අපි blogspot
හිතට දැනෙන දේ...........
අපි blogspot
දැනුම විනොදය ආශ්වාදය සමගින් අපි අපිගැන සමාජ කතිකාවත
අපි blogspot
ඔබත් සමග බෙදා ගන්මින් අපි අපිගැන සමාජ කතිකාවත
අපි blogspot
ඔබේ අදහස් අපි සමග බෙදාගන්න එන්නඅපි ලගට අපි අපිගැන සමාජ කතිකාවත
අපි blogspot
අපේ ෆේස් බුක් පිටුව සමග එක්වන්න https://www.facebook.com/api2013 අපි අපිගැන සමාජ කතිකාවත
Monday, September 24, 2018
පොල් වතුර වල ගුණ
Friday, September 21, 2018
කුරුදු වල ගුණ
කුරුදු කියන්නේ ඖෂධයක් වගේම රසකාරකයක්.
කුරුදු වල තියෙන ඖෂධිය ගුණය ඉතා ඉහලයි.
විඩියොව බලන්නකො මොනවද ඒ ඖෂධීය ගුණය කියල දැනගන්න
කුරුදු වල තියෙන ඖෂධිය ගුණය ඉතා ඉහලයි.
විඩියොව බලන්නකො මොනවද ඒ ඖෂධීය ගුණය කියල දැනගන්න
Thursday, September 20, 2018
නුවර අවට ට්‍ර්ප් එකක් ගිහින් බලන්න තියෙන තැන්.
නුවර පැත්තේ සිරි නරබන්න යනවනම් මාලිගාවට විතරක් ගිහින් එනවද?
නුවර ඉදන් පයින් වුනත් ගියන් බලල එන්න පුළුවන් මේ ස්ථාන වලට ඔබ ගිහින් තියනවද..
.ඔබත් නුවර යනවන්ම් මේ තැන් බලන්න යන්න අමතක කරන්න එපා.
මේ තැන් කොච්චර ලස්සනද කියලා පහල විඩියොව බලන්න
Sunday, September 16, 2018
කිරි අඟුණ වල ගුණ
කිරි අඟුණ කියන්නේ රසවත් සලාදයක්/මැල්ලුමක් ලෙස සාදාගත හැකි කොල වර්ගයක්.
ඒත් මේ කොල කොච්චර ගුණද කියල දන්නවාද.බලන්න පහල විඩියොව.
විශේෂයෙන් ගැබිණි මව් වරු හා කිරි දෙන මව් වරු නැරබිය යුතුම විඩියෝවකි.
ඒත් මේ කොල කොච්චර ගුණද කියල දන්නවාද.බලන්න පහල විඩියොව.
විශේෂයෙන් ගැබිණි මව් වරු හා කිරි දෙන මව් වරු නැරබිය යුතුම විඩියෝවකි.
Tuesday, September 11, 2018
ලොව භයානකම බල්ලන් වර්ග 25
ඔන්න දිගු නිහඩියාවකට පසු නැවත මෙම බ්ලොග් එක යාවත්කාලින කරන්න හිතුවා.පසුගිය දිනවල තිබුන අධික කාර්ය බහුලත්වය නිසා අළුතින් යමක් ඉදිරිපත් කරන්න බැරිවුනා.
ලෝකේ ඉන්න භයානකම බල්ලන් දැකල තියනවද?
බලන්නකො පහල විඩියෝව . කවුද දැනට ඉන්න භයානකම බල්ලන් වර්ග කියල.
ලෝකේ ඉන්න භයානකම බල්ලන් දැකල තියනවද?
බලන්නකො පහල විඩියෝව . කවුද දැනට ඉන්න භයානකම බල්ලන් වර්ග කියල.
