර්ජන්ටිනාව (Cueva de las Manos, Río Pinturas) 
  150. ජලය දෙබෑකරගෙන ගුවන් ගතවන මොහොත 
  151. ඖෂධ ශාක 01 - නවහන්දි 
  152. ඖෂධ ශාක 02 - විෂ්ණුක්‍රාන්ති 
  153. ඖෂධ ශාක 03 - කලාදුරු 
  154. ඖෂධ ශාක 04 - අදු ශාකය 
  155. නොබෙල් සාම ත්‍යාගය - 1920
  156. නොබෙල් සාම ත්‍යාගය - 1921 
  157. කුප්පමේණියා 
  158. නොබෙල් ත්‍යාග - 1901 
  159. පොල් පළා
  160. ඉගුරු 
  161. හාතාවාරිය 
  162. කිරි අගුණ 
  163. නොබෙල් ත්‍යාගය - 1902 
  164. මොණරකුඩුම්බිය 
  165. ඖෂධ පෑලෑටි 01 - 10
  166. නොබෙල් සාම ත්‍යාගය 1922 
  167. නොබෙල් ත්‍යාගය - 1903 
  168. ලෝක උරුම 20 - ආර්ජන්ටිනාව (Peninsula Valdés) 
  169. නොබෙල් සාමත්‍යගය - 1923 හා 1924 
  170. නොබෙල් ත්‍යාගය -1904 
  171. ලෝක උරුම 21 - ආර්ජන්ටිනාව 
  172. සුභ අලුත්අවුරුද්දක් වේවා 
  173. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 01 
  174. Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමතිද? 
  175. සාමාන්‍ය දැනීම - 01 
  176. නොබෙල් සාම ත්‍යාගය - 1925
  177. ලෝක උරුම - 22 ආජන්ටිනාව
  178. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 02 
  179. සාමාන්‍ය දැනිම - 02 
  180. නොබෙල් ත්‍යාග - 1905 
  181. නොබෙල් සාම ත්‍යාගය - 1926 
  182. ලෝක උරුම - 23 ආර්ජන්ටිනාව 
  183. මෙන්න තවත් ගිනස් වාර්තාවක් - 03 
  184. සාමාන්‍ය දැනිම - 03 
  185. නොබෙල් ත්‍යාගය - 1906 
  186. නොබෙල් සාම ත්‍යාගය - 1927
  187. ලෝක උරුම - 24 ආර්මේනියාව 
  188. සාමාන්‍ය දැනීම 04 
  189. ලෝක බ්රේල් දිනය 
  190. නොබෙල් ත්‍යාගය 1907 
  191. නොබෙල් සාම ත්‍යාගය - 1928 
  192. ලෝක උරුම - 25 ඔස්ට්‍රේලියාව
  193. සාමාන්‍ය දැනීම - 05 
  194. අන්තර් ජාලයෙන් මුදල් හොයමු.
  195. ඖෂධ පැලෑටි - 11-20 
  196. ගිතය ලියවුනේ මෙහෙමයි 10 - සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි 
  197. නොබෙල් ත්‍යාගය 1908 
  198. නොබෙල් සාම ත්‍යාගය - 1929 
  199. ලෝක උරුම - 26 ඕස්ට්‍රෙිලියාව 
  200. සාමාන්‍ය දැනිම 06


