Sunday, January 5, 2014

ඔබේ පරිගණකයෙන් 3D Film බලමු

අද පොඩි ගැජට් කෑල්ලක් ගැන කියන්න යන්නේ. ඔයාලත් කැමති ඇති නේද 3D ෆිල්ම්, විඩියො බලන්න. ඔන්න ඒකට දැන්  3D ටිවි මිලදි ගන්න ඔනෙම නෑ.ඔයාගේ කොම්පියුටරෙන් මේ වැඩේ කරන්න පුලුවන්.

හැබැයි මේ වැඩේට  3D කණ්ණාඩියක් නම් ඔන වෙනවා.

ඒ වගේම මේ වැඩේට KMplayer එකත් අවශ්‍ය වනවා. ගුගල් වලින් KMplayer එක ඩවුන්ලෝඩ් කර ගැනිමේ හැකියාව පවතිනවා.
ඉන් පසු මෙම KMplayer  එක මගින් විඩියොවක් play  කර මෙම KMplayer එකෙහි වම්පස පහල ඇති 3D බටනය මගින් අදාල විඩියොව 3D ආකාරයට සකසා ගැනිම මගින් ඔබ 3D කණ්ණාඩිය දමා බලන විට ඔබට නැවුම් අත්දැකිමක් ලැබෙනු ඇත.
මේ සදහා 3D ආකාරයට සැකසු විඩියෝ බැලිමට යොදාගැනිම සුදුසු වේ. මන්ද යත් දැනට නිපදවන සෑම විඩියෝවක්ම 3D තාක්ෂණය යොදා නිපදවන්නේ නොමැති බැවිනි. 
මේ අත්දැකිම ගැන ඔබේ අදහස් දක්වන්නේනම් ඉතා අගය කොට සලකමි.

1 comments:

  1. nice post bro, make ur own 3d glass. its free :) http://lowethlk.blogspot.com/2013/10/3d.html

    ReplyDelete