Saturday, June 16, 2018
ලෝකයේ වියළිම ස්ථානය: ඇන්ටාර්ක්ටිකාවේ වියළි මිටියාවත
10:57 PM
No comments
ඇන්ටාර්ටිකා මහාද්වීපයේ එක් අභ්‍යන්තර ප්‍රදේශයක් වියළි මිටියාවත ලෙසින් නම් කර තිබේ. මෙම ප්‍රදේශයට වසර මිලියන දෙකකින් පමණ වර්ෂාවක් ලැබී නැති බව පැවසේ. ග්‍රීෂ්මයේදී ඇන්ටාක්ටිකාව තුළ ගලා යන ජල ධාරා නිසා මේ නිම්නයේ තැන තැන කුඩා ජලාශ හට ගන්නා නමුත් ජලය, අයිස් හෝ හිම යන කිසිදු ආකාරයක තෙතමනයක් මෙහි දක්නට නොලැබේ. මෙම වියළි මිටියාවතේ ශුෂ්ක ස්වභාවයට හේතුවී ඇත්තේ පැයට කිලෝමීටර 320 ක් තරම් වේගයකින් හමා යන දරුණු සුලං ප්‍රවාහයයි. මේ නිසා මෙම ප්‍රදේශයේ තෙතමනය වාෂ්ප වීම සිදුවේ. ඇන්ටාර්ක්ටිකාව තුළ ඇති අයිස් රහිත එකම භූමිභාගය මෙයයි. චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාර ප්‍රදේශය ද ඉතා වියළි වන අතර මෙම ස්ථාන දෙකෙන් වඩාත් වියළි ස්ථානය කුමක් දැයි තීරණය කිරීමට දැනට ඇති දත්ත ප්‍රමාණවත් නොවේ. වැඩි විස්තර පහත විඩියෝව බලන්න
Saturday, April 21, 2018
ලොව හොදම හෝටල් 10
ලොව ඉදිකර ඇති ඉංජිනේරුවන්විගේ ශිෂ්ඨ නිර්මාන ලෙස නම් කල හැකි හෝටල් 10 ක් පිළිබඳ විස්තර අද ඉදිරිපත් කරනවා. පහත විඩියෝව නරබන්න. කොහමෙද මෙම හෝටල් කියලා..
Wednesday, March 21, 2018
ගිතය ලියවුනේ මෙහෙමයි 14 - තනි තරුවේ...
මෙම ලිපිය කියවන්න කලින් ගිතය ලියවුනේ මෙහෙමයි 13 මෙතනින් ගිහින් කියවන්න.
ඔන්න ඉතින් යාළුවනේ මේ ඔයාල හොදට දන්න ගීතයක්.... ඒ වගේමයි මෙහි නිධාන කතාවත් හරිම ජනප්‍රියයි... ඒත් මට හිතුන මේ ගීතය නොදැම්මොත් ලොකු අඩුවක් කියල.... එනිසයි මේ විචාරය කරන්න කලාපනා කලේ....තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...
මහද අරණ ළතැවි ළතැවි
රැඳෙනු බැරි ව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ....
ගී පද - ප්‍රේමකීර්ති අල්විස්
සංගීතය හා ගායනය – වික්ටර් රත්නායක
ප්‍රේම කීර්ති මුහුදු වෙරලෙ හාන්සිවෙලා ඉදගෙන ”තනි තරුවේ” කියල කෑ ගැහුවලු. මේක අහගෙන හිටිය වික්ටර් කීවලු ”මචං... ප්‍රේම් අන්න එහෙම සින්දුවක් ලියපං... ” කියල....
මේකනේ ඉතින් අපි දන්න කතාව.... ඒත් ඇයි ප්‍රේම කීර්ති එහෙම කෑ ගැහුවෙ.... මොකද්ද මේ ගීතයෙන් කෑ ගහල අපිට කියන්න උත්සාහ කරන්න හදන්නෙ කියල අපි ටිකක් අධ්‍යනය කරල බලමු....
තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
අහසෙ තරුවක් තියෙනව... එසේ මෙසේ තරුවක් නෙමෙයි තනිවෙච්චි තරවුක්.... මම මහපොළවෙ.... තරවෙ ඔයා අහසෙ ඉන්න ... මම පොළවෙ මෙතැන ඉන්නම්... ඔයත් තනිවෙලා... මමත් තනිවෙලා.... අපි අපි දෙස බලාගෙන ඉන්නවා... දුරස් වී එකිනෙකා දෙස බලා ඉන්නවා ඇරෙන්න වෙන කුමක් කරන්නද?
තව දුරටත් මේ ගීතය අපේ හදවත් තුලට දැනෙන්න නම් කවුද මේ තනි තරුව කියන එක අපි දැනගත යුතුමයි ...... මේ තරුව ඔහුගේ ළඟින් ම සිටියා තරුවකි. ඔහුට ආදරය කළ තරුවක්. ජීවන ගමන්මඟ එළිය කළ තරුවක්. තනි නොවී සිටි තරුවක්. එහෙත් දැන් තනි තරුවක්.... වෙනකෙකු නොව ඔහුගේ බිරිදමයි මේ තනි තරුව.......