Friday, February 2, 2018

සාමාන්‍ය දැනිම 06

සාමාන්‍යා දැනීම 05

251. අගොස්තු මස පළමු සිකුරාදා
ජාත්‍යාන්තර බීර දිනය

252. අගොස්තු මස පළමු ඉරිදා
ජාත්‍යාන්තර මිතුරු දිනය

253. අගොස්තු 09
ලෝක ආදිවාසින් පිළිබඳ ජාත්‍යාන්තර දිනය

254.අගෝස්තු 12
යෞවනය සඳහා වූ ජාත්‍යන්තර දිනය

255. අගෝස්තු 19
ලෝක මානව හිතවාදි දිනය

256. අගෝස්තු 19
ලෝක ඡායාරෑපකරණ දිනය

257. අගෝස්තු 21
ලෝක විලාසිතා දිනය

258.අගෝස්තු 23
වහල් වෙළඳාම හා එය අහෝසි කිරිම සැමරීමේ දිනය

259. අගෝස්තු 29
න්‍යාෂ්ටික අත්හදාබැලිම් වලට එරෙහි දිනය

260.අගෝස්තු 30
බලයෙන් අතුරුදහන් කරවුවන් පිළිබඳ ජාත්‍යාන්තර දිනය

261. සැප්තැම්බර් 05
ජාත්‍යාන්තර අසරන සරණ දිනය

262.සැප්තැම්බර් 08
ලෝක සාක්ෂරතා දිනය

263.සැප්තැම්බර් 10
ලෝකය සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය

264. සැප්තැම්බර් 15
ජාත්‍යාන්තර ප්‍රජාත්‍රන්ත්‍රවාදී දිනය

265. සැප්තැම්බර් 16
ඕසෝන් ස්ථරය සුරැකීමේ දිනය

266.සැප්තැම්බර් 18
ලෝක ජල සමීක්ෂණ දිනය

267.සැප්තැම්බර් 21
ජාත්‍යන්තර සාම දිනය
268.සැප්තැම්බර් 26
යුරෝපීය භාෂා දිනය
 
 268.සැප්තැම්බර් 26
න්‍යාෂ්ටික අවි සහමුලින් තුරන් කිරිම පිළිබඳ ජාත්‍යාන්තර දිනය

269. සැප්තැම්බර් 27 
ලෝක සංචාරක දිනය

270. සැප්තැම්බර් 28
ලෝක ජලභීතිකා දිනය

271.සැප්තැම්බර් 29
ලෝක හෘද දිනය

272. සැප්තැම්බර් 30
ජාත්‍යන්තර කෝපි දිනය

273.ඔක්තෝබර් 01
ලෝක ළමා දිනය ( ශ්‍රි ලංකාව ඇතුලු රටවල් කිහිපයක් පමණක් ඔක්තෝබර් 01 දින ලෝක ලමා දිනය සමරයි.අනෙක් රටවල් විවිධ දිනයන් මේ සඳහා යොදා ගනි)

274.ඔක්තෝබර් 01 
 ලෝක වැඩිහිටි දිනය

275. ඔක්තෝබර් 01
ලෝක නිර්මාංශ දිනය

276. ඔක්තෝබර් 02
ජාත්‍යන්තර ප්‍රචන්ඩත්වයට එරෙහි දිනය

277.ඔක්තෝබර් 02
ලෝක මදුරු මර්දනය

278.  ඔක්තෝබර් 04 
 ලෝක සත්ව දිනය

279.  ඔක්තෝබර් 05 
 ලෝක ගුරු දිනය

280. ඔක්තෝබර් 08
ලෝක දෘෂ්ටි දිනය

281. ඔක්තෝබර් 09 
 ලෝක තැපැල් දිනය

282.  ඔක්තෝබර් 10 
 ලෝක මානසික සෞඛ්‍ය දිනය

283.ඔක්තෝබර් 11
දැරියන් පිළිබඳ ජාත්‍යාන්තර දිනය

284. ඔක්තෝබර් 13
ආපදා අවම කිරීම සඳහා ජාත්‍යාන්තර දිනය

285.  ඔක්තෝබර් 14 
 ලෝක ප්‍රමිති දිනය

286. ඔක්තෝබර් 15
ගෝලීය අත් සේදීමේ දිනය

287. ඔක්තෝබර් 15
ග්‍රාමිය කාන්තාවන් පිළිබඳ ජාත්‍යාන්තර දිනය

288. ඔක්තෝබර් 16
ලෝක ආහාර දිනය

289.  ඔක්තෝබර් 17 
 ජාත්‍යන්තර දුගී බව දුරලීමේ දිනය

290. ඔක්තෝබර් 18
ලෝක වසංගතය දිනය

291.ඔක්තෝබර් 20
ලෝක ඔස්ටියෝපොරෝසිස් දිනය

292.ඔක්තෝබර් 20
ලෝක සංඛ්‍යලේඛන දිනය

293. ඔක්තෝබර් 22
 නියඟය පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යාන්තර දිනය