මගේ නෙත් ඔයාගෙ නෙත් වල කෙතරම් නම් රැ දෙන්න ඇද්ද.... අපි දෙදෙන කෙතරම් ප්‍රේමයෙන් වෙලෙන්න ඇද්ද.... කෙතරම් ආදරෙන් ඉන්න ඇද්ද.... ජීවිතේ දුක් කරදර ජයගෙන සන්තෝෂය විදගෙන අපි දෙදෙන ආදරෙන් මෙතෙක් දුරක් ඇවිත්.... දෙපැත්තට වෙලා තනිවුනා......
”නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවඟ මුවඟ ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණි
තනි තරුවේ.....
මගේ ලග ඉන්න බෑ කියල දුක්වෙවී ඉදල, ලතවෙවී ඉදල ඇති හොදටෝම ඇති කියල ඔයා යන්න ගියා... යන්න ගියා විතරක් නෙමෙයි ඔයා දැන් සැනසීමකුත් ලබල ඒකෙන්....ඔයා සැනසීම තොසාගෙන ගිය තැන සැනසීම තියෙනවනේ.... ඒ ඇති මට, හොදටෝම ඇති... කොහේ හිටියත් ඔයා සන්තෝසෙන් ඉන්නවනම් මට හොදටම ඇති. මම ප්‍රාර්ථනා කරන්නෙත් එපමණයි...ඉතින් ඔයා එහෙනම් ඔතන ඉන්න.... මම මෙහෙට වෙලා ඉන්නම්.....
”මහද අරණෙ ළතැවි ළතැවි
රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසී
තනි තරුවේ”
මේ ගීතය පුරාවටම තමා අතහැර ගිය බිරිද දෙස උපේක්ෂාවෙන් බැලීමක් තමා කරන්නෙ.... මගේ ලග ආදරෙන් ඉදල .... මේ ජීවිතේ අපි එකට ගොඩාක් දුර පියමං කරගෙන අපි ආව... ඒත් හදිස්සියෙ ඔයාට මගේ අඩු පාඩු පේන්න ගත්ත... මම හොදනැති උනා... මාව එපා උනා... එපා වුන මගේ ලග ඉන්න බෑ, මගේ ලග ඔබට සැනසීමක් නෑ කියල ඔයා ගියා යන්න සැනසීමක් තියෙන තැනක් හොයාගෙන. ඔයා දැන් එතන ඉන්නව ... අනේ මේ මම තාමත් ඒ හිටපු තැනමයි.... ඔයා හොදින් ඔතැනට වෙලා ඉන්න සොදුරියෙ... මම මට පුළුවන් විදියට මෙහෙට වෙලා ඉන්නම්....
එදා ප්‍රේම කීර්ති ”තනි තරුවේ” කියල කෑ ගහුවේ... හිතේ තියෙන වේදනාවට තමන්ගෙ බිරිද සිහිවුනාම දරාගන්න බැරි දුකට .... කොච්චර පවුද.... තමන්ගෙ බිරිදගෙ නම කියල කෑ ගහන්න බැරි කමට තනි තරුවේ කියල කෑ ගහනවා.... එවෙලේ ”තනි තරුවේ” කියලා කෑ ගහපු තාලයම තමා මේ ගීතයේ තියෙන්නෙත්..... ආදරේ, විරහව මහ පුදුමාකාරයි.....
උපුටා ගැනීම www.elakiri.com
Tuesday, March 13, 2018
අන්තර්ජාල මුදල් - 2018 වර්ෂයේ වඩාත් ලාබදායි Fiverr gig අදහස් 100 ( තෙවන කොටස)
7:23 AM
No comments
අද අපි අන්තර්ජාල මුදල් යටතේ කියාදෙන්න යන්නේ 2018 වර්ෂයේදී වඩාත් ලාබදායිම gig අදහස් 100 ක් ගැන. මෙමගින් අළුත් gig එකක් හදන්න පටන්ගන්නකොට ඉතා වැදගත් වෙයි.
ඔක්කොටම ඉස්සරවෙලා අන්තර්ජාල මුදල් යටතේ ෆයිවර් ගැන මිට පෙර ලියපු ලිපිය කියවලා එන්න. එතකොට හරියට නියමාකාරව Fiverr වල රෙජිස්ටර් වෙන්න හා Fiverr වෙබ් අඩවිය ගැන හොද අවබොදයක් ලබාගත හැකි වෙයි. එම ලිපිය මෙතනින් ගිහින් කියවන්න.