294. ඔක්තෝබර් 24 
එක්සත් ජාතීන්ගේ දිනය

295.  ඔක්තෝබර් 24 
 ලෝක සංවර්ධන තොරතුරු දිනය

296. ඔක්තෝබර් 27
ශ්‍රව්‍ය දෘෂ්‍ය උරුමය පිළිබඳ ලෝක දිනය

297.ඔක්තෝබර් 28
ජාත්‍යාන්තර සජීවීකරණ දිනය

298. ඔක්තෝබර් පළමු සදුදා
ලෝක ජනාවාස දිනය

299.ඔක්තෝබර් දෙවන අඟහරුවාදා
ලෝක අක්ෂි දිනය

300.ඔක්තෝබර් දෙවන සෙනසුරාදා
 කුරුල්ලන්ගේ දිනය


සාමාන්‍ය දැනිම මිලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න.

මෙතෙක් පලවු කොටස් සියල්ල PDF ගොනුවකින් ඔබට අවශ්‍යනම්,මෙතනින් ගොස් ඩවුන්ලොඩ් කරගන්න. ඔබට ජය

Thursday, February 1, 2018

ලෝක උරුම - 26 ඕස්ට්‍රෙිලියාව

2.කකාඩු ජාතික උද්‍යානය

ඕස්ට්‍රෙිලියාවෙන් අපට හමුවන දෙවන ලෝක උරුමය ලෙස කකාඩු ජාතික උද්‍යානය දැක්විය හැකිය.

මෙය පාරසරික හා සංස්කෘතික උරුම යන  දෙඅංශයෙන්ම ලොවට දායාද වු ලෝක උරුමයක් වේ.

 මෙම සුවිශේෂී පුරාවිද්‍ය හා වාර්ගික සංචිතය වසර 40,000 කට වැඩි කාලයක් පැරණි වේ. ලන්දේසි සිතුවම්, පාෂාණ කැටයම් හා පුරාවිද්‍යා ස්ථාන ආදිවාසීන්ගේ කාලයේ දඩයම්කරුවන්ගෙන් පැවතෙන ඇබොරිජින් ජනයා තවමත් ජීවත්වන ප්‍රදේශයක් ලෙස දැක්පවිය හැකිය. සංකීර්ණ පරිසරයක් මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.










ලෝක උරුම 25 කොටස මෙතනින් කියවන්න

Wednesday, January 31, 2018

නොබෙල් සාම ත්‍යාගය - 1929

නොබෙල් සාම ත්‍යාගය 1929 වසරේදී ලැබුනේ කාටද යන්න දැනගැනීමට පෙර මෙම ත්‍යාගයට 1928 වසරේදී සිදුවුයේ කුමක් වුයේද යන්න ඔබ දන්නවාද? නැත්නම් මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

නෙබෙල් සාම ත්‍යාගය 1929 වසරේදී ෆ්රෑන්ක් බිලිංස් කෙලෝග් මහතාට හිමිවිය.
1856 දෙසැම්බර් 22 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ පොට්ස්ඩම් හිදී උපත ලද  ෆ්රෑන්ක් බිලිංස් කෙලෝග් මහතා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ලෙස දෙවන ලොක යුද්ධයෙන් පසු ලෝක සාමය උදෙසා ලොව එක් එක් රාජ්‍යන් සමඟ එළබෙන ලද ගිවිසුම් හේතුවෙන් මෙම සාම ත්‍යාගය හිමිවිය. 1928 දී බ්රයන්-කෙලියෝග ගිවිසුමෙන් ආරම්භ කරන ලද මෙය ලෝක සාමය උදෙසා ඉදිරි පියවරක් තැබුවේය.

1937 දෙසැම්බර් 21 ඇමරිකා එක්සත් ජනපදයේ  ශාන්ත පාවුළු හිදී මෙම සාමයට හිතැති මිනිසා මෙලොවට සමු දුන්නේය.

නොබෙල් සාම ත්‍යාගය ගැන මුල සිට මෙම ලිපියෙන් කියවන්න


Tuesday, January 30, 2018

නොබෙල් ත්‍යාගය 1908

1908 වර්ෂයේදී නොබෙල් ත්‍යාගය බෙදී ගියේ කොහොමද කියල දැනගන්න කලින් ඔබ 1907 වර්ෂයේ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ කවුරුන්ද කියා දැනුවත්ද? නැතිනම් මෙතනින් ගිහින් එම ලිපිය කියවන්න.