2018 වර්ෂයේ වඩාත් ලබදායි Fiverr gig අදහස් 100 ලිපි පෙලේ පළමු කොටස මෙතනින් හා එහි දෙවන කොටස මෙතනින් ගිහින් කියවන්න.හරි එහෙනම් අද වැඩේ පටන්ගනිමු.අපි මෙතනදි Fiverr වල තියෙන වඩාත් ලාබ දායි gig අයිඩියා 100 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන අතර එය කොටස් කිහිපයකින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වනවා.අවශ්‍යනම් ඔබට එම gig අයිඩියා එක මත click කර දැනට Fiverr සයිට් එකේ gig උදාහරණ ලෙස නැරඹිය හැකි වෙනවා.
58-Create and Sell Accounts
59-Voiceovers
60-Use Pets for Videos or Pictures
61-Take Picture Holding Sign, Message, Logo
62-Logo Advertising on Body, Hand, Car or another Creative Way
63-Spell Out Name or Logo in Rice
64-Sing Happy Birthday
65-Help Brainstorm Company Names or Slogans
66-Give Advice
67-Research Amazon Keywords or Niches for Writers On Kindle
68-Do Market research
69-Teach Lessons in Another Language
70-Test Software
71-Remote Computer Repair
72-Remote Virus and Malware Removal
73-Post Ads to Craigslist or Kijiji
74-Submit Free eBooks to Websites
75-Video Testimonials or Video Reviews
ඉහත එක් එක් උදාහරණය හොදින් අධ්‍යනය කරල ඔයාලට කරන්න පුළුවන් දේවල් ගැන කරුණු එකතු කරගන්න. හදිස්සි වෙලා gig එකක් දාන්නේ නැතිව හොදින් අධ්‍යනයකින් පසු gig එකක් දැමිම මඟින් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මිලඟ කොටසින් ලගදීම හමුවෙමු. ඔබට ජය
Saturday, February 24, 2018
සාමාන්‍ය දැනීම - 09
මීට පෙර පළ කරන ලද සාමාන්‍ය දැනීම 08 කොටස මෙතනින් ගිහින් බලන්න.
401. අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ
ජිනීවා
402. සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ
435. ලොව කුඩාම රටවල් තුන අනුපිළිවෙලින්
401. අන්තර්ජාතික වෙළඳ සංවිධානයේ මූලස්ථානය පිහිටියේ
ජිනීවා
402. සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිලිගත්තේ
1950 සිට
403. පෘථිවියේ උසම ස්ථානය
403. පෘථිවියේ උසම ස්ථානය
එවරස්ට් කඳු මුදුනයි. එහි උස මීටර් 8848
404. පෘථිවිය මතුපිට ප්‍රධාන සාගර 5
404. පෘථිවිය මතුපිට ප්‍රධාන සාගර 5
අත්ලාන්තික් සාගරය, පැසිපික් සාගරය, ඉන්දියන් සාගරය, ආක්ටික් සාගරය, දක්ෂිණ සාගරය
405. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකථන අංකය
405. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ දුරකථන අංකය
1919
406. ශ්‍රී ලංකා ජනග්‍රහනය ව.කි. මීටරයට අඩුම සංඛ්‍යාව පෙන්වන පළාත වනුයේ
406. ශ්‍රී ලංකා ජනග්‍රහනය ව.කි. මීටරයට අඩුම සංඛ්‍යාව පෙන්වන පළාත වනුයේ
උතුරු මැද පළාත
407. "මෙලමයින්" විෂ මිශ්‍ර කිරිපිටි පානයේන් ළදරුවන් ගණනාවක් මරණයට පත්වීමෙන් මහත් ආන්දෝලනයක් ඇතිවූ රට
407. "මෙලමයින්" විෂ මිශ්‍ර කිරිපිටි පානයේන් ළදරුවන් ගණනාවක් මරණයට පත්වීමෙන් මහත් ආන්දෝලනයක් ඇතිවූ රට
චීනය
408. වැනිසියුලාවේ අගනුවර
408. වැනිසියුලාවේ අගනුවර
කැරකොස්
409. බල ශක්ති නිපදවීමේ ලා ඉතා වැදගත් වෘක්ෂයක් හඳුන්වන නාමයන් වනුයේ
409. බල ශක්ති නිපදවීමේ ලා ඉතා වැදගත් වෘක්ෂයක් හඳුන්වන නාමයන් වනුයේ
ග්ලිරිසීඩියා, තන්චි, මකුලැස්ස ( මකුලාන ) , ලාඩප්පා
410. යුරෝපයෙන් බිහිවූ අග්‍රගණ්‍ය ප්‍රතිමා ශිල්පියා
410. යුරෝපයෙන් බිහිවූ අග්‍රගණ්‍ය ප්‍රතිමා ශිල්පියා
මයිකල් ඇන්ජලෝ
411. නිශ්ශංක ලතා මණ්ඩපය පිහිටියේ
411. නිශ්ශංක ලතා මණ්ඩපය පිහිටියේ
පොළොන්නරුව
412. ලෝකයේ විශාලතම කාන්තාරය
412. ලෝකයේ විශාලතම කාන්තාරය
සහරා කාන්තාරය
413. ලෝකයේ විශාලතම ඩෙල්ටාව
413. ලෝකයේ විශාලතම ඩෙල්ටාව
ගැන්ගස් ඩෙල්ටාව
414. කෘතවේදීත්වයේ නගරය
414. කෘතවේදීත්වයේ නගරය
රණ ජය පුර (අනුරාධපුර ඉපලෝගම )
415. රොයිටර් සේවයේ නිර්මාතෘ
415. රොයිටර් සේවයේ නිර්මාතෘ
ජෝල් ජූලියස් රොයිටර්
416. නොබෙල් ත්‍යාග ලබාදෙන ක්ෂේත්‍ර
416. නොබෙල් ත්‍යාග ලබාදෙන ක්ෂේත්‍ර
සාහිත්‍යය , වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, සාමය
417. උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේ වැදගත්කම
417. උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයේ වැදගත්කම
සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කිරීම සහ ලක්දිව භික්ෂුණී ශාසනය පිහිටුවීම
418. ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් (The God of Small Things) ග්‍රන්ථය ලියූ අරුන්දතී රෝයි එම ග්‍රන්ථය සඳහා "බූකර්" සම්මානය පුද ලැබූ වර්ෂය වනුයේ
418. ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් (The God of Small Things) ග්‍රන්ථය ලියූ අරුන්දතී රෝයි එම ග්‍රන්ථය සඳහා "බූකර්" සම්මානය පුද ලැබූ වර්ෂය වනුයේ
ක්‍රි.ව. 1997
419. ලෝකයේ විශාලතම පුස්තකාලය
419. ලෝකයේ විශාලතම පුස්තකාලය
ඇමෙරිකාවේ කොන්ග්‍රස් මණ්ඩලයේ පුස්තකාලය
420. ලෝකයේ පළමු විශ්වවිද්‍යාලය
420. ලෝකයේ පළමු විශ්වවිද්‍යාලය
නාලන්දා විශ්ව විද්‍යාලය
421. හෙළ හවුලේ නිර්මාතෘ
421. හෙළ හවුලේ නිර්මාතෘ
කුමාරතුංග මුනිදාස
422. විශ්ව ළමා දිනය සහ විශ්ව වැඩිහිටි දිනය යෙදී ඇත්තේ
422. විශ්ව ළමා දිනය සහ විශ්ව වැඩිහිටි දිනය යෙදී ඇත්තේ
ඔක්තෝම්බර් 01
423. විශාලතම මහද්වීපය
423. විශාලතම මහද්වීපය
ආසියා මහද්වීපය
424. දකුණු අධිවේගී මාර්ගය සඳහා අරමුදල් සපයන මූලාශ්‍රය
424. දකුණු අධිවේගී මාර්ගය සඳහා අරමුදල් සපයන මූලාශ්‍රය
ආසියානු සංවර්ධන බැංකුව සහ ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳ ජපාන බැංකුව
425. අඳුරු මහද්වීපය
425. අඳුරු මහද්වීපය
අප්‍රිකාව
426. ලොව විශාලතම කාන්තාරය
426. ලොව විශාලතම කාන්තාරය
සහරා කාන්තාරය
427. වෙදකමෙහි මෙන්ම බෙහෙත් වතු වැවීමේ දී ඉතා ප්‍රසිද්ධව සිටි මේ රජුට පුතුන් අසූවක් සිටි බව ඉතිහාසයේ සටහන්ව ඇත
427. වෙදකමෙහි මෙන්ම බෙහෙත් වතු වැවීමේ දී ඉතා ප්‍රසිද්ධව සිටි මේ රජුට පුතුන් අසූවක් සිටි බව ඉතිහාසයේ සටහන්ව ඇත