දැන් අපි බලමු 1908 වර්ෂයේ නොබෙල් ත්‍යාග බෙදී ගියේ කොහොමද කියලා

01. භෞතික විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Gabriel Lippmann


02.රසායන විද්‍යව පිළිබඳ නොබෙල් ත්‍යාගය

Ernest Rutherford

03.කායික විද්‍යව  හෝ වෛද්‍ය විද්‍යව  පිළිබඳ නොබෙල් ත්‍යාගය
Ilya Ilyich Mechnikov


Paul Ehrlich

04.නොබෙල් සාහිත්‍ය ත්‍යාගය

Rudolf Christoph Eucken

Fredrik Bajer

ගිතය ලියවුනේ මෙහෙමයි 10 - සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි

ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් ලංකාවේ හැදුන ලස්සන සිංදු හැදුන හැටි. ඒ සින්දු හැදෙන්න හේතු වුන සිදුවිම් ගැන අපි අහල තියෙන ආකාරයට ලිපි පෙලක් ලියන්න පටන් ගත්තා.

මිට පෙර මේ ගැන ලියවුන සින්දු ගැන බලන්න මෙතනින්.

අද කතාව මෙහෙම 
83 කළු ජුලිය කාලේ දවසක රැ 12 ට විතර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගෙදර දුරකථනය නාඳ වෙනව,අනිත් පැත්තෙන් කතා කරන්නේ ගුණදාස කපුගේ මහතා..කපුගේ මහතා කියනවා එක්තරා සඟරාවක නමක් සදහන් කරමින් රත්න කොහොම හරි මේ මාසේ ඒ සඟරාව අරන් කියවන්න කියල..රෑ 12 ට විතර කතා කරලා මේ වගේ දෙයක් කිව්වම එතුමාට පොඩි තිගැස්මක් ඇති වෙන්නත් ඇති..ඒ සගරාවේ තබුන සුන්දර කෙටිකතාවක් .

මාතර පැත්තේ සිංහල ගැහැණු ළමයෙක් තමන්ගේ පළමු රැකියා පත් වීම විදියට උප පොලිස් කොස්තාපල් වරියක් විදියට බම්බලපිටිය පොලිසියේ වැඩ බාරගන්නවා,,එතනම යාපනෙනේ ඉඳල ආපු දමිල තරුණයෙකුත් රාජකාරි කරනවා..මුලදී දෙදෙනා අතර ඇතිවෙන හිතවත්කම පස්සේ දළුලා වැඩුණු ආදරයක් බවට පත්වෙනවා,,තරුණයා දමිල වීම හේතුකොටගෙන සාම්ප්‍රදායික ඇතිවෙන විරෝදතාවයන් ගැහැණු ලමයාගේ පැත්තෙන් එල්ල වෙනවත් සමගම අවසාන ප්‍රථිපලය ලෙස දෙදෙනා හොර රහසේම විවාහ වී තරුණයාගේ ගම රට වන තල් රුප්පාවට පලා යනවා,මා අසා ඇති පරිදි මෙහි එන දමිළ තරුණයා නම් කොටි සංවිධානයේ නඩේසන් නම් ප්‍රධානියා බවයි. ඔහුගේ බිරිඳද සිංහල කාන්තාවකි

මේ සුන්දර ආදර කතාව කියවපු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ හිතේ හරි සොදුරු ගී සංකල්පනාවක් උපදිනවා මෙන්න මේ විදියට.,,

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලි
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල අරඹට ආවදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මධුසමේ මදුර කටු අතරේ පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්ක පෙමින් බදුන ව්හඟ සෙනග හාඩාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුබට බාරයි රැක ගනින් දේවතාවී


මෙන්න මේ විදියට රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අතින් නිර්මානය වෙන අරුත්බර ගී සංකල්පනාවට ගුණදාස කපුගේ මහතා තනූ නිර්මාණය හා ගයනයෙන් උපරිම සාදාරණක් ඉ‍ටුකර තියෙනවා.මේ ගීතය ගැන ඔබගේ අදහසුත් කියල යන්න අමතක කරන එපා..
ගුණදාස කපුගේ මහතාගේ මේ සින්දුව මෙතනින් අහන්න

උපුටා ගැනීම www.elakiri.com