බුද්ධදාස රජතුමා
428. ලම්බාඩා නැටුම අයත් රට
428. ලම්බාඩා නැටුම අයත් රට
බ්‍රසීලය
429. KLM ගුවන් සේවය අයත් රට
429. KLM ගුවන් සේවය අයත් රට
නෙදර්ලන්තය
430. අප්‍රිකාවේ ගාන්ධි
430. අප්‍රිකාවේ ගාන්ධි
මාර්ටින් ලූතර් කිං
431. ලෝක ජෛව විවිධත්ව දිනය
431. ලෝක ජෛව විවිධත්ව දිනය
දෙසැම්බර් 29
432. පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇරඹි වර්ෂය වනුයේ
432. පළාත් සභා ක්‍රමය ශ්‍රී ලංකාවේ ඇරඹි වර්ෂය වනුයේ
ක්‍රි.ව. 1987
433. සාරාර්ථ සංග්‍රහය නම් වූ වෛද්‍ය ග්‍රන්ථයේ කර්තෘ
433. සාරාර්ථ සංග්‍රහය නම් වූ වෛද්‍ය ග්‍රන්ථයේ කර්තෘ
බුද්ධදාස රජතුමා
434. වියට්නාමයේ අගනුවර
434. වියට්නාමයේ අගනුවර
හැනොයි
435. ලොව කුඩාම රටවල් තුන අනුපිළිවෙලින්
වතිකානුව, මොනාකෝ, නාවුරු
436. සිරෝසිස් රෝගය හා සම්බන්ධ ශරීර අවයව
436. සිරෝසිස් රෝගය හා සම්බන්ධ ශරීර අවයව
අක්මාව
437. ටයිගර් වුඩ්ස් ප්‍රසිද්ධ ක්‍රීඩාව වනුයේ
437. ටයිගර් වුඩ්ස් ප්‍රසිද්ධ ක්‍රීඩාව වනුයේ
ගොල්ෆ් ක්‍රීඩාව
438. ජාතික ඕසෝන් දිනය යෙදී තිබෙනුයේ
438. ජාතික ඕසෝන් දිනය යෙදී තිබෙනුයේ
සැප්තැම්බර් 16
439. සඳකඩ පහණ මුළින්ම දැකියහැකි වනුයේ
439. සඳකඩ පහණ මුළින්ම දැකියහැකි වනුයේ
අනුරාධපුර යුගයේ
440. හඳයා නැමැති ළමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා 2011 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ තම ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ නම
440. හඳයා නැමැති ළමා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා 2011 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ තම ජීවිතයෙන් සමුගත්තේය. ඔහුගේ නම
ටයිටස් තොටවත්ත
441. ශ්‍රී ලංකාවේ පළාත් සභා සඳහා බලතල ලබා දුන්නේ කී වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවද
441. ශ්‍රී ලංකාවේ පළාත් සභා සඳහා බලතල ලබා දුන්නේ කී වන ව්‍යවස්ථා සංශෝධනයට අනුවද
13
442. පාන් ලංකාවට හඳුන්වාදුන් ජාතිය
442. පාන් ලංකාවට හඳුන්වාදුන් ජාතිය
පෘතුග්‍රීසීන්
443. තුන්තරා බෝධිය යනු
443. තුන්තරා බෝධිය යනු
බුදු, පසේබුදු, මහරහත්
444. පන්සීය පනස් ජාතකයේ අවසන් ජාතකය
444. පන්සීය පනස් ජාතකයේ අවසන් ජාතකය
අපණ්නක ජාතකය
445. ලොව විශාලම දිවයින
445. ලොව විශාලම දිවයින
ග්‍රීන්ලන්තය
446. පංචතූර්ය වාදන භාණ්ඩ
446. පංචතූර්ය වාදන භාණ්ඩ
ආතත,විතත.විතාතත,ඝණය ,සූසරය
447. ඉන්දුනීසියාවේ අගනුවර
447. ඉන්දුනීසියාවේ අගනුවර
ජාකර්තා
448. මහාවංශය ලියන ලද්දේ
448. මහාවංශය ලියන ලද්දේ
මහානාම හිමියන්
449. ශ්‍රී පාද වන්දනාව සිදුවන පොහොය දෙක වනුයේ (අතර )
449. ශ්‍රී පාද වන්දනාව සිදුවන පොහොය දෙක වනුයේ (අතර )
උදුවප් හා වෙසක්
450. යුදෙව් ආගමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය
450. යුදෙව් ආගමිකයන්ගේ ධර්ම ග්‍රන්ථය
ටල්මුඩ්
සාමාන්‍ය දැනිම මිලග කොටස ලගදිම බලාපොරොත්තු වන්න.








